මම, සුරේශ්, සංජීවනි

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මම, සුරේශ්, සංජීවනි

    ඔන්න ඉතිං උදේ පාන්දරම යට ගියාව මතක් වුනා..
    HSLO6.1.png

    සංජිවනී 8 වසර හිටපු ඇහැට කනට පේන පට්ට කෑල්ලක්. අපිත් A/L වලට ආපු අලුතනේ 12 වසර. හා හා පුරා කියලා මේකට බැල්ම දැම්මා. ඕන මගුලකට යන්න එන්න ලග ඉන්නේ සුරේශයානේ. ඌවත් ඇදන් හැමදාම පෙරුම්කායට සෙට් වෙනවා..

    ඒ කාලේ තියෙන ලොකුම ආතල් එකනේ ඈත ඉදන් බලන් ඉන්න එක. කරුමේ කියන්නේ A/L කරලා අයින් වුන ටවුමේ සෙට් බහින අයියා කෙනෙක් එතකොට මේකට වග කියලා. අපිත් සෙකන්ඩ් වෙන්න කැමැති නෑනේ වෙන දෙයක් වෙන්න බැස්සා ගේමට.

    සුරේශයාට මේක වදයක් වෙලාද කොහේද
    "මේ මගුල හරි යන් නෑ ලියුමක් දෙමු. උඹ කුරුමිණි අකුරු වලින් ලිව්වොත් කෙල්ලො කැමැති වෙන් නෑ මම ලියන්නම් කිව්වා"

    සුරේශයා කවි කාරයා වගේම සාහිත්‍ය කාරයානේ මමත් ඉතිං ලියපං කිව්වා

    සුබ මොහොතින් මූම ගිහින් දුන්නා. නෝ ආන්සර්

    සෙනසුරාදා ක්ලාස් වගේම වල බහින දවස ආවා. සෙට් එකක් ආවා එක පාරම. කපිල අයියත් ලග. ඌ කලුපටි ශ්‍රේණිධාරියා නිසා හිතේ බයත් පොඩ්ඩක් අඩුයි.

    මුලින්ම අවේ වැලිමඩ චන්ඩියා ඔස්කා (දැන්නම් නොන්ඩියා) ඊලගට සංජිවනිගේ ප්‍රේමවන්තයා කපිල අයියා (අද බොක්කේ ෆිට් එකක්) පස්සෙන් විස්සක් විතර අපි දෙන්නයි

    "උඹද ලක්සිරි" ඔස්කා ඇහුවේ. චන්ඩියා වගේ දෙකට නැමිලා කටහඩද වෙව්ලලා
    "ඔව් අයියා " කිව්වා.
    "උඹද මගේ කෙල්ලට ලියුමක් දුන්නේ" මාර වේශයෙන් ප්‍රේමවන්තයා
    "අනේ නෑ අයියා"
    "එහෙනම් මේ මොකක්ද යකෝ"
    ලියුම ඇදලා ගත්තා. ගණ දෙවි මොලේ ටක් ගහලා පහල වුනා
    "අයියා මේ මගේ අත් අකුරු නෙවෙයිනේ" සුරේශයාට පිං දිදී මම කිව්වා.
    "කෝ ගනින් පොත බලන්න." පැනපු ගමන් පොත දුන්නා
    "ඒ මුගේ අකුරු නෙවෙයි බන්"
    මුණු ටික හතරැස් කරගෙන
    "පරිස්සම්වෙලා හිටපං" කියාගෙන තට්ටුවකුත් දමාගෙන මුං මාරු වුනා

    හම්මේ ඇගට ලේ ඩිංගක් ඉනුවේ එතකොටයි.

    මෙන්න බොලේ සදුදා ස්කෝලේට ගියාම පණිවිඩයක් එනවා
    "මම ඒ ලියුම දුන්නේ නෑ පොත ඇතුලේ තිබිලා අහුවුනේ" කියලා.

    ආයෙමත් නැවුම් බලාපොරොත්තු මකර කටට යන්න

    මතු සම්බන්ධයි.....

    fighting-over-love-14682248.jpg
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඔන්න එහෙනම් කථාවේ අනික් කොටස
    love_triangle_by_iann7.jpg

    දැන් ඉතිං ආයේමත් මැරීගෙන පෙරුම්කාය.
    හිනා වෙනවා හොරෙන් බලනවා වැඩ කෝටියයි.
    ඒ මදිවට ඒ School Bus එකෙත් එනවා.

