මනුස්සකම දන් දුන් හිමිනම පෙරළා මනුස්සකම ඉ
මනුස්සකම දන් දුන් හිමිනම පෙරළා මනුස්සකම ඉල්ලයි
මං දුන්නු වකුගඩුව ගැන හිතන්නෙ නෑ. ඒ දානමය පුණ්‍යකර්මය ඉවරයි. මේක සංසාරගතව මට ලැබුණු සරදමක් වෙන්න ඇති. මං ජීවිතයට මුහුණ දෙනවා. මරණයට බය නෑ. ඒත් ශාසනාලය වෙනුවෙන් බැඳුණු මට ජීවත්වෙන්න ටික කලක් ලැබුණොත් කැමැතියි.
හිරු අස්ථානගත වන්නට තවත් ඇත්තේ සුළු මොහොතකි. සැඳෑ හිරු කාන්තියෙන් හාත්පස බබළයි. මම බළන්ගොඩ ශ්‍රී නාරද හිමියන්ගේ (42) කතාව අසා වික්ෂිප්ත වීමි. අනුන්ගේ දුක කඳුළ වෙනුවෙන් හදගැස්මකින් කම්පනයකින් කටයුතු කළ උන්වහන්සේට මෙවන් කඳුළුබර වර්තමානයක් නිර්මාණය වේයැයි මම නම් කිසිදා නොසිතුවෙමි.
“තමන්ගෙ වකුගඩු දෙකින් එකක් බුදුන් වදාළ ඇස් හිස් මස් ලේ පවා දන් දීමේ ප්‍රාර්ථනාවට අනුව දන් දීමට කටයුතු කළ අපේ හාමුදුරුවන්ගේ තිබෙන එකම වකුගඩුවත් නරක් වෙලා. උන්වහන්සේට භාවනානුයෝගී කටයුතුවත් කරගන්ඩ බෑ. ‘අනේ අනිච්චං! සංසාරෙක හැටි...’ අම්පාර දිවියාගල ආරණ්‍ය සේනාසනයේ උවැසි උවැසියෝ හිස් අත් ගසා එසේ කීහ.
උන්වහන්සේ පැවිද්දෙන් නම්වර ලද්දේ පූජ්‍ය බළන්ගොඩ ශ්‍රී නාරද ස්ථවිර යනුවෙනි. ශ්‍රී සේරාණ ගල්ලෙන් භාවනා මධ්‍යස්ථානය, සොරබොර දෙවැනි ව්‍යාපාරය, තලංගමුව, වටවන මහියංගණය අසපුවෙහි භාවනා මධ්‍යස්ථානාධිපති හිමියන් වූයේ ද අද අපේ කථානායක හිමියන්මය. ඊට අමතරව කරන්දෙණිය භාවනා මධ්‍යස්ථානයේ ද උන්වහන්සේ වැඩ හිඳිති.
මම උන්වහන්සේගේ කතාව සොයා ගැනීමට බොහෝ දුක් වින්දෙමි. රාගම ප්‍රවීණ භාෂා පරිවර්තක ජේ. ඩී. එච්. පෙරේරා මහතා මගේ ඒ වෙහෙසට අනුප්‍රාණය දුන්නේය. තම රෝගයට ප්‍රතිකාර ලබන්නට කොළොම්තොට වඩින අතර මම ඒ හිමියන් සමඟ කතා කළෙමි.
උන්වහන්සේ අවුරුදු 7යි මාස 3 පමණ වයසේදී පැවිදි දිවියට පත්වූහ. ගිහි නම සමින්ද කුමාරය. සමින්ද කුමාර කුඩා දරුවාගේ පියා බන්ධනාගාර නිලධාරි දිසානායක මහතාය. මව ආයුර්වේද වෛද්‍යවරියක වූ රන්මැණිකා මහත්මියයි. මේ පවුලේ පිරිමි දරුවන් 14ක් හා ගැහැනු දරුවන් දෙදෙනෙක් වූහ.
1980 වසරේ පැවිද්දට පත්වීමෙන් අනතුරුව උන්වහන්සේ ආයුර්වේද උපාධිය හදාළ අතරම බුත්තල රෝහලේදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී යටතේ පුහුණුව ලැබූහ. අනතුරුව උන්වහන්සේ වසර 15ක් පමණ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස අම්පාර රෝහලේ ද සේවය කළහ. මේ කාලය තුළ නාරද හිමියන් කළ උදාර මෙහෙවර අතිවිශාලය. රජයේ විශ්‍රාමිකයන්132ක් ලංකාව පුරා ආරණ්‍ය සේනාසන 117 ක පමණ පැවිදි කිරීමට මඟ පෙන්වා දුන්නේ මේ හිමියන්ය.
