මමත් යනව මැයි 1 ගාල්ලට...

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මමත් යනව මැයි 1 ගාල්ලට...

    ජනවාරි 08 විප්ලවය-
    අද අපි ගොඩක් සතුටින් මෛත්‍රී මාමේ, ඒ ඔයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල , අධ්‍යාපනයට 6% වෙන් කරල , ජාතික සංහිදියාව ඇති කරල, උතුරේ- දකු‍ණෙ ආරක්ෂාව තහවුරු කරල, රජයේ රස්සා කරන අයට පැන්ෂන් එකත් ආරක්ෂා කරල දුන්නු හිංද. අප්පුහාමි මාමටත් සරුයි දැං. එයා වී කිලෝ 2 ක් විකුණල රු 36 ක් අරන් ඒකෙන් 20 ක් දීල හංදියෙ කඩෙන් බුලත් විටක් කකා කුඹුරු රස්සාව දැං ලේසියි කියල මට කිව්ව. ‘කොලුවො, දැං වී වගාව මේ රජරට ජනාධිපති තුමයි කෘෂි ඇමතිතුමයි එකතු වෙලා දියුණු කරනවනේ. දැං බලහං පෝර සහනාධාරෙ වැඩි කළා. වතුර ටික වෙලාවට ලැබෙනො. සහතික මිලක් වී වලට දෙනවා. තව මොනවද ? අපේ ලොකු දුව වොක්ස්වැගන් කාර් එකක් ගත්තා...“
    අප්පුහාමි මාම බුලත් කෙල පාරක් කඩේ පිටිපස්සට ගහද්ද් ඒක වැදුනෙ නම් මෛත්‍රී මාමගේ පරණ ඡන්ද පෝස්ටරේකට. ඒකෙ ලියල තිබ්බ පොරොන්දු දැං මැකිල ගිහිං. ඔය අතරේ ගුණපාල මාමත් තේ දලු අරං යන ගමං කථාවට සෙට් වුනා. ‘‘ අප්පුහාමි අයියට කියන්න.. අපිට ඔහෙලට වඩා සරුයි දැං. දැං තේ දලු වලට 85 ක් දෙනවනෙ කිලෝ එකට. පෝර මිළ අඩුයි අනික. ඒක නෙමේ අර යාපනේ පැත්ත ගත්තොත් රට කොච්චර හොදද. මහින්ද හොරා එලෙව්වට පස්සෙ කොටි නැතිම වුණා. දැං යාපනේට ගාල්ලෙ බස් එකක් ගියත් ආදරෙන් පිළිගන්නෙ. සංහිදියාව ද මොකද්ද එක නේන්නම් මහත්තෙයෝ“
    මුදලාලි මාමාත් කථාවට හවුල් වුණා “ පත්තරේ තිබුණා සම්බන්ධන්ල දැං වෙනද මහින්ද ගෙ කාලෙ වගේ හික්මීයො වගේ සද්ද බද්ද නෑ කියලා. විග්නේශ්වරන්ලත් දැන් ඒකීය බව ද මොකද්ද එක ගැනමලු කථාව. කොටි සැක කරුවන්ට දැඩි දඩුවම් දීල හිරේ දාල නිසා දැං තර්ජනයක් නෑ අනික පුතේ, බුද්ධි අංශ මහත්තැන්ට ත් හොදට සලකනව නොවැ යුද්දෙ ඉවර කලාට දැං.“ ඔය අස්සේ මමත් කට ඇරිය “ ඉතිං මාමෙ දැං බෝගම්බර, වැලිකඩ පංසල් හදල අලුතින් හාමුදුරුවරු පදිංචි කරවනව. දැං කොළඹ මංතීරු හදල ඒවා පොලිෂ් කළා වගේ පිරිසිදුයි. සිදාදියට ආව වෙලාවක බලන්නකෝ අර පාවෙන මාකට්ටුව එහෙම හරිම සුවදයි දැං. යහ පාලනේ හුමාලෙ උහුලන්න බෑ හරි පුසුඹයි. දැං වෙනද වගේ කැම්පල් අයියල උද්ඝෝෂණ නෑ. නිල ඇදුම් ටික හරියට රෙදි ටික දීල කැම්පස් දියුණු කරල, උපාධි විකුණන එක නවත්තල, සේරම ජනතාවට බදු අඩු කරල සහනත් දීල, රැකියා විරහිත උපාධිධාරින්ට සේරටම රස්සා දීල හිංද විතරක නෙමේ අධ්‍යාපනේට 6% ත් දුන්නනේ ඒකයි දැං දේවසිරි මහත්තයලත් කට පියං සතුටෙන් ඉන්නෙ.“ මම කතාව දිගටම කරගෙන ගියා..... ‘දැං වෙල් විදානේ පොන්සේකා මාම තමයි කාර් බාර් එපා මට ජනතා සේවෙට කියලා දීපු වාහනෙත් එපා කිව්වෙ. ඔව්ව තමා පරමාදර්ශ. නාමල් බේබිල පැදපු රන් අශ්වයොයි ලැම්බොගිණියි හොයාගෙන දැං රාජපක්ෂලගෙ හොරකම් කරපු සල්ලි වලදාපුව ගොඩ ගෙන අපිට සහන දෙනවනේ මේ රජය. දැං කුඩු නැව් පිටිං අහුවෙන්නෙ නෑ ඉස්සර වගේ. මම ටේලර් සාප්පුවෙ නැන්දටත් කිව්ව මගෙ කලිසමට අමතර පොකැට්ටුවක් මහල දෙන්න කියල මොකද අපේ අතේ උතුරන සල්ලි දාගන්න... “
    ඔහොම හිටිං කොලුවෝ අදට ඇති වහින්නත් වගේ හිටං... එහෙනම් ජනවාරි 08 විප්ලවේ කොරල මහන්සි හිංද දැං හීතල වතුර වීදුරුවක් බීල අංජනමක් බලන්න යමං“ අප්පුහාමි මාමා කට සෝදා වතුර උගුරක් බොමින් කීවේය.
    ‘ඒ මොකටෙයි අංජනමක් බලන්නේ ? “ මුදලාලි ඇහුවම ඔහු කිව්වේ “ මහින්ද හොරා හොරා කිය කිය හිටපු ජනවාරි 08 විප්ලවය-
    අද අපි ගොඩක් සතුටින් මෛත්‍රී මාමේ, ඒ ඔයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල , අධ්‍යාපනයට 6% වෙන් කරල , ජාතික සංහිදියාව ඇති කරල, උතුරේ- දකු‍ණෙ ආරක්ෂාව තහවුරු කරල, රජයේ රස්සා කරන අයට පැන්ෂන් එකත් ආරක්ෂා කරල දුන්නු හිංද. අප්පුහාමි මාමටත් සරුයි දැං. එයා වී කිලෝ 2 ක් විකුණල රු 36 ක් අරන් ඒකෙන් 20 ක් දීල හංදියෙ කඩෙන් බුලත් විටක් කකා කුඹුරු රස්සාව දැං ලේසියි කියල මට කිව්ව. ‘කොලුවො, දැං වී වගාව මේ රජරට ජනාධිපති තුමයි කෘෂි ඇමතිතුමයි එකතු වෙලා දියුණු කරනවනේ. දැං බලහං පෝර සහනාධාරෙ වැඩි කළා. වතුර ටික වෙලාවට ලැබෙනො. සහතික මිලක් වී වලට දෙනවා. තව මොනවද ? අපේ ලොකු දුව වොක්ස්වැගන් කාර් එකක් ගත්තා...“
    අප්පුහාමි මාම බුලත් කෙල පාරක් කඩේ පිටිපස්සට ගහද්ද් ඒක වැදුනෙ නම් මෛත්‍රී මාමගේ පරණ ඡන්ද පෝස්ටරේකට. ඒකෙ ලියල තිබ්බ පොරොන්දු දැං මැකිල ගිහිං. ඔය අතරේ ගුණපාල මාමත් තේ දලු අරං යන ගමං කථාවට සෙට් වුනා. ‘‘ අප්පුහාමි අයියට කියන්න.. අපිට ඔහෙලට වඩා සරුයි දැං. දැං තේ දලු වලට 85 ක් දෙනවනෙ කිලෝ එකට. පෝර මිළ අඩුයි අනික. ඒක නෙමේ අර යාපනේ පැත්ත ගත්තොත් රට කොච්චර හොදද.
