මන් දකින හැටි .....

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

මිනිස්සු සතුටු වෙන්න හිතාගෙන නොයෙක් දේ කරනවා. මස් මාංශ කනවා. සින්දු අහනවා. සංදර්ශන වලට යනවා. ගණිකා නිසාව වලට යනවා. චිත්‍රපටි බලන්න යනවා. සොරකම් කරනවා. බොරු කියනවා. සම්ප්‍රප්පලාප කියවනවා. නොයෙක් දේ කරනවා. සමහරු දන් දෙනවා. බණ අහනවා. සිල් ගන්නවා. භාවනා කරනවා. පන්සල් හදනවා. මේ හැමදේම සතුට, සැපත හොයාගෙන කරනවා.

මිනිස්සු සැප, සතුට හොයාගෙන කරන දේවල් අරගත්තම ලෝක සම්මතයට අනුව ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයා විසින් හොඳයි කියන දේවල් හා ලෝකයා විසින් නරකයි කියන දේවල්. ලෝකයා විසින් දෙයක් හොඳ හෝ නරක කියලා පිලිගන්නේ තම තමන්ගේ සමාජ සම්මතයන්ට අනුව. දැන් උදාහරණයක් විදියට අපේ රටේදි අපි බස් එකට හාමුදුරු නමක් හරි සිල් මෑණි කෙනෙක් හරි ගොඩ වුනාම වාඩි වෙන්න ආසනයක් දෙන්න පැකිලෙන්නේ නෑ. ඒකට උපකාර වෙන්න‍ පොදු ප්‍රවාහන සේවා වල සීට් එකක් වෙන් කරලම තියෙනවා පූජ්‍ය පක්ෂයට. ඒ සීට් එක අපි ඒ අයට අපේ යුතුකමක් විදියට සලකලා ලබා දෙනවා. නමුත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය වගේ යූරෝපීය රටක ඒ ක්‍රියාවක් බලාපොරොත්තු වෙන්න බෑ. අරාබිකරයේ අත පය කපලා මිනිසුන්ට වධ දෙනවා. ඒ වගේම ඒ අය මිනිස්සු මර‍න්නේ දෙවියෝ එක්ක එකතු වෙන්න පුළුවන් කියන විශ්වාසයෙන්. නමුත් අපි අපේ ආගමික විශ්වාසයන්ට අනුව ඒ දේවලින් වැලකිලා ඉන්නවා. හොඳ නරක ගොඩ නැගෙන්නේ මේ මත.

‍බෞද්ධ ඉගැන්වීම් අනුව දෙයක හොඳ නරක තීරණය කරන ප්‍රධානම සාධකය දේව ධර්ම ජාතකය මුල් කරගෙන බුදුහාමුදුරුවො අපිට උගන්වලා තියෙනවා. ඒ අනුව හිරි ඔත්තප්ප නැත්නම් ලැජ්ජාව සහ බය තමයි ප්‍රධාන සාධක වෙන්නේ. වෙන කිසිම ආ‍ගමක මේ ඉගැන්වීම දකින්න ලැබෙන්නේ නෑ.

බෞද්ධ අපි හුඟක් වෙලාවට නෙමෙයි හැම වෙලාවෙම ‍වගේ දෙයක් කරන්න කලින් ඒ ගැන හිතනවා. අපි පව් කියලා හිතෙන දේ කරන්නේ නෑ, මොකද අපි පව් කරන්න ලැජ්ජා නිසා. ඇයි ලැජ්ජා වෙන්නේ ? ඒ තුලින් අපිට ඇති වෙන නරක නම නිසා. ඒ වගේම තමයි අපි පව් කරන්න බයයි. ඇයි ඒ ? පව් කරාම ලැබෙන ප්‍රතිපල ගැන අපි දන්න නිසා. ඒවා විඳින්න දුකට පත් වෙන්න අපි බයයි. මේ නිසා බෞද්ධ අපි නිතරම සතුටින් ඉන්නවා. ඇයි ඒ ? අපි ලැජාජාවට පත් වෙන බියට පත් වෙන කිසිම දෙයක් නොකරන නිසා. නමුත් අබෞද්ධයෙකුට මේ සතුට තියේද ? තියෙන්න පුළුවන්, ඒ ලැජ්ජාව බිය තියෙනවානම් විතරක්.

ඉතින් අපි සතුට හොයන්න බලාපොරොත්තුවෙන් කරන හුඟක් දේවල් වල අන්තිමට අපිට ලැබෙන්නේ ලැජ්ජාවයි බියයි විතරයි. ඒ තුලින් ලැබෙන්නේ දුක. ඒ අතරතුරේදී සමහරු ලැජ්ජාවත් බියත් ඇති නොවන දාන ශීල භාවනා කියන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වල යෙදෙනවා. ඒ කෙනා ඒ තුලින් සැපයට පත් වෙනවා. සතුට ලබා ගන්නවා. නමුත් මේ සැප, සතුට හැමෝටම උරුම නෑ.


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

මිනිස්සුන්ගේ මනස හරිම පුදුමයි. අභිධර්මයේදී පරම සත්‍යයන්ගෙන් එකක් විදියට මනස නැත්නම් චිත්ත හඳුන්වනවා. කිසියම් දෙයක් පිළිබඳව ඇතිවෙන සිහිය මනස කියලා හඳුන්වන්න පුළුවන්. අපි හැම තිස්සෙම දේවල් පිළිබඳව සිහියෙනුයි ඉන්නේ. මේ සිහිය අපි මනස කියලා හඳුන්වනවා. මෙතනදි ‍ප්‍රඥාවෙන් අවලෝකනය කිරීමක් අදහස් වෙන්නේ නෑ හැබැයි. එතනදි කියන්නේ දෙයක් අපේ ඉන්ද්‍රියන් ඇසුරු කරන් ලබා ගන්න තියෙන හැකියාවයි. හය ආකාරයේ ඉන්ද්‍රියන්ගෙන් හය ආකාරයක සිතුවිලි ඇති වෙන බව දන්නවා ඇතිනේ. ඒ විදියට කිසියම් අරමුණක්/දෙයක් අල්ලා ගන්න තියෙන හැකියාව තමයි චිත්ත නැත්නම් මනස කියලා අපි හඳුන්වන්නේ.

ඉතින් මුලින් කිව්වා වගේම මනස හරිම පුදුම දෙයක්.
මනසට දුර ගමන් කරන්න පුළුවන්. තනිවම හැසිරෙන්නේ. ඒකට නියම ස්වරූපයක් නෑ. ගුහාවක පවතින්නේ. සාමාන්‍යයෙන් ඇති වෙන්නෙ හෘදය මුල් කරගෙන කියල ධම්මපද පාලියට අනුව දැක්වෙනවා. ටිකක් බලමු මොනවද ‍මේ කියන්නේ කියලා.

මනසට දුර ගමන් කරන්න පුළුවන්.

මනස කියන දේ භෞතිකව මිනිහෙක් ගමන් කරනවා වගේ ඇවිදින්න යන්නේ නෑ. ඒත් මනසට පුළුවන් අපි ඉන්න තැන ඉඳලා සෑහෙන්න දුර තියෙන අරමුණක් අපි එතනට නොගියත් අල්ලා ගන්න. එතනදි පේන්නෙ හරියට එතනට ගියා වගේ තමයි. උදාහරණයක් විදියට කොළඹ ඉන්න කෙනෙක් ඇමරිකාවේ ඉන්න කෙනෙක් ගැන හිතනවා. ඇත්තටම මනස ඇමරිකාවට යන්නේ නෑ කොළඹ ඉඳලා නමුත් මනස තියෙන්නේ ඇමරිකාවේ කොළඹ ඉඳියත්. මේ තත්වය ඉස්කෝලෙදි හුඟක් දෙනා අත් විඳලා තියෙනවානේ. ඉතින් මේ වගේ දුර තියෙන අරමුණක් අල්ලගන්න පුළුවන් නිසා අපි කියනවා මනසට දුර ගමන් කරන්න පුළුවන් කියලා.

මනස හැසිරෙන්නේ තනියම

සිහිය ඇති වෙලා බොහොම ඉක්මනින් නැති වෙනවා. එක අසුරක් ගහද්දි සිත් ඒකක කෝටියක් විතර ඇති වෙලා නැති වෙන්න පුළුවන්. මේ ඇති වෙන එකයි නැති වෙන එකයා හරිම වේගවත් නිසාවෙන් සිත් ඒකක දෙකකට හෝ තුනකට එකම වෙලාවේ අරමුණු දෙක තුනක් ගන්න පුළුවන් වගේ පේනවා. නමුත් එකම වෙලාවෙදි සිත් දෙක තුනක් ඇති වෙන්නේ නෑ. ඉතාමත් වේගයෙන් එකකට පස්සෙ එකක් තමයි ඇති වෙන්නේ. එක සිතක් එක අරමුණක් ගත්තට පස්සේ බොහොම ඉක්මනින් තව සිතක් තව අරමුණක් ගන්නවා.

අපි වාඩි වෙලා ඉද්දි, කද්දි, ටී වී බලද්දි අපිට දැනෙනවා පංචේන්ද්‍රියන් ගන්න අරමුණු පවතින බව. නමුත් මනස මේවා පහම එක පාරට අරගන්නේ නෑ. එතනදි සිදු වෙන්නෙ අපි වඩාත් කැමති එක මුලින් අරගෙන ඊට පස්සේ ඊළඟ එක ගන්න එකයි. සිත් දෙක තුනක් එක පාර ඇති වෙන්නේ නෑ. එක පාරකට එකයි. ඒ නිසයි මනස තනිවම හැසිරෙනවා කියන්නේ.

මෙතනදි මේ හැසිරෙනවා කියන වචනෙන් අදහස් කරන්නේ නෑ ගමන් කරනවා කියලා. එතනදි කියන්නේ දුරක තියෙන අරමුණක් අල්ල ගන්න පුළුවන් කියන එකයි. ඉන්ද්‍රියකින් අරගන්න කිසියම් අරමුණක් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න එක සිතක් විතරක් මදි. එකක් පස්සෙ තව එකක් විදියට ඇති වෙන යම් කිසි සිත් පරම්පරාවක් අවශ්‍යයි. ඉතින් ඒ විදියට ඇසුරු සැණක් වදින ක්ෂණයකින් සිත් ගණනාවක් ඇති වෙලා නැති වෙලා යද්දි අපි හිතනවා අපි දෙයක් දැක්කා කියලා. ශබ්දයක් ඇහුණම අපි දන්නවා ඒ මොකක්ද කියලා. අපි කිසියම් ස්පර්ශයක් විඳිද්දි දන්නවා ඒ මොකක්ද කියලා.

මනසට ස්ථිර ස්වරූපයක් නෑ.

මනසට කිසිම හැඩයක්වත් ආකෘතියක්වත් නෑ. එහෙම තිබ්බා නම් අපි වර්තමාන විද්‍යාවේ දියුණුවත් එක්ක ඒක අනිවාර්යෙන්ම දැකලා තියෙන්න ඕනා. නමුත් එහෙම නෑ. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ මනස කියන්නේ සුදු දෙයක්ද කළු දෙයක්ද කියලා. ඒක ඇවිල්ලා යම් කිසි අරමුණක් අල්ල ගන්න පුළුවන් කමක් විතරයි.

ගුහාවක පවතින්නේ

දැකීමේ සිහිය ඇති වෙන්නේ ඇසේ. ඇසීමේ සිත ඇති වෙන්නේ කනේ. ගන්ධයේ සිත ඇති වෙන්නේ නහයෙ. දිවේ තමයි රසේ සිත ඇති වෙන්නේ. ස්පර්ශයේ සිහිය ශරී‍රයේ අංගයන්ගේ ඇති වෙනවා. ඉතින් මේ විදියට සමහර සිත් ඇස, කන, නාසය වගේ තැන්වල ඇති වුනාට හුඟක් සිත් ඇති වෙන්නේ හෘදය වස්තුවෙ. ඒ නිසයි හෘදය වස්තුව මුල්කරන් ගුහාවක පවතිනවා කියන්නේ.

සරලව ගත්තම සිතට ස්වරූපයක් නෑ, නමුත් ඒකට පුළුවන් ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න, ඒ වගේම අරමුණක් හඳුනාගන්න පුළුවන්. ඒ කාර්යෙදි මනස අඩු තරමෙ කෙස් ගහක පළක දුරකට වත් යන්නේ නෑ, නමුත් දුරක තියෙන අරමුණක් හඳුනා ගන්න පුළුවන්. සිත් දෙක තුනක් එකවර ඇති වෙන්නේ නෑ. එකිනෙකට පස්සේ පරම්පරාවක් විදියටයි සිත් ඇති වෙන්නේ.

ඉතින් පුදුම නැද්ද මිනිසුන්ගේ මනස ?
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

කොහොමද බලන්‍නකො හොඳ වගේම නරකත් එකම මනසේ ඇති වන හැටි.

සිතක් ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යනවා වගේ හොඳ නරක හෝ කුසල් අකුසල් හිතුත් ඒ අස්සේ ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යනවා. උදේ නැගිට්ටම අපි තෙරුවන් වැඳලා හිත සතුටින් පුරවා ගන්නවා. කුසල් සිත් ඇති කර ගන්නවා. පස්සෙ කවුරු හරි කඩේ යන්න කිව්වාම ඔන්න ලෝභය හිතට ඇති කර ගන්නවා. කවුරුහරි ටිකක් කේන්ති යන දෙයක් කිව්වාම ඔන්න ‍ද්වේෂය ඇති කර ගන්නවා. ඔන්න මනසේ හැටි.


