[/B]
so true
ela! rep++
sira sira.rep+







සහෝ දාපු තේඩ් එක නිසා මට මගේ පුංචි කාලෙ මතක් උනා. අපි ඒ දවස් වල හිතාගනෙ ඉන්නෙ අනේ අපි කවදා ලොකු වෙයිද කියලා. එතකොට අපිට අනිත් අය වගේම ලොකු ලොකු දේවල් කරන්න පුළුවන් නේද කියලා. දැන් මට අවුරුදු 20ක්ද කොහෙද.. ඒත් ඉතිං මගෙ අම්මටයි තාත්තටයි මම තාම පොඩි එකාලු. ඉස්කෝලෙ කාලෙ ඉදපු යාළුවො දැන් හොයන්නවත් නෑ. එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් අයට සමහර විට අපිව අමතක වෙලත් ඇති. ඒ කාලෙ ගනිපු ආතල් මේ කාලෙ කොහෙන් ගන්නද. ඒ කාලෙ මතක් වෙනකොට ඇස්වලට කදුලු එන එක නම් ඒ තරම් දෙයක් නෙමෙයි. මොකද ඒ කාලෙ ගොඩක් අයට බොහොම සුන්දරයි. අපිට ආයෙ ආපස්සට යන්න බැරි නිසා දුකක් ඇතිවෙනවා.
තාත්තගෙ අම්මගෙ රැකවරණයක් හෙවනත් එක්ක ගෙවිලා ගියපු මගේ ළමාකාලය ගැන මට වැඩියෙන්ම තියෙන්නෙ සුන්දර මතකසටහන්.
මං තමයි පවුලට ඉන්න එකම පුතා. ඔය එකා යකා කියපු කතාව නම් චුට්ටක් ඇත්ත කියලා වෙලාවකට හිතෙනවා.
හොද පුතෙක් සමාජෙට බිහි කරන්න මගෙ අම්මයි තාත්තයි හුගක් උත්සාහ ගත්තා.
ඒත්... මට හොද පුතෙක් වෙන්න බැරි උනා කියලා මං දන්නවා. ඒ ගැන මම තාම දුක් වෙනවා.
තාත්තා මට ගොඩක් ආදර්ශමත් දේවල් කියාදීලා තියෙනවා. ගොඩක් අවවාද කරලා තියෙනවා. හරි දේ වැරදි දේ බොහොම සරලව පහදලා දීලා තියෙනවා. එදා විතරක් නෙමෙයි අදටත් එහෙමයි. මගේ ජීවිත කාලෙට මම අමතක නොකරපු එකම එක දෙයක් මම තාම මගේ හදවතේ බොහොම පරිස්සමට රැකගෙන ඉන්නවා. මේක මගේ තාත්තා මට කිව්වෙ මොකක් හරි වැරැද්දක් කරපු දවසක. වැරැද්ද මොකක්ද කියල නම් මට මතකයක් නැහැ. මේ දේ තාත්තා මට කිව්වේ මම 6 වසරෙදි වගේ.
"කාගෙහරි දෙයක් බලෙන් හරි හොරකම් කරලා හරි ගන්නවට වැඩිය ඔයා හිගාකාලා හරි හොයාගන්න සතයක් උනත් වටිනවා. පුතේ කවදාවත් හිතන්න එපා කාටවත් අයිති දෙයක් බලෙන් ගන්නවත්, හොරෙන් ගන්නවත්. ඔයා ඒ දවසට සතුටු වෙනව වගේම, අර ඔයා බලෙන් හරි හොරකම් කරලා හරි ගත්තු දේ අයිතිකාරයා ගොඩක් දුක්විදියි. ඒ දුක ඔයාට කවද හරි දැනෙනවා අනිවාර්යෙන්ම. මේක තමා අනිත් එක. කවදාවත් තමන් වදපු අම්මවත්, හදපු මේ තාත්තවත් මේ ලක්මව වත් අමතක කරන්න එපා. ඒක ගොඩක් අය කරන වැරැද්දක්. ඔයාගෙ ඔය ළගින් ඉන්න අය බොහොමයක් ඉදියි ඔයා ළග ධනය තියෙනකන්. ඒත් හැම යාළුවම ඒ ගොඩට දාන්නත් බැහැ. කවද හරි ඔයාට දුකක් දැනුනාම. ඔයා තනිවුනාම ඉන්නෙ ඔයාගෙ අම්මයි තාත්තයි විතරයි. නැතුව ඔයාට බැරි වෙච්ච දවසක කවුරුවත් ඔයා දිහා බලන්නෙ නෑ. මම මේ කිව්ව ටික ඔයාගෙ අනාගතයට බොහොම ප්‍රයෝජනවත් වෙයි. මේ ටිකම ඔයාගෙ සීයත් මට කියල දීළා තියෙනවා."
