මට හිතෙන විදියට රනිල් හොදට රට කරනවා. පොහොට්ටුවේ බහුතරයක් එක්ක අමාරුවෙන් වුණත්. ඉතිං එතුමට නිදහසේ එයාගෙම ආණ්ඩුවක් එක්ක තව අවුරුදු 5ක් දෙන එක හොද නැද්ද.
සජිත් , අනුර දෙන්නම දැන් දැන් ඡන්ද දිනන්න පැතුම් කියනවා වගේ ආයේ අර පරණ වාමාංශික තැටියම රන් කරනවා. ඉතිං මම හිතන්නෙ නෑ උන් දෙන්නටම රට අරගෙන කරන්න සැලසුමක් තියේවි කියලා .
මට තේරුන විදියට මම කිව්වෙ . මම වැරදි නම් ඒක පෙන්නලා දෙන්න.
මේක sarcasm ද serious ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ මං
serඉous කියලා හිතලා හෑල්ලක් ලියන්නම්.
ලංකාව කියන්නෙ මාලු ටැංකියක් වගේ කියලා හිතුවොත්,
මේකේ පොඩි මාලු (මෝඩ සාමාන්‍ය මිනිස්සු) ඉක්මනට බෝවෙලා තියෙන දියසෙවෙල් ටික කාලා දානවා. ලොකු මාලු (දේශපාලුවෝ, කූට ව්‍යාපාරිකයෝ) දඟලලා කොටලා දඟලද්දි ටැංකියෙ වීදුරු පුපුරනවා, ටැංකියට දාන කෑම ටිකටත් ලොකු මාළු කාලා දානවා. ලොකු මාලුන්ට හිතුනම පොඩි මාලුන්වත් කනවා.
මේකට කෑම දාන්නෙ වතුර දාන්නෙ ටැංකිය බලන්න එන අය (සංචාරකයෝ, ආයෝජකයෝ)
අවුරුදු ගාණක් ටැංකිය හරියට බලාගන්න කෙනෙක් හිටියෙ නැතුව වීදුරු පුපුරලා, ටැංකිය දිරලා වතුර leak වෙනවා. මාලුන්ට කන්න තියෙන පැල කන්න බෙල්ලෝ (හොරු) බෝවෙලා. ටැංකියෙ ලස්සන නැතිවෙලා, බලන්න එන අය අඩුවෙලා, මාලුන්ට කෑම අඩුවෙලා උන් උන් කොටා ගෙන මැරෙනවා. වතුර තියෙන්නෙ අනිතිම අඟල් ගාණේ (මුදල් සංචිත) , ඒ ටිකත් හිඳිලා යනවා, එහෙම වුණොත් ඔක්කොම මාළු මැරෙණවා.
තියෙන්නෙ මේ ටැංකිය විතරයි, ටැංකිය repair කරන්න මාලු අයින් කරන්නත් බෑ, මාලු මැරෙන්නත් බෑ, ලස්සන මාලු (උගත් වෘත්තිකයෝ) එකෙක් දෙන්නෙක් ගත්තාට අනිත් මාලු ඔක්කොම කවුරුත් ගන්නෙත් නෑ. මොකද කරන්නෙ?
කට්ටියක් කියනවා වතුර හිඳුන වෙලාවෙ පුපුරපු තැන් repair (system change) කරන්න ඕනි කියලා. එයාලා ටැංකියට කෑම වතුර දාන අයටත් කියලා repair කරලා ඉවර වෙනකන් කෑම වතුර දාන්න එපා (ලංකාවට dollar යවන්න එපා) කියලා. එයාලා එහෙම කිව්වත් තියෙන ඔක්කොම පිපිරුම් repair කරන්න එයාලාටත් බෑ. repair එක ඉවර වෙලා වතුර පුරවන්න යන කාලෙ වෙද්දි ටැංකියෙ වතුර නැතුව, ඉන්න ඉඩ නැතුව කෑම නැතුව මාළු ගොඩක් මැරෙණවා.
අනිත් කට්ටිය repair කරනවාට කැමැත්තක් නෑ, එයාලා අර බෙල්ලො එක්ක ගනුදෙනු කරන අය.
රනිල් ඇවිත් කරේ ටැංකියට බාගෙට වතුර පුරවලා කෑම දාන්න දීපු එක. දැන් මැරෙන්න ගිය මාලු ගොඩකට යන්තම් නොමැරි ජීවත් වෙන්න පුලුවන්. හැබැයි වතුර leak වෙනවා, ලෙඩ හැදිලා, ලොකු මාලුන්ට අහුවෙලා මාලු යම් ප්‍රමාණයක් මැරෙනවා, leak වෙන එක අඩු කරනවා වෙනුවට ඉක්මනට වතුර පුරවලා ටැංකියෙ වතුර හිඳෙන් නැතුව තියාගන්න තමයි රනිල්ට පුලුවන්. සමහරවිට එහෙම කාලයක් තියෙද්දි දියසෙවෙල් බැඳිලා leak ඉබේ අඩුවෙන්න පුලුවන්. එහෙම නැතුව කෑම වතුර දාන අය එන එක අඩු වුණොත් ආයේ අඩියටම වතුර හිඳිලා හිටිය තැනටම වැටෙන්නත් පුලුවන්
TL;DR
රනිල් හොඳට රට කරන්නෙ නෑ, ඇදගෙන යනවා. බලේ තියාගන්න chess game එකක්. රනිල්ට තව අවු 5ට බලේ දෙන එක හොඳද නැද්ද තීරණය වෙන්නෙ රනිල්ට මුවා වෙලා බලේ ගන්න ඉන්න එවුන් මත. සජබෙ ඉන්න සාපෙක්ෂව හොඳ එවුන් ටිකක් එකතුවුණොත් පොඩි හොඳක් වෙන්න පුලුවන්
සජිත් මෝඩ පණ්ඩිතයෙක්, ජනාධිපති වෙලා බලතල බෙදන විදිය අනුව කැඳ හැලියක් වෙන්නත් පුලුවන්, නැත්නම් මේ යන විදියට ඇදගෙන යන්නත් පුලුවන්.
අනුර ගැන best case scenario එක විදියට හොරකම වංචාව නැති ජනාධිපති කෙනෙක් වෙන්න පුලුවන්. හැබැයි අනුර දිනනවා නම් දිනන්නෙ 2019 ගෝඨා system change කරයි කියලා රැවටුණ ගොන් බයියොන්ගෙනුයි මාලිමාව hijack කරපු කපටි බයියොන්ගෙ ඡන්ද වලිනුයි. අනුරට බලේ ඉන්න ඕනි නම් thug ජෙප්පොන්ටයි මාලිමව hijack කරපු බයියොන්ටයි රටේ බලේ දෙන්න වෙනවා. එහෙම නැත්නම් ගෝඨාට වඩා ඉක්මනට අකුලගෙන යන්න වෙනවා. worst case scenario එක නම් මාලු ටැංකිය පොලවේ ගැහුවා වගේ තමයි.