හිතන්නකෝ ලෝභකමත් ඇතිව මොකක් හරි ව්‍යාපාරයක යෙදෙනවා කියලා. නමුත් ඒ අකරෙදි හිතන්නකො පිනට දෙන්න හිතුනා කියලා. දැන් මොකක්ද වෙන්නේ අර ලෝභ හිත තියෙද්දි ශ්‍රද්ධා හිතකුත් ඇති වෙනවා. එතන කුසල් හිතකුත් ඇති වෙනවා. තව සමහර වෙලාවට අපි කා එක්ක හරි හොඳට කේන්ති ගන්නවා. ඔන්න කේන්ති ගත්ත එකාට හොඳ කනේ පාරක් දෙන්න යද්දි අපිට එක පාරටම මතක් වෙනවා කිරිබත්ගොඩ හාමුදුරුවෝ කිව්වා නේද මෛත්‍රී වඩන්න කියලා.(මන් දන්නේ නෑ එහෙම කියලා තියෙනවාද කියලා මොකද කියනවානම් මන් එකම එක දවසයි කිරිබත්ගොඩ හාමුදුරුව‍න්ගේ බණක් අහලා තියෙන්නේ. ඒකෙදිනම් කියවුනේ නෑ) ඉතින් අපි ඒ උපදේශය මතක් වෙලා කනේ පාර නවත්ත ගන්නවා. කුසල් හිතක් ඇති කරගන්නවා. (ඇත්තටම කේන්ති ගියාම වෙන්නේ අපේ චිත්ත ඒකාග්‍රතාවය නැති වෙනවා. ඒ නැතිවෙච්ච ඒකාග්‍රතාවය ක්ෂණයෙන් ඇති වෙන එකයි මෙතනදි මන් කියන්නේ)


ස්වාමියයි බිරිඳයි හිතේ රාගය තියෙද්දි කථා කරගෙන ඉන්නවා. ඔය අතරෙ ස්වාමියා බිරිඳගෙන් යම් කිසි ක්‍රියාවක් කරමුදැයි අවසර ඉල්ලනවා. බිරිඳ බෑ කියනවා. දැන් මොකද වෙන්නේ රාගය ද්වේෂයට පෙරලෙනවා. ඔහොම යද්දි ස්වාමියාා තමන්ගේ ඉල්ලීම අතහැර ගන්නවා, දෙන්න සාම ගිවිසුමකට එළඹෙනවා. ඉතින් ආයති මේ දෙන්නා අතරේ රාග සිතුවිලි පටන් ගන්නවා. මේ නිසා සිත් බො‍හොම ඉක්මනින් වෙනස් වෙන නිසාවෙන් අපි බොහොම පරිස්සමෙන් ඒ ඇති වෙන නරක, අකුසල් හිත් හොඳ, කුසල් හිත් වලින් වෙන් කරලා හඳුනාගන්න ඕනා. මිනිස් හිතේ වැඩි පුරම ඇති වෙන්නේ නරක, අකුසල් සිත්. මේ නිසා අපි වැඩියෙන් හොඳ, කුසල් හිත් ඇති කරගන්න උත්සහ කරන්න ඕනා.

Nilambe%20Meditation%20Centre.jpg

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

මනසේ ස්වභාවය පුදුමයි කියලයි මන් දකින්නේ. මිනිස්සු එක එක්කෙනා ශරීරයන්ගෙන් වෙනස් වෙනස් හැඩ ගන්නවා වගේ ඒ ඒ මිනිස්සුන්ගේ හිතුත් එකිනෙකට වෙනස්. කිසිම විටක දෙන්නෙක්ගේ හිත් 2 ක් එක වගේ වෙන්නේ නෑ. අඩුම තරමේ එකම පවුලේ දෙන්නෙක් අතරේ වත්, නිවුන්‍නු අතරෙවත් එහෙම වෙන්නේ නෑ. ඉතින් කෙනෙක් ලඟ තියෙන ක්‍රියාශීලී ශරීරයක් කම්මැලි ජොල් ශරීරයක් ඇති කෙනෙක්ගේ ශරීරයෙන් වෙනස් වෙනවා වගේ ක්‍රියාශීලී මනසත් කම්මැලි මනසෙන් වෙනස් වෙනවා. අපි දන්නවා සමහර පුද්ගලයො ඉන්නවා තමන්ගේ සුන්දරත්වයෙන් වගේම නිහතමානී බවෙන් අනිත් පුද්ගලයන්ව පරදගෙන ඉදිරියෙන් ඉන්න. අපි කැත නැත්නම් අප්‍රසන්න තත්වය ගනිමු. සමහරු නිකම් ප්‍රේතයො නැත්නම් යක්ෂයො වගෙයි කියලා මිනිස්සු කියනවා අහලා ඇති. හොඳ හා තියුණු මනස් වර්ග සලකා බලද්දි ඒ තුලත් දක්ෂ විචක්ෂණ ක්‍රියාශීලී මනස් වගේම අදක්ෂ අවිඥානික මන්දෝත්සාහී මනසුත් තියෙනවා. ඒවා සාමාන්‍ය මනස්. පෙර කී ක්‍රියාශීලී මනස් වලින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් අපිට දෙවනි එක.


ඒ වගේම තමයි ජරා වැඩ කරන්න මගපාදන මනසුත්. ඒවාත් නොයෙක් වර්ග තියෙනවා. හිමින් වැඩ කරන, මෝච කම වැඩි ඔයවගේ නොයෙක් වර්ග වල මනස්. ලස්සනෙත් නොයෙකුත් වර්ග වගේම අවලස්සනෙත් නොයෙක් වර්ග තියෙනවා. දැන් උදාහරණයක් විදියට ප්‍රේතයො ඉන්නේ අවලස්සන ගත්තම ඒකෙත් යට හරියෙන්. ඒ වගේම තමයි හොඳ (කුසල් ඇති)මනසුත් පහල ඉඳලා ඉහලට වර්ගාකාරයෙන් දකින්න පුළුවන්. උදාහරණ විදියට රහතවන් වහන්සේ කෙනෙක්ගේ මනසය සෝතාපන් කෙනෙක්ගෙ මනසය ගත්තම රහතන් වහන්සේගේ මනස තියෙන්නේ සෝවාන් කෙනාගේ මනසට වඩා හුඟක් ඉදිරියෙන්. ඒ වගේම තමයි නරක (අකුසල්) මනසුත් වර්ග වෙන්නේ. පට්ටම මෝඩයො වගේම ටිකක් මෝචයොත් උගත් පණ්ඩිත මෝඩයොත් ඉන්නවා.


අපිට පුළුවන් මනස පාලනය කරන්න.

නිකන් වැදි පැත්තක හැදිච්ච කෙනෙක් වුනත් කාලයක් තිස්සෙ අපි හිතමුකො පොඩි කාලෙ ඉඳන් කියලා හොඳ නාගරික ප්‍රදේශයක හදනවා නම් ක්‍රමයෙන් එයා වැද්දෙක් වුනත් අර නගරේ තත්වයට හැඩ ගැහෙනවා. ඒ වගේම තමයි ඔයාලා දැකලා ඇති සමහර පවුල් තමන්ට ලමයි නැති ‍නිසා වෙන අයගෙන් ලමයි අරන් හාදාගන්නවා පොඩි කාලෙ ඉඳන්. බලන්න ඒ ළමයි ලොකු වෙද්දි ඒ හදාලත්ත දෙමව්පියන්ගේ ක්ෂණ පෙන්නුම් කරනවා. හැබැයි මේක ක්ෂණිකව වෙන්නේ නෑ. ටික කාලයක් ගතා වෙනවා. ඉතින් භෞතික ස්වභාවය කාලයත් එක්ක ඒ විදියට වෙනස් කරන්න පුළුවන්නම් ඇයි අපිට බැරි අකුසල් හිත් ඇති වෙන වලක්වා ‍ගෙන කුසල් සිත් ඇති කරගන්න තත්වයට අපේ මනස පත් කරගන්න. (බුද්ධ කාලයේ විතරක් නෙමේ අදටත් කෙනෙක්‍ට නිවන් දකින්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් මේ කියපු ප්‍රතිපත්ති එනම් මනස වෙනස් කරගන්න එක, මනස හික්මවා ගන්න එක කරන්න ඕනා. නැත්නම් හැමදාමත් සංසාරේ)

ඇයි අපි මනස මේ විදියට අළුත් කරන්න ඕනා ?

ඒකට හේතු හුඟක් තියෙනවා. අපි අපිම දන්නවා අපේ හිත්වල තියෙන දුර්වලකම් ශක්තිමත්කම් මොනවාද කියලා. සමහර නරක මිනිස්සු ලෞකික දේවල් වලදී හුඟක් ඉහලින් ඉන්නවා අපි දකිනවා. උදාහරළණයක් විදියට ගමේ කසියා මුදලාලි තමයි හොඳම සල්ලිකාරයා. ඇයි මාළු මෑන් ? මිනිහාටත් හොඳ සැප. නමුත් මෙයාලගේ මීළඟ උත්පත්තිය කොහේ වෙයිද ? අනිවාර්යෙන් උපදින්න වෙන්නේ අපායකින් එකක. මේ නිසාවෙන් මනස අළුත් කර ගන්න අවශ්‍ය්‍යි.

අපි දන්නවා මේ නරක මිනිස්සු කියන්නේ ආත්ම ගෞරවය නැති කට්ටිය බව. සුදු ඇඳ ගත්තට පලක් නෑ පස්සට මිනිස්සු හිනා වෙනවා. එයා‍ලගේ පවුලේ අයවත් එයාලට කැමති නෑ. සමහර වෙලාවට මිනිස්සු එයාලට සලකන්නෙ ඒ අයගේ මැරකමට තර්ජනයට බයේ. මේ නිසාවෙන් ඔවුන් තමන්ගේ ලඟ ඉන්න අය දිහා බලලා ඒ ගැන හිතලා තමුන්ගේ මනස් අළුත් කරගෙන හොඳ මිනිස්සු වෙන්න ඕනා. බලන්න බේබද්දෙක්ගේ දරුවෙක් කොයි තරම් දුක් විඳිනවාද කියලා ඒ බේබද්දා නිසා.


ඒ වගේම තමයි මිනිස්සු දන්නවා නරක මිනිස්සු සුදු රෙදි ඇඳන් හිටියට ඒ අය කිසිම විශ්වාසයක් තියන්න බැරි මිනිස්සු කියලා. එයාලා දානයක් දුන්නත් සිල් රැක්කත් භාවනා කලත් මිනිස්සු කියන්නේ මේකා කරන්නේ බොරුව කියලා. මෙයාලගේ නරක කම හින්දා කර්මය එයාලට හොඳ ප්‍රතිඵල ගේන්නේ නෑ. ඉතින් මේ නිසාවෙන් නරක ප්‍රතිඵල ලැබෙන්න තියෙන ඉඩ කඩ ගැන හිතලා ඊට බයෙන් තමන්ගේ මනස අළුත් කරගෙන පිරිසිදු හා විශ්වසනීය මෙන්ම ආර්යෙක් වෙන්න අපි හිතා ගන්න ඕනා.

තවත් බලද්දි මේ නරක නපුරු මිනිස්සුන්ගේ නපුරුකම මේ ආත්මෙ විතරක් කෙමෙයි මීළග ආත්ම වලටත් ගමන් කරනවා. මෙයාලගේ භෞතික හා මානසික එකතුව නරක මනස් නිසා විනාශ වෙන නිසා හරිම පහසුයි ශීලයට ප්‍රඥාවය පහර දෙන්න. ඉතින් අපේ පාරමීතා සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීමේ බියෙන් නිදහස් වෙලා පාරමිතා සම්පූර්ණ කරන්‍න නම් අපි මේ මනස පාලනය කර ගන්න ඕනා. මේ තමයි මිනිස්සු තමන්ගේ හිත් අළුත් කර ගන්න හේතු.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

බලන්න මිළින්ද රජ්ජුරුවො තමන්ගේ මනස හදා ගන්න හැටි.

අතිපූජ්‍ය නාගසේන හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න ඇහුවට පස්සේ මිළිඳු රජ්ජුරුවො සාසනයට වැඩදායී වෙන තවත් ප්‍රශ්න ටිකක් අහන්න තීරණය කලා. කොහොම වුනත් ඒ වෙනුවෙන් දවස් හතක් බලන් ඉඳිය වගේම රජතුමා ඒ කාලෙදි තමන්ගේ මනස පාලනය කරගත්තා. ඉතින් මේ තමයි ප්‍රඥාවන්ත මිනිස්සු ගැන තියෙන හොඳ උදාහරණයක්.

ඉතින් කො‍හොමද රජතුමා මනස පාලනය කරගත්තේ ? ඔහු උදෑසනින්ම අවදිවෙලා නා ගන්නවා. ඉන් පස්සෙ කහ රෙද්දක් පොරොව ගන්නවා. ඉන් පස්සෙ තමුන්ගේ තට්ටෙ ගාපු හිස වැහෙන්න රෙද්දක් දා ගන්නවා. වෙනත් විදියකට කියනවානම් භික්ෂුවක් නොවුනට භික්ෂුවක් වගේ හිතනවා. ඒ වගේම පහත කියන සිල් පද මේ දවස් හත පුරාවටම ආරක්ෂා කලා.

1. මේ දවස් හතේ මන් රාජකාරි කටයුතු කරන්නේ නෑ.

2. මම රාගයෙන් වැලකෙනවා.

3. මම ද්වේෂයෙන් වැලකෙනවා.

4. මම මෝහයෙන් වැලකෙනවා.

5. මගේ වැසියො එක්ක කටයුතු කරද්දි වංචාවෙන් වැලකිලා හැකි උපරිමයෙන්ම අවංකව සත්‍යවාදීව කටයුතු කරනවා.

