මනාලියක් බලන්න යන්න තියෙනවා...

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මනාලියක් බලන්න යන්න තියෙනවා. මම නම් Long Sleeves Shirt එකක් අදිනවා. තාත්තා Blazer එකක් ඇදගෙන යන එකද හොද නැත්නම් Blazerඑක නැතුව යන එකද?

    ලොකුකමක් නෙවෙයි. ඒත් යන පිළිවෙලක් තියෙනවනේ.
    Proposal Set වෙච්ච අය කියමුකෝ බලන්න.

    Please answer seriously.


    ===========================


    කොල්ලනේ මනමාලියක්ව බලන්න යන්න තියෙනවා. proposal එකක්. කෙල්ල එක්ක කතා කරලවත් නෑ. මම මචන් සාමාන්‍ය පවුලකින් එන්නේ. කෙල්ලත් එහෙමයි පෙනුන හැටියට.
    මොකද්ද මචන් ඇදන් යන්න ඕනි kit එක. Joke නැතුව Serious කියන්ඩෝ. :D:D:D:D
    Color සහ ඔක්කොම විස්තර ඕනි. Blazer එකක් අදින එක හොදද?

    තව එතන ගිහිල්ල කරන්න ඕනි චාරිත්‍ර වාරිත්‍ර මොනාද?
    ඔක්කොම ඉවර වෙලා පිටත් වෙලා යද්දී අපි මනමාලිට කැමතිනම්
    සල්ලි ටිකක් බුලත් කොලයක් අස්සට දානවා කියල කවුද කියුව. ඒක ඉස්සර තිබ්බ චාරිත්‍රයක් වෙන්න ඇති. අද කාලේ වගේ Phone නෑනේ. එහා ගමෙන් මේ ගමටනේ එන්නේ. ඒක නිකන් වෙච්චි වියදමට කරන උදව්වක් හැටියටත් දානවලු...එහෙම චාරිත්‍රයක් තියෙනවද?

    ඔක්කොම විස්තර දෙන්ඩෝ. අපේ අනිත් සාමාජිකයන්ටත් වැදගත් වේවි. :D:D:D:D

    ========================

    අඩේ කොල්ලෝ ලබන සතියේ මනාලියක් බලන්න යන්න තියෙනවා.
    Shirt එකේ පාට මොකද්ද හොද?

    ලා දම් පාටට හුරු long sleeves shirt එකක් අදින්න ඉන්නේ මන්. හොදයිද?

    ඒකට ටයි එකකුත් දාන්න ඕනිද ? :cool::cool::cool::cool:





    අපි බයිට් වෙනවද , නැත්තන් මේ සිරාවටද අහන්නේ....
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සෙල්ලම අහන්න ඕන උඹ අවුරුද්දකට සැරයක් කෙල්ලෝ මාරු කරනවද කියල....
    කලිනුත් ත්‍රෙඩ් එකක් දාල තිබුන අවුරුද්දකට කලින්.. මම එකේ කොමෙන්ටුවක් දාල ඇති පැදුරක් වගේ...
    යන ගමන වැදගත් විදියට යන්න... ගෙදර සේරම කට්ටිය යන්න ඕන වැදගත් විදියට...
    යන්න කලින් හොඳට හොයල බලල පල... කෙල්ලට කොල්ලෙක් එහෙම ඉන්නවා නම් මගදී සංග්‍රහයක් එහෙම හම්බ වෙයි..:lol:
    සෙන්ට එහම ගැහුවට වැඩක් නැහැ මචං, හොඳට නාල පලයන්... කෙල්ලොන්ට හොඳට ගඳ සුවඳ දැනෙනවා අපිට වඩා...
    මනමාලි ගමෙන් පිට එකක් නම් අවුලක් නැහැ... අපි නම් කවදාවත් ගමේ එකක් කරගහන්න යන්නේ නැහැ... දන්නා නිසා...
    කෙල්ල ඇඳුම් ගැන හොඳට දන්නා කෙල්ලෙක් නම් උඹ චාටර් වෙයි නොදන්නා එවුව අඳින්න ගිහින්... ඒ නිසා දන්නා කියන සුට්‌ එකක් ඇඳගෙන පල...
    නොදන්නා එව්වුව ඇඳලා, අත උස්සද්දී බරස් ගාල ගියෝතින් නෝන්ඩියනේ බං....
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බ්ලෙසර් දාගෙන යන්න එපා. මේ ගිනි ගහන රස්නේ. උන් හිතයි උඹලට පිස්සු කියල. සාමාන්‍ය වැදගත් විදිහට තැනට ගැලපෙන්න ඇඳල පලයන්. :yes::yes:

    ගිහින් මනමාලි හෙප්පුවත් අරන් උඹේ ලඟට ආවහම රෙද්ද පොඩ්ඩක් උස්සල යටින් හිමිහිට අතදාලා
    (හා හා ඒ රෙද්ද නෙවෙයි යකෝ....... මොකද ඔය කරන්නේ....:angry::angry: බුලත් හෙප්පුව වහල තියෙන රෙද්ද....) බුලත් කොලයක් අරන් කටේ දාල හපන්න එහෙම යන්න එපා........
     
    Last edited:

    Similar threads