මම, සුරේශ්, සංජීවනි
ඔන්න ඉතිං උදේ පාන්දරම යට ගියාව මතක් වුනා..

සංජිවනී 8 වසර හිටපු ඇහැට කනට පේන පට්ට කෑල්ලක්. අපිත් A/L වලට ආපු අලුතනේ 12 වසර. හා හා පුරා කියලා මේකට බැල්ම දැම්මා. ඕන මගුලකට යන්න එන්න ලග ඉන්නේ සුරේශයානේ. ඌවත් ඇදන් හැමදාම පෙරුම්කායට සෙට් වෙනවා..
ඒ කාලේ තියෙන ලොකුම ආතල් එකනේ ඈත ඉදන් බලන් ඉන්න එක. කරුමේ කියන්නේ A/L කරලා අයින් වුන ටවුමේ සෙට් බහින අයියා කෙනෙක් එතකොට මේකට වග කියලා. අපිත් සෙකන්ඩ් වෙන්න කැමැති නෑනේ වෙන දෙයක් වෙන්න බැස්සා ගේමට.
සුරේශයාට මේක වදයක් වෙලාද කොහේද
"මේ මගුල හරි යන් නෑ ලියුමක් දෙමු. උඹ කුරුමිණි අකුරු වලින් ලිව්වොත් කෙල්ලො කැමැති වෙන් නෑ මම ලියන්නම් කිව්වා"
සුරේශයා කවි කාරයා වගේම සාහිත්‍ය කාරයානේ මමත් ඉතිං ලියපං කිව්වා
සුබ මොහොතින් මූම ගිහින් දුන්නා. නෝ ආන්සර්
සෙනසුරාදා ක්ලාස් වගේම වල බහින දවස ආවා. සෙට් එකක් ආවා එක පාරම. කපිල අයියත් ලග. ඌ කලුපටි ශ්‍රේණිධාරියා නිසා හිතේ බයත් පොඩ්ඩක් අඩුයි.
මුලින්ම අවේ වැලිමඩ චන්ඩියා ඔස්කා (දැන්නම් නොන්ඩියා) ඊලගට සංජිවනිගේ ප්‍රේමවන්තයා කපිල අයියා (අද බොක්කේ ෆිට් එකක්) පස්සෙන් විස්සක් විතර අපි දෙන්නයි
"උඹද ලක්සිරි" ඔස්කා ඇහුවේ. චන්ඩියා වගේ දෙකට නැමිලා කටහඩද වෙව්ලලා
"ඔව් අයියා " කිව්වා.
"උඹද මගේ කෙල්ලට ලියුමක් දුන්නේ" මාර වේශයෙන් ප්‍රේමවන්තයා
"අනේ නෑ අයියා"
"එහෙනම් මේ මොකක්ද යකෝ"
ලියුම ඇදලා ගත්තා. ගණ දෙවි මොලේ ටක් ගහලා පහල වුනා
"අයියා මේ මගේ අත් අකුරු නෙවෙයිනේ" සුරේශයාට පිං දිදී මම කිව්වා.
"කෝ ගනින් පොත බලන්න." පැනපු ගමන් පොත දුන්නා
"ඒ මුගේ අකුරු නෙවෙයි බන්"
මුණු ටික හතරැස් කරගෙන
"පරිස්සම්වෙලා හිටපං" කියාගෙන තට්ටුවකුත් දමාගෙන මුං මාරු වුනා
හම්මේ ඇගට ලේ ඩිංගක් ඉනුවේ එතකොටයි.
මෙන්න බොලේ සදුදා ස්කෝලේට ගියාම පණිවිඩයක් එනවා
"මම ඒ ලියුම දුන්නේ නෑ පොත ඇතුලේ තිබිලා අහුවුනේ" කියලා.
ආයෙමත් නැවුම් බලාපොරොත්තු මකර කටට යන්න
මතු සම්බන්ධයි.....