ලෙබනන් පිපිරුම පිටුපස..

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    FB උපුටනයකි.....


    සයිප්‍රසයෙ ඉන්න රුසියන් ව්‍යාපාරිකයෙක් හා හා පුරා කියල නෞකා ව්‍යාපාරෙට බහින්න හිතන් පරණ නැවක් ගන්නව රෝසස් කියල. බිස්නස්කාරයෙක් කිව්වට මූ ලෝක හිගන්නෙක්. නැව වුණත් හද්ද පරණයි, තැන තැන අබලන්. මේ නැවට සෙට් වෙනව ජෝජියාවෙ සිට මොසැම්බික් දක්වා භාණඩ තොගයක් ප්‍රවාහනය කරන්න. නැව භාණ්ඩ තොගයත් අරගෙන කළු මුහුදෙන් මධ්‍යධරණියට එනව. ඒ අතර තුර්කි වරායකදි පඩි ගෙවාගන්න බැරුව ස්ටාෆ් එක අයින් වෙලා වෙන සෙට් එකක් හයර් කරගෙන නැව යන්නෙ.

    නැව ඇතැන්ස් වලට එනව. ගමනෙ වියදම සහ සූවස් ඇලේ ගාස්තු ගෙවා ගන්න අමාරු නිසා නැව් හිමියා තවත් හයර් එකක් හොයා ගන්නකම් එතන නතර වෙලා ඉන්නව. ඒ පාර සෙට් වෙනව තව හයර් එකක් ගල්‍ රෝල් ඇතුලු පාර හදන උපකරණ රාශියක් අරගෙන යන්න. මේ දෙවෙනි කාගෝ ලෝඩ් එක ගන්න නැව යනව ලෙබනනයෙ බේරූට් වලට.

    ඒත් බේරූට් වලදි තමා දැනගන්නෙ නැවේ ඩෙක්ස් හයිය මදි කියල මේ කාගෝ එකට. ගල් රෝල් ලෝඩ් කරද්දි නැවේ ඩෙක් එක නැවුම් දෙනව. 1986 හදාපු මේ නැවේ අබලන් තත්වය ගැන වෝනින් ලබාපු එකක්. ඉතින් ගල් රෝල් පටවා ගන්න වෙන්නෙ නෑ. ඒ වගේම ඒ අතර වැටුප් ඉල්ලල අලුත් ස්ටාෆ් එකත් වලියක් දා ගන්නව. නැව සැහෙන කාලයක් මේ හේතු නිසා බේරූට් වල රස්තියාදු වෙනව.
    අවසානෙ නොගෙවු වරාය ගාස්තු ඩොලර් ලක්ශයක් නිසා ලෙබනන් බලධාරින් නැව සීස් කරනව.
    ඔවුන් මයිනර් ස්ටාෆ් ඔක්කොම යවල කැප්ටන් සහ ඉහළ නිළධාරින් තිදෙනෙක් නැවේ නිවාස අඩස්සියෙ තියල මුදල අයකරගන්න හදන්නෙ. ඒත් නැව් හිමියට සල්ලි නෑ. මිනිහ සේවකයින්ට පඩි ගෙවලත් නෑ. නැව තුල අල්ලගෙන ඉන්න අය මුදාගන්න ඔහුට හැකියාවකුත් නෑ. ඒ වෙනකොටත් ටික ටික ගිලෙමින් තිබෙන නැවේ පිරෙන වතුර දිනපතා ඉවත් කරගන්න ඕනෙ. අවසානෙ නැවේ ඉන්න කට්ටිය නැවේ ඉතිරි ඉන්ධන විකුණා නඩු කියල මාස ගානකට පස්සෙ නිදහස ලබාගන්නව අනාරක්ශිත බව මත. ඒ නඩුවෙම අනාරක්ශිත නැවේ භාන්ඩ තොගය ඉවත් කරන්නත් යෝජනා කරනවා. ඒ නිසා ඒ බඩු ටික එතනම වෙයාහවුස් එකකට පටවන ලෙබනන බලධාරින් රෝසස් නෞකාව විනාශ කර හෝ ගිල්වා දානවා, ඒ කොහෙද කොහොමද කියල දන්නෙ නෑ.

