මම තාමත් ගින්දරේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම තාමත් ගින්දරේ

    1391221371072_Swalines.jpg

    අරෙහෙත් දැන්වීම් ,මෙහෙත් දැන්වීම් ,ලොකු ලොකු ඒජන්සිලු
    උබත් පලයන් කෙල්ලේ කිව්ව.., මෙහෙ ඉදන් මොනව කරන්නද?
    හොද රස්සා , ෂෙහ් කියල වැඩක් නෑලු...

    ඔය බෙල්ලෙ තියන ටික , අතේ තියන ටික ,අහ් , ඉඩමත් තියපන්
    අපුවාම ඕකත් බේරගෙන තව එකකුත් ගන්න බැරියැ
    ඔහොම කියල සේරමත් තිබ්බ

    ගෙයක් හදල , හ්ම් එතකොට වාහනයක්
    මට හොද හැන්ඩි කොල්ලෙකුත් කැමති වුනා. ගිහින් ඇවිත් මගේ ජීවිතේ මාරම ලස්සනයි. හොද පවුල් ජීවිතයක් ....

    ගුවන් යානය පාත්කරදි , පටි තද කරගන්න කියන සද්දෙට තමයි මගේ ඇස් ඇරුනේ

    අපි කෙල්ලො 20 විතර. ඔක්කොමත් එක්ක , ජොබ් දෙන තැනට කව්ද එක්කන් ගියා. මහ වස ගෑණු ජාතියක් වගේ , මොනවදෝ කථා කලා , තේරෙන්නෙත් නෑ , කාමරයක් පෙන්නල ඒ පැත්තට අත දික් කලා ,

    ඉංගිරිසි තේරෙන යාළුවෙක් කිව්වෙ , හෙට උදෙන්ම වැඩකරන තැනට එක්ක යනව , එතකන් ඉන්න කියල ,,

    පැයක් ගියේ නෑ , කව්දෝ දොර ඇරිය කාමරේ , අර හිටිය ගෑණි , තව කවුද පිරිමියෙක් එක්ක .....උනු දේ හිතා ගන්න බැරිවුනා ,

    මිනිහව කාමරේට දාල දොර වැහැව්වා ..
    ඊට පස්සෙ වුනු දේවල් , මේ ලෝකෙ කිසිම කෙනෙක්ට වෙන්න එපා ,

    මම හිතුවෙ උදේට හරි වැඩ කරන්න පුලුවන් වෙයි කියල ......
    ඒත් දැකපු හීන එකින් එක එකින් එක , බිදිල ගියේ මොහොතකින් , මගේ රාජකාරිය මට තේරුනේ උදේ ඉදන් මාව හම්බෙන්න එන පිරිමි 50 , 60 දිහා බැලුවාම...

    ගෙවල් දොරවල් වලට මොනව වුනාද දන්නෑ

    , අම්මල , තාත්තල හිතන් ඇති මම සතුටින් කියල ,

    මම තාමත් ගින්දරේ දැවෙනව..

    • Like
    Reactions: nwnbs

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම අගෙයි මල්ලියා..

    තිත්ත ඇත්ත කටුකයි කියල කොහොමද සමාජයෙන් හංඟන්නේ..සමාජයට හඬ ගා නොකියා ඉන්නේ..

    අපිට එහෙම අත් බැඳගෙන බලා ඉන්න අමනයෝ රැලක් ගානට වැටෙන්න කොහෙත්ම ඕනෙ කමක් නැහැ....

    ඒක ජනතාවාදී නිර්මාන කරුවෙක් කිසිදා කරන දෙයක් නෙවෙයි..

    කටුක ඇත්ත සියුම්ව ලියන්න බැහැ ආදරය වගේ..ආදරය ගැන සියුම්ව අලංකාර යොදල ගීතයක් වගේ ගලාගෙන යන්න ලියන්න පුළුවන්....

    ආදරයේ වියෝව වුනත් කදුලු හලල ඉවර කරන්න පුළුවන් විදිහට ලියන්න පුළුවන්..ඒත් මේ කටුක ඇත්ත ලියන්නම වෙන්නේ සැරට හා කඨෝර බවට..

    මල්ලිගෙ කුසලතා මල්ලී විසින්ම ඔසවාගෙන තිබෙන නිම්නය.. දිසාව හා ඉසව්ව ගැන හැඟෙනකොට මං මගේ සිතින් අප්‍රමාණ සතුටක් විඳිනවා..

    මල්ලියට මගෙන් මල් මිටක්.....
     
    බොහොම ස්තූතියි රොන් අයියා , සමාජයෙන් සත්‍ය වසන් කරන්නේ නිවටයන් හැරෙන්නට වෙන කවුරුන්ද??