My Opinion
බදින නොබදින එක වර්ගයා බෝ කරන නොකරන එක තමන් කැමති නං ගන්න ඕන තීරණයක්. ඒකට සමලිංගිකද නැද්ද කියන එක අදාල නෑ.
වටේ අයව සතුටු කරන්න එයාලගෙ ප්‍රෙෂර් එකෙනේ බේරෙන්න කියලා තමංගේ නිදහස නැති කරගන්න එක නං මහම මහ බොරු වැඩක්.
මට නං ආසාවක් තියෙනවා බැඳල ලමයෙක් හදාගෙන සතුටින් ඉන්න. (දැනට එෆයාස් නැහැ. තිබිලත් නෑ. සහ ලිංගික ක්‍රියාකාරකම් කරලත් නෑ. බඳිනකං කරන්න අදහසකුත් නෑ).
හිතමු මම ඔයා වගේ සමලිංගිකයෙක් කියලා. මට පවුලක් කන්න ඕන නං ඒක කරගන්න පාත් එක හදාගන්නව මහන්සි වෙලා. ( සමලංගිකයෙක් වෙලා ලංකාවෙ ඇතුලෙ ගෑණියක් කසාද බැඳලා ලමයෙක් හදාගෙන වටේ ඉන්න පිරිමි අය එක්ක ජවුසන් නට නටා ගෙදරටයි ලෝකෙටයි බොරුව කරන එකක් නෙවේ මෙතන කියන්නේ. අපේ රටේ ගේ කපල් ගොඩක් අය රට ගිහින් ලස්නට ජීවත් වෙනවා. ලමයිත් ඉන්නවා සරොගසි වලින්)
අපි හිතන විදහයි වැදගත්. ආදරයට ලිංගිකත්වයක් වයසක් සීමාවක් නැහැ. අපියි ඒවට සීමා දාගන්නේ. ආදරය දැනෙන විදි වෙනස්. අපිට අවශ්‍ය කරන මානසික සුවය කායික සුවය ලැබෙන්න නං ආදරයේ විවිධත්වය තියෙන්න ඕන. අම්මගෙ ආදරය වෙනයි පෙම්වතියගෙ ආදරය වෙනයි දරුවගෙ ආදරය වෙනයි. තමන්ට රොමැන්ටික් වෙන්න ඕන නැතිනංං. දරුවෙක් හුරතල් කරන්න ඕන නැතිනං ඒ ආදර ප්‍රභේද දෙක නැතිවීම ගැන පසු තැවෙන එක තේරුමක් නැහැ.
තමන්ට සැනසීම දැනෙන විදිහටයි තමන් ජීවත් වෙන්න ඕන. කිසිම කෙනෙක් තව කෙනෙක්ගෙ සැනසීම ගැන නෙවේ හිතන්නේ. තමාගෙ සැනසීම ගැන. ඒ නිසා අනුන් ගැන නොහිත තමාට ප්‍රමුඛත්වය දීල ජීවිතය ගෙවන එකයි සුදුසුම.