මම තුවායකි ඈ ගත වෙලෙන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම තුවායකි ඈ ගත වෙලෙන

    මම කියවපු ලස්සනම නිසදැසක්....
    මේක ගත්තේ තිලිනි ශව්ලින් අක්කිගෙ සංස්කාර විනිවිද blog එකෙන්




    ඇගේත් මගේ කාමර එක ළඟම දෙපසකට මුහුණලා
    ඇගේ කවුළුව මගේ කවුළුව අබියසම
    කවුළු දෙක වෙන් කරන රෝස මල් පඳුරක හැමදාම
    නොවරදී නොපිපෙන රතු රෝස මල් කැකුළු
    නිතර ගොළුබෙල්ලන් කා දමන

    635346690_9d97095875.jpg


    අළුයමින් ඇය ළිඳ අසල තෙතබරිව
    දිය රෙද්ද බදා වැළඳ ඈ බඳ කිටි කිටියෙම
    අවදිකරවයි මා දෙනෙත්
    උන් හිටි තැන් මතකයේ නොමැතිව
    බලමි මම බලමි පෙරදින සිටම හැර තිබූ කවුළු විවරය මෑත් කර

    බිඳෙන් බිඳ රූරා වැටෙන දිය බිඳිති කෙස් රොද පීරගෙන
    දිවට ගමි මම ඒ සන්සිල්ක් රස
    බඳ නලවිමින් ඈ පිසදමාලයි..... තෙත
    මම තුවායකි ඈ ගත වෙලෙන
    වෙරළු මල් සුවඳයි මහ පාන්දර

    කුරුල්ලනට පෙර උදා අරුණළු දකින්නෙම් මම
    ඇගේ කවුළුව තුළින් එන
    වෛවර්ණ ඔසරිය වටා එතෙන්නී
    මගේ සුකොමළ සුවද පුෂ්පය

    දෙනෙතම වසා යහනේ දිගාවී
    දෙසවනින් දකින්නෙම්
    ටොක් ටොක් නදින් රැව් දෙන ඇගේ ලැසි ගමන

    මගේ කවුළුව අසලින් යන්නී ඈ
    බ්ලූ වුමන් විලවුන් සුවඳින් හොර මකාගෙන
     
    Last edited:
    • Like
    Reactions: 5tech

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;15748342 said:
    මොකක්ද බන් ඒ කුප්ප කතාව:P:P:P

    අක්කි කෙනෙක් ලියල තියෙන්නේ බං. එයා ඕකේ අපි හිතන තේරුම දන්නේ නැතුව ඇති.
    :P:P:P