මාලිංග IPL ක්‍රීඩා කරමින් මුදලට රට පාවාදුන් තවත් එක් අවස්ථාවක්....
තව බනිමු..
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන හොඳ රස්සා හොයාගෙන වැඩි පඩි වලට රට යන උන් මාලිංගට බනිනවා..
රස්සාවට ගිහිල්ලා ලෙඩ උනාම මෙඩිකල් සතේට ආයතනයෙන් ක්ලේම් කරගන්න උන් මාලිංග ලෙඩ වෙලා ඌ උගේ සල්ලි වලින් බේත් කරගෙන රටට සෙල්ලම් කරන කොට බනිනවා..
මට තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සු මෙච්චර මාලිංගට වෛර කරන්නේ කියලා..
අදටත් මාලිංග ලංකා පිලට සෙල්ලම් කරනවා.. වෙස්ට් ඉන්ඩීස් උන් වගේ රටට ගහන්නේ නැතුව 20-20 ලීග් ගැහුවේ නැහැ..
මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ..
කරපු හොඳ සතියෙන් අමතක කරන කුහක ජාතියක් ඉන්නේ.. හැමෝම නෙමෙයි... සමහරු..
අපෙත් ගොඩක් උන්ගේ සහ ඉන්දියන් පකිස්ථාන් උන්ගේ වැඩි වෙනසක් නැහැ..