මම තනියෙන් බීලා ආතල් ගන්නෙ නෑ.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මම තනියෙන් බීලා ආතල් ගන්නෙ නෑ.....

    jayalal+rohana.jpg


    01.මේ වෙද්දී ජයලාල් අයියට තියෙන හොඳම ආතල් එක මොකක්ද?
    එළැඹෙන ඡන්දේ තමයි ඉතින් ආතල්ම දේ. මම මේ බලන් ඉන්නේ මොනවා වෙයිද කියලා.

    02.ඒ කිව්වේ?

    ඇයි අනේ... මේ පාරත් තව බූරුවෝ ඉන්නවද කියලා හරියටම ඔප්පු කරගන්න පුළුවන්නේ. මේ ඉන්න අයම පත් වුණොත් ඉතින් ඔප්පු වෙනවා ඉන්නේ බූරුවෝ නෙවෙයි පොල් බූරුවෝ කියලා.

    03.ඉන්න අය ආතල් නැද්ද?

    ඉන්න අයට නෙවෙයි. මේ කාලකණ්ණි විදියටයි අකැමැති. මුල ඉඳන්ම උඩු යටිකුරු වෙලානේ තියෙන්නේ. පිස්සු තමයි වැඩිපුර කෙළින්නේ නේද?

    04.දැනෙන විදියට පරම්පරා ගැටුමක් තියෙනවද?

    පරම්පරා ගැටුමක් ලෝකයේ නැහැ. ලොවේ කොයි රටකට ගියත් එහෙම එකක් නැහැ. පරණ දේවල් නැති වෙලා අලුත් දේවල් සිද්ධවෙන එකයි වෙන්නේ. ලංකාවේ ඉතින් ඕකට පාවිච්චි කරන්නේ ඔය වචනේනේ. මේක මේ රටේ අධ්‍යාපනයේ වරද. අලුතින් හිතන්න උගන්වන Subject එකක් මේ අධ්‍යාපන ක්‍රමයේ නැහැනේ.

    05.එහෙනම් ඇයි තරුණ පරම්පරාව නිතරම වැඩිහිටියන්ට චෝදනා කරන්නේ 'අපේ ආතල් කඩන්නෙපා' කියලා?

    බාල අපස්මාරය හැදිලා තියෙන්නේ කියලා පිළිගන්න ඕනෑ එයාලා. මේක මේ Half boil Culture එකක් තියෙන රටක්නේ. මේක දූපතක්නේ. වෙන රටවල් එක්ක සබඳතා අඩුයි. මේ රටින් පිට ගිහින් බලලා එන්න ඕනා. අපි එහෙම ඕනතරම් යන නිසා අපි නම් දකිනවා වෙන රටවල මෙහෙම වෙන්නෑ කියලා.

    06.මෙගා නාට්‍ය නිසා මිනිස්සුන්ගේ ආතල් කැඩුණා නේද?

    මෙගා නිසා මෝඩයන්ට ආතල් වැඩියි. බුද්ධිමත්තු ඉතින් බලන්නේ නෑනේ. ජොලියට පුන්නක්කු කන උන් ඒව බලලා හරි ආතල් කියනවා.

    07.අයියට ආතල් වේදිකාවද ටෙලි නාට්‍යද?

    අම්මෝ.... වේදිකාව. මුළු ජීවිතයක් පෝෂණය කරන්න තරම් දේවල් එහි තියෙනවා.

    08.මොනවාද වේදිකාව නිසා ගත්තු ආතල්?

    වේදිකාව නිසා තව තවත් හොඳට ඉගෙන ගන්න ඕනෑ කියලා තේරුණා. මනුස්සකම ඉගෙන ගත්තා. කුඩුකාරයෝ කුඩු කන්ටේනර් පිටින් ගේන්න ආසයි වගේ තමයි මට වේදිකාව නිසා ඉගෙන ගන්න ආසාව වැඩි වුණා. ඒත් අපේ රටේ ගොඩක් උන්ට නම් ඉතින් විභාග අසමත් වුණත් කමක් නෑ. තාත්තා කුඩුකාරයෙක්, හොරෙක් නම් වෙන රටකට හරි යවලා උගන්නලා කොහොම හරි උපාධියක් අරන් දෙනවානේ නේද?

