ඔහොම කිව්වට බොන එක දැන් නම් අඩුකරන්න ඔනේ..ලගදි ඉදන් ලොවෙත් චොර වෙනවා මම බීලා ඉස්සර නම් එහෙම නෑ
හොරෙන් ගහන් උන් බෝරින් නෑඅඩේ එහෙනම් මාවත් ආශ්‍රය කරන එක නවත්තන්න වෙයි ගොඩක් උන්ට...

දවසට 3යි සතියට උපරිම 9යි තියරිය පාවිච්චි කරපන්
හොරෙන් ගහන් උන් බෝරින් නෑ![]()
දැන් කාලේ කොල්ලෝ ටිකක් එකට ඉදගෙන පයගානක් කතා කර කර දුක සැප බෙදාගෙන බොක්කෙන් ඉන්නේ බෝතලයක් ඉස්සරහ විතරයි ඔය නොබොන උන් එහෙම කරනවානං කියපන්..
අපි නම් කරනවා මචං. බෝතල් ඕනේ නැ. කොල්ලෝ ටික එකතු වෙලා අතල් එකේ කයියක් ගහගෙන ඉන්නවා.
උබලට බෝතලේ නැති දවසට යාලුවෝ කියක් ඉන්නවද කියලා ගණන් කරලා බලපන්. බෝතලේට එන යාලුවෝ ගැන හොදට දන්නවා. බෝතලේ නැතුව යාලුවෝ නැත්නම් එක උබලගේ වැරද්දක්. බොන්න තියෙන පෙරත යාලුවෝ පිටින් යවනවා

hama kathawakma minissu bebadu kama wahaganna hadagaththu katha misak aththa nemeyi.![]()
un hitanne yaluwo set wenne bonna witarai kiyala. oya bonna inna ungen ekek na wena welawa udawwak wath karanna.![]()
සිරාවට මචං. මම බිලා තියෙනවා. මම ඒ ගැන දුක් වෙන්නේ නැ. මම ටෙස්ට් කරන්න බිව්වේ. ආයේ බිව්වේ නැ. ඕක කිසිම ආතල් එකක් ඇති වැඩක් නෙමේ. ඔච්චර ආතල් එකක් තියෙනවනම් සැරයි කියලා බයිට් හොයනවද ? ආතල් එකේ ෆැන්ට එකක් බොනවනේ. නැත්නම් කිරි එකක් ගහනවනේ.
මුන් මේ පෞර්ශවයක් නැති පොන්නයෝ වීරයෝ වෙන්න බොනවා. ඒ මදිවට එකට එක එක හේතු හදාගෙන. උන්ගේ හිත ලස්සනයි, එකට ඉන්න යලුවො ඉන්නවා වගේ ඒවා.
බෝතලේ නැති දවසට ඕකුන්ට බල්ලෙක්වත් නැ. මගේ යාළුවන්ට උන දේවල් වලින් කියන්නේ.

අපේ තාත්තත් අපි පොඩි කලේ සැහෙන්න බිව්වා,එත් ගහමරගත්තේ නැ,
එත් අහක යන වැඩක් නැති කුණ්ඩවාලු ඔලුවේ දාගත්තා,
කොහොමහරි පොඩි කලේ ඉදන් නොබී ඉදල 19-වගේ බිව්වා,
beer,බීර,අරක්කු,විස්කි,ජින්,වයින් ඔය ටික
තාම රා බීල නැ,
ඇති වැඩකුත් නැ එහෙම්ම නවත්තල දැම්මා,හොඳ වෙලාවට මට හිටපු උන් 10න් 9කම බොන්නේ නැ,
කොහොම හරි ගිහින් ගිහින් දැන් මචන් කිරි පැකට් එකක් විතරයි තිබහට බොන්නේ,
සොෆ්ට් ද්රින්ක් ෆැන්ට,sprite,coca cola බොන්නෙත් නැ,
කල්කිරී විතරයි බොන්නේ බෝතලේක දාපු එව්වගෙන්
සිගරට් නම් දුම එන තැනක් ඉන්නම බැ,සැහෙන අවුල්
මට බොන එකෙන් කිසිම ++ එකක් පෙන්නේ නැ මචන්,
අනික මේ එක එක ලෙඩ එන එක,මොකටද බන් සල්ලි දීල ලෙඩ හදාගන්නේ,
අනික මේ මනුස්සයෙක්ට ලේ ටිකක් දෙන්නවත් අඩුම ගානේ මැරුනයින් පස්සේ ඇඟේ අවයවයක්වත් දෙන්න බෑනේ,
ඔය බොන අය ඉදිරිපත් කරන කාරණා සේරම හදාගත්තු ඒවා+ඒවා බොන එක සදාරනිකරණය කරන්න නිදහසට කරුණු විතරයි.

කිසිම විදිහක මත් ද්‍රව්‍යක් පාවිච්චි නොකරන මිනිස්සු ආශ්‍රය කරන එක එක්කෝ භයානක වෙන්න පුලුවන් .
නැත්තන් අසීමිතව බෝරින් වෙන්න පුලුවන් .
එක පැත්තකින් ඒ අය ඕනවටත් වඩා තමන්ගෙ ආරක්ශාව ගැන හිතන සීමිත අවකාශයක ජීවත් වන පිරිසක් .
අනෙක් පැත්තෙන් ලයිෆ් එක එක්ස්ප්ලෝර් කිරීම
හරහා ඒකේ ගුනාත්මක භාවය වැඩිකිරීමට
සාපේක්ශව ප්‍රමානාත්මකව වැඩි අවුරුදු ගානක් ජීවත්වීම ගැන බර තබන පිරිසක්
Bump එකක් දාගෙන යමු ඔක්කොටම අදහස් දාන්න
නිගමනය: ලෝකයේ සිටින සියලුම භයානක හා බෝරින් නොවන මිනිසුන් කිසියම් හෝ මත් ද්‍රවයක් භාවිතා කරයි.
අපෝහනය (ත්‍රෙඩ් එකේ සමස්තය බැලීමේදි) : මත් ද්‍රවය බාවිතා කිරීමේදී මොලයේ තර්ක කිරීමට අදාළ කොටස අඩපන වේ.