උනුත් ඔය ගමේම පොඩි කාලෙ ඉඳන් හැදුන වැඩුන උන් නේහ් බං.. ඉතිං උන්ගෙ දෙමාපියො උන් හදපු විදියට තමයි උන් උන්ගෙ ලමයි හදන්නෙත්.. උන්ට ඔය දේවල් තේරෙන්නෙ නැහැ.. මෝඩයි.. උන්ට හරි ලොකුයි පොඩි එකා කුණුහරුපයක් කිව්වම, පිහියක් අරන් කාටහරි කොටන්න ගියාම..
අර අනිත් කොල්ලත් ගමේ එකෙක්.. දැක්කද උගේ තාත්තා පොඩි එකාට කතා කරපු විදිය.. උන් දරුවන්ට කතා කරන්නෙත් කුණුහරුපෙන් නේහ් බං.. ඕවා පොඩි කාලෙ ඉඳලා ඇහෙනකොට ඌට කුණුහරුප සාමාන්‍ය දෙයක් වෙනවා..
ඔය පොඩි එකා ලොකු උනාම ලොවෙත් අම්මටයි තාත්තටයි, අම්මේ තාත්තෙ කියල කතා කරන්නෙ නෑ.. උඹ, තෝ, ඉඳා, පලයන්, ගෙනෙං ඔය වගේ ටෝක් වලින් තමයි කතා කරන්නෙ.. ඒ වගේම ඕකට යටත් වෙලා තමයි දෙමාපියන්ට ඉන්න වෙන්නෙ.. ඉල්ලන ඉල්ලන දේත් අරන් දෙන්න වෙනවා.. දෙන්න බැරි උනොත් ඕකා ගේ දෙවනත් කරයි.. අන්තිමේ ලොකු උනාම ඕකා කාලකන්නියෙක් වෙනවා.. එදාට හදපු වඩපු දෙමාපියන්ට තමයි මිනිස්සු බනින්නෙ.. ඒකෙ වරදක් නෑ.. උන් තමයි පොඩි කාලෙ ඉඳන් ඌව නරක් කලේ..
අනිවාර්යෙන්!







