මම නැති කිරීම නිවන ද?

මම නැති කිරීම නිවන ද?

  • මම නැති කිරීමයි නිවන

    Votes: 4 10.3%
  • මම නැති බව අවබෝධ කිරීමයි නිවන

    Votes: 17 43.6%
  • වෙනත් අදහසක්

    Votes: 6 15.4%
  • අදහසක් නෑ

    Votes: 12 30.8%

  • Total voters
    39

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    නිවන කියන්නේ සිංහලු රවට්ටන්න හදාගත්තු බොරුවක්. නිවන් යන්න මැරෙන්නම එපෑ. අච්චර බුදු වෙන්න පුලුවන් ජීවත්ව ඉද්දි. ඒත් ඊට වඩා අඩු ස්ටේට් එකක තියෙන නිවන් යන්න මැරෙන්න ඕන. බොරුවක්නේ සෑර් !!!
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    නිවන කියන්නේ සිංහලු රවට්ටන්න හදාගත්තු බොරුවක්. නිවන් යන්න මැරෙන්නම එපෑ. අච්චර බුදු වෙන්න පුලුවන් ජීවත්ව ඉද්දි. ඒත් ඊට වඩා අඩු ස්ටේට් එකක තියෙන නිවන් යන්න මැරෙන්න ඕන. බොරුවක්නේ සෑර් !!!
    නිවන් කියන්නේ යන්න තැනක් නෙවේ. නිවන් කියන්නේ අවබෝධ කරගන්න දෙයක්. ඒක මැරුණට පස්සේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජීවත්වෙලා ඉන්දිදී කරන්න ඕන.

    මැරුණට පස්සේ යන්නේ ස්වර්ගයට. ඔයා ඔයාගේ ආගමේ දේවල් එක්ක පටලවාගෙන වගේ
     
    Yasitha Dias

    Junior member
  • May 12, 2023
    24
    58
    13
    නිවන කියන්නේ සිංහලු රවට්ටන්න හදාගත්තු බොරුවක්. නිවන් යන්න මැරෙන්නම එපෑ. අච්චර බුදු වෙන්න පුලුවන් ජීවත්ව ඉද්දි. ඒත් ඊට වඩා අඩු ස්ටේට් එකක තියෙන නිවන් යන්න මැරෙන්න ඕන. බොරුවක්නේ සෑර් !!!
    නිවන් යන්න මැරෙන්න ඕනෙ නෑ..

    බලන්න

    නිවන කියන්නේ සිංහලු රවට්ටන්න හදාගත්තු බොරුවක්. නිවන් යන්න මැරෙන්නම එපෑ. අච්චර බුදු වෙන්න පුලුවන් ජීවත්ව ඉද්දි. ඒත් ඊට වඩා අඩු ස්ටේට් එකක තියෙන නිවන් යන්න මැරෙන්න ඕන. බොරුවක්නේ සෑර් !!!
    මැරුණම වෙන්නෙ පිරිණිවන් පෑම.. බුදු , පසේ බුදු , රහත් උන වෙලේ ඉඳලා නිවන තමයි
    ------ Post added on May 18, 2023 at 8:08 PM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම දන්නා හැටියට නම් මහත්තය, ඔය "මම" නැත්නම් self කියන්නෙ හැගීමකට... ඕක ස්ථිර දෙයකට (entity) එකකට පනවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය ඔබතුමා කියන "මම" ගත්තොත්.. බලන්න ඔබතුමාගෙ කුඩා කාලයේ සිට මේ දැන් දක්වා හිටියෙ එකම මමද?
    කුඩා මම, පාසැල් ගිය මම, රැකියාවක් කරන මම, මේ vote එක publish කල මම ............ මේ post එක කියවන මම... යනාදී වශයෙන් ඒ ඒ මොහොතේ හේතු සකස් වීමෙන් විද්‍යමාන වෙන හැගීමක් තමයි ඔය "මම". ඉතිං අන්න ඒ නිසා ඕක නැති කිරීම එහෙමත් නැත්නම්, නැති බව අවබෝධය කියල දෙයක් අපිට තාත්විකව පනවන්න බැහැ මොකද ඔය මම කියන්නේ විද්‍යමාන වීමකට මිසක් ස්ථිරව පවතින දෙයකට නොවන නිසා.
    ඔය මම/self කියන හැගීම විද්‍යමාන කරන ක්‍රියාවලිය නැවැත්වීම නිවණ කිව්වොත් වඩා නිවැරදියි මම හිතන්නෙ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    Umba oya mama nathi karagannawa kiyanne sakkaya dittiya gananan eka niwana nemei. Niwan mage basic step ekak. Thawa wada thiyenawa😆.

