මට හිත හදාගන්න මොනවහරි කියහල්ල

jennt

Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
    දැනෙනවා.

    හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
    ඔලුව ඒකෙන් අයින කරගන්නේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    uba witharai honda advice ekak deela tiyenne machan, at least 6 months yanakal wath wena ekak balannawath epa thamun gana focus karagena busy wenna oni.
    අනිවා. මේකෙන් එන දුක, කලකිරීම මෝටිවේශන් එකක් විදිහට කන්වර්ට් කරගෙන ප්ලෑනක් ගහලා ජීවිතේ ගොඩදාගන්න ගේමක් පටන් ගත්තොත් මේක ඌගෙ ජීවිතේ ටර්නිං පොටින්ට් එක කරගන්නත් පුලුවන්
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අනිවා. මේකෙන් එන දුක, කලකිරීම මෝටිවේශන් එකක් විදිහට කන්වර්ට් කරගෙන ප්ලෑනක් ගහලා ජීවිතේ ගොඩදාගන්න ගේමක් පටන් ගත්තොත් මේක ඌගෙ ජීවිතේ ටර්නිං පොටින්ට් එක කරගන්නත් පුලුවන්
    :yes: (y)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    ඇත්ත බන්. මගෙත් එක්ක අවුරුදු 2.5 හිටිය කෙනාමද කියල හිතෙනවා.
    apen un kello oluwata aran wadi bn. kello kiyanne awurudu 4lata parak ena work cup eka wage deyak neme. wena ekak hoygananin aith ubata kellek oni kiyala hitunama.
     
    • Like
    Reactions: jennt

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,752
    2
    1,969
    113
    On a Cloud
    hithanna epa bn.. mn kiyanne uba me tread ekawath balanna epa. oluwa wena mokekata hari focus karanna, dala giyapu kella wagema, ubata dn oya danena dukath hamadama thiyenne naa, wenas wenawa.. hitha hayya karan inna, api mehema kiwwata eka karanna ubata amarui kiyala dannawa, ea unata hitha fit eke thiyaganna, good luck machan..
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    ඊයෙ මාව block කරලා.
    අනේ මන්දා මගෙ ඔලුවට එන්නෙම ගිහින් හම්බියන් කියලා.
    මම දන්නවා මේක මෝඩ අදහසක් කියලා.

    අනේ මන්ද බන්. fuck this life

    found a good video

    ------ Post added on Aug 10, 2024 at 4:56 PM
     
    • Sad
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    ඊයෙ මාව block කරලා.
    අනේ මන්දා මගෙ ඔලුවට එන්නෙම ගිහින් හම්බියන් කියලා.
    මම දන්නවා මේක මෝඩ අදහසක් කියලා.

    අනේ මන්ද බන්. fuck this life

    found a good video

    ------ Post added on Aug 10, 2024 at 4:56 PM

    Boot scene එකක් බං
    උබට වඩා හොද එකෙක් ලයින් ඒකිට
    ශක්තිමත්ව ඉදපං
    උබට උබ විතරයි අන්තිමට
    උබ දෙතුන් ගුනයක් වැඩ කරපන් දැන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඊයෙ මාව block කරලා.
    අනේ මන්දා මගෙ ඔලුවට එන්නෙම ගිහින් හම්බියන් කියලා.
    මම දන්නවා මේක මෝඩ අදහසක් කියලා.

    අනේ මන්ද බන්. fuck this life

    found a good video

    ------ Post added on Aug 10, 2024 at 4:56 PM

    pursuit of happyness වගේ දඩ motivation එකක් දෙන ෆිල්ම් එහෙම බලලා ඔලුව හදාගෙන ගෝල් එකක් හදාගෙන ඒකට වැඩකරපන් නිකං simp පොන්ස් කෙනෙක් වෙන්න යන්නෙ නැතුව. මම උඩ දැම්ම රිප්ලයිත් ආය ආය කියලා ඔලුවටම දාගනින්
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    මගේ ලොකු වැරැද්දක් තියෙනවා බන්.
    කෙල්ලට pickme එකේ QA ජොබ් එක හම්බුනා.
    ගිය මාසෙ අලුත් version එකක් release කරනවා කියලා
    රෑ වෙනකන් වැඩ කලා. ඉස්සර වගේ මට කතා කෙලේම නෑ.
    මට නිකන් වෙනස් වෙනවා වගේ දැනුනා.

    තනියම ඉන්න ඕන වගේ කතා කියන්න ගත්තා.
    ඕකට රණඩු වුනා මම.
    මම weekend එක වෙනකන් බලන් ඉන්නවා එයත් එක්ක කතා කරන්න
    ඒත weekend එකෙත week days වගේමයි.

