මම ගැන.... අනේ මන්දා බන්
මචන්ලා මම ගැන කියනවා නම් මම පොඩි කාලේ ඉදලා වැඩිය කතා කරන්නේ නැති කෙනෙක් . ඉස්කෝලේ උනත් ලගින් ෆීට් එකේ හිටියේ යාලුවෝ කිහිපදෙනෙක් විතරයි. මාව නිකන් ගනන් ගන්නේ නෑ වගේ සීන් එකක් දැනිලා තියෙනවා. මගෙන් වාසියක් බලාගෙන නම් කට්ටිය එනවා. ඒ දේ ගත්තම මං හිටිය තැනමයි. මමත් ආසයි අනිත් අය වගේ කැපිලා පේන්න වගේ හැමෝම ගනන් ගන්න තත්වෙට ඉන්න. ඉතිං මම පන්තියේ දගලල ඉන්න යාලුවෝ සෙට් එකට සෙට් වෙන්න ගහින් උන් එක්ක ඉන්නකොටත් මාත් එක්ක වැඩි කතා නෑ. මම දෙයක් කිව්වත් උන් ගනන් ගන්නේ නැති සීන් එකක් තිබ්බේ. සමහර වෙලාවට සෙට් එකේ කවුරැ හරි තනියම හම්බ උනාම නම් ඉතිං කතා කරනවා. ඒත් තව අපේ කවුරුහරිි ආව වෙලාවට මාත් එක්ක කතාව නතරවෙලා ආව එකා එක්ක හිටිය එකා කතාව පටන් ගන්න සිද්ධි තමා ගොඩක් වෙලාවට උනේ ඉස්සර. මම 1 වසරේ ඉදලා 13 වෙනකන් එකම ඉස්කොලෙක හිටියට අනිත් උන්ට වගේ තැනක් තිබ්බේ නෑ . ( ටීචර්ලා , ළමයි අතරේ)
තව දෙයක් කාගේවත් හිත රිද්දන දේවල් කියන්න හෙනම අකමැතියි. අනික තමා මම පොඩි දේත් ගොඩක් හිතනවා.
මට කවුරැ හරි බැන්නොත් එහෙම මං දවසෙම ඒක හිතෙනවා. ( මම හිතිං ඒක කරපු එකාට ගහනවා , වාහනේකින් හප්පනවා වගේ මවා ගන්නවා. ඇත්තට කරන්න යන්නේ නෑ)
පාරේ බයික් එකේ යද්දි හරි මගෙන් පොඩි වරදක් වෙලා බැන්නත් මට හෙන අවුල්, තනියෙන්ම හිටියොත්ම මම කතාවට වැඩිය යන්නේ නෑ ඒ කේස් වලදි .පොඩි බයක් වගේ හැගීමක් හිතට එනවා. බයක් කිව්වට අනේ මන්දා
ඒත් කාගේ හරි වරදක් දැකලත් මම කාටවත් බනින්නේ නැති හින්දද දන්නේ නෑ.
මම උදව් කරන්න ගිහින් බැනුම් අහපු වෙලාවල් තියෙනවා උන්ගෙන්ම ( වාහන වලට ඉඩ දීලා එහෙම) මම elakiri එකේ නූල් ගොඩක් කියවනවා. මට සමාජ භීතිකාව කියන එකේ ලක්ෂණ 90% තියනවා
මම මචන්ලා trip යන්න ආසයි. ඒත් යාලුවෝ එක්ක යන්න වැඩි කැමැත්තක් නෑ. මොකද උන්ට අනිත් උන් සෙට් උනාම මාව ගනන් ගන්නේ නෑ. එතකොට ඉතිං trip එක ආව මෝඩකම් කියලා හිතෙනවා. යනකන් ඉතිං පට්ට ආසාවෙන් යන්නේ. ගිහන් අරම උනාම පට්ට අවුල්. එහෙම උන අවස්ථා කිහිපයක්ම තියෙනවා. මම එහෙම ගිහින් යාලුවෝ ටිකට විහිලුවක් කලත් වැඩිය ගනන් ගන්නේ නෑ .මම උන්ගේ ෆොටෝ හොදට ගත්තත් මගේ එකක් ගන්න එකෙක් අමාරැවෙන් හොයා ගන්නේ. ගත්තත් ඕනවට එපාවට තමා.
මට කෙල්ලෙක් හිටියා. මම එයා එක්ක තමා ඇවිදින්න යන්න ආස. මොකද අපි දෙන්නා විතරක් නිසා . එයා මාත් එක්ක හොදට කතා කරනවා, විහිලු කරනවා, මගේ ෆොටෝ ගන්නවා වගේ සැලකිලි තියෙන නිසා.
දැන් ඒ සම්බන්දේ නෑ ප්රශ්නයක් නිසා.
ආපහු කෙල්ලෙක් හම්බුනාම ගොඩක් ඇවිදින්න ආස තැන් වල යන්න හිතං ඉන්නවා මම
හිතේ තියෙන දේවල් ටික දැම්මේ මේ නූලේ... උබලට ඉතිං මොනා හරි හිතෙනවා නම් කියල හරි පලයන්