    දස සං‍යෝජන ධර්ම
    1) සක්කාය දිට්ඨි
    2) විචිකිච්ජා
    3) සීලබ්බත පරාමාස
    4) පටිඝ
    5) කාම රාග
    6) රූප රාග
    7) අරූප රාග
    8)මාන
    9) දිට්ඨි
    10) අවිද්‍ය
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    නිවන් කියන්නේ යන්න තැනක් නෙවේ. නිවන් කියන්නේ අවබෝධ කරගන්න දෙයක්. ඒක මැරුණට පස්සේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජීවත්වෙලා ඉන්දිදී කරන්න ඕන.

    මැරුණට පස්සේ යන්නේ ස්වර්ගයට. ඔයා ඔයාගේ ආගමේ දේවල් එක්ක පටලවාගෙන වගේ
    Kiyla kiyanne heaven ekatada???
     
    Revati

    Active member
  • Feb 3, 2023
    111
    154
    43
    Guatama the Buddha taught
    The doctrine of greed’s wheel to which we are bound, and advised
    That we shed all craving and thus
    Undesiring enter the nothingness that he called Nirvana.
    Then one day his pupils asked him:
    “What is it like, this nothingness, Master? Every one of us would
    Shed all craving, as you advise, but tell us
    Whether this nothingness which then we shall enter
    Is perhaps like being at one with all creation,
    When you lie in water, your body weightless, at noon,
    Unthinking almost, lazily lie in the water, or drowse
    Hardly knowing now that you straighten the blanket,
    Going down fast –whether this nothingness, then,
    Is a happy one of this kind, a pleasant nothingness, or
    Whether this nothingness of yours is more nothing, cold, senseless and void.”
    Long the Buddha was silent, then said nonchalantly:
    “There is no answer to your question.”
    But in the evening, when they had gone,
    The Buddha still sat under the bread-fruit tree and to the others,
    To those who had not asked, addressed this parable:
    “Lately I saw a house. It was burning. The flame
    Licked at its roof. I went up close and observed
    That there were people still inside. I entered the doorway and called
    Out to them that the roof was ablaze, so exhorting them
    To leave at once. But those people
    Seemed in no hurry. One of them,
    While the heat was already scorching his eyebrows,
    Asked me what it was like outside, whether there was
    Another house for them, and more of this kind. Without answering
    I went out again. These people here, I thought,
    Must burn to death before they stop asking questions.
    And truly friends,
    Whoever does not yet feel such heat in the floor that he’ll gladly
    Exchange it for any other, rather than stay, to that man
    I have nothing to say.” So Gautama the Buddha.
    But we too, no longer concerned with the art of submission,
    Rather with that of non-submission, and offering
    Various proposals of an earthly nature, and beseeching men
    To shake off their human tormentors, we too believe that to those
    Who in face of the rising bomber squadrons of Capital go on asking too long
    How we propose to do this, and how we envisage that,
    And what will become of their savings and Sunday trousers after a revolution
    We have nothing much to say.

    Bertolt Brecht - “The Buddha’s Parable of the Burning House,”
     
    Yasitha Dias

    Junior member
  • May 12, 2023
    24
    58
    13
    මම දන්නා හැටියට නම් මහත්තය, ඔය "මම" නැත්නම් self කියන්නෙ හැගීමකට... ඕක ස්ථිර දෙයකට (entity) එකකට පනවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය ඔබතුමා කියන "මම" ගත්තොත්.. බලන්න ඔබතුමාගෙ කුඩා කාලයේ සිට මේ දැන් දක්වා හිටියෙ එකම මමද?
    කුඩා මම, පාසැල් ගිය මම, රැකියාවක් කරන මම, මේ vote එක publish කල මම ............ මේ post එක කියවන මම... යනාදී වශයෙන් ඒ ඒ මොහොතේ හේතු සකස් වීමෙන් විද්‍යමාන වෙන හැගීමක් තමයි ඔය "මම". ඉතිං අන්න ඒ නිසා ඕක නැති කිරීම එහෙමත් නැත්නම්, නැති බව අවබෝධය කියල දෙයක් අපිට තාත්විකව පනවන්න බැහැ මොකද ඔය මම කියන්නේ විද්‍යමාන වීමකට මිසක් ස්ථිරව පවතින දෙයකට නොවන නිසා.
    ඔය මම/self කියන හැගීම විද්‍යමාන කරන ක්‍රියාවලිය නැවැත්වීම නිවණ කිව්වොත් වඩා නිවැරදියි මම හිතන්නෙ.
    ඔව් ඒක වඩාත් නිවැරැදියි කියලා හිතෙනවා.. ඒ ක්‍රියාවලිය නැවැත්වීම තුල ම මම නැති බව දැනෙන්න පුළුවන්.. ඔයා හිතන විදියට කොහොමද ඒ ක්‍රියාවලිය නවත්වන්නෙ.. ඔබේ අදහස ගොඩක් අගය කරනවා. පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා ක්‍රියාවලිය නැවැත්වීම පිළිඹඳව..
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව් ඒක වඩාත් නිවැරැදියි කියලා හිතෙනවා.. ඒ ක්‍රියාවලිය නැවැත්වීම තුල ම මම නැති බව දැනෙන්න පුළුවන්.. ඔයා හිතන විදියට කොහොමද ඒ ක්‍රියාවලිය නවත්වන්නෙ.. ඔබේ අදහස ගොඩක් අගය කරනවා. පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා ක්‍රියාවලිය නැවැත්වීම පිළිඹඳව..
    මේකට විවිධ මත තියෙනව නමුත් මගෙ මතය අනුව කෙටි පිළිතුරක් දෙනවනම් මහත්තය, සෝවාන් ඵලයට පත්වීමෙන් පසු ආර්‍ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම තමයි කලයුතු වෙන්නෙ, එහෙම යන ශේකයා තුල සතර සතිපට්ඨානය වැඩෙනව. සතර සතිපට්ඨානය වැඩීමේ ප්‍රමාණය කොපමණද, ඊට සමානුපාතිකව ඔය මම/self කියන හැගීම ඇතිකරන ක්‍රියාවලිය දුර්වල වෙනව. මෙහෙම ගිහිල්ල සතර සතිපට්ඨානය වැඩීම පූර්ණ වූ තැන මම/self කියන හැගීම ඇතිකරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවතිනව - මේ තමයි නිර්වාණය.

    සෝවාන් ඵලයට පත්වීමෙන් පසුව තමයි කෙනෙකුට තේරුම් යන්නෙ පිහිටා ද නොසිට වෑයම් ද නොකර වැඩිය යුතු/ වැඩිය හැකි ආර්‍ය අෂ්ටාංගික මාර්ගය කියන්නෙ මොකක්ද කියල,
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63

    සෝවාන් ඵලයට පත්වෙන්නෙ කොහොමද කෙනෙක්? මාර්ගය?
     
    වෑයම් නොකර කරන ක්‍රමවේදය මොනවගේද.. ඒක දැනගන්න විදියක් නැද්ද..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සෝවාන් ඵලයට පත්වෙන්නෙ කොහොමද කෙනෙක්? මාර්ගය?
    මේකටත් නොයෙකුත් මත වාද තියෙනව, මගෙ මතය කියන්නම්,

    ආර්‍ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ වීම තමයි සෝවාන් පලය කියන්නෙ... ඊට කලින් ආර්‍ය අෂ්ටාංගික මාර්ගයක් පනවන්න බැහැ.
    ශ්‍රාවක පාරමිතාව පූර්ණය කල කෙනෙක් ආර්‍යන් වහන්සේ නමකගෙන් බණ අසන (ශ්‍රවනය කරන) විට, ඒ අසන දහම් කරුණු, දේශකයන් වහන්සේ විසින් උපදෙස් දෙන ආකාරයට මෙනෙහි කිරීම තුලින්, තමන් ලෝකය දකින අකාරය එක්තරා වෙනස් වීමකට භාජනය වෙනව වගේම, තමන් මෙතෙක් කලක් ගෙවාගෙන ආපු ජීවිතය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමකට භාජනය වෙනව අත්දකින්න පුළුවන්... මෙහෙම තමන් ලෝකය දකින ආකාරය (දෘෂ්ටිය) අසූ ධර්මයට අනුව 180 degrees වෙනස් වූ තැනට සෝවාන් ඵලය, නැත්නම් සම්මා දෘෂ්ටියට පත් වීම කියල කියනව.

    උදාහරණ කීපයක් කිව්වොත්:
    • කාලයක් මේ ලෝකෙ සැප, දුක සහ උපේක්ෂාව ඇතිකළ දේවල් හුදෙක්ම හේතූන් නිසා විද්‍යමාන වී හේතූන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන අතාත්වික දේවල් කියන අවබෝධයට පත්වෙනව (අපි ඉස්සෙල්ල කතාකරපු 'මම' ඇතුළුව).
    • දුක කියල මෙතුවක් කාලයක් හිතාගෙන හිටියෙ විඳවීම් ගොඩකට කියල අවබෝධ වෙනව
    • ඇත්තටම දුක කියන්නේ ඔය ජාතිය (මම/self යන හැගීම) කියල අවබෝධ වෙනව
    • ඔය දුක හැරුණුකොට වෙන දුක් ලෝකෙ නැහැ කියල අවබෝධ වෙනව

    මෙතන කරුණු හතරක් තියෙනව.
    1. සත්ධර්මය ශ්‍රවනය - බණ ඇසීම
    2. යෝනිසෝමනසිකාරය - අසන දහම් කරුණු, දේශකයන් වහන්සේ විසින් උපදෙස් දෙන ආකාරයට මෙනෙහි කිරීම
    3. සත්පුරුෂ සේවනය - ඉහත කරුණු දෙක සඳහා ආර්‍යන් වහන්සේ නමක් ඇසුරු කිරීම
    4. ධම්මානුධම්ම පටිපදාව - ජීවිතයේ සහ දෘෂ්ටියේ ඇතිවෙන වෙනස