6. මන් මගේ වචන හා ක්‍රියා‍වන් සුපරීක්ෂාකාරීව පාලනය කර ගන්නවා.

7. මන් මගේ පංචේන්ද්‍රියන් අකුසල් සිතිවිලි පහලවීමෙන් සුපරීක්ෂාකාරීව පාලනය කර ගන්නවා.

8. මම ජීවත් වෙන සෑම සත්වයෙකුටම මෛත්‍රිය පතුරුවනවා.

මිළිඳු රජතුමා මේ අටශීලය දින හතක් පුරා ආරක්ෂා කලා. අටවෙනි දවසෙ උදෙන්ම නැගිට්ට රජතුමා බොහොම උද්‍යෝගයෙන් ව‍ගේම සැහැල්ලු සිතෙන් නාගසේන හාමුදුරුවන්ගෙන් නිවැරදි ධර්මය ගැන ප්‍රශ්න අහනවා.

ඉතින් මේ මිළිඳු රජතුමාගේ උදාහරණය අනුව යමින් හොඳ මිනිස්සු අඩුම තරමේ තමන්ගේ මනස දින දෙක තුනකටවත් අඩුම තරමේ එක උදෑසනකටවත් පාලනය කරන්න උත්සහ ගන්න ඕනා. ඒ ස්වභාවිකව ඇති වෙන නරක සිතුවිලි ඇති නොවන තැනට වැඩ කරගන්න. මේ විදියට නොකඩවා තමන්ගේ මනස පාලනය කර ගන්න උත්සහ කරන්නන් දිනකදී තමුන්ගේ මනසේ නරක සිතුවිලි ඇති වෙන එක නැවතිලා ප්‍රඥාවන්තයො ‍වගේම ආර්යයන් බවට පත් වේවි. ඒ ප්‍රඥාවත් ශ්‍රද්ධාවත් වැඩීම නිසාවෙන්. සාමාන්‍යයෙන් ඇති වෙන නපුරු සිතුවිලි ඒ අයට ඇති නොවේවි.

මනසයි ලෝකයට මග පෙන්වන්නේ.
මනසයි ලෝකය අරගෙන යන්නේ.
සියල්ලෝම මනසේ කැමැත්තට අනුගත වෙනවා.

ඉතින් මනස ගැන දැකපු දේ කෙටියෙන් මේ විදියට මෙතන මන් සටහන් කරන්න හිතුවේ මේක කියවන අයට කිසියම් ප්‍රයෝජනයක් ඉන් අත්වෙයි කියලා මට හිතුන නිසා. මන් දන්නේ නෑ, කොයි තරම් ප්‍රයෝජනවත් වේවිද කියලා. අඩු තරමේ විවේචනයක්වත් වැටෙනවානම් ඒ ගැන හිතුවිල්ලක් පහල කරගන්න පුළුවන්. කොහොම වුනත් මේ පල කරන්නේ බුද්ධ ධර්මයේ තියෙන දේවල්. ඒවායේ කවදාවත් අපිට වැඩක් වෙන දෙයක් මිසක් අවැඩක් වෙන දෙයක් නෑ. පුළු පුළුවන් විදියට ප්‍රඥාව වර්ධනය කර ගන්න උත්සහ කරගන්න.


Dhamma.Wheel.jpg

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මනස ගැන කථා කලාම මනසේ පහලවෙන සිතුවිලි ගැන කථා නොකලොත් වැඩක් නෑ.

හිතේ හොඳ වගේම නරක පැත්ත එතනදි විස්තර කලා. ඒත් අපි දන්නවා මනසේ එකම කාර්යය අරමුණු නැත්නම් දේවල් දැනගැනීම, හඳුනාගැනීම පමණයි කියලා. හිතට බෑ ස්වකැමැත්තෙන්ම හොඳ හෝ නරක වෙන්න. හිතේ ඇතිවෙන සිතුවිලිත් එක්කයි ඒ ත්තවය ඇති වෙන්නේ. හොඳ හිතුවිලි එක්ක හොඳ හිත් ඇති වෙනවා වගේම නරක හිතුවිලි එක්ක නරක සිත් ඇති වෙනවා. ඒ තුලින් ඒ කියන්නේ සිතුවිලි වලින් සංයුක්ත වන හිත තමයි නරක ‍හෝ හොඳ වෙන්නේ.

උදාහරණයක් විදියට පිරිසිදු වතුර ටිකක් දිහා බැලුවම ඒක අවර්ණයි කියලා අපි ඕනා කෙනෙක්ට පේනවා. නමුත් අපි ඒ අවර්ණ වතුර‍ට රතු,කොළ, වගේ පාට වර්ණක මිශ්‍ර කලොත් වතුරත් ඒ පාට වෙනවා. ඒ වගේම තමයි මනසත් හැසිරෙන්නේ. ඒ නිසා අපි උත්සහ කරන්න ඕනා අපේ සිතේ ඇති වෙන සිතුවිලි අඳුනගන්න. එතකොටයි අපිට පුළුවන් වෙන්නේ හොඳ හා නරක හිත් අඳුන ගන්න.

 
Sep 12, 2011
884
120
0
මම නම ලෞකික මෛත්‍රී භාවනාව සහ ලෝකෝත්තර භාවනාව යන දෙකම කරනවා. ඉස්සෙල්ලම මම කරන්නේ මටයි, අම්මටයි, තාත්තටයි මෛත්‍රී කරන එක. හැබැයි ඉතින් හිත එහෙ මෙහෙ දුවනවා. ඒ විතරක් නෙවෙයි, මම පුස්තකාලයේ පාඩම් කර කර ඉන්න කොට කවුරුහරි දෙන්නෙක් කරදරකාරී විදිහට කතා වෙහි යෙදුනොත් කේන්ති එනවා, නැත්තේ නෑ, මෙන්න මේවට පොඩි විසදුමක් දුන්නොත් හොඳයි.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මහ නිළමේ;11117144 said:
මම නම ලෞකික මෛත්‍රී භාවනාව සහ ලෝකෝත්තර භාවනාව යන දෙකම කරනවා. ඉස්සෙල්ලම මම කරන්නේ මටයි, අම්මටයි, තාත්තටයි මෛත්‍රී කරන එක. හැබැයි ඉතින් හිත එහෙ මෙහෙ දුවනවා. ඒ විතරක් නෙවෙයි, මම පුස්තකාලයේ පාඩම් කර කර ඉන්න කොට කවුරුහරි දෙන්නෙක් කරදරකාරී විදිහට කතා වෙහි යෙදුනොත් කේන්ති එනවා, නැත්තේ නෑ, මෙන්න මේවට පොඩි විසදුමක් දුන්නොත් හොඳයි.

ඇත්තටම ඔය තරමින්වත් මෛත්‍රී භාවනාව කරන එක ලොකු දෙයක්. මුලින්ම ඒ ගැන ඔයාට සතුටු වෙන්‍න පුළුවන්. පලවෙනි දේ තමයි යාළුවා ඔයා ඔයාට මෛත්‍රී කරන එක දැනට නවත්වන එක. ඒ වගේම දෙමව්පියන්ට මෛත්‍රී කරන එකත් දැනට නවත්වන්න. හිත එහෙට මෙහෙට දුවන එක එතනදි නවතිනවා. විශුද්ධිමාර්ගයේ තියෙන ක්‍රමය අනුගමනය කරන්න. ඒ වගේම මම ‍මීට කලින් මේ ත්‍රීඩ් එකේ මෛත්‍රී භාවනාව ගැන පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒක ඔයා‍ට හුඟක් ප්‍රයෝජනවත් වෙයි. ටිකක් බලන්නකො.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මහ නිළමේ;11117144 said:
මම නම ලෞකික මෛත්‍රී භාවනාව සහ ලෝකෝත්තර භාවනාව යන දෙකම කරනවා. ඉස්සෙල්ලම මම කරන්නේ මටයි, අම්මටයි, තාත්තටයි මෛත්‍රී කරන එක. හැබැයි ඉතින් හිත එහෙ මෙහෙ දුවනවා. ඒ විතරක් නෙවෙයි, මම පුස්තකාලයේ පාඩම් කර කර ඉන්න කොට කවුරුහරි දෙන්නෙක් කරදරකාරී විදිහට කතා වෙහි යෙදුනොත් කේන්ති එනවා, නැත්තේ නෑ, මෙන්න මේවට පොඩි විසදුමක් දුන්නොත් හොඳයි.

මෙත්තාව

මෙත්තාව යනු සතර බ්‍රහ්ම විවරණයන්ගෙන් එකකි. එසේම ආර්ය ශ්‍රාවකයන් සතුව පැවතියම යුතු අංගයකි. උන්වහන්සේ මෙත්තාවිහරණයට තම ධර්මය තුල මුල් තැනක් ලබාදී ඇත්තේ එබැවිනි. අපගේ බුදුරජාණන් වහන්සේ මෙත්තාවේ මහා සංකේතයයි. එසේම දස පාරමිතාවන්ගෙන් එකක් ලෙසටද මෙත්තා පාරමිතාව හඳුන්වා දී ඇත. යම් ලෙසකට අප නිර්වාණය තුන්තරා බෝධියෙන් කුමන බෝධීයකින් හෝ පතන්නේ නම් අපට දස පාරමිතාවන් පිරීමට අනිවාර්යෙන්ම සිදු වෙයි. ඉදින් බෞද්ධයෝ වන අපගේ එකම අරමුණ මේ භවයේදී හෝ මතු භවයකදී හෝ නිර්වාණසුව ලබා ගැනීමයි. ඒ සඳහා අප විසින් අප තුල වගා කර ගත යුතු අවශ්‍යම ගුණයක් ලෙස මෙත්තාව හඳුන්වා දිය හැක. එසේම ව්‍යාපාදය නැති කිරීමේ මාර්ගයද මෙත්තාවයි. එසේනම් විමසිය යුත්තේ මෙත්තාව යනු කුමක්ද යන්නයි.

සරලවම දක්වන්නේ නම් මෙත්තාව යනුවෙන් හඳුන්වන්නේ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේය. ද්වේෂය දුරු කොට ක්ෂාන්තිය ලබා ගැනීම සඳහා මෙත් වඩන්නේය. මෙත්තාව විටකදී මිත්‍රශීලීත්වය ලෙසටද හැඳින්විය හැක. වරක අව්‍යපාදය ලෙසද මෙත්තාව හැඳින්විය හැක. තමන් සැපයට, දියුණුවට, ලාභයට කැමති වන්නේ මෙන්ම තමන්ට සතුරු මිතුරු වූ මධ්‍යස්ථ වූද සැමදෙනගේ සැපයට, දියුණුවට, ලාභයට කැමතිවීම හා එය පාර්ථනා කිරීමද මෙත්තාව ලෙස සැලකිය හැක.

බුදුරජාණන් වහන්සේ දක්වන ආකාරයට මවක් තම ලෙයින් බිහිවූ එකම පුතා තම ජීවිතය දෙවැනි කොට ආරක්ෂා කරනවා මෙන් අපමණ වු මෙත් සිත සියළු ජීවත් වන සතුන් කෙරේ වැඩිය යුතුය.

හිරු කිරණ කිසිදු වෙනස් කමකින් තොරව සියල්ලන්ටම එක ලෙස ලැබෙන්නට සැලසෙනවා සේම මෙත්තාවද දුප්පත්- පොහොසත්, උසස්-පහත්, ගැහැණු- පිරිමි, ආදී කිසිදු භේදයකින් තොරව සියල්ලන් කෙරේ එක සිතින් පැතිරීම අවශ්‍යය. එවන් වූ මෙත්තාවක් බුදුන් තුල තිබිනි. උන්වහන්සේ තමන්ට ආදරය කල වුන්ට මෙන්ම තමන් මරා දැමීමට උත්සහ කල වුන්ටද සමසේ මෙත් සිත පැතිර වූ සේක.

කේන්තිය, ද්වේෂය ඇති තැන මෙත්තාව තිබිය නොහැක. එබැවින් බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිවම වෛරයෙන් වෛරය නොසන් සි‍දෙන බවත්, එය සන්සිඳිය හැක්කේ අවෛරයෙන්ම බවත් දක්වා ඇත. කෙසේ වෙතත් මෙත්තා යනු තරහ පාලනය කිරීමම පමණක් නොවේ. මෙත් සිතුවිලි ඇති තැනැත්තා කිසිදු විටක අන් අයට හිංසා කිරීමට නොසිතන අතර අඩු කරමේ අන්‍යන්ට අවඥා කිරීමටවත් නොසිතයි. එවැනි පුද්ගලයෙකු අන් අයට බිය වන්නේද නැති අතරම අන් අය භය කරවන්නෙක් ද නොවේ.

සමහර අවස්ථා වලදී මෙත්තාව හා රාගය සම තත්වයේ ලා අප විසින් හඳුනා ගන්නා අවස්ථාද නැතුවා නොවේ. නමුත් අප විසින් මේ දෙක අතර වෙනස පැහැදිලිව හඳුනා ගත යුතුවේ. රාගය යනු අප විසින් අන්‍යයන්ගෙන් ආපසු යමක් බලාපොරොත්තුවී ඇති කරගන්නා ‍සිතුවිල්ලකි. ඒ මගින් තණ්හාව වර්ධනය කරයි. නමුත් මෙත්තාව යනුවෙන් සලකන්නේ නැවත යමක් බලාපොරොත්තු වි අන් අය වෙත පතුරන්නක් නොවේ. මෙය වටහා ගැනීමට ඇති හොඳම නිදසුන වන්නේ දෙමාපියන් දරුවන්ට දක්වන ආදරයයි. එය විටක මේ අවස්ථා දෙකම පෙන්වනු ලබයි. නමුත් වැඩිමනක් විට දෙමාපියන් දරුවන්ට ආදරය කරන්නේ, සලකන්නේ නැවත යමක් බලාගෙන නොවේ. එබැවිනි ඔවුන් බ්‍රහ්මයන් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දක්වනු ලැබූයේ.

