මේ හාමුදුරුවන්ගේ තර්කය තමයි බුදුහාමුදුරුවෝ ඒ කාලේ සැපට ජීවත්වුණා දැන් ඉන්න හාමුදුරුවෝ ඇයි දුක්විඳ විඳ ජිවත්වෙන්නේ කියන එක. මොකද වර්තමාන මිනිස්සු ආකල්පමය මතයක් හදන් ඉන්නවා හාමුදුරුවෝ අල්පේච්චව ජීවත්වෙන්න ඕන කියලා. එහෙම ජිවත්වීමක් ගැන බුද්ධ චරිතයේ පෙන්නුම්කරන්නේ නෑ. බුද්ධ දේශනාවේ තියෙන්නේ මොන මකබාව දුන්නත් තමුන්ගේ කරගන්නේ නැතිව ජීවත්වෙන්න කියන එක.
ඉතින් ඔය හාමුදුරුවෝ බන කියන්නේ දුප්පත්කම හා අල්පේච්චතාවය අතර වෙනස තේරුන්කරන්න.
බුදු හාමුදුරුවෝ නම් එක එක ආශ්‍රම හදාගෙන තමන්ගේ පිලිම හදාගෙන ආතල් එකේ වැඩසිටියේ නැත. උන් වහන්සේ ගව් ගනන් දුර පයින් වැඩිසේක. දහසක් සත්වයන්ට නිවන් මග හෙලි කල සේක. වනාන්තර, ගල් ලෙන් වල රැය පහන් කල සේක. ඇත් අස් රියෙන් නොවැඩි සේක, බර්ත්ඩේ පාටි නොදැමු සේක. අනිත්‍ය , අනාත්ම දුක්ඛ වූ ත්‍රිලක්ෂණයත් පටිච්චසමුප්පාදයත් වදාලසේක.
මේ කිසිත් නොදන්නා, අල්පේඡ්චතාව ගැන හාංකවිසියක් නොදන්නා ගොන් වහන්සේලා සමන්ත බඩ්ඩයා "පොරක්" කරගෙන වැඳ වැටෙති, ඒ උන්ගෙ අඥානකමක මහත බව පසක් වන විට ක්ෂණ සම්පත්තියට කෙලවී තිබෙනු ඇත. බුද්ධ චීවරය දරා එක එක පිස්සන්ට ඕනෑ ඒවා දේශනා කල නොහැක. බුද්ධ චීවරය දරා දේශනා කලයුත්තේ නිවන් මගයි, ශ්‍රී සද්ධර්මයම පමණි.
Last edited:





