මම පිස්සෙක් නාටකයේ ප්‍ර.චරිතය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    එක නෙවෙයි බන් ගොඩක් අහල තියෙනව. මට ඉස්සර ඉඳල හිතෙන දෙයක් තමයි මේ හාමුදුරුවො රහත් වුනත් නැති වුනත්, එයාගේ බන අහල අපිට නම් නිවන් දකින්න අමාරුයි කියන එක.

    මේ ලඟදි මම බණක ඇහුව මේ හාමුදුරුවො කියනව, අපි මේ දකින්නෙ අපේ හිතේ ප්‍රක්ෂේපනයක් කියල. (ඩුබායි වල කියපු බන, මට මතක විදියට.) හාමුදුරුවො අදහස් කලේ මොකද්ද දන්නේ න.

    උඹ හිතන්නෙ මොකද්ද මේකේ තේරුම, උඹට තේරෙන විදියට.
    Video / ebook ලින්ක් නැතුව කෙටියෙන් කියපන් උඹට තේරෙන විදියට.
    මුලින්ම කියන්න ඕනේ මචන් ගරු කටයුතු උතුම් සියළු දෙනාටම ගරු කරලා කතා කරමු. ධර්මය දේශනා කරනවා කියලා ටයිප් කරන්න අමාරුවක් නෑනේ? බුදු කෙනෙක් සිරි සදහම් ආශ්‍රමයෙ ඉඳන් ධර්මය දේශනා කරත් බ්‍රහ්ම ලෝකේ වැඩලා ධර්මය දේශනා කරත් නාග ලෝකෙ වැඩලා ධර්මය දේශනා කරත් ඒ සියල්ලම ධර්මය තමයි. ඒ නිසා ඩුබායි වල දේශනා කරපු බණ ගගා ධර්මය අක්ශාංශ දේශාංශ වලට ලඝු කරන්න එපා. ඒක පවක්.

    අනිත් එක තමයි මචන්, නිවන් දකින්න කොහොමත් අමාරුයි. අපි අතීතයෙත් බුදුවරු මුනගැහෙන්න ඇති. මොකද මේ වගේ බුදුවරු අතීතයෙත් ඕනෑ තරම් පහල උනා. නමුත් අපි අද දක්වාම සංසාරයේ ගමන් කරන්නෙ වැඩේ ලේසි නැති නිසයි. ඒ නිසා මේ බුදුන්ගෙන් ධර්මය අහලා නිවන් දකින්න ලේසි නෑ හෝ බෑ කියලා උබ කිව්ව කතාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරනවා. දෙයක් පුළුවන් හෝ බෑ කියලා පූර්ව නිගමනයකින් දකින්න නම් ඒ සම්බන්ධව උබට මීට කලින් අත්දැකීමක් තිබිලා තියෙන්න ඕනේ. උබ මීට කලින් රහත් වෙලා තියෙනවද? අඩුම ගානේ මාර්ග ඵලයක්වත්? නෑනේ? එහෙනම් උබට බෑයි කියන්න කිසිම සුදුසුකමක් නෑ. මොකද උබ බෑ කියන්නෙ වැඩේ තියෙන අමාරුව නිසා මිසක් ඇත්තටම බැරි නිසා නෙවේ. මම ආයිත් කියනවා, උබට ඒ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා පූර්ව නිගමනයකට එන්න උබට කිසිම සුදුසුකමක් නෑ. උබට කරන්න පුළුවන් එකම දේ ට්‍රයි කරන එක විතරයි.

    උබේ ප්‍රශ්නේ ගැන කතා කරොත්, ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත මචන්. අපි දකින්නෙ අපේ මනස විසින් අපිට පෙන්නන දේ තමයි. මේ ගැන මට ඵල සිතක් හා පෘතග්ජන සිතක් උදාහරණයට අරගෙන පැහැදිලි කරන්න පුළුවන් උනත් ඒ පැහැදිලි කිරීම මෙතන ඉන්න ගොඩක් දෙනෙකුට තේරුම් ගන්න බැරි නිසා මම ඒ උදාහරනය ගන්නෙ නැතුව. ඕනෑම මරි මෝඩ පෘතග්ජනයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මට හිතන එදිනෙදා ජීවිතෙ මුහුන දෙන උදාහරණයක් ගන්නම්.

    හොයාගන්න බැරි කතුරක් උදාහරනෙට ගමුකො. කතුර තියෙනවා කියලා හිතෙන තැන් 20ක් අපි චෙක් කරනවා. ඒත් ඒ තැන් 20ම කතුර අපිට හම්බෙන්නෙ නෑ. හැබැයි වෙන කෙනෙක් ඇවිල්ලා මේ මෙතන තියෙන්නෙ කියලා අපි කලින් බලපු තැනකින් අරන් දෙනවා. සමහරවිට අපිම හොයාගන්න වෙලාවලුත් තියෙනවා. මෙහෙම වෙන්නෙ අර ධර්මකාරනාව නිසයි. අපේ හිතෙන් ප්‍රක්ශේපනය කරනවා ලාච්චුවෙ කතුර නෑ කියලා. කතුර ඇත්තටම ලාච්චුවෙ තිබුනත්, ඒ කතුර අපේ ඇස් වලට පෙනුනත්, චක්කු විඥාණය ඇති උනත්, සම්පස්සයට අපේ මනස සෙනිකවම කොකා පෙන්නනවා. කතුර හොයාගන්න නෑ කියන මුලාවෙන් මෝහයෙන් ඒ සම්පස්සය වහනවා. අනේ ඉතින් පෘතග්ජන මෝඩයෝ ඒකට රැවටෙනවා. කවදාවත් අඋට් ඔෆ් ද බොක්ස් හිතලා පුරුදු නැති අක්ඥාන මෝඩ මිනිස්සු තමන්ගෙ හිතට තමන්ම මුලා වෙනවා.

