මේක පොඩි කෙස් එකක්. හිතට වද දෙන ප්රශ්නයක්.
මන් අතින් Bicycle එකක ගිය ගෑණු කෙනෙක් හැප්පුනා. මම වංගුවකින් Overtake කරන්න ගිහින් පිටිපස්සෙන් ආපු Bicycle එකේ කන්නාඩිය එක මගේ වාහනයේ පිටිපස්සේ වැදිලා Bike එක පෙරලුනා.
Bicycle එකේ කාන්නාඩිය කැඩුනා. මේක Dio පරණ එකක්. අර Headlight එක වටේ Plastic එකේ පරණ හැප්පුන පාරවල් තියෙනවා.
මගේ අතේ තමා වැරැද්ද. මන් එක පිලිගන්නවා.
හැප්පුන වෙලාවේ මන් මගේ වහානයේ ම ගිහින් ඒ ගැණු කෙනාට බෙහෙත් ගන්න යනකොට කිව්වා පොඩ්ඩක් පපුව රිදෙනවා ECG එකක් ගන්න වෙයි කියල. ඊට පස්සේ මන් කිව්වා ඉස්පිරිතාලෙට යමු කියල, ECG අරගෙන එව්වා සේරම හොඳයි. මන් කිව්වා ඔයාට මොනවද කරලා දෙන්න ඕන කියල ? ඒ ගෑනු කෙනාගෙන් ඇහුවා.
ඊට පස්සේ කිව්වා මට තනි තීරණයක් ගන්න බැහැ. එයාගේ මහත්තයා ගෙන් අහන්න ඕන කියල. ඊට පස්සේ මහත්තයා අවා. ඇහුවාම කියනවා රුපියල් 25000 ඕනලු. ඇත්තටම Dio එකේ කන්නාඩි එකක් සහ අර Cover එක දාන්න යන්නේ රුපියල් 10000 කියල තමා මම Honda Service Center එකෙන් ඇහුවහම කිව්වේ.
මට ඒ වෙලාවේ පොඩ්ඩක් තරහා ගියා. මන් කිව්වා එහෙම 25000 දෙන්න බැහැ.
මන් සම්පුර්ණයෙන් ම Bicycle එක හදල දෙන්නම් Company එකෙන් අලුත් බඩු දාලා, ඒ ගෑනු කෙනා වැඩ කරන කෙනෙක් නම්, දැන් මන් හින්ද වැඩ කරන්න බැරි හින්දා රුපියල් 1000 දවසට දෙන්නම් හොඳ වෙනකම් කියල. තව බෙහෙත් දාන්න මගේ වාහනයේ ගෙදරට ඇවිල්ලා එක්කගෙන ඉස්පිරිතාලෙන් බෙහෙත් දාගෙන ගෙදරටම ඇරලවන්නම් කියල හොඳ වෙනකම්.
කියල කිව්වා. බෙහෙත් කරන්න 50000 ගියත් කමක් නැහැ කියල කිව්වා මම වියදම දරන්නම්. මිනිහා කියනවා එහෙම බැහැ ලු රුපියල් 25000 ක් ඕනලු කියල.
ඊට පස්සේ මම කිව්වා " මගේ අතේනේ වැරැද්ද. මම වරද පිලිගන්නවා. අපි පොලිසියට ගිහින් විසඳ ගමු කියල. " ඒ මිනිහා යන්න බැහැ ම කියනවා.
ඊට පස්සේ මිනිහා මාත් එක්ක කතා කරලා කරලා බැරිම තැන මගේ Licence, Insurance, Vehicle Licence ටික මගෙන් කලින් ඉල්ලා ගෙන තිබුනේ. ඒ ටික මට දුන්නා.
අපේ අම්මාට ඕක ඔය වෙලාවේම ආරංචි වෙලා අම්මා අර මනුස්සයා ඉල්ලන ගාණ දෙන්න හදනවා. මන් කියනවා අපේ අම්මටයි, අර මිනිහටයි පොලිසියට යන්ම කියල. ඒ මිනිස්සු යන්න කැමතිම නැහැ.
මම කැමති නැහැ කවුරුවත් මම හින්ද දුක් විඳිනවට. දැන් මම මොකක් ද කරන්න ඕන ?
25000 දෙන්න තමා මගේ හිත, මොකද ඒ මිනිස්සුගේ Licence, Insurance නැති වුනත් මම කැමති සල්ලි දෙන්න. එත් නිකන් දෙන්න නෙමේ පොලිසියට ගිහිල්ලා දෙන්න. ඊට පස්සේ ඉස්පිරිතාලෙන් එලියට ඇවිල්ලා අතරමග එනකොට ඒ හැප්පුන ගෑනු කෙනාගේ අදුරන කොල්ලෝ වගයක් අහනවා
" ඔයා මේක ඉවර කරනවද ? නැද්ද කියල. එතකොට අපේ අම්මත් වහානේ හිටියා. අම්මා කිව්වා ඒ කොල්ලට : නැහැ නැහැ ඔයා මුකුත් කරන්න එපා. හෙට මම සල්ලි ගෙනත් දෙන්නම් කියල.
මට රුපියල් 25000 දෙන්න බැරි කමක් නැහැ. එත් මන් කැමති නැහැ එක එක ඉල්ලන ගණන් දෙන්න. ඉල්ලන ඕන ගානක් දෙන්න පුළුවන් පොලිසියට ගියහම.
ඒ මොකද, වැරැද්ද ඔප්පු වෙලා නිතිය මාර්ගයෙන් නිසා.
ඒ මිනිස්සු පොලිසියට යන්න කැමති නැහැ. මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියල. ඒ මිනිස්සුන් ගේ Licence, Insurance අඩු පාඩු තිබ්බත් මම කැමති සල්ලි දෙන්න මම සල්ලි දිය යුතු නිසා.
මේ වැඩේ උබලට වුනා නම් මොකද කරන්නේ උබල ? නිකන් සල්ලි දෙනවද ?