    අපෝ බං ඕවගේ උත්තියෙක් අයින් වෙලා ගිය එකමයි හොඳ.

    සමහර විට ඇතුලේ එකෙක් එක්කම පැටලෙන්න ඇති. ඕනේ නං හොයල බලන්න පුළුවන් එත් වැඩක් නෑ බන් ඕවගේ උන්.

    අපි බැඳලා ළමයි හදලා අත්දැකීමෙන් කියන්නේ අපිත් ඔය කාල පහු කළා. පට්ට සුරංගනා වැඩ ඕවා.

    උඹ තව අවුරුදු 5 ක් ගිය තැන ආපස්ස හැරිලා බැලුවම උඹටම ලැජ්ජා හිතෙයි මන් මේවගේ එවුන් පසේත් ගියා නේද කියලා (මටම වෙලා තියන නිසා කියන්නේ මචං)

    ඕක පන්නරයක් කරගෙන ඉගෙනගන්න දෙයක් හරි, ජොබ් එකක් හෝ බිස්නස් එක කරනවා නං ඒක හරි තව මහන්සි වෙලා කරපං. ජය වේවා :love:


    උබේ ජොබ් එක මොකද්ද බං? උබට හොද ජොබක් තාම නෑ වගේ මට මේ වෙලා තියන දේ දැක්කම පේන්නෙ? මට තේරෙන හැටියට වෙලා තියෙන්නෙ කෙල්ලට QA ජොබ් එක සෙට් උනාට පස්සෙ ඒකෙ වැඩට ගියාම සෙට් උන අලුත් යාලුවො එක්ක උන්ගෙ bf ලා එක්ක කම්පෙයා කරාම ඒකිට උබව මදි වගේ සීන් එකක් වෙලා තියෙන්නෙ. ගෑනු ඔහොම තමා බං පට්ටටම කම්පෙයා කරනවා. ඒ වගේම කෙල්ල ලස්සනට ඉන්නවනම් මේ වෙනකොටත් ගොඩක් දුරට ඔෆිස් එකේ senior Engineer ලෙවල් එකේ කොල්ලෙක් or හම්බුන කෙල්ලෙක්ගෙ bf කෙනෙක්ගෙ දත තියන යාලුවෙක් වගේ කෙල්ලව ලයින් කරන්න පටන් අරගෙනත් ඉවරයි. රෙද්දක් ඇදගෙන කෙලින් සීන් එක කියලා නවත්තන්න බැරි කමට තමා ඒකිව උබටම එපාවෙන්න වැඩකරලා උබ මල පැනලා රණ්ඩු උනාම ඒ පිට දාලා එෆෙයා එක නවත්තලා යන එක කරන්න හදන්නෙ. ඒ රණ්ඩු උන එක උබේ වැරැද්දක් නෙවෙයි. ඒකිමයි ඒක වෙන විදිහට ගේම ගැහුවෙ ප්ලෑන් කරලා. ඔහොම උනාම කොල්ලො හිතින් දුක් විදිනවා මගෙ වැරැද්ද නිසා මම ඒකිට බැන්න නිසා, ඒකිව බොරුවට සැක කෙරුව නිසා මේක උනේ කියලා. ඒ ඔක්කොම අමු පොයි. උබ කරලා තියෙන්නෙ එක වැරැද්දයි. ඒ තමා කෙල්ලෙක් සෙට් කරගන්න කලින් හොද ජොබ් එකක්/ බිස්නස් එකක් කරලා, හොද ගෙයක්, හොද වාහනයක් අරං ස්ටේබල් වෙලා හිටියෙ නැති එක. ඒ ඇරෙන්න උබ වෙන වරදක් කරලා නෑ. දැන් හිතේ අවුලටයි දුකටයි මේ වෙලාවෙ උබේ දුක අහන්න එන ඕන කැත කෙල්ලෙක් උබ කරගහන මෙන්ටලිටි එකක් එන්නෙ තව මාසයක්වත් යනකං. ඒ හින්දා කිසිම ගෑනියෙක්ට දුක කියන්න යන්න එපා. ගෑනු ගැන අමතකම කරලා උබ ගොඩ යන ගේම පටන් ගනින් මේකෙන් මෝටිවේශන් එකක් අරගෙන. ඒකරලා හොදට ප්ලෑනක් ගහලා ගේම පටන්ගෙන ගොඩ ගිහිං අර දේවල් ඇචීව් කරගෙන ලස්සන + qualities ඔක්කොම තියන කෙල්ලෙක් ලයින් කරපන්. උබ ස්ටේබල් නම් හොදට සල්ලි තියනවනම් හොදට ඇග හදලා ගැම්මට හිටියොත් උබට 35 උනත් 26/27 ලස්සන ඉටිකිරිස් කෙල්ලෙක් ගේමක්ම නැතුව බදින්න පුලුවන්. ගේම ගහන්න පටන් ගනින්.
    කට ඇරපන් මසුරමක් දාන්න :yes:
    ------ Post added on Aug 11, 2024 at 1:16 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    machine learning interview එකක් ඇවිල්ලා තියනවා. ඒත් මොනව කරන්නද කියලා
    හිතාගන්න බෑ බන්.

    මේකට මහන්සි වෙයන් මචන්
    මේක මිස් කරගන්න නන් එපා

    හැමොම කියන නිසාවත්, කට කහනවටවත් නෙවෙ කියන්නෙ
    ස්ටෙබල් නන්, ගෑනු නතින්
    මේක නියතයක්


    ලව් කියන්නෙ බයිලා, affair means ඩීල්
    වැඩියෙන් ගේන තරමට තමා හම්බෙන්නෙ

    කන්ෆ‍ර්ම් ඉතින් ආයේ
    ගහපන් මැක්සා ගේම, කන්ටිනිව් ගහපන්
    මේ සතිය ගෙවෙනකොට, ඊලග සති 2ට වැඩ ප්ලැන් වෙලා තියෙන්නෙ ඕන

    වැඩ, කැරියර් ප්‍රොග්‍රෙස්ස් එක තමයි ඕනා
    කන්ෆ‍ර්ම්

    Sorry මෙහෙම කියනවට හැබැයි ඕක තමා බං වෙලා තියෙන්නෙ. කොච්චර කීවත් ඕක දරාගන්න හෙන අමාරුයි. පිස්සු වැඩ කරන්න ඕන තරම් හිතෙයි. හැබැයි ඒව මොනාවත් කරන්න එපා. පස්සෙන් යන්නත් එපා. උඹ පස්සෙන් යන්න යන්න ඒකි ඈතට යනව. මොනාහරි කරල පට්ට බිසී වෙයන්. අවුරුද්දක් විතර ගිහින් හැරිල බලනකොට උඹට ඕක තවත් එක මතකයක් විතරක්ම වෙලා තියෙයි. හොඳ ස්ට්‍රෝංග් පොරක් වෙයන් කවදාවත් කාවවත් ජීවිතේ සෙන්ටර් එක කරගන්න එපා. එහෙම උනාම උං පිස්සුකෙලියම ජීවිතේම කඩාගෙන වැටෙනව.

    Amen
    ------ Post added on Aug 11, 2024 at 2:19 AM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,399
    1
    17,159
    113
    −273.15°C
    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
    කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්

    මගෙ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ
    පෙම් පහසේ වෙළී ඉඳලා කෙළෙසද අද මා හැර යන්නේ
    සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා

    පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
    මගෙ සෙනෙහේ සිහිවේ නම් කවදා හෝ යළි එන්න සොයා
    සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා

    වෙන් වී දැන් යන්න ඉතින්........

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මගේ ලොකු වැරැද්දක් තියෙනවා බන්.
    කෙල්ලට pickme එකේ QA ජොබ් එක හම්බුනා.
    ගිය මාසෙ අලුත් version එකක් release කරනවා කියලා
    රෑ වෙනකන් වැඩ කලා. ඉස්සර වගේ මට කතා කෙලේම නෑ.
    මට නිකන් වෙනස් වෙනවා වගේ දැනුනා.

    තනියම ඉන්න ඕන වගේ කතා කියන්න ගත්තා.
    ඕකට රණඩු වුනා මම.
    මම weekend එක වෙනකන් බලන් ඉන්නවා එයත් එක්ක කතා කරන්න
    ඒත weekend එකෙත week days වගේමයි.

    1697306167774


    දැන් හිතෙනවද උබේ වරද උබේ වරද. බොරුවට බනින්නෙ නැතුව ඉන්න තිබ්බෙ කියල.
    එහෙම එකක් නෑ බන් ගෑනුන් ගෙ හැටි ඔය. මේ ලෝකේ කවුරුවත් too busy වෙන්නෙ නෑ.
    priority list එකේ උඩට යන්න උබට උසුදු කමක් නෑ. ඒකිට හිතෙනවා උබ මදි කියල. උබට හිතෙන්නෙ නැද්ද උබ මදි කියල ?
    දැන් වත් ගේමක් ගහල උඩට එන්න බලපන්. නහයෙන් අඩ අඩ ඉන්නෙ නැතුව. ඒකිට හිතෙන්න ඇති ඒකිව උබ hold back කරනව කියල. ඉතිං ඒකිම තමයි ඔය නතර කියල තියෙන්නෙ උබ නෙවේ. මෝඩයෙක් වෙන්න එපා.