    09.කලා ක්‍ෂේත්‍රය තුළ ආතල් නැති කරගත්තු අයත් ඉන්නවාද?

    ලංකාවේ කලා ශිල්පියෝ අඩුයි. ඉන්නේ නළුවෝ සහ නිළියෝ. එයාලා මාර තොගයක් ඉන්නවා. නමුත් ශිල්පියෝ ඉන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. දැන් ශිල්පියෝ නෑ. ඉන්නේ පෙනී සිටින අයනේ. ගීත ගයන අය නෑ, ඉන්නේ සින්දු කියන අය. චිත්‍ර ශිල්පියෝ නෑ, ඉන්නේ චිත්‍ර අඳින අය. ඒවා ගැන හිතද්දී හරි දුකයි අපිට. ඒවා හිතෙනකොට නැතිවෙන්නේ මගේ ආතල් තමයි ඉතින්.

    10.තව මොනා නිසාද ආතල් නැති වුණේ?

    අනේ නෑ... මං ඉන්නේ හරි ආතල් එකේ. ගොඩක් අය තනියෙන් බීලා ආතල් ගන්නවා. මම එහෙම බොන්නෙ නෑ. මට එහෙම ආතල් එකක් නැහැ. ගොඩක් වෙලාවට මට මගේ මිත්‍රයෝ පෞද්ගලිකව කතා කරනවා එහෙම ආතල් ගන්න. නමුත් මම යන්නේ නැහැ. මම කරන්නේ මගේ ගෙදර පුස්තකාලේ වටා පොත්පත් එක්ක සවාරි යන එක. ඒක තමා මගේ ලොකුම ආතල් එක. සමහර දේවල් ගැන හිතද්දී පිස්සුත් හැදෙනවා. මම උසස් පෙළට නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරයෙක්. මම නුගේගොඩ, ගම්පහ පන්ති කරනවා. දැන් අවුරුදු 30ක් විතර වෙනවා. එහෙම මම උගන්වපු මගේ ගෝලයොත් දැන් නාට්‍ය හා රංග කලාව උගන්වනවා. සමහරු උසස් පෙළ සමත් අය, අසමත් අයත් උගන්වනවා. මේ අය නිකන් ජනප්‍රිය මෝස්තරයේ ප්‍රචාරයක් දුන්නම ළමයි පෝලිමට පන්ති යනවා. ඉතින් ඒ තරම් ආතල් එකක් මට තවත් නැහැ නේද?

    11.නළු නිළියෝ දේශපාලනයට එන එක ගැන මොකද හිතන්නේ?

    ආතල් වැඩිවෙනවා. පිස්සෝ බල්ටි ගහන එක වැඩිවෙනවා. මහ මිනිස්සුන්ට තමයි දැන් පිස්සු හැදීගෙන එන්නේ. වෙනස් නොවුණොත් මුළු රටේම පිස්සෝ වැඩිවෙන එක තමයි වෙන්නේ.

    12.ලංකාවේ මාධ්‍යවලින් මිනිස්සුන්ට දෙන ආතල් ගැන සතුටුද?

    මුලින්ම මේ මීඩියාවල ඉන්න උන්ව පාසල් යවලා උසස් පෙළ කරවන්න ඕනෑ. ලංකාවේ තියෙන්නේ මීඩියා නෙවෙයි මාෆියානේ. පත්තරවල නම් ඒක ගොඩක් අඩුයි. ඉතින් ඒකත් මාර ආතල් නේද?