මෙත්තාවේ මූලිකම ලක්ෂණය වන්නේ මිත්‍රශීලී භාවයයි. මෙත් වඩන්නා නිරන්තරයෙන්ම අන් අයගේ යහපත පතන්නෙකි. එයම බලාපොරොත්තුවන්නෙකි. තම ජීවිතය එහිදී ‍ඔහු දෙවැනි කොට සලකයි. තම ජීවිතය පිදීමෙන් වුවද අන් අය‍ගේ සැපය පතයි.


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
අපි මෙත් වඩද්දි අපිට අපි මෙත් වඩන්න ගන්න අරමුණ ගැන හිත එකඟ කරගන්න බැරි වෙනවානම් ඒ වෙලාවට මෙත් වැඩීමේ ආනිශංස ගැන හිතන්න. එතකොට හිත එකඟ කරගන්න පුළුවන්.

මෙත්තාවේ ආනිශංස

1. මෙත් වඩන්නා සුවසේ සැතපේ. වෛරී සහගත සිතුවිලිවලින් තොරව නින්දට යන පුද්ගලයා එක්වරම නින්දට වැටේ. මක් නිසාද යත් ඔහු එහිදී නිදා ගැනීමට පමණක් අදහස් කරන බැවිනි. මෙය මෙත්තාවෙන් පිරුණු තැනැත්තන් කෙරේ අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වනු ඇත. ඔවුන් තම ඇස් පියා ගත් විටම නින්දට පත්වෙති.

2. සැනසිලිමත් සිතකින් යුතුව නින්දට යන තැනැත්තා අවදි වන්නේ ද එවන් වූ සැනසිලිදායක සිතකින්මය. මිත්‍රශීලී හා කාරුණික පුද්ගලයෝ නිතරම ප්‍රියශීලී මුහුණකින් යුතුව උදෑසන පිබිදෙති.

3. නින්දේදී පවා මෙත් සිතෙන් සිටින්නන්ට නපුරු හීන නොපෙනේ. අවදි වී සිටින අවස්ථා වලදී පවා මෙත් සිත සහිතව සිටින මොවුන් නින්දේදීත් ඒ ආකාරයමය. එක්කෝ ඔවුන් ඟැඹුරු නින්දට වැටේ. නැත්නම් සුව සිහින දකින්නෝය. රෝහලකට ගොස් මදක් විපරම් කරන්න මෙය ඉතා හොඳින් පැහැදිලි වනු ඇත.

4. මෙත් සිතැත්තා මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. ‍ඔහු අන්‍යයන්ට ආදරය කරන බැවින් අන්‍යයෝ ඔහුට ආපසු ආදරය කරති. යමෙක් සිනාසුණ මුහුණකින් යුතුව කණ්නාඩියකින් බැලූ විට ඔහුට දක්නට ලැබෙන්නේ සිනාසෙන මුහුණකි. අනෙක් අතට ඔරවා ගත් මුහුණකින් යුතුව කණ්නාඩියකින් බැලූ විට ඔහුට දක්නට ලැබෙන්නේ එවැනි මුහුණක් මිස සිනාසෙන මුහුණක් නොවේ. තමන් බාහිර ලෝකයට තම හැසිරීම විදහා දක්වන ආකාරයටම බාහිර ලෝකය නැවත තමන්ට පිළිතුරු ලබා දෙයි. කෙනෙක් දෝෂයන්ගෙන් පිරී ඇත්තේ නම් ඔහුට බාහිර ලෝකයේ දැකිය හැක්කේද දෝෂ පමණකි. එවිට දැනෙන්නේ තරහව පමණි. නමුත් දහසක් වැරදි ඇති තැනැත්තෙකුගේ වුව ද එකදු හොඳක් හෝ අපට දක්නට ලැබේ නම් මේ තත්වය වෙනස් වේ. එහිදී අපට ලැබෙන්නේ සැනසීමකි. එය මෙත් සිතෙන් මිස වෙනත් ආකාරයකින් ලැබිය නොහැක.

5. එසේම මෙත් සිත් ඇත්තේ අමනුෂ්‍යයන්ටද ප්‍රිය වෙයි. සත්වයෝද ඔහුට ආශක්ත වෙති. ඔහුව ආරක්ෂා කරනු ලබයි.

6. අදෘෂ්‍යමාන දෙවියෝද මෙත් සිත් ඇත්තාව ආරක්ෂා කරනු ලබයි.

7. යමෙක් මෙත් සිත් ඇත්තේ වේද ඔහු මෙත් සිත පතුරන්නේ වේද එහි බලය නිසා ඔහු යම් අකුසල කර්මයකට යටත් නොවේනම් හැර ඔහු විෂ, ගිණි හා අවි ආයුධ වලින් වන්නාවූ හානි වලින් වැලකේ. මෙත් සිත වනාහි සැනසිලිමත් බලයක් නිසා ජීව ශක්තිය අප තුල මැනවින් පවත්වා ගෙන යාමට එය උපකාරී වෙයි. වෛරී සහගත සිතිවිලි අප ශාරීරික පද්ධතිය තුල දී අහිතකාරී ඇති කරන්නේ සේම මෙත් සිතිවිලි අප ශාරීරික පද්ධතිය තුල හිතකාරී තත්වයන් ඇති කරනු ලබයි. බුදු සසුනේ පැහැදුන උත්තරාව තමන්ගේ සිරුරට සිරිමා ගණිකාව විසින් උණු තෙල් හැන්දෙන් උණු තෙල් වත් කරද්දී තමන් සිත තුල ඒ සිරිමා කෙරේ වූ මෙත් සිත නිසා කිසිදු උවදුරකට පත් නොවීය.

8. මෙත් වඩන්නාගේ සිත වහා සමාධි ගත වෙයි. මනසේ සමාධිය ඇති කරගන්නාට තම මනස තුලම දිව්‍ය ලෝකය සාදා ගත හැක. සමාධිය නැති මනස යකුන් නැටූ සොහොන් පිටියක් මෙනි. එබැවින් මානසික ශාන්තිය ඇත්තා හා එක්ව සිටින්නන්ටද ඒ සැනසීමට කොටස් කරුවෝ විය හැක.

9. මෙත්තාව කෙනෙකු ගේ මුහුණ පැහැපත් කිරීමටද හේතු වෙයි. සිතේ ඇති වන සිතුවිලි බාහිරට පෙන්නුම් කරන කැඩපත්ක් ලෙස මුහුණ හැඳින්විය හැක. යමෙක් කේන්තියට පත් වූ විට හදවතේ සිට සාමාන්‍ය වේගයට වඩා දෙතුන් ගුණයක වේගයෙන් ලේ පිටකරනු ලබයි. එම අධික වේගය නිසා එසේ පිට වන ලේ රත් වී ඇ‍ත්තේය. එම රත්වුන ලේ මුහුණට පැමිණි විට මුහුණ රතු හෝ කළු පැහැයට පත්වේ. නමුත් සැනසුම් සහගත මෙත් සිතිවිලි මගින් සාමාන්‍ය ආකාරය ලේ හදවතේ සිට බැහැරට පිට කරනු ලබයි. එම ලේ මුහුණට ගමන් කරනු ලැබූ විට මුහුණ පැහැපත් වීම සිදුවනොවන්නේ යැයි කාට කිව හැකිද ?

10. මෙත්තාවෙන් සිටින පුද්ගලයා සමාධියෙන් සිටිනා නිසා මිය යන්නේද සමාධියෙන් යුතුවයි. එවැන්නෝ තමන් මිය යන බව දනිමින්ම මනා සිහියෙන් යුතුවම මිය යති. එම සැනසීම මරණින් මත්තේ වුවද එවැන්නෙකුගේ මුහුණින් පෙන්නුම් කරයි.

11. මෙත් සිත් ඇත්තෙක් මියයද්දී රහත්ව නොසිටියේ නම් නින්දට ගොස් පිබිදෙන්නේ කෙසේද ඒ ආකාරයෙන් මරණින් මත්තේ බඹ ලොව ඉපිදේ. ඔහු නැවතත් මව් කුසකට පැමිණෙන්නේ නැත.


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

ඒ වගේම මේ පහත දේවල් ගැනත් හිතන්න මෛත්‍රියේදී හිත එකඟ වෙන්නේ නැත්නම්

මෙත්තාවේ බලය

ඉහතදී සඳහන් කල ආනිසංස වලට අමතරව මෙත් සිත් ඇත්තෝ තවත් ආකර්ෂණීය බලයන්ගෙන් යුක්ත වෙති. දුර සිටියද ලඟ සිටියද එහි බලපෑමේ අඩුවක් නොවේ.

වරක් බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරණුවෝ හා අනිකුත් භික්ෂූන්ද සමග මල්ල රජදරුවන්ගේ ආරාධනයකට අනුව මල්ල රජ දහනට වැඩි සේක. මෙසේ වඩින උන් වහන්සේ පිලි ගැනීමට වංශවතුන් විශාල පිරිසක් පැමිණ සිටියෝය. මේ අතර සිටි ආනන්ද තෙරණුවන්ගේ මිතුරෙක් වූ රෝජ දැක තෙරණුවෝ බෙහෙවින් සතුටට පත්ව ඔහු බුදුරජුන්ව දැකීමට පැමිණීම මහත් සතුටක් බව පැවසීය. මෙහිදී රෝජ පිළිතුරු දුන්නේ තමන් එහි පැමිණියේ බුදුන් කෙරේවූ ගෞරවයකට නොවන බවත් රාජ නීතියට ඇති බිය නිසාවෙන් බවත්ය. මේ ඇසූ ආනන්ද තෙර මහත් සංවේගයට පැමිණ බුදුන්ට ඒ බව දන්වා තමන්ගේ යාළුවාටද ධර්මය අවබෝධ කර දෙන ඉල්ලා සිටියේය. පෘථග්ජන ස්වභාවය ගැන කලබල නොවන ලෙස ආනන්ද තෙරණුවන්ට දැන්වූ බුදුරජාණන් වහන්සේ තමන්ගේ අසීමිත වූ මෙත් සිත රෝජා වෙත පතුරා විහාරයට වැඩි සේක. ඒ මෙත් සිතේ බලය නිසා රෝජා වසු පැටියෙක් තම මවව සොයාගෙන යන්නා සේ විහාරයේ කාමරයෙන් කාමරයට බුදුරජාණන් වහන්සේව සොයමින් ගමන් කලේය. භික්ෂූන් වහන්සේ විසින් ඔහුට බුදු කුටිය පෙන්වන ලදි. එහි ගිය රෝජා හට බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කරනු ලැබූ අතර ඔහු ඒ ධර්මය අවබෝධ කර ගත්තේ, ඵල ලැබීය.

තවත් වරක මත් කල නාලාගිරි ඇතා බුදුරජාණන් වහන්සේව මරා දැමීමට එවූ විටදී තමන් වහන්සේගේ මහා මෙත් සිත ඇතාට මෙහෙය වූ අතර ඇතා ඉන් දමනය විනි.

‍බෝධිසත්ව චරිතයෙන්ද මේ සම්බන්ධව ඇති තාක් උදාහරණ ගත හැක. ක්ෂාන්තිවාදී ජාතකයේදී නුවණ නැති කසී රජු “ මහණ තෝ කිනම් වාදී ද ” ඇසූ කල තමන් ක්ෂාන්තිවාදී යයි කී කල්හි අත්, පා කපා දමනු ලැබූවත් එක් බිඳකුඳු කෝප නොකලේය.

එසේම චුල්ලධර්මපාල ජාතකයේදී ළදරුවෙක් ලෙසටද එලෙසම මෙත් වැඩුවේය. මෙහිදී මහාපතාප නම් වූ තම පිය රජුන් විසින් තමන්ව මරා දැමීමට අණ දුන් විටදී “ ධර්මපාලය දැන් ත‍ගේ හිස සිඳීමට යන්නේය. ඒ සඳහා අණ දුන් පියා කෙරෙහිද, හිස සිඳින වධකයා කෙරෙහිද, හඬනා මෑණියන් කෙරෙහිද, තමන් කෙරෙහිද සමසිත් වඩව” යැයි සිතා‍ගෙන සිතුවිල්ලකින් පවා දෝෂයක් නොදැක්වූ සේක.

තවත් ජාතක කථා විශාල ගණනක මේ ආකාරයට මෙත්තාවේ බලය හා ආකාරය පිළිබඳව විස්තර ඇතුලත් වේ.

සිතන්න අපට කෙනෙක් අපහාස, අවඥා කරද්දී අප කෙසේ හැසිරේද කියා. බුදුන් විසින් එවන් විටකදී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් මාගන්ධියා‍ගේ කථාව හොඳම නිදසුනකි. තමන්ගේ රූපය අසූචි ගොඩක් යැයි බුදුන් විසින් වදාල නිසා මාගන්ධියා බුදුන් සමග වෛර බැඳ ගත්තේය. ඇය තම පූර්ව පින් මහිමය නිසා උදේනි රජුගේ මෙහෙසිය වූ කල්හි බුදුන් විසින් එනුවර ඝෝෂිතාරාමයට වස් වැසි කල නොයෙක් බාධා සිදු කරනු ලැබීය. ගණිකාවක් මරා දමා ඝෝෂිතාරාමයේ සඟවා ඒ මගින් බුදුන්ට අපහාස කලේය. එවිටදීවත් බුදුන් වහන්සේ සිතිවිල්ලකින් පවා ඇය ගෙන දෝෂ නොඋපදීය. එහිදී උන් වහන්සේ අපටත් අදටත් එවන් තත්වයකදී මුහුණ දීමට ආදර්ශයක් ගත හැකි ආකාරයට හැසිරුණි.