    මේ 2014 වසරේ. එසේ නැවෙන් බා ගන්නෙ හයි ඩෙන්සිටි ඇමෝනියන් නයිට්‍රේට් ටොන් 3000කට මදක් අඩු තරමක්. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ පුපුරන ද්‍රව්‍යයක් !!!
    කාලය ගෙවෙනෙවා. අනේ මේ අහින්සක ඇමෝනියම් නයිට්‍රේට් තොගය මිලියන දෙකක මෙට්‍රොපොලිටන් එකේ මැද්දෙ තියෙන හාබර් එකේ ඉස්ටෝරුවේ ඔහේ තියෙනව. කවුරුත් දන්නෙ නෑ.
    කවුරුත් දන්නෙ නෑ නෙවි කවුරුහරි දන්නව. සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ. ඒත් කස්ටම් එකේ උන් දන්නව. උන් මේක එක්කො ඉවත් කර විනාස කරන්න හෝ නැවත විකුනා දමන්න අවසර ඉල්ලා ලිපියක් යවනවා "හදිසි නඩු විසදන" නඩුකාරයට. නඩුකාරය වැඩි විස්තර ඉල්ලා උත්තරයක් එව්ව කියල කියනවා. ඒත් ඒ මොකවත් යැවෙන්නෙ නෑ. ආයෙ ටික දවසකින් පෙර සේම අවසර ඉල්ලා ලිපියක් එවනව කස්ටම් එකෙන්. ආයෙ නඩුකාරය විස්තර ඉල්ලනව. ඔය සයිකල් එක පස් පාරක් වෙලා තියෙනව වසර හයට.
    නඩුකාරයට අනුව නඩු තීන්දුවෙ තියෙන්නෙ මෙම භාන්ඩ තොගය ඊට ගැලපෙන ආරක්ශිත තත්ව යටතේ අසුරාතබන්න කියල ප්‍රවාහන අමාත්‍යන්ශයට. ප්‍රවාහන අමාතයන්ශයට ඕනෙනම් වෙන ඕනෙ දෙයක් කරන්න බලෙ එතිබ්බ කියල නඩුකාරය කියනව. ප්‍රවාහන අමාත්‍යන්ශය මේ භාන්ඩ තොගය අසුරන බලය කස්ටම් එකට පවරනවා, ඒත් වෙන මොකුත් කරන්න ඕඩර් එකක් දීල නෑ. අසුරන ආකාරය ගැන කෝම උපදෙසක් දුන්නද දන්නෙත් නෑ. කස්ටම් එකේ උන්ට කොමන් සෙන්ස් තිබ්බ බවක් පේන්නෙත් නෑ.
    දැන් ඔබට තේරෙනව ඇති මේකෙ අගමුල හොයන එක හිතනවට වඩා අසිරුයි කියල. කවුරුත් දන්නෙ නෑ නෙවි, රාජ්‍ය ආයතන කීපයක් දැනගෙන ඉදල, ඒ එක්කෙනෙක්වත් කොමන් සෙන්ස් එක වැඩ කරල නෑ, ඒ වෙනුවට පොතේ තාලෙට නීතියට අකුරට ලියුම් ගහමින් ඉදල.
    ඉතිරි ටික ඉතින් දන්නවනෙ. අගෝස්තු 4 හාබර් එකේ ගින්නක් හටගන්නව. හේතුව හරියට දන්නෙ නෑ බොහෝ විට වැල්ඩින් වැඩක ප්‍රතිපලයක් ලෙස හටගන්න ගින්නක්. ඒ ගින්න කෙමෙන් ඇමෝනියම් නයිට්‍රේට් ස්ටොරේජ් එක කරා එනව. ඊ ගාව විනාඩිකීපෙ හැමෝම දැක්ක. ඇතිවන පිපිරීමෙන් හිරෝශිමා වගේ හත්තක හැඩ පොඩි වලාකුලක් අහසට යනව. සුපර් සොනික් එක්ස්ප්ලෝශන් එකක් නිසා ඇතිවන ශොක්වේව් එකේ ජලවාශ්ප කන්ඩෙන්ස් වෙලා වතුර වෙනව ඒ තමා අර බෝල ශේප් වලාකුල.