    13.අධ්‍යක්ෂවරයාගෙන් ටෙලි නාට්‍ය නිළියත් සමඟ සල්ලි ඉල්ලලා ආතල් ගන්න අපේ රටේ සමහර ඇමැතිලා ගැන මොකද හිතෙන්නේ?

    මේක ඉතින් මේ ප්‍රසිද්ධ රහසක්නේ. ඉස්සර නම් 50,000යි ඉල්ලුවේ. දැන් ඊටත් වැඩිය ඉල්ලනවා. ඒ මදිවට නිළියටත් බුදියන්න වෙනවා. මෙහෙම වෙද්දි හිතෙනවා මේ ටික කරව ගන්නද ඡන්දේ දුන්නේ කියලා. ජාතික මට්ටමේ තියෙන නාළිකාවල පවා පෙන්වන්නේ සත පහකට වැඩක් නැති නාට්‍ය. අර දෙක දීලා ඕන ජරාවක් දාගන්න පුළුවන්නේ. මං කලිනුත් කිව්වේ රංගන ශිල්පිනියෝ නැහැනේ. ඉන්නේ පෙනී සිටින නිළියොනේ. එයාලා ඉතින් අර කියන ඇමැතිගේ සගයා එක්ක බුදියලා ටෙලි නාට්‍ය දාගන්නවා. අපේ පොල් බූරුවොත් ඉතින් සාලේ මැද්දට වෙලා ඉඳගෙන හරි ඊධන කියලා බලනවා. 1945දී බර්ටෝල් බේ‍රෂ්ට් හරි ලස්සන කතාවක් කිව්වා. අපේ රටට අවශ්‍ය දේශපාලකයෝ නෙවෙයි. මොළේ ඇති මිනිස්සු කියලා. ඒ ටික තෝරගන්න එක තමයි ආතල්ම වැඩේ.

    14.මේ තියෙන ඨොප් එක වෙනස් වෙන්න නම් මොනවද කරන්න ඕනෑ එහෙනම්?

    මං කියන්නේ හොඳ විශාල භූ පැල්මක් ඇති වෙන්න ඕනෑ...

    15.භූ පැල්මක්?

    ඔව්... විශාල එකක්. ඒක ඇතිවෙන්න ඕනෑ පාර්ලිමේන්තුව මැද්දෙන්. අපේ මැති ඇමැතිවරු සභා ගර්භයේ ඉද්දි තමයි මේ භූ පැල්මෙන් පාර්ලිමේන්තුව දෙකඩ වෙන්න ඕනෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුව ගිලෙනවා. පස්සේ ආයෙත් පොළවෙන් වැහෙනවා. ඒක මගේ හීනයක්. මුළු රටේම අයගේ හීනෙත් ඕකම තමයි. එයාලා කියන්නේ නැහැ. නමුත් මං කියනවා. ඒක වෙයි කියලා හිතනකොටත් මට මාර ආතල් අනේ.

    16.අපෝ... ඕක ඇතුළේ ඉන්න අය හදපු හයිවේ.. එතකොට දාන්න ඉන්න කැසිනෝ... ඒවා අපරාදෙනේ... ආතල් සේරම ඉවරයි නේද එහෙම වුණොත්?

    හයිවේ වැඩි වෙලා වැඩි වෙලා මේක අන්තිමට ඉඳිආප්පයක් වගේ තියෙයි. එතකොට ශ්‍රී ලංකාව හයි වේ නිසා ඉඳිආප්පයක් වගේ වෙයි. මිනිස්සුන්ට කරන්නම දෙයක් නැති වෙයි. එහෙට මෙහෙට යන්නයි එන්නයි විතරක් තියෙයි. සාමාන්‍ය මිනිහෙක්ට පුළුවන්ද ඔය හදපු හයිවේවල උදේ හවා වැඩට එන්න. මාසේ පඩියක් මදි ඒකට ගෙවන්න. ඒ මිනිස්සුම ඉතින් හයිවේ මාර ශෝක් කියනවා. ඕවත් විශ්වාස කරන පොල් බූරුවෝ ඉන්නවානේ නේද?