“යුධ බිමෙහි දුන්නෙන් මිදී අවුත් ඇඟ හුණු හීය ඉවසන හික්මුණු ඇතෙක් මෙන් මම අනුන්ගේ පරොස් බස් සියල්ල ඉවසමි. මේ ලෞකික මහජනයා බොහෝ දුශ්සීලය. එබැවින් තම තමා රිසි පරිදි කටට ආවක් පිට කරමින් ඇනුම් බැනුම් කියමින් හැවිදිති, එය ඉවසීම මට භාරය” ධම්මපදය - නාග වර්ගය

අද අප සිටින ලෝකය ඇස් යොමා විමසීමේදී ආත්මාර්තයෙන් පිරුණු තණ්හා බරිත කාමයෙන් හා ද්වේෂයෙන් ඇස් අන්ධ වූවන් බහුලව වසන ලෝකයක් බව පැහැදිලිය. වැරදීමකින් ඇ‍ගේ වැදුනද එහි ඇතිවන්නේ රණ්ඩුවකි. ගැහැණියකට කරන අසභ්‍ය විහිලු මෙපමණයි කිව නොහැක. එවන් වූ සමාජයේ බසයට නැග්ගද, මහ මගට පිවිසියද සෑම තැන්හිම අපට අත්විඳීමට ලැබෙන්නේ අන්‍යන්ගේ හිංසාකාරී හැසිරීම්ය. ඒවායේ අඩුවක් නැත. ඒ හැසිරීම් නිසා කෙනෙක්ට ව්‍යාපාදය නොවැඩේ නම් ඔහු මහා මෙත් සිතෙන් සිටින්නෙකි. ඒ වැනි අවස්ථා වලදී ව්‍යාපාදය දුරු කිරීමට මෙන්ම බෞද්ධයෙක් ලෙස සිත සමාධිකර අති උත්තම වූ නිර්වාණාවබෝධය සඳහා අප තුල මෙත් සිත ඇති කරගැනීමට අප සමත් වන්නේ නම් අප දිණුවා වන්නේය. එබැවින් ඒ මහා උත්කෘෂ්ට සැනසීම වූ මෙත්තාව තමා තුල ඇති කර ගැනීමටත් ඒ වඩාගත් මෙත් සිත සත හට පතුරා සැමගේ සිත් මෙත් සැනසීමෙන් පිරවීමට ශක්තිය, ධෛර්යය ඔබ සැමට ලැබේවා යයි මෙත් සිතන් පතමි.

“මෙත්තා විහාරී යෝ භික්ඛූ - පසන්නෝ බුද්ධ සාසනේ
අධිගච්ඡෙ පදං සන්තං - සංඛාරූපසමං සුඛං”
“මෙත් බ්‍රහ්මවිහරණය ඇති (මෙත් වඩනා,මෙත දහන් උපදවා සිටි) බුදු සස්නෙහි පැහැදුණු යම් මහණෙක් වේද, හෙතෙම සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට අරමුණු වන ඒකාන්ත සැපත වූ ශාන්ත පදය(නිවන) ලබන්නේය.” ධම්ම පදය- භික්ඛු වග්ගය


 
Last edited:

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

සිතට බලපාන අකුසල චෛතසික 14

1. මෝහ (මායාව)

2. අහිරික (ලැජ්ජ නැතිකම)

3. අනෝතප්ප (තද නොසැලිකිලිමත්කම)

4. උද්දච්ඡ (මහන්සිය, අවිවේකීකම)

5. ලෝභ

6. දිට්ඨී (වැරදි දැකීම්)

7. මාන

8. දෝෂ

9. ඉස්සා (ඊර්ෂ්‍යාව)

10. මච්ඡරිය (ආත්මාර්ථකාමීකම)

11. කුක්කුච්ඡ (දුක)

12. ථීන (අලසකම/නිදිමත ගතිය)

13. මිද්ධ (අලසකම)

14. විචිකිච්ඡා (විවේචනාත්මක සැකය)



මේවා ගැන අපි තව ටිකක් කථා කරමු.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
වැඩි දෙනෙක්ගේ අවධානය මේ පෝස්ට් එකට යොමු වෙන්නේ නැති පාටයි. කොහොම වුනත් මේක ඉස්සරහටම අරන් යන්නයි මන් හිතන්නේ. ඉතින් චෛතසිකයන්ගෙන් පළමුවැන්න ගැන ටිකක් කථා කරන්න හිතුවා. ඒ මෝහය.
මෝහය.


‍මෝහය කියන්නේ නොදැනීම. ප්‍රධාන වශයෙන් ගත්තම වර්ග දෙකක් තියෙනවා. ඒ අනුසය මෝහ සහ පරියුත්තාන මෝහ කියලා. අනුශය කියන්නේ සරලවම ගත්තම උරුමයක් විදියට පවතිනවා කියන එක. ඒ කියන්නේ මුල ඉඳන්ම තියෙනවා. පරියුත්තාන කියන්නේ ඇහැරිලා තියෙනවා කියන එක. මේ නිසා මෝහය ස්වභාවයෙන්ම අනුශය ගතිය පවත්වාගෙන යනවා. නොයෙක් අවස්ථා වලදී මතු වෙන කොට කියනවා පරියුත්තාන කියලා.


අනුශය මෝහ


අපි දන්නවා විෂ තියෙන ගහක ඇති වෙන ගෙඩි වලත් විෂ ‍තියෙනවා කියලා. ඒ වගේම තමයි සත්තුන්ගේ මනස කියන වස්තුවෙත් ධාතු කියලා අංගයක් තියෙනවා. මේ ධාතු වේ තමයි ධම්ම නැත්නම් දැනගත යතු, දන්න දේවල් හැංගිලා තියෙන්නේ. මේ අංගයට අපි කියනවා අනුශය මෝහ කියලා. මේ හැංගිලා වැඩ කරන අනුශය මෝහ නිසාවෙන් තමයි පෘථග්ජනයෝ අනිච්ඡ, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අව‍බෝධ කරගන්න අපො‍හොසත් වෙන්නේ. ඒ වගේම මේ නිසාවෙන් චතුරාර්ය සත්‍යය වගේම පටිච්ච සමුප්පාදය තේරුම් ගන්නත් මේ අයට නොහැකි වෙනවා. පෘථග්ජනයින්ට තමන් ලඟ සීමිත බුද්ධියෙන් හැංගිලා තියෙන අනුශය මෝහ මෙච්චරයි කියලා හඳුනාගන්න බෑ. අද වෙද්ද ‍බොහෝ මිනිස්සු තමුන් ත්‍රිලක්ෂණය දන්නවා දන්නවා කියල උඩ පැන්නට අපිට පේනවා ඒ දැනුම වැඩි හරියක් ඇවිල්ලා තියෙන්නේ පොත් කියවීම වගේ දේවලින් කියන එක. ඒ දැනුම නිකම් ආටෝපයක් විතරයි. ඒ දැනුම යථාවබෝධයට මග පෙන්වන්නේ නෑ. සාමාන්‍යයෙන් අනුශය මෝහ නැතිවෙන්නේ සෝවාන් පල ලැබුවාටවත් සකෘදාගාමි වුනත් අනාගාමි වුනාටවත් නෙමෙයි. රහත් වුනාම විතරයි අනුශය මෝහ නැති වෙන්නේ. ඒ නිසා අපිට දකින්න පුළුවන් රහත් වෙන්න කලින් දන් දෙද්දි වගේ හොඳ ක්‍රියාවල යෙදෙද්දිත් අනුශය මෝහ අපි ලඟ තියෙනවාය කියලා. නමුත් තියෙන්නේ වැලලිලා වගේ.


පරියුත්තාන මෝහ

මනසත් එක්ක ‍මෝහ සිතුවිලි ඇති වුනාම අපි කියන්නේ නරක මනසක් කියලා. ඒ වගේම එතනදි අපි ලඟ තියෙන නරක මූණ ඇරෙන්න තියෙන ඉඩ වැඩී. මේ ‍පරියුත්තාන මෝහයේ තියෙන සැඟවීමේ ආකාරයට අද අපි කරන අකුසල් වලට අනාගතයේදි දඩුවම් ලැබෙන බව අමතක කරලයි ඉන්නේ. කොයිතරම් ප්‍රඥාවන්තයෙක් වුනත් මෝහය තියෙනවා නම් නපුර පේන්නේ නෑ. ඒ ව‍ගේම මෝහය ඇති වුනාට පස්සේ වැරදි වැඩ කරන්නත් පටන් ගන්නවා. මේ තමයි අපිට තියෙන නපුරුම ‍පොයින්ට් එක. මේ ලෝකෙ නපුරු සහ මෝඩකම උපදින්නේ එතනින්. ඒ තමයි හැම අයහපත් දේකම මූලය.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]මෝහය ගැනනේ අපි කථා කරමින් ඉන්නේ දැන්. [/FONT]

[FONT=&quot]අපි බලමු දැන් ප්‍රඥාවන්තයන්ව කො‍හොමද මේ මෝහයෙන් පරදවන්නේ කියලා. [/FONT]

[FONT=&quot]අපේ බෝධිසත්වයො වරක හරිතාච කියලා උපත ලැබුවා. මේ ආත්මෙදි උන්වහන්සේ තමන් සතු අසූකෙලක් වස්තුව අතහැරලා තපස් ජීවිතයකට යොමු ‍වුනා. එහි ප්‍රතිඵලයත් විදියට ධ්‍යාන උපදවා ගන්න උන්වහන්සේට හැකි වුනා. හිමාලයේ තමයි ජීවත් වුනේ. කො‍හොමින් හරි වැස්ස කාලෙදි ඒ පැත්තේ ඉන්න ටිකක් අමාරු වුන නිසාවෙන් මේ බෝසත් තාපසයා බරණැසට ඇවිදින් රජ්ජුරුවන්ගේ උද්‍යානයේ වාසය කලා. මේ බරණැස් රජතුමා තාපසයාගේ පරණ යාළුවෙක්. වෙන කවුරුවත් නෙමේ ඒ ආනන්ද ස්වාමී පෙරුම් පුරන කාලයේදී. ඉතින් තාපසයා දැකපු ගමන් වතාවත් කල රජතුමා තමන්ගේ උයනේ වැඩවසන්න තාපසයාට ආරධනා කලා. ඒ වගේම තමන් විසින්ම දන් පිළිගන්වන්නත් යෙදුනා. [/FONT]

[FONT=&quot]මෙහෙම කල් ගතවෙද්දී අසල ගමක කැරැල්ලක් ඇති වෙලා රජුට සිදු වුනා ඒක නවත්වන්න යන්න. ඉතින් රජතුමා තමුන්ගේ බිසවුන්ට නිසිවිදියට තාපසයාට උවටැන් කරන්න බාර දීලා කැරැල්ල සන්සිඳවන්න පිටත් වුනා. රැජිනත් ඒ කිවුව විදියටම කලා. දවසක් රැජින උදේ ස්නානය කරලා හොඳ කසී සළුවක් ඇඳන් තවුසා එනකනම් මගබලන් ඉන්නවා දන් පිළිගන්නන්න. තවුසා තමුන්ගේ අභිඥා බලයෙන් අහසින් මාළිගයට වැඩම කරන්න යෙදුනා. ඉතින් තවුස‍ගේ සිවුරේ ශබ්දය ඇහිච්ච ගමන්ම රැජින එකසැරේටම නැගිට්ටා. ඒ නැගිටිද්දී ඇය ඇඳන් සිටිය සළුව බිමට වැටුනා. මේ විදියට නිරුවත් රැජිනව දැකපු තවුසගේ අනුශය මෝහය ක්ෂණයෙන් නැග ආවා. පරියුත්තාන අවස්ථාවට පත් වුනා. රාගය ඇති වුනා. අවසානයේ රැජිනත් එක්ක කාමමිථ්‍යාචාරයේ යෙදුනා. [/FONT]

[FONT=&quot]මතක තියාගන්න - මේ කථාවෙදි තවුසගේ හිතේ ඇති වෙච්ච මෝඩ කම අපි බරපතල විදියට සලකන්න අවශ්‍යයි. ඒ වගේ මෝහයක් උන්වහන්සේගේ සිතේ ඇති නොවුනානම් අඩු තරමේ රජ්ජුරුවන්ගේ කැමැත්ත තිබ්බත් ඔහු කලා වගේ දෙයක් නොකරන්න ඉඩ තිබ්බා. ඒත් ඒ වෙලාවෙදි මෝහයෙන් අන්ධ වුන නිසාවෙන් තමන් කරන ක්‍රියාවේ බරපතලකම දකින්න ඔහු‍ට හැකියාව තිබුනේ නෑ. ඒ ක්‍රියාව තමුන්ගේ අනාගත සංසාර ගමනට කොයි වගේ බලපායිද කියලා දකින්න පුළුවන් කමක් ති‍බ්බේ නෑ. තමුන් විසින් ලබාගෙන තිබ්බ ධ්‍යාන අභිඥාවන්ට පුළුවන්කමක් තිබ්බේ නෑ අන්ධකාර මෝහයෙන් ඔහුව ගලවගන්න. ඒ වගේම තමයි කාමමිථ්‍යාචාරයේ යෙදෙන්න වූ නිසාවෙන් ලබාගත් ධ්‍යාන අභිඥාත් නැති වෙලා ගියා. [/FONT]