    තව උදාහරණයක් කිව්වොත් ඉන්ටනෙට් එකේ සමහර ෆොටෝ තියෙනවා හැංගිච්ච පූසව හොයන්න. පූසා ඉන්න විදිහ කිව්වම අපි හිතට එන්නෙ පූසෙක්ගෙ මූන. ඒත් පූසා ඇත්තටම ඉන්නෙ ඇට දෙක සුද්ද කරද්දි ඉන්න පෝස් එකෙන්. අපි එතනත් මුලාවට පත් වෙනවා. අපේ හිත පූසෙක්ව හොයන්න කිව්වම පූසෙක්ගෙ මූන තමයි හිතට දෙන්නෙ. අඋට් ඔෆ් ද බොක්ස් හිතපු නැති අය පූසව තාමත් හොයනවා. හිතේ ප්‍රක්ශේපනය සුළු පටු කාරනයක් නෙවේ බන්.

    අවසාන වශයෙන් බුදුවරු ප්‍රතිශේප කරන සියළු දෙනාටම කියන්න තියෙන්නෙ හිතේ ප්‍රක්ශේපනයෙ ස්වභාවය ගැන මීට වඩා දැනුවත් වෙන්න කියලා තමයි.
     
    Gelioya Eka

    Junior member
  • Aug 3, 2013
    30
    4
    8
    DEAR ALL, PULUWANNAM RAJAGIRIYE ARIYAGNANA HAMUDURUWANGE BANAK AHANNA. "PANSIL MALUWA" KIYALA YOUTUBE EKE TYPE KARANNA. WENASA WATAHAGANNA.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    තව උදාහරණයක් කිව්වොත් ඉන්ටනෙට් එකේ සමහර ෆොටෝ තියෙනවා හැංගිච්ච පූසව හොයන්න. පූසා ඉන්න විදිහ කිව්වම අපි හිතට එන්නෙ පූසෙක්ගෙ මූන. ඒත් පූසා ඇත්තටම ඉන්නෙ ඇට දෙක සුද්ද කරද්දි ඉන්න පෝස් එකෙන්. අපි එතනත් මුලාවට පත් වෙනවා. අපේ හිත පූසෙක්ව හොයන්න කිව්වම පූසෙක්ගෙ මූන තමයි හිතට දෙන්නෙ.

    Master of Trolling
    :D:D:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Master of Trolling
    :D:D:D

    ජේතවනාරාමය

    ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසල සැතපුමි 3 ½ වූ ඉපැරණි ගල් බමිමකින් වට වූ භූමිය අතීත සැවැත් නුවර සහ ජේතවනාරාමය අයත් භූමියයි.