    මහින්ද හොරා එලෙව්වට පස්සෙ කොටි නැතිම වුණා. දැං යාපනේට ගාල්ලෙ බස් එකක් ගියත් ආදරෙන් පිළිගන්නෙ. සංහිදියාව ද මොකද්ද එක නේන්නම් මහත්තෙයෝ“
    මුදලාලි මාමාත් කථාවට හවුල් වුණා “ පත්තරේ තිබුණා සම්බන්ධන්ල දැං වෙනද මහින්ද ගෙ කාලෙ වගේ හික්මීයො වගේ සද්ද බද්ද නෑ කියලා. විග්නේශ්වරන්ලත් දැන් ඒකීය බව ද මොකද්ද එක ගැනමලු කථාව. කොටි සැක කරුවන්ට දැඩි දඩුවම් දීල හිරේ දාල නිසා දැං තර්ජනයක් නෑ අනික පුතේ, බුද්ධි අංශ මහත්තැන්ට ත් හොදට සලකනව නොවැ යුද්දෙ ඉවර කලාට දැං.“
    ඔය අස්සේ මමත් කට ඇරිය “ ඉතිං මාමෙ දැං බෝගම්බර, වැලිකඩ පංසල් හදල අලුතින් හාමුදුරුවරු පදිංචි කරවනව. දැං කොළඹ මංතීරු හදල ඒවා පොලිෂ් කළා වගේ පිරිසිදුයි. සිදාදියට ආව වෙලාවක බලන්නකෝ අර පාවෙන මාකට්ටුව එහෙම හරිම සුවදයි දැං. යහ පාලනේ හුමාලෙ උහුලන්න බෑ හරි පුසුඹයි. දැං වෙනද වගේ කැම්පල් අයියල උද්ඝෝෂණ නෑ. නිල ඇදුම් ටික හරියට රෙදි ටික දීල කැම්පස් දියුණු කරල, උපාධි විකුණන එක නවත්තල, සේරම ජනතාවට බදු අඩු කරල සහනත් දීල, රැකියා විරහිත උපාධිධාරින්ට සේරටම රස්සා දීල හිංද විතරක නෙමේ අධ්‍යාපනේට 6% ත් දුන්නනේ ඒකයි දැං දේවසිරි මහත්තයලත් කට පියං සතුටෙන් ඉන්නෙ.“ මම කතාව දිගටම කරගෙන ගියා..... ‘දැං වෙල් විදානේ පොන්සේකා මාම තමයි කාර් බාර් එපා මට ජනතා සේවෙට කියලා දීපු වාහනෙත් එපා කිව්වෙ. ඔව්ව තමා පරමාදර්ශ. නාමල් බේබිල පැදපු රන් අශ්වයොයි ලැම්බොගිණියි හොයාගෙන දැං රාජපක්ෂලගෙ හොරකම් කරපු සල්ලි වලදාපුව ගොඩ ගෙන අපිට සහන දෙනවනේ මේ රජය. දැං කුඩු නැව් පිටිං අහුවෙන්නෙ නෑ ඉස්සර වගේ. මම ටේලර් සාප්පුවෙ නැන්දටත් කිව්ව මගෙ කලිසමට අමතර පොකැට්ටුවක් මහල දෙන්න කියල මොකද අපේ අතේ උතුරන සල්ලි දාගන්න... “
    ඔහොම හිටිං කොලුවෝ අදට ඇති වහින්නත් වගේ හිටං... එහෙනම් ජනවාරි 08 විප්ලවේ කොරල මහන්සි හිංද දැං හීතල වතුර වීදුරුවක් බීල අංජනමක් බලන්න යමං“ අප්පුහාමි මාමා කට සෝදා වතුර උගුරක් බොමින් කීවේය.
    ‘ඒ මොකටෙයි අංජනමක් බලන්නේ ? “ මුදලාලි ඇහුවම ඔහු කිව්වේ “ මහින්ද හොරා හොරා කිය කිය හිටපු රතු පාට අලිපැටිය ආගිය අතක් නෑ ඌ හොයා ගන්න බැරුව උගෙ රැහේ උන් ටික අඩනව පව්.“
    හා හෙට ඉතුරු ටික දොඩමුකො හවසට එහෙනම්. මැයි රැලියට ගාලු යන්න එපැයි මේ දීපු සහන වලට. අපි යං අංජනම බලන්ට.“ අප්පු හාමිමාමා සමග අපි පිටත්වෙලා ගියේ මහින්ද එලවූ සතුටින් අප ද විප්ලවයක සහකරුවන් බව අභිමානයෙන් සිතමිනි...

    13082571_1028506010558730_8662547005196101172_n.jpg

    - නුවන් සමීර- විසින් ලියා මුහුණු පොත් පලකරන ලදි..
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මාත් යන්න හිටියේ ගාල්ලේ..කෙල්ල එක්ක...එත් දැන් යාම අතාරියා