[FONT=&quot]කොහොම වුනත් තමුන්‍ගේ පාරමිතා ශක්තිය මුහුකුරා ගොස් තිබ්බ නිසාවෙන් තාපසයා තමන් කරපු ක්‍රියාවේ බරපතලකම තේරුම් ගත්තා. ඒ වගේම නැවතත් භාවනාවේ යෙදුන ඔහු ධ්‍යාන අභිඤ්ඥා ලබා ගෙන තමුන්ට මේ දේ සිදු වුනේ මිනිසුන් වාසයේ හිඳි නිසාවෙන් බව තේරුම් ගනිමින් නැවතත් හිමාලයටම පිටත් වුනා. [/FONT]

[FONT=&quot]නොදැනුවත්කම කියන්නේ හැම කිස්සෙම මෝහය නෙමෙයි. [/FONT]

[FONT=&quot]අපි මෝහය විස්තර කරද්දි නොදැනුවත්කම කියලත් හඳුන්වනවා. ඉතින් සමහරු හිතනවා කලක් තිස්සේ උගන්නපු විෂයක් ගැන යමක් නොදැනීමත් මෝහය කියලා. නමක් මතක නැත්නම් ඒකත් මෝහය කියනවා. ටෙලිපෝන් නම්බරයක් මතක නැති වෙන එකත් මෝහයනේ එතකොට. මේ ව‍ගේ දේවල් ඇවිල්ලා ඒ ගැන තියෙන දැනුම නැතිකම මිසක් අපි මේ කථා කරන අකුසල් මෝහය නොවේ. ඒක අවිල්ලා සංඥාවක් නැති කම විතරයි. ඇත්තටම ගත්තොත් රහතුන්ට පවා සමහර දේවල් අමතක වෙන ගතිය, නොදැනීම තිබ්බා. ඉතින් සාමාන්‍ය ගිහි පෘථග්ජනයො ගැන කුමන කථාද ? [/FONT]

[FONT=&quot]ලස්සන කථාවක් මතක් වුනා. සාරිපුත්ත හාමුදුරුවො කියන්නේ බුදුන්ට පමණක් ප්‍රඥාවෙන් දෙවැනි වන්නා. වරක් උන්වහන්සේ තමන්ට උපකාර කරන රන්කරුවෙක්ගේ පුතෙක් තමුන් ලඟ මහණ කරගත්තා. ඒ විතරක් නෙමෙයි ඒ අළුත් භික්ෂුවට අසුභය වඩන්න කමටහනුත් ලබා දුන්නා. මේ අළුත් භික්ෂුව තමුන්ට අසුභ කමටහන් හරියන්නේ නෑ කියලා සැරියුත් හාමුදුරුවන්ට කිව්වත් මාස හතරක් යනකම්ම සැරි‍යුත් හාමුදුරුවො අනුදැන වදාලේ අසුභයමයි. අන්තිමේදී මාස හතරක් ගතවෙලත් කිසිමු පලක් නැති වුන නිසා සැරි‍යුත් හාමුදුරුවො අර අළුත් භික්ෂුවව බුදුහාමුදුරුවො ලඟට යොමුකලා. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරු‍වො මොකද කලේ නෙළුමක් දුන්නා මේ අළුත් භික්ෂුවට නිමිත්ත විදියට අරන් භාවනා කරන්න කියලා. ක්‍රමයෙන් ඒ මල පරවෙන ආකාරය බුදුහාමුදුරුවො විසින් දකින්න සැලසුවාට පස්සේ අළුත් භික්ෂුවට සංවේගය ඇති වුනා. එතනදි බුදුහාමුදුරු‍වො ත්‍රිලක්ෂණය ඇතුලත් දේශනාවක් ‍මේ භික්ෂුවට දේශනා කලා. ඒ අවසානයේදී අළුත් භික්ෂුව අර්හත් භාවයට පත් වුනා. මෙතනදි අපිට කරුණු දෙකක් දකින්න පුළුවන්. එකක් බුදුහාමුදුරුවො සතු සම්පූර්ණ නැත්නම් සියල්ල සම්බන්ධයෙන් ඇති දැනුම. අනෙක් එක තමයි ක්ලේෂයන්ගෙන් මිදුන සැරියුත් හාමුදුරුවොත් නොදන්න දේ ඇති බව. [/FONT]

[FONT=&quot]ඉතින් සැරියුත් හාමුදුරුවොත් දන්නෙ තමන්ගෙ තරමෙ දේවල් විතරයි. ඒ වගේ යමෙක් නූගත් දෙයක්, නොඇසූ දෙයක් ගැන නොදැන සිටීම මෝහය වෙන්නේ නෑ. ඒ එක්කො නූගත්කම නැත්නම් නොදැනීම. උදාහරණයක් විදියට හිතන්නකො මහ දවාලේ දුර තියෙන දෙයක් දකින්න බැරි මිනිහෙක් ගැන. ඒක පේන්නෙ නැත්තෙ ඒ දෙය වහගෙන ඉන්න බාධකයක් නිසා නොවෙයි ඒ මිනිහාගේ ඇහේ පෙනුමේ දුර්වලතාවය නිසයි. [/FONT]

[FONT=&quot]තද මෝහය [/FONT]

[FONT=&quot]හොඳ මොකක්ද නරක මොකක්ද කියලා අඳුනගන්න බැරි මෝහය තමයි බරපතල මෝහය. ත්‍රිලක්ෂණය, නාම-රූප වල ස්වභාවය, චතුස්සච්ච, පටිච්ච සමුප්පාදය නොදැනීම සාමාන්‍ය මෝහය විදියට ගන්න පුළුවන්. මෝහය සහිත හිත අපි ප්‍රපංච/මෝඝ හිත කියලා හඳුන්වනවා. ඒ වගේම මෝචකමෙන් පරතෙරට ගිය අයව අපි මෝඩයා, කාලකන්නියා, නිකමා වගේ නම් වලින් හඳුන්වනවා. [/FONT]

[FONT=&quot]ධම්මපදයේ තියෙන මේ ගාථාවෙන් මෝහය ගැන කථාව දැනට නවත්තමු. [/FONT]

[FONT=&quot]අන්ධභූතෝ අයම් ලෝකෝ, තනුකෙත්ථ විපස්සති[/FONT]

[FONT=&quot]සාකුන්තො ජාල මුත්තොච, අප්පො සග්ගාය ගච්ඡති.
[/FONT]


[FONT=&quot]"මේ ලොවැස්සො අන්ධ වූයේය. මෙහි ටික දෙනෙක් වෙස්සො දකිති. දැලින් මිදුන කුරුල්ලා මෙන් ටික දෙනෙක්ම සුගතිය බලා යති. "[/FONT]


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

අහිරික

[FONT=&quot]මීළඟට අපි කථා කරන්නේ දෙවැනි අකුසල් චෛතසිකය ගැන. හඳුන්වන්නේ අහිරික නැත්නම් ලැජ්ජානැතිකම කියලා තමයි සරලවම.
[/FONT]


[FONT=&quot]හැම විදියකම නරක ක්‍රියාවන් අසූචි විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ලැජ්ජනැතිකම හඳුන්වන්න පුළුවන් ඌරෙක් විදියට. අසූචි තියෙන බිම මිනිසුන්ට අප්‍රියයි. ඒ බව කියන්‍න ඕනා නෑ නේ අමුතුවෙන්. ගඳ ගහනවා. එහෙමනේ. නමුත් ඌරට අසූචි කියන්නේ ෂා නියම කෑමක්. ඌරො ‍බිම පෙරලි පෙරලි තමයි අසූචි කන්නේ. හ්ම්.
[/FONT]



[FONT=&quot]ඉතින් මේ විදියටම දුෂ්චරිත නැත්නම් වැරදි වැඩ, අපි ගත්තොත් පරපණ නැසීම, සොරකම වගේ දේවල් ප්‍රඥාවන්තයො ප්‍රිය කරන්නේ නෑ. මේ වගේ දේවල් කෙනෙක්ගේ අතින් නොහිතා සිද්ධ වුනත් ප්‍රඥාවන්තයො ප්‍රිය කරන්නේ නෑ. ඒවා ලැජ්ජනැති වැඩ විදියටයි ප්‍රඥාවන්තයො සලකන්නේ. නමුත් අහිරික කියන්නේ හොඳ නරක අතරෙ වෙනසක් නැති අවස්ථාව. මොන ජරා වැඩේ කලත් ලැජ්ජාවක් නෑ. ඉතින් ඕන තරම් පව් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් සමහර ලැජ්ජාවක් නැති මිනිස්සු හිතන්නේ ලැජ්ජා නැති වැඩක් කලාම ඒක මහා නම්බුවක්, ආඩම්බරයක් කියලා.
[/FONT]



[FONT=&quot]මෝහය ඇති වුනාම ඒක ලැජ්ජනැතිකම ඇති කරන්න උපකාර වෙනවා. මතක තියා ගන්න ඕනා දේ තමයි ප්‍රඥාව ඇති තැනැත්තෝ වුනත් මෝහයෙන් අන්ධ වුනාම ලැජ්ජනැති ‍වැඩ කරනවා කියන එක. ඉතින් ප්‍රඥාවන්තයො වෙන්න හිතන අය තමුන්‍ගේ ක්‍රියාපිලිවෙල කොයි වගේද කියලා තමුන් විසින්ම අනුන් කරන කම් ඉන්නේ නැතුව තීරණය කර ගන්න එක බොහොම වැදගත්.
[/FONT]



[FONT=&quot]අපි කලින් කථා කරපු හරිථාච තවුසගේ කථාව දිහාවට ටිකක් යොමු වෙමුකො. බලන්න ඒ තවුසා තමුන්ගේ හිත දියුණු කරලා අභිඤ්ඥා පවා ලබාගෙන තිබුණා. අභිඤ්ඥා කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට වඩා ඉහල මානසික තත්වයක්, ප්‍රඥාවක්නේ. මේ කථාවෙදි ලැජ්ජනැතිකම ගැන අපිට හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. බලන්න කථාවට අනුව තවුසා රැජින එක්ක කාම මිථ්‍යාචාරයේ යෙදෙන්නේ ඇගේ සේවිකාවො ඉස්සරහ පිටදීමටයි. ඉතින් මෙහෙම කරන්න පෙළඹුනේ ඇයි? මෝහය එක්ක එකට බැඳුනු රාගය නිසාවෙන් ලැජ්ජාව නැති වීම. නැත්නම් ‍එහෙම වැඩක් කරයිද?
[/FONT]



[FONT=&quot]හැම නරක වැඩක්ම ලැජ්ජාව ඇති කරවනවා. ඒ කියන්නේ මේ තවුසා කලා වගේ දේවල් විතරක් නෙමෙයි. කුණුහරුප කියන එක, බණින එක, මෝඩ ආඩම්බරකම හිතට අරන් අනිත් මිනිස්සු පහත් කරල බලන එක (අර පුහ් කියලා ) ඇ‍ඟේ හැපීම් වගේ මේ කී නොකී හැමදේම ලැජ්ජාවක් නැති මිනිස්සු තමයි කරන්නේ. මේ නිසා අපි මතක තියාගන්න ඕනා හැම නරක වැඩක්ම ලැජ්ජානැති කමය කියලා. ඉතින් මේ ලැජ්ජනැති කමත් එක්ක ඇති වෙන මනස තමයි අපි හඳුන්වන්නේ ලැජ්ජනැති මනස කියලා. ඒ වගේම තමයි ලැජ්ජනැති වැඩ කෙරෙන ස්ථානය අපි හඳුන්වන්නේ ලැජ්ජානැති මිනිසා කියලා.[/FONT]


ඔන්න අහිරික චෛතසික.


[FONT=&quot]

[/FONT]


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]දැන් අපි කථා කරන්නේ අනෝතප්ප ගැන. මෙතනදි මුලින්ම දෙයක් කියන්න ඕනා. මන් මේ ලියන දේවල් සමහර විට ඔයාලා දන්නවා ඇති. නොදන්නවාත් ඇති. දන්න අය තමුන්ගේ දැනුම එක්ක හිතලා බලන්න. නොදන්න අය තමුන්ගේ දැනීම ඇති කර ගන්න. මේ වගේ නැතුව වෙන ඉගෙන ගන්න විදියක් නෑ. මේ හැමදේම ලියන්නේ මගේ ප්‍රයෝජනයටත් වඩා බලන කෙනෙක් කුසල් වඩන්න පෙළඹෙයි කියලා හිතලයි. මන් දන්නවා කොයි තරම් භයානකයිද කියලා මේ ගෙවන සංසාරේ. ඒ නිසා ‍මන් උත්සහ කරන්නේ ඒ නරා වලෙන් ගොඩ එන්න. මන් වගේම තව ඉන්න පිරිසට මන් හොයා ගත්ත දෙයින් පුංචි හරි උපකාරයක් කරන්නයි බලන්නේ. ඉතින් අද දවසෙදි මේවා‍යේ ප්‍රයෝජනයක් නෑ වගේ ඔයාලට පෙනුනත් පස්සෙ කාලෙකදී ඒ වටිනාකම ඔයාලට දැනෙයි. ඒ වගේම තමයි ‍මේ හැම දෙයක්ම පිරිසිදුයි. මන් කිව්වට ඉතින් ඒකෙ වැඩක් වෙන්නේ නැහැ‍නේ. ඔයාලා විවෘත මනසකින් හිතලා බලන්න.
[/FONT]