    වෙයාහවුස් එක තිබ්බ තැන මීටර 140 ක පලල වලක් මූදට එකතු වෙලා අහල පහල කිසිම ගොඩනැගිල්ලක ගන්න කිසිම දෙයක් නෑ සැකිලි පමනයි. කිමි ගානක් යනකම් නිවාස සහ ගොඩනැගිලි හානි වෙලා. කිමි 9 ක් එහා ගුවන් තොටුපොලේ පවා හානි තියෙනව. සද්දෙ කිමි 240ක් ඈත මූදෙ අර නැව් හිමිය ඉන්න සයිප්‍රසේට ඇහිල තියෙනව. "අන්න මගේ ඇමෝනියම් නයිට්‍රේට්" කියල මිනිහට නිකමටවත් හිතුනද මන්දා.
    පිපිරුමේ ප්‍රබලතාවය හීරෝශිමා බෝම්බයෙන් 1/10 පමණ කියල සැලකෙන්නෙ. ඒ නිසා මේක න්‍යශ්ටික නොවන ලොකුම පිපිරුම් කීපයෙන් එකක්. ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750 ක් පුපුරා ගියා කියා සැලකෙනව. කිලෝටන් 1.2-1.5 පමණ පිපිරුමක් කියල කියන්නෙ.
    ලෙබනන් වාසින් 157 ක් දැනට මියගියා කියා හිතනව. 5000 කට වඩා තුවාලයි. 300000 කට වඩා නිවෙස් අහිමියි. මුලු පාඩුව ඩො බි 15 ක් කියල කියන්නෙ. ඒ ලෙබනනයේ දදේනි යෙන් 1/4 ක්. මේ අනතුර වෙන්නෙ ඉතාම අසාර්තක ආර්තිකයක් නිස බේල් අවුට් අරගෙන ණය සහ පොලි ගෙවමින් උන්නු ලෙබනනයට ඊටත් පස්සෙ ආපු කෝවිඩ් 19 නිසා සම්පුර්නයෙන්ම වගේ ආදායම් අහිමි වූ තත්වයක. හොස්පිටල් වල බෙහෙත් හා උපකරණ හිගයන් එන්නෙ 2018 සිට, ඒව කෝවිඩ් 19නිසා වඩාත් තීව්‍ර වෙද්දි තමා මේක වෙන්නෙ. ඒ නිසා සෞඛ්‍ය සේවකයින් කියන්නෙ පිපිරුමෙන් වැඩි පිරිස මැරෙන්නෙ එතන නෙවි හොස්පිටල් වල කියල බේත් නැතුව.