    මොනවා උනත් අරූට මාට්ටු වෙන්නත් බෑ.
    පොරියල් එක හම්බ වෙනවනේ.

    සුරේශයා ඉතිං දුකට සැපට සනී වගේ ලග ඉන්නවා. මාව උනන්දු කරමින්

    මෙන්න ගාඩ් ගලේ ලැගගෙන පෙරුම්කාය දාගනෙ ඉන්නකොට කෙල්ලගේ යාළුවෝ තුන් දෙනෙක් එනවා
    බොලේ හිනාවෙවි

    "සුරේශයෝ මොනා හරි මගුලක් වෙන්න වගේ යන්නේ"

    "සුරේශ් අයියා පොඩ්ඩක් එන්නකෝ"
    එක කෙල්ලෙක් කථා කරපි

    "මේ මමද"
    මගේ අතිජාති මිත්‍රයා අන්දුන් කුන්දුන්
    මමත් කරකවලා අත ඇරියා වගේ

    මූත් ගියා ලගට ජීනිවා වල පරීක්ෂණයකට මූණ දෙනවා වගේ

    අම්මට සිරි ලොකු කථාවක් මගේ දිහාත් බල බලා.
    එන්න එන්න මූගේ මූණත් වෙනස් වෙනවා
    මට මෙලෝ මගුලක් ඇහෙන්නෙත් නෑ

    අන්තිමට මු හයියෙන්ම එක පාරම කියපි
    "අපේ ගෙදර ශ්‍රමදානෙකට හරි යන්න ඉන්නේ මම විතරයි නංගි"

    surprise.jpg

    යකෝ මොන මගුලක්ද මූ මේ කියවන්නේ
    කෙල්ලෝ තුන් දෙනත් දුවපි ආය

    මූ ආවා නිකං මූණ වාහනයකට අහුවුන තක්කාලි ගෙඩියක් වගේ

    "මොකෝ බන් වුනේ"

    "වැඩක් නෑ බන් ඒ ගැන කථා කරලා"

    "කියපන්කෝ හු.... අවුල් කරන් නැතුව. ආයෙමත් ගුටි පුජාව ද?"

    "එහෙම රෙද්දක් නෙවෙයි. මේ වුන දේ කොහොමද බන් උඹට කියන්නේ"

    මූ පට්ට සෑඩ් මූඩ් එකේ පට්ට සීරීයස් විදිහට කියපි

    මම තවත් අවුල් මේ පාර මොන හෙනහුරෙක්ද පාත් වෙන්නේ

    "උඹ මගේ බොක්කනේ මම උඹට වරදක් කරන් නෑ බන්"

    මෙන්න මූ අඩන සයිස් එකෙන් කියනවා
    "කියපං දැන් මොකද වුනේ මගුල් කියවන් නැතුවා"
    නප්පියටම තදවෙලා මම කිව්වා

    "උඹේ ට්‍රයි එක අර කෙල්ලෝ අතේ කියලා එවලා ඒකි මට කැමතියි කියලා"

    කිරි අප්පට බල්ලෝ පැනපි
    "මොන මගුලක්ද බන් මුණ දෙක කරගෙන. කරපන් උඹ මොකද මන් මොකද"

    හිතේ කිසිම කහටක් නැතිව කියලා දැම්මේ කෙල්ලෙක් වෙනුවෙන් මරා ගන්න ලෙවල් එකේ අපි නැති හින්දා
    "එ්ත් මචං"
    "ඉවරයි බන් කරපං කරපං"
    කන්න ඕනි උනාම ඉබ්බෝ ගෙට එනවනේ
    "ඒක නෙවෙයි බන් මොකක්ද බන් උඹ අර ශ්‍රමදාන කථාවක් කිව්වේ අර කෙල්ලන් එක්ක"
    "නෑ බන් අපේ ගෙදර මමයි අයියයිනේ ඉන්නේ අයියා ගෑණි වගේ ගේ ඇතුලනේ. ශ්‍රමදානයක් ආවත් මමනේ යන්නේ
    අරකිගේ කොල්ලගේ යාළුවෝ සෙට් එක ඇවිත් අතක් පයක් කඩලා දැම්මම ශ්‍රමදානෙකටවත් යන්න එකෙක් අපේ ගෙදර නෑනේ"

    බලපල්ලකෝ මූ ලව් කරන්න කලින් හිතලා තියෙන දේවල් ටික

    දැන් ඉතිං මට ඉලව් ඌට ලව්

    1.jpg

    මතු සම්බන්ධයි....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: djnick

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔන්න ඉතිං උදේ පාන්දරම යට ගියාව මතක් වුනා..
    HSLO6.1.png

    සංජිවනී 8 වසර හිටපු ඇහැට කනට පේන පට්ට කෑල්ලක්. අපිත් A/L වලට ආපු අලුතනේ 12 වසර. හා හා පුරා කියලා මේකට බැල්ම දැම්මා. ඕන මගුලකට යන්න එන්න ලග ඉන්නේ සුරේශයානේ. ඌවත් ඇදන් හැමදාම පෙරුම්කායට සෙට් වෙනවා..