    සැවැත් නුවර

    මෙනැන් සිට මධ්‍ය ඉංදියාව පුරා ඇවිදිමින් තවත් වසර 45 ක් දහමි දේශනාකළ සේක. ඒ අතර කාලයෙන් වැඩිම ප්‍රමානයක් ගතකර ඇත්තේ සැවැත් නුවරයි. ප්‍රසේනජිත් කොසොල් රජුගේ අගනුවර වූයේද සැවැත් නුවරයි. එහි ජේතවනාරාමය -පූර්වාරාමය -‍ජීවකගේ අඹ අයන ඇතුළු බොහෝ ස්ථන අන්තර්ගතය. කොසොල් රජුගේ පුත් ජේත කුමරාගේ උයන පුරා කහවුණු අතුරා ඒ අගයට ජේතවනය මිලදී ‍ගෙන ඇත.:shocked: භාරැත් චෛත්‍ය කැටයමි පුවරැවකද මහපොළො‍ෙව කහවුණු අතුරා ඒ අගයට ජේතවනය මිලදී ‍ගෙන ආරාමය කරවා පූජා කිරීම කැටයමි කර ඇත. කහවුණු 18 කෝටියක් :love::love:වැය කර තැනූ මෙහි සැලැස්ම හා උපදෙස් ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේය. රජගහ නුවර වැඩ සිටි බුදුන් වහන්සේ යොදුන් හතලිස් පහක්ගෙවා, බුද්ධත්වයෙන් තුන්වන වස ක්‍රි.පූ. 528 දී ජේතවනාරාමය බුදුන් වහන්සේට පූජා කර ඇත. මංගල සූත්‍රය - පරාභව සූත්‍රය - වසල සූත්‍රය ඇතුළු සිය ගනනක් සූත්‍ර ආරමිභ වන්නේ ඒවා දේශනා කළ ස්ථානය පිළිබදව මෙලෙස අවධාරණය කිරීමෙනි. “ඒවං ‍ෙම සුතං සමයං ජේතවනං විහරති භගවතා............” මෙකී දේශනා දෙවා වදාළා වූ ජේතවනාරාමය සහ සැවැත් නුවරද හදුනාගෙන ඇත. ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසලක සැතපුමි 3 ½ වූ ඉපැරණි ගල් බමිමකි. බෞද්ධ සාහිත්‍ය විස්තර අනුව මෙම පවුරෙන් වටව ඇත්තේ අතීත සැවැත් නුවරයි. නගරයේ දකුණු දොරටුව පැත්තේ විශාල ආරාමයකි. එහි ප්‍රධාන ශාලාවෙ තිබී ශිලා ලේකනයක් හමුවිය. එහි සිංහල පරිවර්ථනය මෙසේය,
    “ගන්ධකූටි........ ජේතවනය අනාථපිණ්ඩිකයන් විසින්, කෝටි ගනන් ධනය වැයකර ක්ෂේම වූ නිවන් ප්‍රතිලාභ පිණිස දානය කරනු ලැ‍ෙබි......”
    මෙය ඉංදියාවේ කියවා ඇති පැරණිම ශිලා ලේඛණයයි. මජ්ජිම නිකාය අටුවාව අනුව, සැවැත් නුවර දකුණු දොරටුව පැත්තේ ජේතවනාරාමය පිහිටා තිබී ඇත. හමු වූ නගරය සැවැත් නුවර නමි එහි, දකුණු දොරටුව පැත්තේ “ජේතවනය” ලෙස හැදින් වූ ආගමික ගොඩනැගිල්ල පැහැදිළිවම බුදුන් වහන්නසේට අනාථපිණ්ඩිකස්ස සිටුතුමා පූජා කළ ජේතවනාරාමයම විය යුතුය. ශිලා ලේඛණයේ මුලින්ම “ගන්ධකූටි” ලෙස හදුන්වා ඇත්තේ බුදුන් වහන්සේ වැඩසිටි ගදකිළිය විය යුතුය. මෙහි අඩි 115 × 86 ප්‍රමානයේ මහා ශාලාව දමිසභා මණ්ඩපයය. එයට ආලද්ධ කළ අඩි 8×8 ප්‍රමානයේ කුඩා කුටිය බුදුන් වහන්සේ වැඩ වාසය කළ ගදකිළියයි. වැඩිම සූත්‍ර ගනනාවක් ජාතක කතා ගනනාවක් දේශනා කර ඇත්තේ ජේතවනාරාමයේ දීය. ඒ ජේතවනාරාමයේ දොරටුව අසල අදත් දැකිය හැකි අනෙක් අගනාම දෙය වන්නේ ආනන්ද බෝධියයි. බුදුන් වහන්සේ ජේතවනාරාමයේ නොමැති අවස්ථාවල සැදැහැවතුන්ට වැද පුදා ගැනීමට ශ්‍රීමා බෝධි අංකුරයකින් සිට වූ :baffled:ආනන්ද බෝධිය වසර දෙදහස් පන්සීයක් පුරා සුරක්ෂිතව තිබීම භාග්‍යකි. මේ අසල ඇති අනෙක් ආරාමය වන්නේ භික්ෂුණින් වහන්සේලාට කොසොල් රජතුමා පූජා කළ රාජකාරාමයයි. ප්‍රජාපතී, වීශාඛා, ‍‍ෙ ඛීමා, රාහුල මාතා වැනි භික්ෂුණින් වහන්සේලා එදා වැඩ වාසය කළේ මෙම රාජකාරාමයේය. මජ්ජිම නිකාය අටුවාව අනුව, සැවැත් නුවර නැගෙනහිර දොරටුව පැත්තේ විශාකාව පූජා කළ පූර්වාරාමය තිබී ඇත. සත්‍ය ලෙසින්ම නගර පවුරේ නැගෙනහිර දොරටුව පැත්තේ තවත් විහාරයක අවශේෂ හමුවිය. එය පූර්වාරාමය විය යුතුය. මේ අනුව, සැවැත් නුවර පිහිටි ජේතවනාරාමය-පූර්වාරාමය-වෙළුවනාරාමය-‍ජීවකගේ අඹ අයන ඇතුළු සියළු ගොඩනැගිලි නූතන ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසල පිහිටා ඇත.

    20190308-dyfx-39kb.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    උන්වහන්සේගේ ධර්මය වැරදියි කියලා බොරු රැල්ලක් තියෙනවා. මිනිස්සු ඒ රැල්ලට අහුවෙලා තියෙන්නෙ. බොරුවට මෙතන වාද කර කර ඉන්නෙ නැතුව ධර්ම දේශනයකට සවන්දීලා බලන්න.

    එහෙම කරන්න හිතෙන්නෙම නැත්නම් සමාජයේ අසූපිරූ කං ඇති බහුස්රුත ඥානවත් වියත් මගක ගමනක් යන ශද්ධාවන්ත මිනිස්සුන්ගෙන් උන්වහන්සේ ගැන දරන මතය අදහස් අහල බලන්න, ඒ අය උන්වහන්සේ ඉස්සරහ හැසිරෙන හැටි හොයලා බලන්න.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මුලින්ම කියන්න ඕනේ මචන් ගරු කටයුතු උතුම් සියළු දෙනාටම ගරු කරලා කතා කරමු. ධර්මය දේශනා කරනවා කියලා ටයිප් කරන්න අමාරුවක් නෑනේ? බුදු කෙනෙක් සිරි සදහම් ආශ්‍රමයෙ ඉඳන් ධර්මය දේශනා කරත් බ්‍රහ්ම ලෝකේ වැඩලා ධර්මය දේශනා කරත් නාග ලෝකෙ වැඩලා ධර්මය දේශනා කරත් ඒ සියල්ලම ධර්මය තමයි. ඒ නිසා ඩුබායි වල දේශනා කරපු බණ ගගා ධර්මය අක්ශාංශ දේශාංශ වලට ලඝු කරන්න එපා. ඒක පවක්.