    Lanka team.(f.b)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඒ බන් මම හිතුවේ මේ අපේ ඉබ්බ සහෝ ගැන කියලා:rofl::D

    title එක දැක්ක ගමන් ටැපලුනා:sorry::yes::cool::dull:
     
    • Like
    Reactions: mjayanatha

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උදේ කෑමට කලින් බඩ පිරුනා. තැන්ක්ස් මචන් ශෙයා කලාට.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සාමාන්‍ය මිනිහෙක්ට පුළුවන්ද ඔය හදපු හයිවේවල උදේ හවා වැඩට එන්න. මාසේ පඩියක් මදි ඒකට ගෙවන්න. ඒ මිනිස්සුම ඉතින් හයිවේ මාර ශෝක් කියනවා. ඕවත් විශ්වාස කරන පොල් බූරුවෝ ඉන්නවානේ නේද?


    Hats off
    sira kathawa :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව්... විශාල එකක්. ඒක ඇතිවෙන්න ඕනෑ පාර්ලිමේන්තුව මැද්දෙන්. අපේ මැති ඇමැතිවරු සභා ගර්භයේ ඉද්දි තමයි මේ භූ පැල්මෙන් පාර්ලිමේන්තුව දෙකඩ වෙන්න ඕනෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුව ගිලෙනවා. පස්සේ ආයෙත් පොළවෙන් වැහෙනවා. ඒක මගේ හීනයක්. මුළු රටේම අයගේ හීනෙත් ඕකම තමයි. එයාලා කියන්නේ නැහැ. නමුත් මං කියනවා. ඒක වෙයි කියලා හිතනකොටත් මට මාර ආතල් අනේ.
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඒ බන් මම හිතුවේ මේ අපේ ඉබ්බ සහෝ ගැන කියලා:rofl::D

    title එක දැක්ක ගමන් ටැපලුනා:sorry::yes::cool::dull:

    :D ela ban me manussaya ...... (y)

    mama dekapu supirima actor kenek..honda budhdhimatek..jaya wewa..

    උදේ කෑමට කලින් බඩ පිරුනා. තැන්ක්ස් මචන් ශෙයා කලාට.

    Niyama kathawa. Thanks for sharing

    +rep added


    elama buwek thama meya


    ela post eka


    patta kathawa

    සාමාන්‍ය මිනිහෙක්ට පුළුවන්ද ඔය හදපු හයිවේවල උදේ හවා වැඩට එන්න. මාසේ පඩියක් මදි ඒකට ගෙවන්න. ඒ මිනිස්සුම ඉතින් හයිවේ මාර ශෝක් කියනවා. ඕවත් විශ්වාස කරන පොල් බූරුවෝ ඉන්නවානේ නේද?


    Hats off
    sira kathawa :)

    ඔව්... විශාල එකක්. ඒක ඇතිවෙන්න ඕනෑ පාර්ලිමේන්තුව මැද්දෙන්. අපේ මැති ඇමැතිවරු සභා ගර්භයේ ඉද්දි තමයි මේ භූ පැල්මෙන් පාර්ලිමේන්තුව දෙකඩ වෙන්න ඕනෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුව ගිලෙනවා. පස්සේ ආයෙත් පොළවෙන් වැහෙනවා. ඒක මගේ හීනයක්. මුළු රටේම අයගේ හීනෙත් ඕකම තමයි. එයාලා කියන්නේ නැහැ. නමුත් මං කියනවා. ඒක වෙයි කියලා හිතනකොටත් මට මාර ආතල් අනේ.
    :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පට්ට බන්.. ගනේමුල්ලෙ ඉදල කොච්චියෙ යන්නෙ.. මූනට හම්බුනත් හිනාවේගන මයි යන්නෙ ඕන එකෙක් එක්ක.. පට්ට ඩයල් එක

    9Y7qmQ3.png