මනූෂ කියපු දේ ගණන් ගත යුතුද?
ඊයේ පාර්ලිමේන්තුව අමතා මනූෂ නානායක්කාර නැමැත්තා ප්‍රකාශ කල පරිදි එලකිරිය යනු බලුකිරියකි. තවද අන්තර්ජාල වෙබ් අඩවි යනු කැලෑ පත්තර වේ. ගොසිප් අඩවි යනු කුණුහරප ලියන තැනකි. නමුත් කනගාටුවට කරුණ නම් මනූෂ නැමැත්තාද වෘත්තියෙන් මාධ්‍යවේදියෙකූ වීමයි. ඔහු සිය පාර්ලිමේන්තු අසුන නිසා මුලු ආත්මයම පාවාදෙන හැඩකි.
පසුගිය මහා මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලැබුනු විට ඔහු මුලින්ම කලේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් පක්ෂයට බාර දීමයි. එය ඔහු කවදා හෝ පක්ෂය මාරු කලහොත් වලංගු බව ප්‍රකාශ කෙරුණි. තවද දෙවාලයකට ගොස් පොල් ගැසූ බවද ආරංචි විය. ඒ පක්ෂය මාරු කලහොත් තමන්ට ශාප වන බව ප්‍රකාශ කිරීමටය. එය හිස් මුදුනින්ම පිලිගත් එජාප පාක්ෂිකයේ දිස්ත්‍රික් නායකයාවද(වජිර) ගෙදර තබමින් මෙම අකාර්ශණීය තරුණයාව පාර්ලිමේන්තු යැවීය. නමුත් ඔහුට සැනසිල්ලේ පාර්ලිමේන්තු අසුනේ රස විදීමට නොහැකි විය. අනෙකුත් එජාප අපේක්ෂකයෝ මනාප යලි ගණන් කරන ලෙස ඉල්ලා ඡන්ද පෙත්සමකට යාමට සැරසිණි. මොහු බය විය. කුමන හෝ කරුණක් නිසා යලි ගණනයේදී තමා ලබා ගත් දෙවන ස්ථානය අහිමි වී ගෙදර යාමට වේදෝයි දෙගිඩියාවෙන් සිටි මොහුට රන්වන් අවස්ථාවක් උදාවිය. ඒ 18 වන ව්‍යවස්ථා සංශෝධනයයි. ඔහු ගාල්ලේ 40000කට වඩා ඒජාප පාක්ෂිකයන්ට පයින් ගසා දෑත් ශක්තිමත් කරන්න එක් විය. වසර 10ක් වත් නොමැති මෙම අධුනික දෙශපාලකයාට ආණ්ඩුවට යාමට වෙන සාදාරණ හේතුවක් මට නම් සෝයා ගැනීමට නොහැක. එවැනි පුද්ගලයෙකූගේ මෙවැනි කතා අලුයම ලූ කෙල පිඩක් සේ අමතක කිරීම උචිත යැයි මට හැගේ.

Last edited:
අපිටත් ඒකම තමා කියන්න වෙන්නෙ.....
Breakfast ගන්නෙත් Elakiri එක දිහා බලාගෙනමයි.
නෑවොත් නාන්නෙත් බාගෙට Elakiri එකට ලොග් වෙන්න බලාගෙන..
යකෝ Elakiri වහන්න හදනවනම් මෙහෙම කියන එකාටනෙ කඳු පාත් වෙන්න ඔනෙ..