[FONT=&quot]ඉතින් අනෝතප්ප කියන්නේ මොකක්ද කියලා මුලින්ම බලමු. සරලවම කියන්නේ මෙතනදි පව් කරන්න බයක් නෑ කියන එක. වැරදි වැඩ නැත්නම් පව් වැඩ නැත්නම් අකුසල් වැඩ කියන්නේ හරියට බුර බුරා නගින ගිනි දැල් වගේ. අනෝතප්ප හරියට පළඟැටියො වගේ. අපි දන්නවානේ ගිනිදැල් කියන්නේ මොන වගේද කියලා. අත දැම්මොත් පිච්චෙනවා. නමුත් පළඟැටියො මේ ගැන හිතන්නේ නෑ. උන් අර ගින්දරටම පියාඹනවා. අන්තිමේ දී පිච්චිලා මැරෙනවා. ඉතින් මේ වගේ තමයි වැරදි වැඩ වලින් ඇති වෙන ප්‍රතිථල එක එක විදියේ විඳවීම් අපිට ඇති කරනවා. ඒ නිසා හැම වැරදි වැඩක්ම භයානකයි වගේම ඒවා කරන්න එතකොට බය වෙන්න වෙනවා. නමුත් මෝහය ඇවිල්ලා අර විඳවන්න වෙන ගතිය හංගනවා. ඉතින් අනෝතප්ප ඒ ක්‍රියාවේ තියෙන භයානක කම දකින්නේ නෑ. මේ නිසාවෙන් අපිව වැරදි වැඩ කරන්න මෙහෙයවෙනවා. මේ වැරදි වැඩ සම්බන්ධයෙන් ගත්තාම පහළ කියන භය ගැන මතක තියා ගන්න ඕනා.
[/FONT]



[FONT=&quot]අත්තානුවාද බය - මේ කියන්නේ තමුන්ට තමන් පිළිබඳව ඇති වෙන බිය. ආත්ම විශ්වාසය නැතිවීම, නිතරම තමුන්ටම දොස් කියා ගැනීම මේ නිසා ඇති වෙනවා. ඒ වගේ කෙනෙක් හිතනනේ මිනිස්සු හිතන්නේ මන් මහා සිල්වතෙක් කියලා. මන් තමයි දන්නේ මන් ගැන. ඒ අය හිතන විදියෙ සිල්වත් කෙනෙක් නෙමෙයි මන්. මන් වැරදි වැඩ ලෝකෙට හොරා කරන ජරා මිනිහෙක් කියලා. (අත්ත - තමුන් + අනුවාද - චෝදනාව)
[/FONT]



[FONT=&quot] පරානුවාද බය - මේ කියන්නේ අනිත් අ‍යගේ චෝදනාවට ලක් වීම. උඹ වැරදි වැඩ කරන ජරා මිනිහෙක්, පව්කාරයා වගේ.
[/FONT]



[FONT=&quot]දණ්ඩ බය - මේ කියන්නේ වැරදි කලාම දඬුවමට ලක් වෙන බව දැනගෙන ඇති වෙන බය. අපි කාවහරි මැරුවොත් අපිට දඬුවම් ලැ‍බෙනවා. හොරකම් කලත් එහෙමයි. ගුටි කන්න වෙනවා. මේ වගේ ‍දඬුවම් විඳින්න වෙන බව දැනෙද්දි බය දැනෙනවා.
[/FONT]



[FONT=&quot]දුග්ගති බය - පව් කරන කෙනා මැරෙන්න ලන් වෙද්දිම දරුණු විදියට විඳින්න පටන් ගන්නවා තමුන් කරපු පව් වල ප්‍රතිඵල. ඒ කෙනා මරණින් මත්තෙ උපදින්නේ සතර අපායෙන් එකක. මේක අපි දුග්ගති බය කියලා හඳුන්වනවා.
[/FONT]



[FONT=&quot]මේ කියපු හතරෙන් මුල් තුන ඔයාලට බැලුවම පෙනෙයි කපටි කමෙන් වංචාවෙන් තමන්වම රවට්ටා ගැනීමෙන් වගේ අත් හැරගන්න පුළුවන් කියලා. නමුත් හතරවැනි එක ? ඒකට එහෙම රැවටීම් නෑ. මේ නිසා අපි දැනගන්න ඕනා වැරදි වැඩ කියන්නේ බියජනකයි කියලා. නමුත් අනෝතප්ප තියෙද්දි ප්‍රඥාවන්තයන්ට වුනත් පව් වලට බය දැනෙන්නේ නෑ. ඒ අයට පව් කරන්න ලැජ්ජාවක් ඇත්තෙත් නෑ.
[/FONT]



[FONT=&quot]කලින් කියපු හරිථාච බෝධිසත්ව තාපසයාගේ කථාව මතක් කර ගන්නකෝ. එතුමාට තමුන් කරපු කැත වැඩේ හින්දා තමුන් ගැනම ලැජ්ජ නොහිතුනා කියන්න බෑ නේ. ඒ වගේම තවුසා රැජිනත් එක්ක එකට ඉඳියා කියලා නගරෙ පුරා පැතිරෙද්දි තමුන්ට ලෝකයෙන් චෝදනා විඳින්න සිදුවෙන බව දැනුනමත් බිය දැනෙනවානේ. දණ්ඩ බිය ගැන කථා කරනවානම් මෙතනදි රජ්ජුරුවො ආනන්ද හාමුදුරුවො පෙරුම් පුරන කාලෙ නිසාවෙන්ම ප්‍රඥාව මෝරලා තිබ්බ නිසාවෙන් යන්තම් බේරුනා, නැත්නම් තවුසගේ පණ සත පහකට ගණන් ගනීද තමුන්ගේ රැජිනත් එක්ක කාම මිථ්‍යාචාරය කලාම? මරණ දඬුවම නියතයි. බලන්න අනෝතප්ප හිතේ ඇති වුනාම වෙන දේ. තමුන් මේ දේ කලොත් මරණ දඬුවම ලැබෙන බව පවා තවුසා අමතක කර ගන්න හැටි. අපිට වුනත් අනෝතප්ප තියෙද්දි වෙනසක් නෑ. මේ වගේ ඇති වෙන හිතට අපි කියනවා අනෝතප්ප චිත්ත කියලා.
[/FONT]



[FONT=&quot]ගම්බද ඌරා අසූචි කන්න ප්‍රියයි මෙන් ලැජ්ජ නැති මිනිසා තමුන්ගේ වැරදි ගැන ලැජ්ජා නොවේ. පළඟැටියා ගිනි දැල්ලට බිය ‍නොවනවා සේ ආතප්ප නැති (අනෝතප්ප) මිනිසා පවට බිය නොවේ. (විභවි ටික වලින්) [/FONT]


enter-the-void-trailer-10-8-10-kc.jpg


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

උද්දච්ච


[FONT=&quot]මීළඟට අපි කථා කරන්නේ උද්දච්ච ගැන. මේ දේවල් ගැන කථා කරද්දි බුද්ධ ධර්මය ගැන පුදුම සතුටක් දැනෙනවා. කොයි තරම් දේවල් බුද්ධ ධර්මයේ කියලා තියෙනවාද ?
[/FONT]



[FONT=&quot]හරි අපි උද්දච්ච ගැන කථා කරමු දැන්. උද්දච්ච කියන්නේ හිතේ තියෙන විසිරුණු ගතිය. තවත් විදියකට කියනවානම් හිත චංචල වෙන ගතිය. අළු ගොඩකට ගලක් අත ඇරියම අළු හැම තැනම පා වෙලා විසිරිලා යනවා. මේ උද්දච්චය ඇති මනසත් ඒ වගේ තමයි. විවේකයක් නෑ. අරමුණෙන් අරමුණට පැන පැන යනවා. ඒ කියන්නේ අරමුණු එක එක අල්ල ගන්නවා. ඒකයි මනස චංචලයි කියන්නේ. මනස චංචල වුන කෙනෙක් ඇත්තටම අරමුණක්, ඉලක්කයක් නැති තැනැත්තෙක් බවට පත් වෙනවා.
[/FONT]



[FONT=&quot]නන්ද හාමුදුරුවො ගැන...
[/FONT]



[FONT=&quot]නන්ද හාමුදුරුවො කියන්නේ බුදුහාමුදුරුවො කිඹුල්වත් පුරයට වැඩි අවස්ථාවෙ මහණ කරන්න යෙදුන බුදුහාමුදුරුවන්ට මස්සිනා වෙන තැනැත්තෙක්. නන්ද කුමාරයා බුදුහාමුදුරුවො පටිපස්සෙ පාත්‍රයත් අරන් ගමන් කරද්දි ජනපද කල්‍යාණිය කියනවා ඉක්මනට එන්න කියලා. ඉතින් මහණ වුනත් තමුන්ගේ හිත චංචලයි. මතක් වෙන්නේ ජනපද කල්‍යාණිව. උන්වහන්සේට බැරි වුනා හිත එක්තැන් කර ගන්න. මනස විසිරුනා. උද්දච්චයට හොඳ නිදර්ශනයක් තමයි මේ නන්ද ස්වාමිගේ හිත විසිරුණු ගතිය.
[/FONT]



[FONT=&quot]උද්දච්ච ඇති මනසෙ ස්වභාවය තමයි කිසිම භාවනා අරමුණක් ගැන සිහිය තදින්/ස්ථිරව පිහිටවා ගන්න බැරි වෙන එක. විසිරුණු හිත අරමුණින් අරමුණට ගමන් කරන එක ස්වභාවිකයිනේ. උද්දච්චයේ තව ස්වභාවයක් තමයි ඒක අකුසලයක් උනත් කෙනෙක්ව අපායගාමී කරන්න පුළුවන් කමක් නැති එක. හේතුව තමයි උද්දච්චය ක්‍රියාවෙන් අකුසල් නොකරන එක. [/FONT]

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

උද්දච්චයෙන් පස්සෙ අපි යන්නෙ ලෝභය ගැන කථා කරන්න.

[FONT=&quot]ලෝභ

[/FONT]
[FONT=&quot]ලෝභ කියන්නේ ඉන්ද්‍රිය පිනවන්න තියෙන කැමැත්ත. සරලවම කියනවානම් සැප විඳින්න තියෙන ආශාව. නමුත් මතක තියා ගන්න ඕනා දේ තමයි දුප්පතුන්ට දන් දෙන්න සල්ලි හම්බ කිරීම, නිවන් දකින්න තියෙන ආශාව මෙතෙන්ට අදාල වෙන්නේ නෑ. ඒකට කියන්නේ ඡන්ද ය කියලා. [/FONT]

[FONT=&quot]මේ ලෝභය නොයෙක් විදියට හඳුන්වනවා. ඒ කියන්නේ ප්‍රේම, තණ්හා, රාග, සමුදය ආදී වශයෙන්. ප්‍රේම කියන වචනය යොදාගන්නේ සාමාන්‍යයෙන් සහෝදර සහෝදරියන් අතරෙ ඇති වෙන ආදරයට, ස්වාමියාට භාර්යාව ගැන තියෙන ආදරයට, පවුලේ ඥාතීන් අතර තියෙන ආදරේ වගේ අවස්ථා වලදී. ඒ නිසාවෙන් ප්‍රේම කියන්නේ විශ්වාසදායක ආදරය කියලත් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ ආදරයක් අපිට සංයෝජන ඒ කියන්නේ බැඳීම් කියලා හඳුන්වන්නත් පුළුවන්. සංයෝජනයකදී කෙනෙක්ව අනිත් කෙනෙක්ට ලණුවකින් බැන්ද වගේ බඳිනවා. කෙනෙක්ව තවකෙනෙක්ගෙන් වෙන් කරන්න බැරි තත්වයට පත් කරනවා. [/FONT]

[FONT=&quot]පංචේන්ද්‍රිය පිනවන්න මිනිස්සු ආශයි. ඒක මිනිස්සු තුලම ඇති වෙලා මිනිස්සු තුලින්ම නැති වෙනවා. හඳුන්වන්නේ කාමගුණ කියලා. ඒ මිනිස්සු ඒවාට ආශ නිසා. දැන් බඩගින්න, පිපාසය වගේ පංචේන්ද්‍රියන් පිනවන්න මිනිසුන්ට තියෙන ආශාවට සාමාන්‍යයෙන් ඇති වෙන ප්‍රාර්ථනාව නැත්නම් බලාපොරොත්තුව තණ්හාව කියලා හඳුන්වනවා. විරුද්ධ ලිංගිකයෙක්ගේ පස්සෙ එළවන මිනිසාව හඳුන්වන්නේ රාගයෙන් මත් වූ මිනිසා කියලා. තණ්හා කියන්නේ ආශාව නැත්නම් ගින්න විදියට. මේ පංචේන්ද්‍රියන්ගෙන් මිනිසා වඩාත්ම කැමති ශරීරය පිනවන්න. ඒ කියන්නේ රාගයෙන්. රාග කියන්නෙත් දෙයකට හෝ කෙනෙක්ට තියෙන ඇල්ම. ඉතින් මිනිසුන්ට ඇලෙන්න ඇති වෙන රාගයත් ලෝභ විදියට හඳුන්වනවා. [/FONT]

[FONT=&quot]චතුරාර්‍ය සත්‍යයේදී ලෝභ හඳුන්වන්නේ සමුදය කියලා. ඒ කියන්නේ විඳින්න තියෙන දුකට හේතුව කියන එක. ඒ නිසාවෙන් ලෝභකම අතහැර ගන්න බැරිවුන හැම සත්වයාටම සිද්ධ වෙන්නේ දුක් විඳිමින් සංසා‍රයේ ගමන් කරන්න. ඉතින් මේ සත්වයන්ට තියෙන දුක ඇති වෙන්නේ තණ්හාවේ, නැත්නම් ලෝභයේ නැත්නම් සමුදයේ. මේ නිසා තණ්හාව වැඩි වෙන තරමට දුක් විඳීමත් වැඩී. ඒ වගේම තමයි තණ්හාව අඩු වෙද්දි දුක් විඳීමත් අඩුයි. යම් ලෙසකින් තණ්හාව නැත්නම් දුකක් ඇත්තෙත් නෑ. ලෝභයත් එක්ක ඇති වෙන මනස අපි හඳුන්වන්නේ කෑදර හිත, පෙරේත හිත නැත්නම් බැඳුනු හිත වගේ වචන වලින්. ඒ වගේම මනසින් යුත් මිනිස්සුත් ඒ වගේම නම් වලින් ඒ කියන්නේ කෑදරයා, ලෝභයා, තණ්හාකාරයා, අපෝ මූ අර ගෑණු කෙනා දිහා බලන කෑදර බැල්ම වගේ ලස්සන කියුම් වලින් හැඳින්වෙනවා. නියමයි නේද ලෝභ හිත ඇති වුනාම. [/FONT]