    අනිත් එක තමයි මචන්, නිවන් දකින්න කොහොමත් අමාරුයි. අපි අතීතයෙත් බුදුවරු මුනගැහෙන්න ඇති. මොකද මේ වගේ බුදුවරු අතීතයෙත් ඕනෑ තරම් පහල උනා. නමුත් අපි අද දක්වාම සංසාරයේ ගමන් කරන්නෙ වැඩේ ලේසි නැති නිසයි. ඒ නිසා මේ බුදුන්ගෙන් ධර්මය අහලා නිවන් දකින්න ලේසි නෑ හෝ බෑ කියලා උබ කිව්ව කතාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරනවා. දෙයක් පුළුවන් හෝ බෑ කියලා පූර්ව නිගමනයකින් දකින්න නම් ඒ සම්බන්ධව උබට මීට කලින් අත්දැකීමක් තිබිලා තියෙන්න ඕනේ. උබ මීට කලින් රහත් වෙලා තියෙනවද? අඩුම ගානේ මාර්ග ඵලයක්වත්? නෑනේ? එහෙනම් උබට බෑයි කියන්න කිසිම සුදුසුකමක් නෑ. මොකද උබ බෑ කියන්නෙ වැඩේ තියෙන අමාරුව නිසා මිසක් ඇත්තටම බැරි නිසා නෙවේ. මම ආයිත් කියනවා, උබට ඒ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා පූර්ව නිගමනයකට එන්න උබට කිසිම සුදුසුකමක් නෑ. උබට කරන්න පුළුවන් එකම දේ ට්‍රයි කරන එක විතරයි.

    උබේ ප්‍රශ්නේ ගැන කතා කරොත්, ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත මචන්. අපි දකින්නෙ අපේ මනස විසින් අපිට පෙන්නන දේ තමයි. මේ ගැන මට ඵල සිතක් හා පෘතග්ජන සිතක් උදාහරණයට අරගෙන පැහැදිලි කරන්න පුළුවන් උනත් ඒ පැහැදිලි කිරීම මෙතන ඉන්න ගොඩක් දෙනෙකුට තේරුම් ගන්න බැරි නිසා මම ඒ උදාහරනය ගන්නෙ නැතුව. ඕනෑම මරි මෝඩ පෘතග්ජනයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මට හිතන එදිනෙදා ජීවිතෙ මුහුන දෙන උදාහරණයක් ගන්නම්.

    හොයාගන්න බැරි කතුරක් උදාහරනෙට ගමුකො. කතුර තියෙනවා කියලා හිතෙන තැන් 20ක් අපි චෙක් කරනවා. ඒත් ඒ තැන් 20ම කතුර අපිට හම්බෙන්නෙ නෑ. හැබැයි වෙන කෙනෙක් ඇවිල්ලා මේ මෙතන තියෙන්නෙ කියලා අපි කලින් බලපු තැනකින් අරන් දෙනවා. සමහරවිට අපිම හොයාගන්න වෙලාවලුත් තියෙනවා. මෙහෙම වෙන්නෙ අර ධර්මකාරනාව නිසයි. අපේ හිතෙන් ප්‍රක්ශේපනය කරනවා ලාච්චුවෙ කතුර නෑ කියලා. කතුර ඇත්තටම ලාච්චුවෙ තිබුනත්, ඒ කතුර අපේ ඇස් වලට පෙනුනත්, චක්කු විඥාණය ඇති උනත්, සම්පස්සයට අපේ මනස සෙනිකවම කොකා පෙන්නනවා. කතුර හොයාගන්න නෑ කියන මුලාවෙන් මෝහයෙන් ඒ සම්පස්සය වහනවා. අනේ ඉතින් පෘතග්ජන මෝඩයෝ ඒකට රැවටෙනවා. කවදාවත් අඋට් ඔෆ් ද බොක්ස් හිතලා පුරුදු නැති අක්ඥාන මෝඩ මිනිස්සු තමන්ගෙ හිතට තමන්ම මුලා වෙනවා.

    තව උදාහරණයක් කිව්වොත් ඉන්ටනෙට් එකේ සමහර ෆොටෝ තියෙනවා හැංගිච්ච පූසව හොයන්න. පූසා ඉන්න විදිහ කිව්වම අපි හිතට එන්නෙ පූසෙක්ගෙ මූන. ඒත් පූසා ඇත්තටම ඉන්නෙ ඇට දෙක සුද්ද කරද්දි ඉන්න පෝස් එකෙන්. අපි එතනත් මුලාවට පත් වෙනවා. අපේ හිත පූසෙක්ව හොයන්න කිව්වම පූසෙක්ගෙ මූන තමයි හිතට දෙන්නෙ. අඋට් ඔෆ් ද බොක්ස් හිතපු නැති අය පූසව තාමත් හොයනවා. හිතේ ප්‍රක්ශේපනය සුළු පටු කාරනයක් නෙවේ බන්.

