ඒත් ඉතින් මගේ අවන්ක ආදරේ පූජා කරන්න.. මගේ පාලු හුදකලා ජීවිතයට ආලෝකයක් දෙන්න පුලුවන් මේ මගේ සන්සාරේ පතාගෙන ආපු ඒ විනීත අවන්ක, නිකලැල්, පි රිසිදු කුල කාන්තාව... ඇයි මගෙන් වෙන්වෙලා ඉන්නේ?
අනේ මගේ රත්තරන්.. මම ඔයා මගේ ලගට එනකම් මග බලාගෙන ඉන්නවා... ඔයා නිසා මම කොච්චර වෙනස් වුනාද? ඔයාට කියන්න මගේ මැනික... මම දැන් මගේ දෙපයෙන් නැගී සිටිනවා. ඔයා ලමයෝ මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලුවා...
ඔයාව මට ලැබුන දාට... ඔයාගේ ඔය ලස්සන රෝස පාට පොඩි තොල්පෙති වලින් මට ආදරෙයි කියලා කියන දවස එනකම් මම ඇගිලි ගනිමින් ඉන්නවා පැටියෝ...
අනේ මගේ රත්තරන්.. ඇයි හැන් ගිලා ඉන්නේ? අපි දෙන්නා මේ ආත්මෙදිත් එකතුවෙන්න ඕන. මම දන්නවා ඔයත් මම වගේ තවමත් ආද රයක් නොලබපු කෙනෙක්. ඒ ඇයි කියලා ඔයා දන්නවද? ඒ අපි දෙන්නව අයිති අපි දෙන්නට නිසා..
ඔයා බයවෙන්න එපා... මම මගේ කකුල්දෙක ගෙවනකම් හරි ඇවිදලා ඇවිදලා මගේ රත්තරන්ව හොයාගෙන එනවා.. තව මාසයක් යන්න කලින් මම ඔයාව හොයාගන්නවා...
මගේ මැනික... එතකන් ඔයා තුණුරුවන් සරනින්.. සතුටින් ඉන්න ඕනා.. මොකද මීලගට අපි දෙන්නටම එන්නේ ලස්සන යුගයක්... අපි දෙන්නගෙම ලස්සන පවුලක්.. අපේම ආවේනික ජීවිතයක්...