මං බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ධර්මය රජයේ නිලධාරීන්ට කියා දුන්නා. ධර්මය ගැන පැහැදිලා ඒ අය අතරින් 132ක් පැවිද්ද ලබලා තියෙනවා. කවරදාවත් කවුරුවත් සිවුරු හැරයන්න කතා කරලා නෑ. මේ කාලය තුළ (අම්පාර රෝහලේ ඉන්න කාලෙ) මට මගේ වකුගඩුවක් දෙන්නත් ආසාවක් හිතුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් (2006) ගුණපාල රාජපක්ෂ මහත්මයාට ඒ කාලෙ වකුගඩුවක් අවශ්‍යව තිබුණා. එයාට ඒ වන විට අවුරුදු 55 යි. මට ඒ වන විට අවුරුදු 32ක් විතර ඇති. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී 2006 පෙබරවාරි 03 වැනිදා මා මෙත් සිතින්ම වකුගඩුවක් එතුමාට දන් දුන්නා. ඒක සංසාරික වශයෙන් මහා කුසලයක්. ඒත් දැන් අවුරුදු 2 1/2ක පමණ ඉහත මට මුත්‍රාශයෙන් ලේ යන්න පටන් ගත්තා. රුධිරගත සීනි ප්‍රමාණයත් දැන් වැඩියි. තිබුණු වකුගඩුව නරක් වෙලා. ඒකට විසක් ඇතුළු වෙලා කියනවා. මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය වසීල් මහතා හා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා මට උපදෙස් දුන්නා. ඉක්මනින් ශල්‍යකර්මයක් කරලා අලුත් වකුගඩු බද්ධයක් කරගන්න කියලා. ඒක මේ වසරේ අගෝස්තු මාසේ 23 වැනිදා චෙන්නායි ග්ලෝබල් රෝහලේදී කරගන්නට දැන් සූදානම් වෙලා ඉන්නෙ. ඒ දාන පාරමිතාව එහෙමමයි. මට ඒ පිළිබඳව දුකක් නෑ. සතුටක් තියෙන්නෙ. කෙනෙකු දෙනවානම් දෙන්න ඕනෑ තමාට අත්හරින්න බැරි දේමයි. ඒක තමයි උතුම් පරිත්‍යාගය.
මට වකුගඩුව ලබා දෙන්නේ මගේම ලොකු අයියා දිසානායක බණ්ඩාර මහතා. එයා හිටපු පොලිස් නිලධාරියෙක්. දැන් ඉන්නෙ විදේශගත වෙලා. මේ වකුගඩුව ලබා දෙන්න මගේ ගෝලයො විශ්‍රාමික රජයේ සමහර මහත්වරුන් (දැන් පැවිද්දට පත්) ආවා. වයස නිසා ඒ අය ගත්තේ නෑ. ඒත් මේ ශල්‍යකර්මයේදී දොස්තරට රුපියල් ලක්ෂ විස්සක් ගෙවන්න ඕනෑ.
ඊටත් අමතරව මාසිකව එන්නත්වලට රුපියල් 27,310ක් වියදම් වන බව ගණන් බලා තියෙනවා. බෙහෙත්වලටත් රුපියල් 5020ක් යනවා. මේ වියදම නම් මට බරක්. 2014 පෙබරවාරියේ 14 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මට මේ වියදම සඳහා රුපියල් ලක්ෂ 3ක් පරිත්‍යාග කළ බව කියන්න ඕනෑ. ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාාපති තිලංග සුමතිපාල මහතා රුපියල් ලක්ෂ 2ක් ලබාදුන්නා. පින් කැමැති කෙනෙක් ඉන්නවානම් මේ පොසොන් දවසෙ මගෙ ශල්‍යකර්මයට මුදලින් උදවු කරන්න පුළුවන්. මං ඒවා සංසාරගතව මෙවැනි රෝ බියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා සෙත් පතලා බාර ගන්නවා. ඊ. එස්. වීරසිංහ මහතාගේ මහජන බැංකු ගිණුම් අංකය 306-2-001-4-6137856 ට බැර කරන්නත් පුළුවන්.
මං දුන්නු වකුගඩුව ගැන හිතන්නෙ නෑ. ඒ දානමය පුණ්‍යකර්මය ඉවරයි. මේක සංසාරගතව මට ලැබුණු සරදමක් වෙන්න ඇති. මං ජීවිතයට මුහුණ දෙනවා. මරණයට බය නෑ. ඒත් ශාසනාලය වෙනුවෙන් බැඳුණු මට ජීවත්වෙන්න ටික කලක් ලැබුණොත් කැමැතියි. මාව මේ අංකවලින් අමතන්නත් පුළුවන්. 0719939647 / 0771158921 මට ලියනවානම් බළන්ගොඩ ශ්‍රී නාරද හිමි ශ්‍රී සේරාණ ගල්ලෙන් භාවනා මධ්‍යස්ථානය, සොරබොර දෙවන ව්‍යාපාරය, තලංගමුව, වටවන, මහියංගණය යන ලිපිනයට ලිවිය හැකියි.
මගේ කතාව අහලා වකුගඩු දෙන පුණ්‍යවන්තයින් ඒ පින්කම්වලින් ඈත් වන්න එපා. තමන්ට ලැබෙන කුසල කර්මය අසීමිතයි. මහත් ඵල මහානිශංසයි. කර්මයක් පල දෙන්න තිබෙනවානම් ඒක වළක්වන්න කාටවත් බෑ. ඒකත් තථාගතයන් දෙසු ධර්මය.
ඔබට පිරිසුදු පින් සිත් පහළ වේවා! පොසොන් පෝදා ඔබට අනුබුදු සිසිලස දැනේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි!
මේ උන්වහන්සේ අපට අවසානයේ දෙසු වචනය.
උපාලි සමරසිංහ
Source : http://www.silumina.lk/2016/06/19/_art.asp?fn=af1606192
FB Page : https://www.facebook.com/BalangodaNaradaThero/posts/152033721890475:0

අකුසල කර්මයක් හිංදද මන්දා. 