අර කියමනක් තියෙන්නෙ උබලා අහලා තියෙනවද "යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද" කියලා, අන්න ඒ වගේ "ප්ලෙන් එන්නේ නැති එයාර්පොට් එක වී වේලන්නද" කියලා තමයි අපිට අහන්න වෙන්නේ.
ලොකෙට ණය වෙලා අදායමක් නැති දෙයක් හදලා වැඩක් තියෙනවද බන්.
බොහොම ලඟදිම හරි දවසක අපි උපන් රටේ අනාතයෝ වෙනවා අනිවාර්යෙන්ම.
මේ ලඟදී වරායේ අළුතෙන් හඳපු කෑල්ලක් විවෘත කලා නේද ? එකෙන් අවුරුදු 30ක් යනකන් අපිට අදායමක් නැහැ. අඩුම තරමේ විවෘත කරන දවසේ සිංහ කොඩියක්වත් උස්සන්න ලැබුනේ නැහැ මම හිතන්නේ. (මම වැරදිනම් නිවැරදි කරපල්ලා). හයිවේ එක හොදයි, සම්පූර්ණ අදායම අපිට නැති උනත් රටට වැඩක් වෙනවා. මත්තලට දවසට ප්ලෙන් දෙකක් ආවත් ඕකේ දවසකට යන වියදම කවර් කරගන්න පුළුවන්ද ? ලයිට්, සේවකයන්ට පඩි සහ අනෙකුත් වියදම් බැලුවම ඇඩ්රසුත් නැහැ නේද ?
අපිට අසියාවෙවත් ලොකේවත් ලොකුම ඒවා හදන්න ඕනේ නැහැ. අපේ රටට ගැලපෙන අපේ රටේ මිනිස්සුන්ට ප්රයෝජනවත් දෙයක් හැදුවනම් තමයි වටින්නේ, එහෙම නැතුව ආසියාවේ ලොකුම අරක, අසියාවේ ලොකුම මේක කිය කිය නිකන් ලොකෙට පේන්න වැඩ කරලා නම් අපිට කවදාවත් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ලොකු ලොක්කන්ගේ බැංකු එකවුන්ට් පුරෝ ගන්න නිකන් ලොකුවට ප්රොජෙක්ට් කරලා වැඩක් නැහැ, හම්බන්තොට වරාය හැදුවට අපිට වැඩක් උනාද, අපි බලපොරොත්තු වෙච්ච අශ්චර්ය අපිට හම්බ උනාද ? මත්තලින් අපිට අශ්චර්ය උදා උනාද ?
මේ යන විදියට ගියොත් අපි ආසියාවේ විතරක් නෙමෙයි ලෝකයේම ලොකුම ණයකාරයා වෙන දවස නම් වැඩි ඈතක නැහැ.