    පිපිරුම වෙන තැන අල්ලපු බිල්ඩිම ලෙබනනයේ ජනයාට කන්න ආහාර එක් රැස් කල ධාන්‍යාගාරය, ඒකෙ තිබ්බ ධාන්‍ය වසරකට පමණ කන්න පුලුවන් කියල කියනව. ඒක සම්පුර්නයෙන් විනාශයි. අයිරොනිකලි මේ ධානය් පිටරටින් ගෙන්වන්නෙ ලෙබනන ගොවියාට සහන සලසා දෙන අමාරු නිසා, ඒත් ඒ ගොවියාට ඕනෙ ප්‍රධානම දේ පොහොර. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ පොහොර නිපදවන්න පුලුවන් ද්‍රව්‍යයක්. අවු හයක් ආන්ඩුවෙ ආයතන ඔට්ටු සෙල්ලම් කරමින් උන්නු වෙලාවෙ මේ පෝර ටික බෙදල දුන්නනම් සමහරවිට ඔච්චර ධාන්‍ය ආනයනය කරන්නෙ නැතුව ඉන්නත් තිබ්බ.
    තව කතාවක් තමා, හාබර් එකේ ගින්නක් හටගෙන ගින්න එක්ස්ප්ලෝසිව් දිහාට එනකොටවත් කිසිවෙක් මිනිස්සු ඉවකුවේට් කර නෑ. ඒ තියා ගින්න නිවන්න එවල තියෙන්නෙ ගිනි නිවන්නන්/නිවන්නියන් දහ දෙනයි, උනුත් මේක ගැන දැන උන්නු බවක් පේන්නෙ නෑ උන් එතනම ආසන්නයෙ ඉදල තියෙන්නෙ. උන් ගැන කිසිම ශේශයක් හොයන්න නෑ.

    රාජ්‍ය අන්ශය, බියුරෝක්‍රසිය කෙතරම් විකෘති ලෙස හැසිරෙන්න පුලුවන්ද කියන එකට පට්ට උදාහරනයක්. දැන් ලෝකෙ පුරාම ආධාර එකතු කරනවා ලෙබනනනයට....

    පස්සෙ හොයා ගත්ත තවත් කතාවක් තමා, මේ ඇමෝනියම් නයිට්‍රේට් අයිනෙම තව ස්ටොක් එකක් ගහලලු ෆයර්වර්ක්ස්. ෆයර්වර්ක්ස් පුලුරන එක ඇමෝනියම් නයිට්‍රේට් වල පිපිරීමට උත්ප්‍රේරකයක් වෙනව.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,451
    113
    බොම්බ්බයට අවශය බඩු ටික ගානට සෙට් වෙලා තියෙනවා . මේකට තමා කරුමය කියලා කියන්නේ
    I believe it's possibly bad luck. Initially I thought it was Hezbollah. They are the masters of Ammonium Nitrate explosives. In several countries Hezbollah agents used this method before. I commented on this in other threads. The ship story appears to be true.
    Ammonium Nitrate doesn't necessarily explode on it's own. That's a little odd but has happened before, given the suitable initial conditions.

    https://elakiri.com/threads/breaking-news-big-explosion-in-beirut.1947712/page-4#post-25566889
     
    • Like
    Reactions: D_Mad and RLT4U

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලෙබනනයේ ඇමතිවරු 2ක් ඉල්ලා අස්වෙලා ඔකට
    අපෙ ප%&$ ටික කොහොමද හිටියෙ
     
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    Igor Grechushkin – Russian Businessman

    Igor-Grechushkin-Russian-businessman-linked-to-Beirut-explosion.jpg

    මෙන්න ඩෑල් එක..උඹලගෙත් ඉන්නවා ද ලක්සෙට කොඩිය දාගෙන ඉන්න ගූ හිඟන්නෝ.පරිස්සම් වෙයන්.
    NINTCHDBPICT000600170689-1.jpg

    ඌටම හරියන ගෑණි

    rhosus.jpg


    Port charges නැතුව නැවේ හිරවුණ සේවකයෝ
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,451
    113
    Igor Grechushkin – Russian Businessman

    View attachment 88939
    මෙන්න ඩෑල් එක..උඹලගෙත් ඉන්නවා ද ලක්සෙට කොඩිය දාගෙන ඉන්න ගූ හිඟන්නෝ.පරිස්සම් වෙයන්.
    This guy supposedly abandoned the ship that transported the Nitrate back in 2013....
     
