ගයාන්!
ඉස්සර වගේ නෙවෙයි
ඔබ දැන් හුඟක් වෙනස්
අකම්පිත යි ඔබ
අචංචල යි ඔබ
මට පෙනෙනවා - මට දැනෙනවා
ඔබේ සිතේ සන්සුන් බව
ඔබේ ඇසින් ගලා එනවා
ඔබේ සිතේ ඇති දයාව
ඔබේ ඇසින් ගලා එනවා
ඔබෙන් ඉගෙන ගන්ඩ ආසයි මම
යලිත් වරක්
නියම ම ගෝලයෙක් වෙන්ඩ
ගයාන්!
කියන්න මට
සොයා ගත්තා ද ඔබ සත්‍යය ?
සොයා ගත්තා ද ඔබ විමුක්තිය ?

