චිරි චිරි වැස්ස;14663698 said:
මම මේ වගේ ඒවලට කථා කරන එකෙක් නෙමේ, ඒත් මේ ගැන අදහස් දක්වල තියන අයගෙ කථා දක්කම මට හිතෙනව මේ ලංකාවෙ අයමද කියලත්. ඒ නිසයි මේකට මගේ මතයත් පලකරන්න හිතුනෙ.
මම කිසිම පක්ෂයකට ජන්දය දෙන්නෙත් නෑ. දීලත් නෑ, මට දේශපාලනය පෙන්නන්නත් බෑ,
රටට වැඩක් වෙනවනම් ඒකට ගරහන්නත් බෑ. මහින්ද නෙමේ, ඔසාමා බිල්ලාඩන් හරි ලංකාවෙ ජනාදිපති වෙලා ඌ ලංකාව හදනවනම් ඒකයි වටින්නෙ, මොකද අපේ රට ජනාදිපති නෙමේ අපෙ රට ලංකාව.
මේ රට ඉස්සර තිබුන විදිහයි. දැන් තියන විදිහයි ගැන පොඩ්ඩක් හිතල බලන්න. ගොඩක් රටවල්වල උන් අපේ රට වට්ටන්න බලන් ඉන්නව කියල ඔය ලොකු ටෝක් දෙන හැමෝම දන්නව ඇතිනෙ. අන්න එවුන් බලන්නෙ මොක කෙරුවත් ඒක පොයින්ට් කරගෙන ගේම අදින්න,
අන්න ඒ විදේශ බලපෑම් වලට අපේ ලංකාවෙ උනොත් එකතුයි. එවුන් මොකක්හරි පටන්ගත්තම ලංකාවෙ ඉන්න බහුතරයක් කාඩ්බෝඩ් වීරයෝ උන් කිවුව දේ අල්ලගෙන ෆේස් බුක් එකේයි. කමියුනිටි වලයි ලොකු ටෝක් දෙනව.
හැබැයි ඒ බහුතරයක් දන්නෙ නෑ තමන් මේ කැගහන්නෙ මොකටද කියලවත්, ඒ අය කරන්නෙ රැල්ල එන අතට පාවි පාව් ගිහින් පොරක් වෙන්න. ඒත් හිතපල්ල ඒ උඔල කරන්නෙ අපේම රට පාවල දෙන එක නෙමේද කියල.
මත්තලට airport එකක් වැදගත් නෑ කියල කියන්නෙ ඇයි. කියපල්ල ඇයි කියල. හම්බන්තොට, අම්පාර පැත්තෙ ඉන්න උන් රටයන්නෙ නැද්ද? උන් රටයනවනම් කටුනායකම එන්න ඕන නේද?මේක උන්ට පහසු නැද්ද?
පිටරටින් එන සංචාරකයො ගාල්ල, මාතර, හම්බන්තොට, පැතිවලට සංචාරය කරන්නෙ නැද්ද? ඒ එන උන් කැමති නැද්ද කෙලින්ම හම්බන්තොටට බහින්න?
රටට දෙයක් උනාම කුරුල්ලොයි, අලී, අල්ලගෙන උලමො වගේ කෑ ගහන්නෙ නැතුව ධනාත්මකව හිතපල්ල, මේක වෙන්නෙ තමන් පොර වෙන්න යන, තමාගෙ මව්බිම ගැන කැක්කුමක් නැති උන් නිසයි,
දැන් කියයි ඕව හැදුව නිසා තෙල් ගනන් ගියා, බස් ගාස්තු ගනන් ගියා කියල. ඒව ගනන් යනව තමා, මොකෝ තෙල්, බස් ගාස්තු, භාණ්ඩ මිලගණන් වැඩි වෙන්නෙ ලංකාවෙ විතරද? ඛණිජ තෙල් කියන්නෙ සීමිත ස්භාවික සම්පතක්, ඔන්න ඛණිජ තෙල් මහ අසීමිත සම්පතක් උනානම් නිකන් දෙන්න ගියා, තෙල් ගන්න ගන්න තෙල් ඉවරවෙනව මිසක් ඒව වතුර උල්පත් වගේ එක දිහට එන්නෙ නෑ,
ඒව සීමිත වෙන්න වෙන්න, ඒකට තියන මිල වැඩි වෙනව. ඔලුව ඇතුලෙ මොලයක් කියල එකක් තියනවනෙ? පොඩ්ඩක් කල්පනා කරපල්ල.
ලංකාව හොදයි, ඉතාලිය, ප්රංශය වගේ රටවල් වල අද තියන තෙල් මිල නෙමේ හෙට තියෙන්නෙ, එහෙනම් ඒ රටවල් වල උනොත් ඒව කියල ෆේස්බුක් වීරයො වෙන්න යනවද? ඒ රටවල් වලත් බස් ගාස්තු ගනන් යනව, ඉතාලියෙ බස් ටිකක් එකක් €1.50ක් වෙනව, ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් නම් රුපියල් 200කට වැඩී. ඒ ටිකට් එකක් වලංගු වෙන්නෙ විනාඩි 90යි, එක බස් හෝල්ට් එකකින් බහින එකත් ඒ ගාන ගෙවන්න ඕන, විනාඩි 90වම යන එකත් ඒ ගාන ගෙවන්න ඕන,
ලංකාවෙත් එහෙම කෙරුවොත් ඔය කෑගහන අය ආසයිද? ප්රංශෙ බස් ටිකට් එකක් €2යි, එකෙන් යන්න පුලුවන් විනාඩි 60යි, ඒ කියන්නෙ රුපියල් 300ක් විතර, ආසයි නේද? රැල්ල එන විදිහට හැම දේකටම කෑ ගහන්න ලෑස්ති වෙලා ඉන්න එපා මචංලා.
හරි දේ පිලිගනිල්ල. ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි බයවෙන්න එපා. වැරදි දේට විතරක් කෑගහපල්ල. මත්තල airport ඒක open කෙරුවම ඔය කෑකෝ ගහපු අයටත් පුංචිහරි ආඩම්බරයක් දැනුන, හිතින් අහල බලපල්ල ඒක නැද්ද කියල.
අපේ දේට ගරහන්න එපා, ඒකට මහින්දගෙ නම නෙමේ මහින්දගෙ බල්ලගෙ නම දැම්මත් අපි ඕකෙ නම කරේ තියන් ඉන්නෙ නැහැ මචංලා, අපිට ඕකෙන් රට යන එන එක, ඒකෙන් ලැබෙන රැකියා ගැන, විදේශ ප්රතිලාභ ගැනනෙ හිතන්න ඕන. අපේ රට දිවුණුවෙන එකට සතුටුවෙයල්ල.
ලංකාව ලෝක සිතියමෙන් අතුගාන්න යන පරයො එක්ක එකතුවෙන්නෙ නැතුව.
***************************************************************************
මේ කිවුවෙ මගේ අදහස, දැන් රෙප් කැපීම සදහා ඔබට ඉඩප්රස්ථාව සලසා දෙනව
එළකිරියේ එතෙක් මෙතෙක් දැක්ක විශිෂ්ඨතම විග්රහ වලින් එකක්........
මමත් පෞද්ගලිකව හිතනව මේකෙන් මොනව නමුත් හොද දෙයක් වෙයි කියලා....අනික අපි හැම දේම නිකන් ලැබෙන කං බලං ඉන්න ජාතියක්...අන්න ඒ ආකල්පෙ නම් තියන කං අපට හරි යන්නේ නැත...........
මහින්ද ගේ නම නෙවෙයි මහින්ද ගේ *** ගේ නම දැම්මත් මොකෝ බං......
රටට හොදක් වෙනව නම්......හැම දේකම අඩුපාඩු විතරක් හොවක්ක හදන සම්ප්රදායික විපක්ෂයක්(එහෙම එකක් තියනව නම් දැං) අපට තියෙන්නේ....
ඔය මතවාද වෙනස් වෙන කං මේ රටට වලපල්ලට......