"බොහොම ස්තුතියි මචන්.නොදන්න දේවල් දැනගත්තා.ඉස්සරලම කියන්න ඕනි මේ thread එක පලකරේ creed1 අපහසුතාවට පත් කිරීමට නෙමෙයි.නොදන්නා දේවල් දැනගන්න පමනයි.creed1 පලකල thread වලින් උපුටා ගත්තේ තේරුම් කරගන්න පහසුවටයි.අනික creed1 වාහන ආනයනය සම්බන්ධ යම් දෙයක් දන්න කෙනෙක් විදියට ප්‍රසිද්ධයි.එක නිසයි creed1 ගෙන් පිලිතුරු බලාපොරොත්තු උනේ.පිටරටින් ලන්කාවට වාහන ආනයනය පටන් ගත්තේ creed1 නෙමෙයිනේ.ඒක නිසා වාහන ආනයනය සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් ඒවට ඔහු වගකිවයුතු නැ.මොකද ඔහු ව්‍යාපාරයට කරන්නේ පවතින ක්‍රමය මත නිසා."
නොදන්නා දෙයක් කියල දීම මගේ යුතුකම. අනික මචන් මේක මගෙන් ප්‍රසිද්දියේම අහපු පළමු කෙනා ඔයා. ගොඩක් අයට මේක මම කියනවා වාහන ගන්න අවම. සැහෙන හොදයි මෙහෙම ප්‍රශ්නයක් අහපු එක. මටවත් හිතුනේ නැහැ public forum එකක මේක දාන්න.
"හොදයි අපි මාතෘකාවට එමු.මේකෙදි මචන් උබ කියලා තියන නීතිමය කරුනු හරි.නමුත් අපේ ගෙවල් ලග ඉස්සර පොරක් හිටියා මිනිහා කරන්නේ ලන්කාවෙන් බාස් කෙනෙක් එක්ක ගිහින් ජපානේ යාඩ් වලින් damage වාහන හදලා ඔය auction වලට දාලා මෙහෙ අයට හෝ ගන්න කෙනෙකුට විකුනන එක.ඔතනදී මේ thread එකේ අදහස් පලකරලා තියන යාලුවොත් කියලා තියනවා මචන් ඔය දේට එහෙ වෙනම සෙට් එකක් ඉන්නවා.බොහෝවිට ඒ ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවලින් ගිය අතරමැදියන්.ඔවුන් කරන්නේ එහෙන් හොයාගන්න වාහන auction එකට දාන එක.උබ කියන විදියට මේ ඔක්කොම toyota company එකෙන් brandnew ගන්නවා නෙමෙයි.කොහොමද එහෙම සහතික වෙන්නේ.එකක් දෙකක් එහෙම සෙට් වෙන ඒවත් තියෙන්න පුලුවන්."
මේකට උත්තරේ දුන්නොත් හෙට මට තව හතුරෙක් එකතුවෙනවා. කමක් නැහැ පොන්නයෙක් මට මඩ ගැහුවා නිසා ඔක්කොම ඇත්ත කියනවා. මම බය නැහැ.
මෙහෙමයි මචන් වෙන්නේ. ජපානයේ yard එකක් තියෙන කෙනෙක්ට (මටත් yard දෙකක් ඇත සිංහල බුද්ධාගමේ කෙනෙක් විදියට කවදාවත් වංචාවක් කරන්නේ නැත.) 6 month හෝ 3 month විසා එකක් යටතේ ඕනෑම කෙනෙක් ජපානයට ගෙනියන්න පුළුවන් තමන්ගේ yard එකේ වැඩට. එහෙම ගෙනියන කෙනාට එලියට වත් යන්න නොදී yard වල වැඩකරන්න වෙනවා. යාර්ඩ් එක අයිති එකා කොහෙන් හරි කුණුගොඩක් උස්සන් ඇවිත් තමන්ගේ යාර්ඩ් එක ඇතුලේ තියන් හොදට හදලා. නැවතත් auction එකට දානවා. හැබැයි auction එකට දානකොට ජපනෙක් නැතුව වෙන ජාතියක man කෙනෙක් අල්ලාගෙන වාහනේ auction එකට ලිස්ට් කරනවා. මේකත් එක්ක තව හොද වාහන දෙක තුනකුත් දානවා. එතකොට වැඩේ නොන්ඩි නැහැ.
ඊටපස්සේ අපිහිතමු මේ වාහනේ කවුරුහරි ගත්තා කියලා එතනදී නැවතත් මේක ලොකු inspection එකක් කරනවා. නමුත් මුන් ඊට අදාළ ලියකියවිලි ගන්න එකාගේ අතට දෙන්නේ නැහැ. sale එකට direct උන් ගේන නිසා උන් කොහොමත් දෙන්නේ නැහැ. අපි බලෙන්ම ඉල්ලුවත් photo copy එකක් හරි හදපු එකක් හරි දෙනවා බේරෙන්න.
උබ කියන කතාව හරි වෙනම set ඉන්නවා. නමුත් මම company එකෙන් මිලදී ගත්ත විශ්වාස කරන්න පුළුවන් ලියකියවිලි දෙනවා. මචන් මම නම් අවන්කවම ගත්ත ගාන ගැන කියන්නේ නැහැ. නමුත් බොහොම සාදාරන මිලකට දෙනවා. අවන්කවම හොද එකක් . වහනය company ගත්තම තව අතරමැදි වියදම් තියෙනවා. MOT , services , cleaning , carrier charges මහන්සියට පොඩි ගානක් තිය ගන්නවා. මේවා මචන් one by one කියන්න බැහැනේ. මොකද වාහනේ ගන්න කෙනාට මේවා හිසේරදයක්. ඇත්තටම උට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද final price එකක් විතරයි man ට ඕන.
band new වාහන වලත් පොඩි පොඩි damages තියෙනවා. ඒවා ටිකක් අඩුවට දෙනවා. අපේ උන් කරන්නේ අරගෙන කලින් වගේ repair කරලා එවනවා.
උද: මගෙන් වාහන ගන්න සියලුම අයට වහනයට අදාලා සියලුම ලියකියවිලි දෙනවා. ඔක්කොම inspections ඇතුළුව. සාමාන්යෙන් පිටු 40-60 අතර document සෙට් එකක් මම එකේ photocopy සෙට් එකක් වෙනමම දෙනවා. මොකද බාගයක් RMV එකෙන් තියාගන්න නිසා.
"උබ කියපන් ජපානේ brandnew වාහනයක් ගන්න යන මිලට වඩා ගොඩක් ඉහලයි මේ auction වල used වාහන මිල.ඒකට හෙතුව?"
සමහර විට biding cases නිසා වාහන මිල ඉහල යන්න පුළුවන්. මේක depend වෙන්න පුළුවන්.
"මම දන්න විදියට ඒකට හේතුව තමයි.අතරමැදියන්ගේ ලාබය.එතකොට අතරමැදියන් කරන්නේ.ජපානේ කොහෙන් හරි used වාහනයක් හොයාගෙන රෙපයාර් කරලා මීටර් එහෙම කරකවලා auction වලට දාන එක.තමන්ගේ ලාබෙයි.ඔක්කොම එකතු වුනාම ඒක ඒ වාහනේ ජපානේ brandnew මිලටත් වඩා ඉහලයි.ඒක toyota company එකෙන් brandnew මිලදී ගත්තා කියලා සහතිකයක් නැ කොහෙවත්.ඒක නිසා ඔතන වෙන්නේ අනිවාර්යයෙන්ම."
ඔව් මචන් ලංකාවේ නම් ගොඩක් අතර මදියන් නිසා පට්ට chater වෙනවා.
"අතරමැදියන් පිරිසක් එකතුවෙලා.ජපානේ යම් යම් හේතු නිසා පාවිච්චියෙන් ඉවත්වන වාහන රෙපයාර් කරලා.මීටර් කරකවලා auction හරහා විකුනන එකයි කියලා මමනම් දන්නේ."
අනිවා මෙහෙම දේවල් කරනවා. එක නවත්වන්න අමාරුයි.
"අනික මචන් toyota company එකෙන් brandnew වාහනයක් අරන්.එහෙ රෙජිස්ටර් කරලා.මෙහෙට ගේන්නන එකට ඔච්චර දගලන්ඩ ඕනි නැනේ.කවුරුත් හෙලි කරන්නේ නැති.කවුරුත් කවුද කියලා දන්නේත් නැති.පිරිසක් තමා මේ වහනේ auction එකට එනකම් ටික පාලනය කරන්නේ.අන්න එතනයි ප්රශ්නය.පුලුවන්නම් මේ වාහනයක් auction එකට දාන්න කලින් situation එක පොඩ්ඩක් විස්තර කරපන්කෝ.මේ වාහනයක් toyota company එකෙන් brandnew ගත්තේ කියලා උබ සහතික වෙන්නේ කොහොමද??"
වැදගත් ප්‍රශ්නයක් මම නම් මගේ business එකේදී සියලුම දේවල් කියලයි පටන් ගන්නේ. මෙතන කොටස් කීපයක් ඉන්නවා. වහනය ගැන හොදට හොයල බලා ගන්න පිරිසකුත් , තව අතේ ඇති මිලට වාහන සිහිනය සැබකරගන්න දගලන පිරිසකුත් ඉන්නවා. මෙදෙකටම අදාළ නැති පිරිසකුත් ඉන්නවා.
මචන් මම කතාකරන්නේ මගේ business එක විතරයි. මගේ business එකේ මාර transparent එකක් තියෙනවා. මම ඇත්ත කියලා වැඩ කරන්නේ මචන්. මම උබේ ප්‍රශ්නයට උත්තරේ PM කරන්නම්.
වාහන sale කාරයෝ ජපානයට කොටි ගණන් ණයයි . හිතාගන්න පුළුවන්නේ වංචාවක් හරි කරලා ගොඩ යන්න හදන්නේ එකයි. මම මචන් උන්ගේ ප්‍රශ්න දන්නවා. මට ඔයවගේ කාලයක් තිබුනා. නමුත් අවංකව සාදරනව ව්‍යාපාරය කරන නිසා බුදුන් දිවියන් මත එක්ක ඉන්නවා. ඒකනිසා මට වරදින්නේ නැහැ.
ඇත්තටම මට මේවා නොලිය ඉන්න තිබුනා . මම එහෙම නැහැ..... මේවා කියන ලංකාවේ පලමුවෙනියත් අන්තිමයත් මම.