[FONT=&quot]යම් ලෙසකින් මේ ඇති වෙන ලෝභකම, නැත්නම් කෑදරකම, ආශාව ධර්මයේ උදව්වෙන් පාලනය කර නොගත්තොත් වෙන පාලනය කරන්න ක්‍රමයක් නෑ. ඒ වගේම කවදාවත් නැති වෙන්නෙත් නෑ. වස්සෙක්ගේ ඔළුවෙ තියෙන අණ දිනෙන් දින ඌ වැඩෙද්දි වැ‍ඩෙනවා වගේ තණ්හා මනසින් යුතු කෙනාත් වැඩෙද්දි තණ්හාවත් වැඩෙනවා. ඒ අය වයසට යද්දිත් ලෝකාපවාදයට ලක් වෙනවා. [/FONT]

[FONT=&quot]ළමයි ඉපදුන වෙලාවෙ ඉඳන් තමුන්ගේ දෙමාපියන්ට නෑයින්ට ආදරේ කරන්න පටන් ගන්නවා. වැඩෙද්දි තමුන් එක්ක සෙල්ලම් කරන අයට බැ‍‍ඳෙනවා. ස්වභාවයෙන්ම මේ අය ආදරේ හොයන් යනවා. හරියට ලුණු වතුර කොයි තරම් බිව්වත් පිපාසය ඇරෙන්නේ නෑ වගේ. ලුණු වතුර බොන්න බොන්න තවත් බොන්න ඕනානේ. ඉතින් ඉන්ද්‍රිය පිනවීමට පිපාසය ඇති කර ගත්තය පස්සේ ඒකෙන් ඇති වෙන දුක, වේදනාව පේන්නේ නෑ. ඒකටම බැ‍‍ඳෙනවා. [/FONT]

[FONT=&quot]දැන් අපි බලමු සතර දුගතියට යන්න කොහොමද ලෝභය අපිට උදව් කරන්නේ කියලා. පුංචි ගල් කැටයක් වුනත් වතුරට දැම්මම ගිලෙනවා වගේ හොඳ ක්‍රියාවන්ගෙන් උදව්වක් නොගත්තොත් පුංචි ලෝභ කමත් ඇති සතර දුගතියෙ ඉපදෙන්න. මේ නිසාවෙන් ඕනා තරම් මිනිස්සු ප්‍රේත‍යො වෙලා උපදිනවා. ඒ තමුන්ගේ කලත්‍රයාට, දුවට, පුතාට, මිණිබිරියට, මුණුබුරාට නැත්නම් තියෙන සල්ලි වලට මැරෙන මොහොතෙදී ආශා කරලා. අහලා ඇතිනේ අර කථාව. බුදුහාමුදුරුවන්ගේ කාලෙදි එක හාමුදුරුනමක් තමුන්ට ලැබුන සිවුරකට දැඩි ආශාවෙන් ඉඳියා. කොහොමහරි මේ හාමුදුරුවො අපවත් වුනාම අනෙක් හාමුදුරුවරු ඒ සිවුර බෙදාගන්න හදද්දී බුදුහාමුදුරුවො ඔවුන්ව වලකලා දේශනා කලා තව දින 7 ක් යනකම් මුකුත් සිවුරට කරන්න එපා කියලා. පස්සෙ වෙලාවකදී හේතුව දේශනා කලා, සිවුර අයිති හාමුදුරුවො ඒ සිවුරට ආශාවෙන් මකුණෙක් වෙලා ඒකෙම ඉපදුන බවත් ඉන් මිදෙන්නෙ දින 7කින් පසුව බවත්ය කියලා. ඉතින් මේකයි තත්වෙ. [/FONT]

[FONT=&quot]නමුත් ‍යහපත් ක්‍රියාවෙන් සමන්විත වෙනවානම් ලෝභයට හැකියාවක් ලැබෙන්නේ නෑ කෙනෙක්ව සතරදුගතියට යොමු කරන්න. ප්‍රේමය තිබ්බත් තණ්හාව නිසා අනිත් අයට ඇලිලා උන්නත් සුචරිතයේ හැසිරෙන්නා කවදාවත් දුග්ගතියට යන්නේ නෑ. හිතන්නකො ගලක් වතුරට දැම්මා කියලා. ඒක කොයිතරම් පුංචි වුනත් ගිලෙනවා. නමුත් ඒ ගල බෝට්ටුවකට වැටුනොත් ? ඉතින් අපිට මේ වගේ උදාහරණ ඕනා තරම් ජාතක කථා වලින් ගන්න පුළුවන්. ඇත්තටම අපි ඒවා දැනගන්න අවශ්‍ය අන්න ඒ නිසයි. [/FONT]

[FONT=&quot]දැන් බලන්න, හොඳින් බැඳුන වෙන් නොවෙන්න හිතන ස්වාමියෙක් හා භාර්යාවක් එක්ව නිවන් දකින්න පාරමිතා පුරන්න තීරණය කරනවා. අපි දන්නවා යහපත් කාන්තාවක් වූ සුමිතා තීරණය කරනවා සුමේධ තවුසා බුදුවෙන්න විවරණය ගත් විටදී සුමේධ තවුසා බුදුවෙනතාක් කල් බිරිඳ විදියට එකට ඉන්න ලැබෙන්න කියලා. ඒ වගේම තමයි පිප්පලී සහ භද්ද කාපිලානි. සිදුහත් යශෝධරා ආත්ම ලක්ෂ ගාණක් ස්වාමියා බිරිඳ විදියට කල් ගෙව්වා. ඒ අය එකට හිටියා විතරක් නෙමෙයි තමුන්ගේ පාරමිතාත් සම්පූර්ණ කරගත්තා. ඉතින් මේ අවස්ථාවන් කෙනෙක් තණ්හාව, ලෝභකම කියලා හඳුන්වයි. නමුත් ඒක ඡන්දය නෙමෙයිද කියලා තව කෙනෙක්ට අහන්න පුළුවන්. ඒ ගැන පස්සේ කථා කරමු. [/FONT]

[FONT=&quot]ඉතින් මේ කථාවල ඉන්න මිනිස්සු ඇත්තටම ප්‍රඥාවන්තයො. ප්‍රඥාවත් වගේම සිල්වත් අයත් සමග එක් වෙන්න ඇති බලාපොරොත්තුව හඳුන්වන්නේ කුසල ඡන්ද කියලා. ඒ වගේම මේ අය පාරමිතා පුරන මිනිස්සු. පාලි සාහිත්‍යයේදී කියනවා ප්‍රඥාවතුන්ගේ ප්‍රාර්ථනා නිරන්තරයෙන් සම්පූර්ණ වෙයි. ඡන්දය නිසාවෙන් සියල්ල සම්පූර්ණයි, කියලා. ඒ නිසාවෙන් ඒ අය තමුන්ව බැඳලා තියෙන තණ්හාව, ප්‍රේමය තිබුනත් ඒ තමුන් ලඟ තියෙන ශක්තිමත් ඡන්දය නිසාවෙන් (බෝධිසත්වයො වගේ) පාරමිතා සම්පූර්ණ කරන්න තමුන් කරපු කුසල් කර්මයන් නිසාවෙන් එක්ව ජීවත් වුනා. [/FONT]

[FONT=&quot]මහණෙනි, ප්‍රඥාවන්තයින්ගේ ප්‍රාර්ථනා පිරිසිදු නිසාවෙන් එය සැපිරෙයි. [/FONT]
[FONT=&quot]අංගුත්තර නිකාය. [/FONT]


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
ගොඩක් පින්...

බොහොම ස්තුතියි. ඔය විදියට කෙනෙක් චුට්ටක් හරි බලනවා නම් තනි නෑ කියලා හිතෙනවා.

ඉතින් ඉතිරි ටිකත් මෙතනම ලියන්නම්. ඒ නකුලපිතයි නකුල මාතායි ගැන.

බුදුහාමුදුරුවන්ගේ කාලයේදී ජීවත්වුන මේ නකුල පිතා බොහොම සල්ලි තිබුන කෙනෙක්. එයාගේ බිරිඳ තමයි නකුල මාතා වුනේ. ආත්ම ගණනක් මේ දෙන්නා එකට ජීවත් වුනා. බුදුහාමුදුරුවන්ව මුණ ගැහුණු පළමු වතාවෙදිම ඒ අය සෝතාපන්න වුනා. ඇත්තටම මේ යුවල ආත්ම ගණනක් බුදුහාමුදුරුවන්ට සංසාරෙදි දෙමව්පියො වුනා. සුළු දෙමව්පියො වුනා. නැත්නම් නැන්දා මාමා වුනා. මේ අය බුදුහාමුදුරුවන්ට සැලකුවේ තමුන්ගේ පුතෙක් විදියට. ඒ වගේම බුදුහාමුදුරුවන්ගෙවන් මේ අයට වරප්‍රසාදයක් ලැබිලා තිබුනා, කැමති ඕනාම ප්‍රශ්නයක් අහන්න. වරක මේ නකුලපිතා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, භවත් ගෞතමයෙනි නකුලමාතාව මගේ තරුණ වයසේදීම බිරිඳ කර ගත්තට පස‍්සෙ ඉඳන් අද වෙනකන් වෙන කිසිම කෙනෙක් ගැන කිසිම අදහසක් ඇති කරගත්තෙ නෑ. මට හැම වෙලාවෙදිම අවශ්‍ය නකුලමාතා ලඟ ඉන්නයි. සංසාරෙ පුරාම එයා ලඟ ඉන්නයි මට ඕනා, කියලා.

නකුල පිතාගේ මේ වචන ඇහුවට පස්සේ නකුල මාතාත් කියනවා මමත් තරුණ වයසේදීම නකුල පිතා සමග විවාහ වුනාට පස්සෙ ඉඳන් වෙනත් කිසිම පිරිමියෙක් ගැන කිසිම අදහසක් ඇති කර ගත්තේ නෑ. මේ ආත්මෙ පුරාවටම නකුල පිතා ලඟ ඉන්න මන් කැමති වගේම සංසාරෙ පුරාවටම එයා ලඟ ඉන්න කැමතියි කියලා. සරලවම කියනවා නම් දෙන්න සංසාරෙ පුරාවටම එක්ව ඉන්න ප්‍රාර්ථනා කරනවා.

ඉතින් බුදුහාමුදුරුවො දේශනා කරනවා, එක්ව ජීවත්වන ස්වාමියා හා බිරිඳ මතු සංසාරෙ පුරාවටත් එක්ව ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දෙපල සම ශ්‍රද්ධාවෙන්, සම ශීලයෙන්, සම ත්‍යාගයෙන් හා සම ප්‍රඥාවෙන් යුක්ත විය යුතුයි කියලා. තවදුරටත් දේශනා කරනවා,

ස්වාමියාට ශ්‍රද්ධාව ඇති විටදී ඒ විදියෙම ශ්‍රද්ධාවක් බිරිඳටත් තියෙන්න ඕනා. ඒ වගේම ඔහු‍ට පිරිසිදු ශීලයක් ඇති විටදී බිරිඳටත් ඒ වගේ පිරිසිදු ශීලයක් තියෙන්න ඕනා. දෙදෙනාගෙන් කෙනෙක් ත්‍යාගයක් කරන්න කැමති වුනාම අනිත් කෙනා ඒකට අනුකූලව කටයුතු කරන්න අවශ්‍යයි. බිරිඳ පරිත්‍යාග කරනවා නම් ස්වාමියා ඇයව දිරිමත් කරන්න ඕනා. ස්වාමියා පරිත්‍යාග කරනවා නම් බිරිඳ සතුටු වෙන්න අවශ්‍යයි. දෙදෙනාගේ ප්‍රඥාව හා දැනුම සම මට්ටමක වෙන්න අවශ්‍යයි, කියලා.

මේ කථාව ගැන යමක් -

සෝතාපන්න වූ දෙපලක් අතර ඇති ආදරය ගැන මුලින්ම ටිකක් කියන්න ඕනා. ඒ අය එකිනෙකාට විශ්වාසී නිසා එකිනෙකාට වංචාවක් කරන්න හිතන්නේ නෑ. ඒ වගේම ඒ අයගේ මනස පිරිසිදු නිසා කිසිවිටෙක ඒ අයගෙන් වෙන් වෙන්න හිතන්නේ නෑ. දෙපල දෙපලට සලකගන්නවා. සංසාරෙ පුරාවටම එක්ව ඉන්නයි බලන්නෙ. මේ වගේ ප්‍රාර්ථනාවක් ඡන්දය වෙද්දි, මේ ආර්ය පුද්ගලයන්තුල ඇති ඒ අයව එකිනෙකාට බැඳ තබන ලෝභය, තණ්හාව සහ එක්ව කරන සියළුම යහපත්, කුසල් ක්‍රියාවන් ඒ අයව හොඳ ගමනාන්තයක් කරා රැගෙන යනවා.

dhamma%2B01%2B%255B1024x768%255D.jpg