    • Like
    Reactions: D_Mad

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නැවේ අයිතිකාරයා සීනිගම ඇවිත් පොල් ගහලා කියලා හිතෙන්නේ නැත්ද
    :yes:
     
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    mata meka kiyewwahama pasku praharaya mathak une.
    ජෝර්ජියා ඉඳන් මොසැම්බික් ඇ.නයිට්‍රේට් යවන්නේ පුපුරණ ද්‍රව්‍ය හදන්න නම් , මේකා රුසියානු ආයුධ ජාවාරමෙක්. ආපහු මේවා බෙරගන්න නැතිව ඉන්න ඇත්තේ නැවවත්, බඩු වත් මුගේ නෙවේ හින්දා හෝ මිනිහා බන්කොලොත් වෙලා.

    ලෙබනන් කස්ටම් එවුනුත් ලංකාවේ කස්ටම් කාක්කෝ වගේ ඇති. බඩු නිදහස් කරන්න පගාව වැඩි කර කර ඉල්ලන්න ඇති.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,451
    113
    ජෝර්ජියා ඉඳන් මොසැම්බික් ඇ.නයිට්‍රේට් යවන්නේ පුපුරණ ද්‍රව්‍ය හදන්න නම් , මේකා රුසියානු ආයුධ ජාවාරමෙක්. ආපහු මේවා බෙරගන්න නැතිව ඉන්න ඇත්තේ නැවවත්, බඩු වත් මුගේ නෙවේ හින්දා හෝ මිනිහා බන්කොලොත් වෙලා.

    ලෙබනන් කස්ටම් එවුනුත් ලංකාවේ කස්ටම් කාක්කෝ වගේ ඇති. බඩු නිදහස් කරන්න පගාව වැඩි කර කර ඉල්ලන්න ඇති.

    Rhosus.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Igor Grechushkin – Russian Businessman

    View attachment 88939
    මෙන්න ඩෑල් එක..උඹලගෙත් ඉන්නවා ද ලක්සෙට කොඩිය දාගෙන ඉන්න ගූ හිඟන්නෝ.පරිස්සම් වෙයන්.View attachment 88941
    ඌටම හරියන ගෑණි

    View attachment 88942

    Port charges නැතුව නැවේ හිරවුණ සේවකයෝ
    ithin bn ekata mu palida?Lebanon walath lankawe wagema chora system ekakneda thiyenne?
     

    AnuradhaRa

    Well-known member
  • ජෝර්ජියා ඉඳන් මොසැම්බික් ඇ.නයිට්‍රේට් යවන්නේ පුපුරණ ද්‍රව්‍ය හදන්න නම් , මේකා රුසියානු ආයුධ ජාවාරමෙක්. ආපහු මේවා බෙරගන්න නැතිව ඉන්න ඇත්තේ නැවවත්, බඩු වත් මුගේ නෙවේ හින්දා හෝ මිනිහා බන්කොලොත් වෙලා.

    ලෙබනන් කස්ටම් එවුනුත් ලංකාවේ කස්ටම් කාක්කෝ වගේ ඇති. බඩු නිදහස් කරන්න පගාව වැඩි කර කර ඉල්ලන්න ඇති.

    ටොපියක් කියල බෝම්බයක් කටේ දාගත්ත
    හොඳ වැඩේ පක්කුන්ට
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කට්ටියට මතකත් නැතුව ඇති ලංකාවේත් හිතාමතාම ඔහොම දෙයක් කරලා ඉතුරු ටික මුහුදටත් දැම්මා
    :lol::lol::lol:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    බොම්බ්බයට අවශය බඩු ටික ගානට සෙට් වෙලා තියෙනවා . මේකට තමා කරුමය කියලා කියන්නේ
    කරුමෙ නෙමෙ බන් ඕක කාගෙ හරි පට්ට ප්ලැන් එකක්.අවුරුදු 6ක් යද්දි ඕක ප්‍රසිද්ද රහසක් වෙන්න ඇති