මතට තිත : අනාගත පිලිපීනයක් වන නුතන ශ්‍රී ලං&#3

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මතට තිත : අනාගත පිලිපීනයක් වන නුතන ශ්‍රී ලං

    පිලිපීනයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්,බොන අය දුටු තැන මරා දාන්න ජනාධිපති පිලිපීන පොලිසියට නියෝග කරලා . පිලිපීනයේ කුඩු වසංගතය ඒ තරමටම වැඩි ..ජුනි 30 ඉඳලා මේ වෙනකල් එක දිගට පොලිසිය වැඩ .300ක් දැනටම මරලා ..60,000ක් දැනට භාර වෙලා ..ඒ ගොල්ලන්ව දැනට පුනුරුත්ථාපනය කරනවා .

    http://www.dailymail.co.uk/news/article-3710940/Harrowing-pictures-brutal-truth-Philippines-war-drugs-s-seen-300-killed-just-one-month-president-ordered-police-bars-ground.html

    පාර්ලිමේන්තු මැතිවරණෙට කළින් දීපු චන්ද පොරොන්දුවක් තමා මේක . ජනාධිපති කියල තියෙනවා 10,000ක් විතර මැරෙයි ..ඒ මළ සිරුරු මැනිලා බොක්කේ ඉන්න මාළුන්ට කන්න දානවා ඒවා කාලා මාළු හොඳට ලොකුවට හැදෙයි කියලා ..

    අපේ රටේ නම් ආණ්ඩු පෙරලෙන නිසා නොදැක්කා වගේ ඉන්නවා ..කුඩු ගෙන්නන එවුන්ට ඇමතිකම් එක්ක වාහන දෙනවා .ඊට පස්සේ කුඩු බොන එවුන් අල්ලන්න කියලා පොලිසියට කියලා උන්ගේ ඇටකටු කුඩු කරනවා …කුඩුකාරයෝ අමාරුවෙන් රජයට අල්ලලා දෙන එවුන්ට ස්ථාන මාරු වීම් ...

    Code:

    කුඩු කාරයෝ බල්ලෝ වගේ මෙහෙම පාරවල් ගානේ මරණ එක හරිද වැරදිද කියලා කියන්න ඉක්මන් වැඩියි ..එත් මේකේ ප්‍රථිපල අපිට තව අවුරුදු කීපයකින් පෙනේවි පිලිපීනයේදී ...අපේ රටේ නම් ඉතිං එන්න එන්න කුඩු වැඩි වෙයි ...පිලිපීනයේ තරමටම ප්‍රශ්නය උඩු දිව්වම අපිටත් කවදාහරි කුඩු ඉවර කරන්න වෙන්නේ මෙහෙම තමා ..
     
    Attachments

    • Decision-min.jpg
      Decision-min.jpg
      95.4 KB · Views: 46
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරහකාරයෝ මරන්න මරු වැඩේ, වෙඩි තිබ්බ, කුඩු පැකට් එකක් සාක්කුවට දැම්මා, වැඩේ හරි. :D
     
    තරහකාරයෝ මරන්න මරු වැඩේ, වෙඩි තිබ්බ, කුඩු පැකට් එකක් සාක්කුවට දැම්මා, වැඩේ හරි. :D
    එච්චර දඟලන්නෙ නෑ මෙහෙ. ඔයිට වඩා සිම්පල් ප්ලෑන් තියෙන්නේ. ඔය වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවල් මෙහෙ නෑ. සිම්පල් ජිල්මාට් තියෙන්නේ.

    කෙලින්ම බට්ටෙක් දෙනවා අතට. පහුවදා පත්තරේ යනවා පොලීසියට බෝම්බ ගැහුවා කියලා. චැප්ටර් ක්ලෝස්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20472693 said:
    එච්චර දඟලන්නෙ නෑ මෙහෙ. ඔයිට වඩා සිම්පල් ප්ලෑන් තියෙන්නේ. ඔය වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවල් මෙහෙ නෑ. සිම්පල් ජිල්මාට් තියෙන්නේ.

    කෙලින්ම බට්ටෙක් දෙනවා අතට. පහුවදා පත්තරේ යනවා පොලීසියට බෝම්බ ගැහුවා කියලා. චැප්ටර් ක්ලෝස්.
    :D:D එකටත් විද්‍යාව :P රාල නං හදන්නම බෑ :D
     
    :D:D එකටත් විද්‍යාව :P රාල නං හදන්නම බෑ :D
    නෑ ඉතිං පිලිපීනේ අරහෙම කරන්නෙ එව්වා නවීන විද්‍යාත්මක විද්‍යානුකූල හිංදා වෙන්න ඇතිනේ. නැත්තම් එහෙම කරන්නෙ නෑනේ. මොකද අවිද්‍යාත්මකයි අවිද්‍යානුකූලයි යල්පැනල නේ.

    අපේ අවිද්‍යානුකූල අවිද්‍යාත්මක යල්පැනගිය ගොඩ ජිල්මාට් ඔය විද්‍යානුකූල විද්‍යාත්මක නවීන ක්‍රම වලට වඩා සරලයි ලේසියි පහසුයි ඉක්මන්. ඒකයි මම අදහස් කළේ.

    ආ, ඒක නෙවේ ! ක්ෂමා එකටයි HRW එකට බබාල හම්බු වෙලා ඇති නේද මේ වෙනකොට. ඒක වෙන්න ඇති විළිරුදා කෙඳිරියක් වත් නෑහෙන්නෙ පිලිපීනෙ ගැන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20472799 said:
    නෑ ඉතිං පිලිපීනේ අරහෙම කරන්නෙ එව්වා නවීන විද්‍යාත්මක විද්‍යානුකූල හිංදා වෙන්න ඇතිනේ. නැත්තම් එහෙම කරන්නෙ නෑනේ. මොකද අවිද්‍යාත්මකයි අවිද්‍යානුකූලයි යල්පැනල නේ.

    අපේ අවිද්‍යානුකූල අවිද්‍යාත්මක යල්පැනගිය ගොඩ ජිල්මාට් ඔය විද්‍යානුකූල විද්‍යාත්මක නවීන ක්‍රම වලට වඩා සරලයි ලේසියි පහසුයි ඉක්මන්. ඒකයි මම අදහස් කළේ.

    ආ, ඒක නෙවේ ! ක්ෂමා එකටයි HRW එකට බබාල හම්බු වෙලා ඇති නේද මේ වෙනකොට. ඒක වෙන්න ඇති විළිරුදා කෙඳිරියක් වත් නෑහෙන්නෙ පිලිපීනෙ ගැන.

    ඔය මොකවත් නෙවේ ඕක කරන්නෙ ජනාධිපතිගේ ඕඩර් එකට, එහෙත් මෙහෙ වගේ තමා ලොක්ක කීවද එක කරා. ආය විද්‍යාව තියා කිසි දෙයක් ඒවට උඩින් යන්නේ නෑ. :yes: