මන්නාරම් බස් එක

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මන්නාරම් බස් එක




    මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
    පිරිත් කියා නතර උනා රජරට සේවේ
    අප්පච්චී ඇයි තව නාවේ
    මේ මැදියම් යාමේ...

    සන්හිද ලග දේවාලේ යාතිකා ගොළුයි
    චෙට්ටියාර්ගේ කඩේ රෑපාන නිමෙයි
    නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
    රෑ කළුවර පමණයි....

    වන්නි වනන්තරේ නිතර යුදගිණි ඇවිලෙයි
    අම්ම නැති ලේන් පැටව් හීනෙන් බයවෙයි
    හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
    රෑ කළුවර නපුරුයි.....


    කරුණාරත්න දිවුල්ගනේ ගේ ශෝකී ස්වරයෙන් ගැයෙනා මේ ගීය හිතට ගෙන ආවේ සියුම් වේදනාවක්..ඇතැම් විටෙක එය හඩා වැලපීමක් වගේ කියලත් හිතෙනව..

    ගීතය පුරාවටම කුඩා දරුවෙකු හෝ දෙදෙනකු තම පියාගේ පමාව පිලිබද බියකින් පසුවන බවට ඉගියක් දනවනවා..
    "පිරිත් කියා නතරඋනා රජරට සේවේ" සහ මන්නරනම් බස් එක"යන වදන් වලින් මේ ප්‍රදේශය පිලිබදව යම් සාධකයක් අපට පෙන්වව .. ඒ රජරට සේවයේ සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියාත්මකවන මන්නාරම් ප්‍රදේශයේ ග්‍රාමයක් විය යුතුයි ... බස් එක අවසන් ගමන් වාරයේ නිරත එකක්...
    කුඩා දරුවෝ අවසන් බස් රථයෙන් පියා පැමිනෙනතුරු බලා සිටිනවා..එහෙත් බස් රථය ප්‍රමාදයි ..
    අප දන්නා පරිදි එකල රජරට ගුවන් විදුලිය රාත්‍රී 9.30ට පමණ හමර වුනා.ඒ කාළයේ පැවතුන වාතාවරණයත් එක්කල මේ ගීය අපූරුවට පෑහෙනව..

    සන්හිද ලග දේවාලේ යාතිකා ගොළුයි
    චෙට්ටියාර්ගේ කඩේ රෑපාන නිමෙයි..

    දේවාලයේ යාතිකා අවසන් වන්නේත් චෙට්ටියාර්ගේ කඩය වසන්නේත් මේ වේලාවේදීය."චෙට්ටියාර්ගේ කඩේ"යන යෙදුමෙන් මේ ප්‍රදේශය සිංහල,දමිළ මිශ්‍ර ගම්මානයක් බව පැහැදිලි වෙනව...

    "නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි"
    මෙම වදන් වලින් එය සද නැති රැයක් මෙන්ම එම සමජයේ ජීවත්වන්නන්ගේ අනාගතය පිලිබද අදුරු ස්වභාවයත් අප සිතට ගෙන දීමට සමත් වෙලා තියෙන්නෙ පුදුම විදියට..


    "වන්නි වනන්තරේ නිතර යුදගිණි ඇවිලෙයි
    අම්මා නැති ලේන් පැටව් හීනෙන් බයවෙයි.."

    මෙම ගීතයේ ඉතාමත් හැගුම්බර හා ශෝකාකූලම කොටස මේයයි...මේ දරුවන්ගේ අම්මා නෑ ....සමහරවිට යුද්ධයට ඔවුන්ගේ මව ගොදුරුවෙලා වෙන්න ඇති..මව නොමැති මේ දරුවෝ හීනෙන් පවා බියවෙන්නෙ අපේ හිත් වලටත් ඒ හැඟීම ගලාගෙන එන විදියට .. ඔවුන්ගේ එකම ලෝකයනම් තම පියා පමණයි .ඔහුත් අද ප්‍රමා‍දයි.අම්මා නැති ලේන් පැටවුන් වන් දරුවන්ට තම පියාගේ පමාව මොනතරම්නම් දැනෙන්නට ඇත්ද...

    "හීන දකින අප්පච්චී කළුවර නපුරුයි.."

    දරුවෝ පියා එනතුරා අදුරු රැයේ බලා සිටිනව ...පියාට ඇති සිහිනයද තම දරුවන් විතරමයි ...නමුත් මේ සියළු සිහිනයෝ රෑ අහසමෙන් කළුවර වෙලා..මම ආයෙමත් හිතින් ඒ දරුවන් ලඟට ගියා ....
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මුව කිලිටි වී ඉරී ගිය ජන්ගි කොටය ඇදගත් මල්ලී තුරුලු කරගත්, නිල්පාට පාසල් කොට කලිසම ඇද ඇට පෑදී ගිය නිරුවත් උඩුකයෙන් හැඩවුන ,දැල්වෙන දෑසින් අදුරු පාර දෙස පෙරමං බලනා අහිංසක කොලු ගැටයෙකු මැවී පෙනේ