මම කලින් ත්රෙඩ් එකක් දැම්මා නේ බන් මම අද අද නංගිගේ අවුට්ලෑන්ඩර් එක එලෙව්වා කියලා... (ගිය සතියේ අලුතෙන් ගත්තේ වාහනේ) හවස අම්මා ඇවිත් කියනවා තාත්තා අඬ අඬ හිටියලු කාමරේට යනකොට.. මම ඇහුවා ඇයි කියලා... තාත්තට මම ඉන්න තත්වෙයි නංගි ඉන්න තත්වෙයි මතක් වෙලා ඇඬිලා බන්... මම වචනේ පරිසමාප්ථ අර්ථයෙන්ම අනාථයෙක් මචන්ලා.. එක සතයක් උපයන්නේ නෑ... මට කියලා එක සතයක් මට නෑ මචන්ලා.. මෝඩයෙකුත් නෙමේ.. ඉගෙන ගත්තට ඒවා සම්පූර්ණ කර ගන්නත් බැරි උනා... (IT programming)
අත දෙන්න කෙනෙකුත් නෑ මචන්ලා.. ඒකයි මම මේවා එළකිරි එකේ දාන්නේ හිතේ දුක නිවෙන්න.. නැත්නම් මටත් වෙන්නේ ජීවිතෙන් සමු ගන්න.. තාත්තට සතුටු ඇති නංගි අද ඉන්න තත්වේ ගැන.,... ඒත් මට බැරි උනා මචන්ලා මගේ ජීවිතේ ගොඩ දා ගන්න.. ගොඩ යන්න.. i am a failed MAN මචන්ලා.. දෙමව්පියන්ට සතුටක් ගෞරවයක් වෙන්න මට බැරි උනා..