    අනික මේ ලෝකේ ඉන්න උබට ගැලපෙන එකම කෙල්ල ඔය තමයි කියල හිතෙනවා නේද. ඒක ඇවිත් ඔය කෙල්ල එක්ක උබ දාපු effort එකට තියන regret එකක් විතරයි.
    අනික තව අවුරුදු ගානකින් තව කෙල්ලෙක් සෙට් වෙලා ඒකි එක්ක ඉන්නකොට තේරෙන්න ගනී උබටම මොන මරදානයක් වෙනුවෙන් ද මේ මැරෙන්න හැදුවෙ කියල.
    අනික තැනකට එන්න බලපන් ගෑනු ගැන හිතන එක නවත්තල. ගෑනු ඕන තරම් ඉන්නවා උබ stable නම්.
     
    • Like
    Reactions: Error365! and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    කියාගන්න බැරි දුකක් තියෙනවා බන් හිතේ.

    මේ දවස් වල කලින්ටත් වඩා මතක් වෙනවා.
    පාඩම් කරද්දි මම එයාට උගන්නපුවම
    එහෙම මතක් වෙනවා.

    එයා මන් වෙනුවෙන් හිටිය තැන් මතක්
    වෙනවා.

    ඒත් මන් මොනවා කියලා කරන්නද දැන්.
    කොහොම හරි මගෙ life එක
    ගොඩ දාගන්නවා.

    මේ මාසෙ ඉවර වෙන්න කලින් SAA
    එක කරනවා.


    මම දැන් counselling යනවා බන්.
    session 2කට ගියා දැන්.

    බලමු කාගෙන ඉන්නවා.


    මට හරියට යාලුවෝ නෑ බන්. ඒක හින්ද
    උඹල මේකෙ වචනයක් හරි
    මන් වෙනුවෙන් කෙටුවට ගොඩක්
    පින් 🙏
     

    AnuradhaRa

    Well-known member
  • ඊයෙ මාව block කරලා.
    අනේ මන්දා මගෙ ඔලුවට එන්නෙම ගිහින් හම්බියන් කියලා.
    මම දන්නවා මේක මෝඩ අදහසක් කියලා.

    අනේ මන්ද බන්. fuck this life
    ඒකම ඇතිනෙ බං ගැම්මට ඉන්න

    එයාට අපිව එපානං අපිට දහස් වාරයක් එයාව එපා

    ඊට වඩා ලස්සන කෑල්ලක් සෙට් වෙයි බං
    උඹ ඉතිං ආතල් එකකුත් ගත්තනෙ. එක්ස්පීරියන්ස් එකම වටිනව

    මට මේ 41 ක් වෙලත් කෙල්ලෙක් නෑ
    හමබෙන එකකුත් නෑ. කැත හින්ද
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කියාගන්න බැරි දුකක් තියෙනවා බන් හිතේ.

    මේ දවස් වල කලින්ටත් වඩා මතක් වෙනවා.
    පාඩම් කරද්දි මම එයාට උගන්නපුවම
    එහෙම මතක් වෙනවා.

    එයා මන් වෙනුවෙන් හිටිය තැන් මතක්
    වෙනවා.

    ඒත් මන් මොනවා කියලා කරන්නද දැන්.
    කොහොම හරි මගෙ life එක
    ගොඩ දාගන්නවා.

    මේ මාසෙ ඉවර වෙන්න කලින් SAA
    එක කරනවා.


    මම දැන් counselling යනවා බන්.
    session 2කට ගියා දැන්.

    බලමු කාගෙන ඉන්නවා.


    මට හරියට යාලුවෝ නෑ බන්. ඒක හින්ද
    උඹල මේකෙ වචනයක් හරි
    මන් වෙනුවෙන් කෙටුවට ගොඩක්
    පින් 🙏

    විරහ වේදනාව කියන එකේ ආතල් එකක් තියනවා බන්. ඕක ඕන මනුස්සයෙක් ජීවිතේ එක පාරක් හරි විදගන්න ඕන මම නම් කියන්නෙ.
    ඕකෙ රහක් තියනව ඒක හොයාගනින්.
    මැරෙන්න ගිය උන් ඉන්නව මම දන්න. උන් දැන් හිනා වෙනව මතක් කලාමත්.
    ඒකි උබව ගණන් ගන්නෙ නැතුව පහතට දැම්ම නම් ඒකෙන් උබ motivate වෙන එක කරන්න ඕන.
    good luck.