ඔන්න ඔය දේ තමා එදා තාත්තා මට කිව්වේ... මට යාළුවො ගොඩක් හිටියා. ඒත් පොඩි සිද්ධියක් වෙලා වළියක් ගියා. මගේ යාලුවෙක් කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා. ඒ කෙල්ල මූට කැමතියි. ඒත් ඒ කෙල්ලට අයියා කෙනෙක් ඉන්නවා. එයා කැමති නෑ මෙයාට (පොර වලි කාරයා). එයා මූට කියලා උඹ මගේ නංගි අමතක කරපං නැත්නම් තෝව මරනවා කියලා. මම කැමති නෑ මගේ යාලුවෙක් ගුටි කනවට. මම එයාට ගහන්න හිටපු අයත් එක්ක බොහොම සාමදානව කතා කරන්න ගියා තවත් යාලුවො කිහිප දෙනෙක් එක්ක. ඒත් ඒ අය මනුස්සයො නෙමෙයි. කතා කරන්න තියා මට වචනයක් කියන්න ලැබුනෙ නෑ. මට හොදටම ගැහුවා. මාත් එක්ක ඉදපු අනිත් අය පැනලා දිව්වා. මට දුවගන්න බැරි උනා. ඒ වෙලාවෙ මගේ ඔලුව පැලුනා. අතකුත් ඩැමේජ් වෙලා තිබුණා. අන්තිමට මට රෝහල් ගතවෙන්න සිද්ද උනා. ඒ අර තාත්තා කියපු කතාව මට මතක් උනේ ඉස්පිරිතාලෙ ඉද්දි. ඇත්තටම මාව බලන්න එක යාලුවෙක්වත් ආවෙ නැහැ. මගේ ළග දවල් රෑ දෙකේම ඉදියෙ මගෙ අම්මයි තාත්තයි. තාත්තා වැඩට යන්නැතුව මගේ ළගට වෙලා ඉදියා. මට ඒ වෙලාවෙ ගොඩක් දුක හිතුනා. එදා ඉදන් මම යාලුවන්ට ආදරේ කරන එක නැවැත්තුවා. දැන් මම පාඩුවෙ ජීවත් වෙන්නේ.
දැන් අර කෙල්ලයි කොල්ලයි කසාද බැදලා. මට ගොඩක් සතුටුයි ඒ ගැන. ඒත් ළගකදි මම වැඩ ඇරිලා එනකොට එයාලා දෙන්න මගේ ළගින්ම ගියා. ඒත් එයාලා මාව දැක්කා නොදැක්කා වගේ ගියා. මට ඒ වෙලාවෙ නම් ඇත්තටම කදුලු ආවා. මමම පස්සෙ ගිහින් එයාට කතා කෙරුවා. මම කැමති නෑ කවුරුවත් එක්ක තරහා වෙන්න ඒකයි. එයාලට පස්සෙ අර අයියා කැමැත්ත දීලා. බොහොම හොදට ඉගෙනගෙන. දැන් ලොකු ලොකු ජොබ් කරනවා. වාහනත් තියෙනවා.මට හොදට ඉගෙන ගන්නත් බැරි උනා. මට තියෙන්නෙ මෝටර්සයිකල් කට්ටක් විතරයි.පොඩි මිනිස්සු ලොකු මිනිස්සු සාමාන්‍යයෙන් ගනන් ගන්නෑ කියලා මම දන්නවා (අත්දැකීමෙන්). මට හරියට ඉගෙනගන්න බැරි උන එකට හේතුව ආදරේ අධ්‍යාපනයට වඩා ඉහලට දාගත්තු එක. ඒ ආදරේ දැන් මට නැතිවෙලා හුගක් කල්. ඇත්තටම මට තියෙන්නෙ ලස්සන අතීතයක් නෙමෙයි. වැඩිය කතා කරන්න යන්නෙ නැහැ. මට ගොඩක්ම සුන්දර අතීතයක් නැහැ. ඒ ගැන මම කියන්නෙ දුකෙන්. මම මේ මාතෘකාවෙන් පිට ගියාට සමාවෙන්න. මට මේ ටික කියන්න හිතුනෙ පොඩි කාලේ මතක් වෙච්ච නිසා.
ඔයිට වඩා ගොඩක් දුක හිතෙන සීන් වෙලා තියෙනවා. කිව්වෙ නැත්තෙ මාතෘකාවට අදාල නොවන දෙයක් නිසාත්. හිතට ලොකු දුකක් දැනෙන නිසාත්.