මම සත්‍ය අවබෝධ කරා

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    completely agree, but there is nothing impossible who ever knows there life is written in a perfect way
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සික්‍රිප්ට් එකක් නෑ කියන බෞද්දයින්ගෙන් අහන්න දෙයක් තියෙනවා.

    කොහොමද බං ඉදිරියේදී මෛත්‍රී නමින් බුදු කෙනෙක් උපදින්නේ.😇
    ගෞතම බුදුන් කල්ප ගානකට පසුව ඉපදෙන බුදුන්ගේ නමත් කියලනේ.
    එකක් විතරක්නං බැරියෑ.... තව දහදෙනෙක්ගේත් කියලා.
    ඒ විකරක් යෑ. පහුගිය කල්ප ගානේ බුදුවුන විසි අටකගේ නමුත් කියලනේ.

    දෙමු බලන්න උත්තර.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    කෙටියෙන් කියන්න තියෙන්නෙ මේකයි....

    උඹ කල්පනා කරන්න පටන් ගත්තා ජීවිතය ගැන යම් දෙයක්... මනස පොඩ්ඩක් හරි විවෘත කරගන්න උත්සාහයක් දරල තියෙනව.
    හැබැයි... උඹ යන්නෙ වැරදි පාරක.

    ආගම කියන ෆ්‍රේම් එකෙන් පිට හිතන්න ඕනෙ නම්..... සරලව මේ දේ ගැන හිතන්න.

    Script එකකට උනා හෝ නැතා හෝ...
    උඹ හිතින් දුක් විඳිනව නම්... ලබා ගන්න ඕනෙ දේ ලැබුණෙ නැති වුනාම... නැත්තං පුළවන් තරම් උදව් කරල ඒකට ස්තූතියක්වත් ලැබුණෙ නැත්තං මල පනිනව නම්.... දෙයක් දැක්කම ඕනෙ කියල හිතෙනව නම්... පොඩි දේකට මල පනිනව නම්.... කේන්තිය නිසා බණිනව නම් ගහන්න යනව නම්.... කෙල්ලෙක් පොඩ්ඩක් හරි පේන්න ඇඳන් යනකොට ඉන්ඩ බැරි ආසාවක් එනව නම්.... හිතට ආස දේ හරියට උනේ නැති වුනාම කියාගන්න කෙනෙක් නැතිව අසරණ වුනොත් ඒකට මූණ දෙන්න හිත හයිය නැති වුණොත්... යාළු වෙච්චි කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාළු උනොත් හිතට දැනෙන දේ අනුව එක එක දේවල් කරන්න හිතෙනව නම්... .... වටේ පිටේ තියෙන දේවල් වලට වඩා උඹේ හිත ගැන උඹ දන්නෙ මොනවද කියල කල්පනා කරන්න.

    එතකොට උඹට තේරෙන්න පටන් ගනීවි... අවුල තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි උඹේ හිත ඇතුලෙමයි කියන එක. දැන් පටන් ගන්න හිත ගැන හොයන්න. මොකද උඹට පෙනුනා කියන සිද්ධිය (ස්ක්‍රිප්ට් එක) හැම කෙනාටම ආවේණිකයි. හැම කෙනාටම හිතක් තියෙනව. ඒ අයගෙ ලෝකෙ ඒක වටේ ගොඩ නැගිල තියෙනව.

    ඒ ස්ක්‍රිප්ට් එක වෙන මොකක්වත් නෙමෙයි තමන්ගේම හිත. ලෝකෙ සිද්ධ වෙන හැමදේකම සංසිද්ධීන් ගලප ගලප හේතු හොය හොය ඉන්න ගියොත් උඹට මේ ජීවිතේ මදි ඒක හොයල ඉවර කරන්න. කොටින්ම කිව්වොත් ඒක හොයල ඉවර කරන්න උඹට හම්බවෙන්නෙ නැහැ. උඹ ලෝකෙ සිද්ධවෙන දේවල් වලට වඩා තමන්ගේ හිත ඇතුලට එබිල එතන හොයන්න පටන් ගන්න. උඹට ඕනෙ උත්තරේ එතන හම්බ වේවි.
    bump
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,411
    113
    මේක සිරා
    මමත් විශ්වාස කරන දෙයක්
    පෙලක් එවුන් එකපාර නින්දෙන් නැගිටලා වගේ මොකක් හරි කරලා එක පාර කෝටිපතියෝ වෙනවා
    මේක වෙන්නේ ඌගේ කතාව ලියලා තියෙන විදියට
    ඌට ඒක ලැබුනේ ලැබෙන්න තිබ්බ කාලේදි

    උත්සහය හරි මහන්සිය හරි ඇති වෙන්නෙත් ලියලා තියෙන විදිය අනුව
    හැමදේම වෙන්නේ ස්ක්‍රිප්ට් එකට අනුව
    අපි ඇවිත් රඟපලා යන්න යනවා. සිම්පල්

    හැබැයි අපි කරන කියන දේ අනුව ඊලඟ ආත්මේ ස්ක්‍රිප්ට් එක වෙනස් කර ගන්න පුළුළුන්
    ඒකත් මම විශ්වාස කරනවා
     
    • Like
    Reactions: Kolama

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    සික්‍රිප්ට් එකක් නෑ කියන බෞද්දයින්ගෙන් අහන්න දෙයක් තියෙනවා.

    කොහොමද බං ඉදිරියේදී මෛත්‍රී නමින් බුදු කෙනෙක් උපදින්නේ.😇
    ගෞතම බුදුන් කල්ප ගානකට පසුව ඉපදෙන බුදුන්ගේ නමත් කියලනේ.
    එකක් විතරක්නං බැරියෑ.... තව දහදෙනෙක්ගේත් කියලා.
    ඒ විකරක් යෑ. පහුගිය කල්ප ගානේ බුදුවුන විසි අටකගේ නමුත් කියලනේ.

    දෙමු බලන්න උත්තර.
    mamath oya kathawma kiyala denna heduwa sinhala bauddayo tikakata.. wedak une neh:sneaky:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,155
    113
    IMO
    ෆ්‍රී විල් එකක් නෑ. ගන්න හැම තීරණයක්ම වෙන්න තියන දේවල්. අපි මේ දෛවය වෙනස් කරනව කියල රිස්ක් එකක් අරන් දතකාල තීරණයක් ගත්ත කියමු ගොඩ යන. ඒකම තමයි වෙන්න තිබ්බ දේ මේ Universe එකේ. අනිත් හැම වෙනස් තීරණයක්ම වෙන යුනිවර්ස් වල වෙන්න තියන දේ. අනාගතේ දකින්න පුළුවන් කියන මිනිස්සු හිටිය Prophecy තියනව කියල කියන්නෙ ජ්‍යෝතිෂයෙන් කරන්න උත්සහ කරන්නෙ ( හරියට බැරි උනත් ) ඒ වෙන්න තියන දේ මොකක් හරි ගණිතමය රටාවක් එක්ක අඳුරගන්න එක. අපි වැඩේ AI එකකට බාර දුන්නොත්, මොඩල් ලොකු ප්‍රමාණයක ගත්ත Decision බේස් කරන්, Decision බේස් කරන්, ඒ රටාවට ගැලපෙන වෙන කෙනෙක්ගෙ අනාගතය ආසන්න වශයෙන් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙයි.
     
    • Wow
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mamath oya kathawma kiyala denna heduwa sinhala bauddayo tikakata.. wedak une neh:sneaky:
    මිනිස්සු ප්‍රශ්ණ වලට උත්තර නැතිවෙනකොට දුවනවා බං. මේව බම්ප් කරාට උත්තර එන්නේ නෑ. හොඳම දේ තමුන්ට හරි කියල තේරෙන ප්‍රමානෙට දැනගෙන අනුන්ට කරදරයක් නැතිව ජීවත්වෙනඑක.


    මට මතක විදියට මිහිඳු හාමුදුරුවෝ සෙල්ලිපියක් කරවල තියෙනවා රවන්මැලි සෑය ළඟ මෙහෙම රජ කෙනෙක් මෙතන මහා සෑයක් හදනවා කියල. 🙄.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මහා බලපරාක්‍රම අනුබිස් වන්නෙය
    උන් වහන්සෙ මැවුම් කරුවා වන්නෙය

    200.gif


    බුහ් බුහ්

    මැවුම් කරුවා පිලිගනු, නැතහොත් තොපට රෙබීස් හැදෙන්නෙය
    අවිස්වාශ කරුවන්ට දඩුවම රේබීස්‍ ය
     
    • Love
    • Haha
    Reactions: ERROR40 and NRTG

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මම දැක්කා කෙනෙක් කියනවා දෙයක් ලැබෙනකං බලං ඉන්න එක වැරදියි කියල.

    මම කියන්නේ ලැබෙනකං බලං හිටියොත් ලැබෙන්නේ තියෙන ලාබම බාලම දේ වෙන්න පූලුවං කියලා

    20 දී රට යනවා කියල තිබුනොත් අපි දැනගන්න ඕන ගැලපෙන රටක් ට්‍රයි කරන්න, මොකද සෝමාලියාවත් තවත් එක රටක්. හැබැයි උඹ 20දී කොරෝනා හැදිලා හරි රටක හිරවීමේ සමභාවිතාව වැඩියි. වැදගත් වෙන්නේ මොන රටේද හිරවෙන්නේ කියන එක. හිරවුනාට පස්සේ ගානට පාර හැදෙනවා ජීවත් වෙන්න.

    ආයේ මව් රටට එන්නේ නෑ කිව්වොත් අපි දැනගන්න ඕන ඉන්න තැන සැපේ ඉන්න මොකද එන්නෙ නැතිවෙන හේතුව අපි දන්නේ නෑ. ඒක සමහරවිට ජීවිත කාලෙම හිරේ යෑමක් වෙන්නත් පූලූවං. ඒ රටින් කෙල්ලෙක් කසාද බැන්දා වෙන්නත් පූලූවං.
    ජොබ් එක දාලා එන්න බැරිවෙන්න පුලුවං. ලෙඩක් හැදිලා එකතැන් වීමක් වෙන්න පූලූවං.

    ඉන්න තැන මාලිගාවක් හදාගන්නේ නැතිව ලංකාවේ මාලිගාවක් හදාගන්නවා හොඳ වාහනයක් අරං තියලා තියනවා වගේ වැඩ හද්ද ගොං, කාලේ කන වැඩ. මොකද ගෙයක් හැදූවට වාහනයක් ගත්තට වැඩක් නෑ එන්න වෙන්නේ නැත්නම් බුක්තිවිඳින්නේ තව කෙනෙක්. අන්තිමට ඉතූරු වෙන්නේ පාවිච්චි කරපූ රොඩ්ඩක්.

    මම කියන්නේ මොළේ කල්පනා කරලා ලැබෙන්න තියෙන දේට මහන්සි වුනාම තමුන්ට ලැබෙන දේ හරියට ලබාගෙන සැපේ ඉන්න පූලූවං. වීර්යය හරි දේට වඩන්න පුලුවන්.

    හැබැයි නාඩි වල කියන්නේ හරියට ගානට වැඩේ වෙන්නනං අදාල දෙවියන්න පුද සත්කාර දාන මාන කරන්න ඕන කියලා.
    මට ඒ චැප්ට එක අහන්න උවමනාවක් තිබුනේ නෑ. අතේ සල්ලි තිබූනෙත් නෑ මොකෝ මම ඉස්කෝලේ යන කාලේ ගියේ.
    ඒ නිසාද දන්නේ නෑ මට කිසි දෙයක්, අඩුගානේ එක සත පහක් ලේසියෙන් හම්බෙලත් නෑ. හැබැයි මට මේ යන විදිය හොඳයි එක එකාට වඳිනවට වඩා.

    මම කියන දේ පැහැදිලි ඇති කියලා හිතනවා.

    මට pm දාල තිබුනා නාඩි වාක්‍ය ගැන අහලා. දැන් හරි දේ හරි මිනිස්සු කරනවද කියලා විශ්වාසයක් නැතිනිසා අපි ඒ ගැන කතා නොකර ඉමු.
    මටත් උඹ කියන දේ තේරෙනවා


    I cant type all this in Sinhala

    I have the same belief system that no matter how hard you try things happen to its script

    I was one of the most hard-working and intelligent people known in our village

    I have achieved so much by my achievements are very limited by some force


    No matter how hard I try it always takes me 2 steps back

    I know people who are so dumb but they succeed in every stupid step they take
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මම සෑහෙන්න දවසක් කල්පනා කරල තේරුම්ගත්ත දෙයක් බන්. ජෝක් එකට ගන් නැතුව උබලත් හිතල බලපන් ටිකක්.

    තව එකෙකුට දේවල් ලැබෙන්නත්, දේවල් කරන්න පුලුවන් වෙන්නත්,
    තවත් එකෙකුට දේවල් නොලැබෙන්නත්, දේවල් කරන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනව බන්.

    මම හිතන්නේ ඒ ලක් එක හරි මොකක් හරි අපිට ක්‍රොන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් බන්.
    සරලවම කියනවනම් අපේ ජීවිතේ ස්ක්‍රිප්ට් එකක් වගේ ලියවෙලා තියෙන්නේ ඒකෙන් පිට යන්න බෑ.

    උබ මම අපේ දෙමව්පියන් තොර ගත්තද?
    ඉපදුන ප්‍රදේශය, රට තෝරගත්තද?

    ඔය දෙකෙම කොච්චර දේවල් මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් කරනවද?.......

    දැන් උබල කියයි දුප්පත් නම් ගොඩ එන්න දෙයක් හොදට කරල ගොඩ එන්න පුලුවන් කියල. ඒකට උදාහරණත් දෙයි.

    ඒත් බන් එහෙම ගොඩ එන්න පුුලුවන් වෙන්නේ ඒක උගේ ස්ක්‍රිප්ට් එක නිසා.

    ඒත් එහෙම ගොඩ ඒමක් නැති එකෙක්ට කොච්චර ට්‍රයි කරත් කරගන්න බෑ. මේ දේ කරන්න ඕන කියල හිතපු ගමන් එක්කො නිදිමත හරි හැදෙනව.

    මට තේරුන විදියට සමාජයේ කිසි එකෙක්ට ඇගිල්ල දික්කරන්න බෑ බන්. ඌ කම්මැලියෙක්, ඌ පට්ට පොරක් කියල. මොකද ස්ක්‍රිප්ට් එකට අනුව තමයි හැම දේම වෙන්නේ.

    උබලට මොකද මේ ගැන හිතෙන්නේ?

    පොඩ්ඩක් මේක ගැන හිතනකොට ආගම වගේ රාමු පොඩ්ඩක් ගලවල දාල හිතපන්.
    totally agreed, tried everything i can , but still i am here without any difference,


    එක ලොකු කතාවක් බන්