    ඒ කාලේ තියෙන ලොකුම ආතල් එකනේ ඈත ඉදන් බලන් ඉන්න එක. කරුමේ කියන්නේ A/L කරලා අයින් වුන ටවුමේ සෙට් බහින අයියා කෙනෙක් එතකොට මේකට වග කියලා. අපිත් සෙකන්ඩ් වෙන්න කැමැති නෑනේ වෙන දෙයක් වෙන්න බැස්සා ගේමට.

    සුරේශයාට මේක වදයක් වෙලාද කොහේද
    "මේ මගුල හරි යන් නෑ ලියුමක් දෙමු. උඹ කුරුමිණි අකුරු වලින් ලිව්වොත් කෙල්ලො කැමැති වෙන් නෑ මම ලියන්නම් කිව්වා"

    සුරේශයා කවි කාරයා වගේම සාහිත්‍ය කාරයානේ මමත් ඉතිං ලියපං කිව්වා

    සුබ මොහොතින් මූම ගිහින් දුන්නා. නෝ ආන්සර්

    සෙනසුරාදා ක්ලාස් වගේම වල බහින දවස ආවා. සෙට් එකක් ආවා එක පාරම. කපිල අයියත් ලග. ඌ කලුපටි ශ්‍රේණිධාරියා නිසා හිතේ බයත් පොඩ්ඩක් අඩුයි.

    මුලින්ම අවේ වැලිමඩ චන්ඩියා ඔස්කා (දැන්නම් නොන්ඩියා) ඊලගට සංජිවනිගේ ප්‍රේමවන්තයා කපිල අයියා (අද බොක්කේ ෆිට් එකක්) පස්සෙන් විස්සක් විතර අපි දෙන්නයි

    "උඹද ලක්සිරි" ඔස්කා ඇහුවේ. චන්ඩියා වගේ දෙකට නැමිලා කටහඩද වෙව්ලලා
    "ඔව් අයියා " කිව්වා.
    "උඹද මගේ කෙල්ලට ලියුමක් දුන්නේ" මාර වේශයෙන් ප්‍රේමවන්තයා
    "අනේ නෑ අයියා"
    "එහෙනම් මේ මොකක්ද යකෝ"
    ලියුම ඇදලා ගත්තා. ගණ දෙවි මොලේ ටක් ගහලා පහල වුනා
    "අයියා මේ මගේ අත් අකුරු නෙවෙයිනේ" සුරේශයාට පිං දිදී මම කිව්වා.
    "කෝ ගනින් පොත බලන්න." පැනපු ගමන් පොත දුන්නා
    "ඒ මුගේ අකුරු නෙවෙයි බන්"
    මුණු ටික හතරැස් කරගෙන
    "පරිස්සම්වෙලා හිටපං" කියාගෙන තට්ටුවකුත් දමාගෙන මුං මාරු වුනා

    හම්මේ ඇගට ලේ ඩිංගක් ඉනුවේ එතකොටයි.

    මෙන්න බොලේ සදුදා ස්කෝලේට ගියාම පණිවිඩයක් එනවා
    "මම ඒ ලියුම දුන්නේ නෑ පොත ඇතුලේ තිබිලා අහුවුනේ" කියලා.

    ආයෙමත් නැවුම් බලාපොරොත්තු මකර කටට යන්න

    මතු සම්බන්ධයි.....

    fighting-over-love-14682248.jpg

    ආයෙමත් නැවුම් බලාපොරොත්තු මකර කටට යන්න:lol::lol:
    patta ban,matath tiyenawa oya expierience eka:growl::lol::lol::lol:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    කතාව එල, තව ටිකකින් මූත් වැල පත්තරේ දිග අරීද දන්නෙ නෑ.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    සෙනසුරාදා ක්ලාස් වගේම වල බහින දවස :yes::love: