මිනිස්සු සතුටු වෙන්න හිතාගෙන නොයෙක් දේ කරනවා. මස් මාංශ කනවා. සින්දු අහනවා. සංදර්ශන වලට යනවා. ගණිකා නිසාව වලට යනවා. චිත්‍රපටි බලන්න යනවා. සොරකම් කරනවා. බොරු කියනවා. සම්ප්‍රප්පලාප කියවනවා. නොයෙක් දේ කරනවා. සමහරු දන් දෙනවා. බණ අහනවා. සිල් ගන්නවා. භාවනා කරනවා. පන්සල් හදනවා. මේ හැමදේම සතුට, සැපත හොයාගෙන කරනවා.
මිනිස්සු සැප, සතුට හොයාගෙන කරන දේවල් අරගත්තම ලෝක සම්මතයට අනුව ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයා විසින් හොඳයි කියන දේවල් හා ලෝකයා විසින් නරකයි කියන දේවල්. ලෝකයා විසින් දෙයක් හොඳ හෝ නරක කියලා පිලිගන්නේ තම තමන්ගේ සමාජ සම්මතයන්ට අනුව. දැන් උදාහරණයක් විදියට අපේ රටේදි අපි බස් එකට හාමුදුරු නමක් හරි සිල් මෑණි කෙනෙක් හරි ගොඩ වුනාම වාඩි වෙන්න ආසනයක් දෙන්න පැකිලෙන්නේ නෑ. ඒකට උපකාර වෙන්න පොදු ප්‍රවාහන සේවා වල සීට් එකක් වෙන් කරලම තියෙනවා පූජ්‍ය පක්ෂයට. ඒ සීට් එක අපි ඒ අයට අපේ යුතුකමක් විදියට සලකලා ලබා දෙනවා. නමුත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය වගේ යූරෝපීය රටක ඒ ක්‍රියාවක් බලාපොරොත්තු වෙන්න බෑ. අරාබිකරයේ අත පය කපලා මිනිසුන්ට වධ දෙනවා. ඒ වගේම ඒ අය මිනිස්සු මරන්නේ දෙවියෝ එක්ක එකතු වෙන්න පුළුවන් කියන විශ්වාසයෙන්. නමුත් අපි අපේ ආගමික විශ්වාසයන්ට අනුව ඒ දේවලින් වැලකිලා ඉන්නවා. හොඳ නරක ගොඩ නැගෙන්නේ මේ මත.
බෞද්ධ ඉගැන්වීම් අනුව දෙයක හොඳ නරක තීරණය කරන ප්‍රධානම සාධකය දේව ධර්ම ජාතකය මුල් කරගෙන බුදුහාමුදුරුවො අපිට උගන්වලා තියෙනවා. ඒ අනුව හිරි ඔත්තප්ප නැත්නම් ලැජ්ජාව සහ බය තමයි ප්‍රධාන සාධක වෙන්නේ. වෙන කිසිම ආගමක මේ ඉගැන්වීම දකින්න ලැබෙන්නේ නෑ.
බෞද්ධ අපි හුඟක් වෙලාවට නෙමෙයි හැම වෙලාවෙම වගේ දෙයක් කරන්න කලින් ඒ ගැන හිතනවා. අපි පව් කියලා හිතෙන දේ කරන්නේ නෑ, මොකද අපි පව් කරන්න ලැජ්ජා නිසා. ඇයි ලැජ්ජා වෙන්නේ ? ඒ තුලින් අපිට ඇති වෙන නරක නම නිසා. ඒ වගේම තමයි අපි පව් කරන්න බයයි. ඇයි ඒ ? පව් කරාම ලැබෙන ප්‍රතිපල ගැන අපි දන්න නිසා. ඒවා විඳින්න දුකට පත් වෙන්න අපි බයයි. මේ නිසා බෞද්ධ අපි නිතරම සතුටින් ඉන්නවා. ඇයි ඒ ? අපි ලැජාජාවට පත් වෙන බියට පත් වෙන කිසිම දෙයක් නොකරන නිසා. නමුත් අබෞද්ධයෙකුට මේ සතුට තියේද ? තියෙන්න පුළුවන්, ඒ ලැජ්ජාව බිය තියෙනවානම් විතරක්.
ඉතින් අපි සතුට හොයන්න බලාපොරොත්තුවෙන් කරන හුඟක් දේවල් වල අන්තිමට අපිට ලැබෙන්නේ ලැජ්ජාවයි බියයි විතරයි. ඒ තුලින් ලැබෙන්නේ දුක. ඒ අතරතුරේදී සමහරු ලැජ්ජාවත් බියත් ඇති නොවන දාන ශීල භාවනා කියන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වල යෙදෙනවා. ඒ කෙනා ඒ තුලින් සැපයට පත් වෙනවා. සතුට ලබා ගන්නවා. නමුත් මේ සැප, සතුට හැමෝටම උරුම නෑ.