මම අවකලනය තේරුම් ගත්ත විදිය

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    Riemann_Integration_and_Darboux_Lower_Sums.gif

    මේක බලන්න.
    දිග පටියක වර්ගපලේ ලේසියෙන්ම හෙව්වෑකිනෙ. දිගxඋස
    වක්‍රයක වර්ගඵලය හොයන්න මේ විදිහට පටි ගොඩක් ගහල පුලුවන්. පටි ගාන වැඩිවෙන්න වැඩිවෙන්න වක්‍රයෙ වර්ගඵලේට ආසන්න උත්තරයක් එනව.
    අනුකලනය කියන්නෙ ඒ වගේ පටියක පලල 0ට ආසන්න කරනව. එතකොට පටි අනන්තප්‍රමාණයක් එනව. අනුකලනෙදි ඒ පටි ඔක්කොගෙම වර්ගඵලේ එකතු කරනව. එතකොට එන්නෙ හරියටම වක්‍රයෙ වර්ගඵලය :yes:
    ඔය අදහස තේරෙනවා සමහර කොටස් වලදි අවුල් වෙනවා..බින්න භාග එහෙම එනකොට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාලය 0 ට ගියාම වේගය අනන්තය වෙනවනේ; ඒකට විකල්පය තියනවද? ;)

    කාලය 0ට යද්දි යන දුරත් 0ට යනව :yes:
    එතකොට එන්නෙ 0/0 වගේ එකක්. එතකොට අනන්තයක් නැතුව වෙන උත්තරයක් එන්න පුලුවන්.
    සීමාව කියල එකක් තියෙන්නෙ ඒකට :yes:


    ඔය අදහස තේරෙනවා සමහර කොටස් වලදි අවුල් වෙනවා..බින්න භාග එහෙම එනකොට

    බින්න බාග ගන්නෙ ඉතිං අනුකලන සුලු කරද්දි ලේසි වෙන්න. අනුකලනය කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න ඒක අත්‍යාවශ්‍ය නෑ. ඒව සුලු කරන technique එකක්.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    කාලය 0ට යද්දි යන දුරත් 0ට යනව :yes:
    එතකොට එන්නෙ 0/0 වගේ එකක්. එතකොට අනන්තයක් නැතුව වෙන උත්තරයක් එන්න පුලුවන්.
    සීමාව කියල එකක් තියෙන්නෙ ඒකට :yes:
    සුපෙර් මැසිව් බ්ලැක් හෝල් එකක් ඇතුලේ කාලය 0 උනාට දුර 0 වෙන්නේ නෑනේ; එත්කොට අවකලනය බොරු වෙනවනේ? :P
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    හපොයි....මගෙ ඔලුවත් එක්ක රිදෙනව...මේ පයිය බලන්නෙ නැතුව ඉන්න තිබ්බෙ...ගණන් ආසම නැති විෂය...පේල්...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුපෙර් මැසිව් බ්ලැක් හෝල් එකක් ඇතුලේ කාලය 0 උනාට දුර 0 වෙන්නේ නෑනේ; එත්කොට අවකලනය බොරු වෙනවනේ? :P

    maths කියන්නෙ භෞතික ලෝකෙට අදාල දෙයක් නෙමේ. වේගය හොයන්න අවකලනය කරනව කියන්නෙ ඒක අවකලනයේ භාවිතයක් විතරයි. නැතුව අවකලනය රඳා පවතින්නෙ අවකාශයේ ස්වභාවය මතවත්, කාලයේ ස්වභාවය මතවත් නෙමේ. අවකලනයේ කරන්නෙ භෞතික ලෝකය ගැන කිසිම දෙයක් නොසලකා විචල්‍යයක් තවත් විචල්‍යයක් සමඟ වෙනස් වීම සැලකීමක්. singularity එක ගණිතයට අදාලම නෑ.
     
    • Like
    Reactions: Boomslang