    අවසාන වශයෙන් බුදුවරු ප්‍රතිශේප කරන සියළු දෙනාටම කියන්න තියෙන්නෙ හිතේ ප්‍රක්ශේපනයෙ ස්වභාවය ගැන මීට වඩා දැනුවත් වෙන්න කියලා තමයි.

    බොහොම ස්තුතියි reply එකට. කෙලින්ම point එකට යමු.
    උඹයි මමයි පාරේ ඇවිදගෙන යද්දී පාර අයිනේ කාර් එකක් නවත්තල තියෙනවා.
    දැන් ඇත්තටම බාහිරයේ කාර් එකක් තියේද නැද්ද.
    මම මේ අහන්නේ අපි දෙන්නටම කාර් එක පෙනෙන මොහොතෙ. අපි දෙන්න එතනින් ගියාම කාර් එක නෑ කියන එක ගැන නෙවෙයි.
    මතක තියා ගන්න අපි දෙන්නෙක් ඉන්නව එතන.

    කෙටියෙන්ම කියන්න බලපන්.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279

    තියනවා / නැහැ කියලා කියන්න බෑනේ බන්.. එකනේ ලෝකය ඇත නැත අන්ත දෙකම බුද්ධ දේශනාවේ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එක දෙයක් කියන්න පුළුවන්, ඇත්තටම දෙයක් තිබුනත් අපිට මැවෙන්නේ වෙන රුපයක්
     
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    තියනවා / නැහැ කියලා කියන්න බෑනේ බන්.. එකනේ ලෝකය ඇත නැත අන්ත දෙකම බුද්ධ දේශනාවේ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එක දෙයක් කියන්න පුළුවන්, ඇත්තටම දෙයක් තිබුනත් අපිට මැවෙන්නේ වෙන රුපයක්

    Thanks for the reply machan. නමුත් මම ප්‍රශ්නය අහන්නේ ruchira55 ගෙන්. :focus: :D
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    උන්වහන්සේගේ ධර්මය වැරදියි කියලා බොරු රැල්ලක් තියෙනවා. මිනිස්සු ඒ රැල්ලට අහුවෙලා තියෙන්නෙ. බොරුවට මෙතන වාද කර කර ඉන්නෙ නැතුව ධර්ම දේශනයකට සවන්දීලා බලන්න.

    එහෙම කරන්න හිතෙන්නෙම නැත්නම් සමාජයේ අසූපිරූ කං ඇති බහුස්රුත ඥානවත් වියත් මගක ගමනක් යන ශද්ධාවන්ත මිනිස්සුන්ගෙන් උන්වහන්සේ ගැන දරන මතය අදහස් අහල බලන්න, ඒ අය උන්වහන්සේ ඉස්සරහ හැසිරෙන හැටි හොයලා බලන්න.

    ගෞතම බුදුන් දේශනා කලේ ධර්මය දැකලා සුදුසු බව වැටහෙනවනම් පිළිගන්න කියලනෙ. ඉතින් එහෙම විමසල බලනකොට තේරෙන්නේ මේ පුද්ගලයා නාටකයක් රඟදක්වන බව. ඒ නිසා මේ සීන් එක වැඩිය ඔලුවට ගන්නෙ නෑ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බුදු හාමුදුරුවෝ නම් එක එක ආශ්‍රම හදාගෙන තමන්ගේ පිලිම හදාගෙන ආතල් එකේ වැඩසිටියේ නැත. උන් වහන්සේ ගව් ගනන් දුර පයින් වැඩිසේක. දහසක් සත්වයන්ට නිවන් මග හෙලි කල සේක. වනාන්තර, ගල් ලෙන් වල රැය පහන් කල සේක. ඇත් අස් රියෙන් නොවැඩි සේක, බර්ත්ඩේ පාටි නොදැමු සේක. අනිත්‍ය , අනාත්ම දුක්ඛ වූ ත්‍රිලක්ෂණයත් පටිච්චසමුප්පාදයත් වදාලසේක.

    මේ කිසිත් නොදන්නා, අල්පේඡ්චතාව ගැන හාංකවිසියක් නොදන්නා ගොන් වහන්සේලා සමන්ත බඩ්ඩයා "පොරක්" කරගෙන වැඳ වැටෙති, ඒ උන්ගෙ අඥානකමක මහත බව පසක් වන විට ක්ෂණ සම්පත්තියට කෙලවී තිබෙනු ඇත. බුද්ධ චීවරය දරා එක එක පිස්සන්ට ඕනෑ ඒවා දේශනා කල නොහැක. බුද්ධ චීවරය දරා දේශනා කලයුත්තේ නිවන් මගයි, ශ්‍රී සද්ධර්මයම පමණි.
    මේකේ උන්ට ඕවා පැහැදිලි කරන්ඩ ගිහිල්ලා උබේ කාලය කාගන්ඩ එපා බන්
    මොක ඇත්ත උනත් මොක බොරු උනත් මිනිස්සු පිලි ගන්නේ තමන්ගේ සිතට ආස/කැමති දේ
    මු පිස්සෙක් කියන්ඩ සිහිබුද්ධිය තියන ඕන කෙනෙක්ට තේරෙනවා
    මු තනිකරම කරන්නේ බිස්නස් එකක්
    සල්ලි තියන සෙට් එකක් අල්ලන් උන්ට ගැලපෙන/ආස බුදු දහම උගන්නනවා
    මු දන්නවා ඒ පැලැන්තියේ අය ආස මොනවටද කියලා ඉල්ලුමට සැපයුම අනික මේක පොෂ් නේ

    අපේ පැත්තේ පොරක් හිටියා ඌත් කිව්වේ බුදු වෙනවා කියලා (හැබැයි ඌට මොකක් හරි දෙයක් තිබ්බා මොකද පොරට පොරගේ ඇගෙන් නිල් පාට රැස් පේන්ඩ පුළුවන් මමත් දැකලා තියනවා තව ගොඩාක් අය දැකලා තියනවා මම වටේට ගිහිනුත් බැලුව මු ලයිට් එකක් වත් හයි කරන්ද කියලා)
    අන්තිමට පොර ලේ බඩ ගිහින් පට්ට විදිහට විදවලා මරුනේ

    සමන්ත බද්දයටත් වෙන්නේ දවසක ඔය ටිකම තමා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තමන්ගේ බඩගෝස්තරයට බුදුන්වත් කඬේ යවන එවුන් ඉන්නේ......... ඔය සමන්ත බඞ්ඩ ඇතුලූ උන්ගේ පිරිස කියන කතාවක් තමයි බුදුන් වහන්සේ රජ බොජුන්, මහා මාලිගා වැනි විහාර ප‍්‍රතික්‍ෂේප කළේ නෑ ඒ හින්ද කවුරු හරි පූජා කරනවානං ඒක අවුලක් නෙවෙයි කියලා... තනිකරම බුද්ධාගම නොමග යවන කතාවක්.... බුදු හාමුදුරුවෝ දේශනා කළේ අත්හැරීමක් හා අල්ලා නොගැනීමක් ගැන.... බුදුන් වහන්සේ ගහ මුලක සැතපුණත්, රාජ සයනයක වැතිරුණත් උන්වහන්සේට ඒ දෙකේ වෙනසක් තිබුනේ නෑ.... හිගන්නගේ කෑම වේලකත් රජුන් දුන් කෑම වේලකත් උන්වහන්සේ වෙනසක් දැක්කේ නෑ.... උන්වහන්සේ පැවැත්ම හා කුසිගන අරභයා පමණක් ආහාර වැළදුවා.... බුදු වහන්සේ වෙනුවෙන් කොයිතරම් සිටුවරු රජවරු මාලිගා වැනි විහාර ඉදිකර දුන්නත් බොහෝ විට උන්වහන්සේ ගම් නියම්ගම් යොදුන් දහස් ගණන් ඇවිද්දා.... දනට දේ කලා පුටුවක් රත් කරල මංපොර ජාතකය වදාලේ නෑ.... සමන්ත බඞ්ඩයා සල්ලි තියෙන කල්ලියක් අල්ලගෙන උන්ගේ එදිනෙදා ජීවිතය අනුමත කරමින් පුංචි දේශනයක් කරනවා... අරුන් ටික සාදු සාදු කියනවා... කවුද තමං කරන පහදුරා අනුමත කරන එකට අකමැති වෙන්න... මම හැමදාම කියන්නේ සමන්ත බඞ්ඩයා දක්ෂයි... ඌ දන්නාව හයි ක්ලාස් එක ඉල්ලන දේ.... ඒ දේ දීලා ගාණක් කඩාගෙන සැප විදිනවා.... මම නං දැකල නෑ ලෝ හිත පිණිස ලෝ සුව පිණිස ගම් නියම්ගම්වල සැරිසන සමන්ත බඞ්ඩයෙක්.... අනෙක ලංකාවේ ගොඩක් චීවරධාවරින් නියම බුද්ධ පුත‍්‍රයින් නෙවෙයි සමන්ත බඞ්ඩගේම වර්ෂන් එකේ අඩු වැඩියක්....
     
    :yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තමන්ගේ බඩගෝස්තරයට බුදුන්වත් කඬේ යවන එවුන් ඉන්නේ......... ඔය සමන්ත බඞ්ඩ ඇතුලූ උන්ගේ පිරිස කියන කතාවක් තමයි බුදුන් වහන්සේ රජ බොජුන්, මහා මාලිගා වැනි විහාර ප‍්‍රතික්‍ෂේප කළේ නෑ ඒ හින්ද කවුරු හරි පූජා කරනවානං ඒක අවුලක් නෙවෙයි කියලා... තනිකරම බුද්ධාගම නොමග යවන කතාවක්.... බුදු හාමුදුරුවෝ දේශනා කළේ අත්හැරීමක් හා අල්ලා නොගැනීමක් ගැන.... බුදුන් වහන්සේ ගහ මුලක සැතපුණත්, රාජ සයනයක වැතිරුණත් උන්වහන්සේට ඒ දෙකේ වෙනසක් තිබුනේ නෑ.... හිගන්නගේ කෑම වේලකත් රජුන් දුන් කෑම වේලකත් උන්වහන්සේ වෙනසක් දැක්කේ නෑ.... උන්වහන්සේ පැවැත්ම හා කුසිගන අරභයා පමණක් ආහාර වැළදුවා.... බුදු වහන්සේ වෙනුවෙන් කොයිතරම් සිටුවරු රජවරු මාලිගා වැනි විහාර ඉදිකර දුන්නත් බොහෝ විට උන්වහන්සේ ගම් නියම්ගම් යොදුන් දහස් ගණන් ඇවිද්දා.... දනට දේ කලා පුටුවක් රත් කරල මංපොර ජාතකය වදාලේ නෑ.... සමන්ත බඞ්ඩයා සල්ලි තියෙන කල්ලියක් අල්ලගෙන උන්ගේ එදිනෙදා ජීවිතය අනුමත කරමින් පුංචි දේශනයක් කරනවා... අරුන් ටික සාදු සාදු කියනවා... කවුද තමං කරන පහදුරා අනුමත කරන එකට අකමැති වෙන්න... මම හැමදාම කියන්නේ සමන්ත බඞ්ඩයා දක්ෂයි... ඌ දන්නාව හයි ක්ලාස් එක ඉල්ලන දේ.... ඒ දේ දීලා ගාණක් කඩාගෙන සැප විදිනවා.... මම නං දැකල නෑ ලෝ හිත පිණිස ලෝ සුව පිණිස ගම් නියම්ගම්වල සැරිසන සමන්ත බඞ්ඩයෙක්.... අනෙක ලංකාවේ ගොඩක් චීවරධාවරින් නියම බුද්ධ පුත‍්‍රයින් නෙවෙයි සමන්ත බඞ්ඩගේම වර්ෂන් එකේ අඩු වැඩියක්....

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    බොහොම ස්තුතියි reply එකට. කෙලින්ම point එකට යමු.
    උඹයි මමයි පාරේ ඇවිදගෙන යද්දී පාර අයිනේ කාර් එකක් නවත්තල තියෙනවා.
    දැන් ඇත්තටම බාහිරයේ කාර් එකක් තියේද නැද්ද.
    මම මේ අහන්නේ අපි දෙන්නටම කාර් එක පෙනෙන මොහොතෙ. අපි දෙන්න එතනින් ගියාම කාර් එක නෑ කියන එක ගැන නෙවෙයි.
    මතක තියා ගන්න අපි දෙන්නෙක් ඉන්නව එතන.

    කෙටියෙන්ම කියන්න බලපන්.

    උබ කතා කරන්නෙ සංඥාව ගැනනෙ. ඒක පුද්ගලානුබද්දයි. පාරේ අයිනෙ මොනා හරි දෙයක් තියෙන්න එපැයි නේද? ඒකට උබ කාර් එකක් කියලයි කියන්නෙ. උබට කාර් එකක් විදිහට පෙනුන දේ, යකඩ එකතුකරන කෙනෙක්ට යකඩ ගොඩක සංඥාවක් දැනිලා මෙතන තියෙන්නෙ යකට තහඩු ගොඩක් කියලා හිතෙන්න පුළුවන්. තව කෙනෙකුට පඨවි ධාතු ගොඩක එකතුවක් විදිහට, ඊට වඩා දියුනු කෙනෙක්ට සතරමහ ධාතූන් විදිහට, ඊටත් වඩා දියුණු කෙනෙක්ට ශුද්ධාෂ්ඨක වගේ එක එක විදිහට තමන් මනස පුරුදු කරලා තියෙන විදිහට දකින්න පුළුවන්. තමන් දකින්න කැමති විදිහකට දකින්න පුළුවන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ගෞතම බුදුන් දේශනා කලේ ධර්මය දැකලා සුදුසු බව වැටහෙනවනම් පිළිගන්න කියලනෙ. ඉතින් එහෙම විමසල බලනකොට තේරෙන්නේ මේ පුද්ගලයා නාටකයක් රඟදක්වන බව. ඒ නිසා මේ සීන් එක වැඩිය ඔලුවට ගන්නෙ නෑ.
    එච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන් ප්‍රක්නාවක් දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට නෑ. එහෙම මිනිස්සු සීමිත ගානක් තමයි ඉන්නෙ. ඉස්ගෙඩි පුකක තරම් වත් මොළයක් ඉතිරි වෙලා තියෙනව නම්, අපි ඒ වගේ මහා ප්‍රාක්නයො උගත් වියත් මිනිස්සු ගමන් කරන මගේ ගමන් කරන්න ඕනේ කියලා දැන් වත් තීරණය කරන්න ඕනේ. තීරණය කරලා ඒ අනුව කටයුතු කරන්න ඕනේ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර

    උබ කතා කරන්නෙ සංඥාව ගැනනෙ. ඒක පුද්ගලානුබද්දයි. පාරේ අයිනෙ මොනා හරි දෙයක් තියෙන්න එපැයි නේද? ඒකට උබ කාර් එකක් කියලයි කියන්නෙ. උබට කාර් එකක් විදිහට පෙනුන දේ, යකඩ එකතුකරන කෙනෙක්ට යකඩ ගොඩක සංඥාවක් දැනිලා මෙතන තියෙන්නෙ යකට තහඩු ගොඩක් කියලා හිතෙන්න පුළුවන්. තව කෙනෙකුට පඨවි ධාතු ගොඩක එකතුවක් විදිහට, ඊට වඩා දියුනු කෙනෙක්ට සතරමහ ධාතූන් විදිහට, ඊටත් වඩා දියුණු කෙනෙක්ට ශුද්ධාෂ්ඨක වගේ එක එක විදිහට තමන් මනස පුරුදු කරලා තියෙන විදිහට දකින්න පුළුවන්. තමන් දකින්න කැමති විදිහකට දකින්න පුළුවන්

    නෑ මචන් මම ඇහුවෙ සඥාව ගැනම නෙවෙයි. (මේ උදාහරණ කතා කරන්න සඥාව ඕන වෙනවා. මගේ ප්‍රශ්නේ reality එක ගැන.)
    උඹ කිව්වනේ අපිට පේන දේ අපේ හිතේ ප්‍රක්ෂේපනයක් කියන එක හරි කියල.
    එතකොට උඹට පේන කාර් එක උඹේ හිතේ ප්‍රක්ෂේපනයක්. මට පේන කාර් එක මගේ හිතේ ප්‍රක්ෂේපනයක්.
    හැබැයි ඔතන කාර් දහයක් තිබුනත් ඒවයේ පාට ගැන අපි එකඟ වෙනවා. (දැනට පාට විතරක් ගනිමු.)
    පටලවා ගන්න එපා, මේ කියන්නේ මම රතු පාටට කැමති නැත්නම් ඒ පාට දැක්කම එන හැගීම උඹට එන හැගීමට වැඩිය වෙනස් කියන එක නෙවෙයි. ඒක ඕන එකෙකුට තේරෙනවනේ.

    මම අහන්නෙ, අපි දෙන්නගේ හිතේ ප්‍රක්ෂේපන ඔච්චර එක වගේ වෙන්නේ කොහොමද?

    පිටදුවේ හාමුදුරුවෝ ඒ බණේ කියනවා, මේ මල දැන් තියෙනව. මම එලියට ගියාම නෑ කියල. එතෙන්දි හාමුදුරුවෝ කියන්නේ මේ පෙනීමම තනිකරම හිතේ ප්‍රක්ෂේපනයක් කියල.

    අපේ හිත් වල ප්‍රක්ෂේපන හැම තිස්සෙම මෙච්චර එකඟතාවයක් පෙන්නන්නේ ඇයි?
     
    Feb 9, 2019
    833
    64

    Ithin Mala diha digatama balanna one nam cctv camera ekak hai karapanko. Ethakota digatama balan inna puluwan kohe giyath.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    නෑ මචන් මම ඇහුවෙ සඥාව ගැනම නෙවෙයි. (මේ උදාහරණ කතා කරන්න සඥාව ඕන වෙනවා. මගේ ප්‍රශ්නේ reality එක ගැන.)
    උඹ කිව්වනේ අපිට පේන දේ අපේ හිතේ ප්‍රක්ෂේපනයක් කියන එක හරි කියල.
    එතකොට උඹට පේන කාර් එක උඹේ හිතේ ප්‍රක්ෂේපනයක්. මට පේන කාර් එක මගේ හිතේ ප්‍රක්ෂේපනයක්.
    හැබැයි ඔතන කාර් දහයක් තිබුනත් ඒවයේ පාට ගැන අපි එකඟ වෙනවා. (දැනට පාට විතරක් ගනිමු.)
    පටලවා ගන්න එපා, මේ කියන්නේ මම රතු පාටට කැමති නැත්නම් ඒ පාට දැක්කම එන හැගීම උඹට එන හැගීමට වැඩිය වෙනස් කියන එක නෙවෙයි. ඒක ඕන එකෙකුට තේරෙනවනේ.

    මම අහන්නෙ, අපි දෙන්නගේ හිතේ ප්‍රක්ෂේපන ඔච්චර එක වගේ වෙන්නේ කොහොමද?

    පිටදුවේ හාමුදුරුවෝ ඒ බණේ කියනවා, මේ මල දැන් තියෙනව. මම එලියට ගියාම නෑ කියල. එතෙන්දි හාමුදුරුවෝ කියන්නේ මේ පෙනීමම තනිකරම හිතේ ප්‍රක්ෂේපනයක් කියල.

    අපේ හිත් වල ප්‍රක්ෂේපන හැම තිස්සෙම මෙච්චර එකඟතාවයක් පෙන්නන්නේ ඇයි?

    ඇයි බන් මේ වගේ ගැබුරු කාරනා පස්සෙ මෙච්චර එලව එලව කාලේ නාස්ති කරන්නෙ? උබට උනක් හෙම්බිරිස්සාවක් හැදුනොත් උබ දොස්තර විභාගෙ කරන්න යනවද? නෑනේ, හොඳ දොස්තර මහත්තයෙක් බලලා ඒ මහත්තයා දෙන බෙහෙත ගැන විශ්වාසයෙන් බොන එකනෙ කරන්නෙ.

    ඇයි ඉතින් මේ වැඩේට එහෙම කරන්නෙ නැත්තෙ? උබ හදවතින්ම ගරු කරන ලේඛකයෙක් ගායකයෙක් නළුවෙක් ගුරුවරයෙක් දේශපාලකයෙක් වගේ චරිත අරගෙන ඒ අය උන්වහන්සේ ගැන මොන වගේ මතයක්ද දරන්නෙ. පැහැදීමකින්ද ඉන්නෙ කියලා පොඩ්ඩක් හොයලා බලලා. ඒ අය පැහැදීමකින් නම් ඉන්නෙ උබට පැහැදෙන්නෙ නැතුව ඉන්න හේතුවක් නෑනේ.
     
    මම අහන්නේ පැහැදීමක් ගැන නෙවෙයිනේ මචන්.
    ධර්මය ගැන ප්‍රශ්නයක්නේ.
    කියන දේ එහෙමම පිළිගන්න කියල කවුරුවත් කියන්නේ නැනේ.
    උඹ ඒ බණ හරි කියන නිසා මට තියෙන ප්‍රශ්නයක් උඹෙන් ඇහුව.