මම ගමේ බයියෙකි.

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
මම ගමේ බයියෙකි.

මම ගමේ බයියෙකි.
මම මහින්දට පමණක් කඩේ යමි.
ඒ මට යුද්ධය තිබූ අතීතය මතක නිසාවෙනි.
එසේම මහින්දගේ තිබූ මනුස්සකම සහ රටේ සංවර්ධනය සියැසින් දුටු නිසාවෙනි.
කොළඹ හැම කහ ඉරක් උඩම කලර් ලයිට් හදන එක සියසින් දුටුවෙමි..
ගමේ ගොඩේ ඇති කිසිම දේශපාලකයෙකුගේ ඇස නොගැටුණ පාරවල් කාපට් වුන හැටි සියසින් දුටුවෙමි...
සිතුවේවත් නැති හයි වේ සහ කොළඹ ලස්සන කිරීමට ගොඩ නැගු ෆ්ලොටින් මාකට්,ආකේඩ්,නාවල උයන,ඇතුළු කුණුගොඩක් වී තිබුන පිටකොටුව නහය ඇරගෙන බේරේ වැව ලඟින් බහින්නට හැදුව හැටි සියසින් දුටුවෙමි..
ගෝල්ෆේස් එකේ සිට සියලුම පේමන්ට් අලුතෙන් සාදා දියත උයන සහ වෝටර්ස් ඒජ් ඇතුළු ගුවන් පාලම සාදා ට්‍රැෆික් අඩු කර රට හිතා ගන්නට බැරි විදියට දියුණු වන හැටි සියැසින් දුටුවෙමි...
මට දේශපලනය වැදගත් නැත.
ඔහු හොරකම් කල යැයි කියන ගාණ ප්‍රශ්ණයක් නැත.
යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු.යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු
ජනවාරි 9 වෙනිදාට පසුවත් සැපට කා බී නොසිටියෙමු.
මා මේ රටේ කියා නිමකල නොහැකි සංවර්ධනයට ආස කරෙමු.
සිංගප්පුරුව සියැසින් දැකගත් මා අපේ ලංකාවත් කොලඹත් එසේ වෙන හැටි දවස තිස්සේ බලා සිටියෙමු.
මම රටට ආදරේ මනුස්සයෙක්ට ඡන්දය දෙමි.එසේම ආදරය කරමි.
එය මාගේ බොලඳ කමක් නොව මා මේ රට වෙනුවෙන් රටේ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන මිනිහෙක් පැමිණෙන තුරු මග බලාගෙන සිටි මේ රටේ සුලුතර ජනතාවගෙන් කෙනෙක් වූ නිසාවෙනි.
රට පාවා නොදෙන කෙනෙක් ඇත්නම් ඒ මහින්ද පමණි.
මෛත්‍රි ජනපති වුන එක ගැන දුකක් නැත.
ඒත් මේ රටේ අගමැති විය යුත්තේ මහින්ද පමණි.
එවිට මට දින 100 තුල දැකිය නොහැකි වු යහපාලනය හා රටේ සංවර්ධනය දැකිය හැකි වනු ඇත.
දින 185 ක් ඇතුලතදී කෝටි 750 කට බැදුම්කර මගින් කෙළවු ආණ්ඩුවක් අපිට තිබුණු එකේ අවුරුදු 12 කට ම මහින්ද විසින් කිසිදු හොරකමක් කරපු බව ඔප්පු කරගැනීමට නොහැකි වූ එකේ ඔහු කෝටි 1000 ක් හොරකම් කරත් මා ඔහුට වැරද්දක් නොකියන්නේ එය මේ රටේ දියුණුව බලා සිටීමට නොහැකිව ගෙතු කතා නිසාය...
මේ දින 165 තුල රට පාවාදීම් රැසකට මුහුණ දුන්හ...
කොටි යලි නැගිටින හැටි නිවුස් සයිට් වල දුටුවෙමි..
LTTE කොටි නායිකාවන් නිදහස් කරද්දී රණවිරුවන් පෝරකයට දක්කන හැටි දුටුවෙමි
අලුතින් ජනාධිපති කෙනෙක් සහ ඔහු විසින් පත්කරනු ලැබූ UNP ආණ්ඩුවක් මම දුටුවෙමි...
නමුත් මේ දින 185 ඇතුලත මහින්ද හදපු ඒවා විවෘත කරා මිසක් මේ රටේ කිසිදු දියුණුවට පාර කැපීමක් දුටුවේ නැත...
මහාමාර්ග දෙපාර්තමේන්තුවේ දහසකට රැකියා නැති කරමින් ඔවුන් උපවාස උද්ඝෝෂණ කරන හැටි දුටුවෙමි...
වෙනසක් කරමු යයි ගෙන්වූ ආණ්ඩුව විසින්ද කොල්ලුපිටියේදී කැම්පස් ළමයින්ට එලව එලවා ගහන හැටි සියැසින් දුටුවෙමි...
වෙනසක් කරමු යයි ගෙන්වා ගත ආණ්ඩුව විසින් හමුදාපති ෆීල්ඩ් මාෂල් කරද්දී අනෙකුත් නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සහ ආරක්ෂක ලේකම්වරයාව හිරේට දක්වන්නට පොලිසි ගානේ සහ FCID එක ගානේ දක්කාගෙන යන හැටි දුටුවෙමි...
මට වෙනසක් අවශ්‍ය නැත...ඒ වෙනස කරනවා නම් මේ මාස 6 හොඳටම ප්‍රමාණවත්ය...
යලිත් මේ රට සංවර්ධනය කරා ගෙනියමින් රණවිරුවන් ආරක්ෂා කරමින් ජාත්‍යන්තරයට යට නොවෙමින් රැජින මේස් ගලවනු ලැබූ එක ගැන ආඩම්බරයෙන් නොකියන අපේ රටේ රණවිරුවන් ගැන ආඩම්බරයෙන් කියවන ඒ මහින්ද රාජපක්ෂ වෙත මම මගේ මුළු ගෞරවය දක්වමි...
අනිත් පැත්තෙන් මා විශාල වශයෙන් කැමැත්තෙන් ඇත්තේ මහින්ද යලි ආවොත් තමන්ට එරෙහිවූ මර්වින් සිල්වා දුමින්ද සිල්වා රාජිත සේනාරත්න sb dissanayake වැනි ජඩ ඇමතිවරුන් හා රවි කරුණානායකලා වැනි රජ හොරු එක එකා සුද්ධ කරනු බැලීමයි
 
  • Like
Reactions: kaushala1988

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දේශපාලනයේ කාට හරි කඩේ යන්නේ කොන්ද පණ නැති නිකම්මු..රට ගැන හිතලා කඩේ යනවා කියන එක විහිළුවක්..රට ගැන හිතුවා නම් යන්න තිබ්බේ යුද්දේ තියෙන කාලේ යුද්ධෙට.