චන්දයක් ජයග්‍රහණයට හුදෙක්ම බලපානුයේ රජුන් තනන චන්ද නොහොත් පාවෙන චන්දයි.ස්ථිර චන්ද නැතහොත් කැපුවත් කොළ ,නිල් ,රතු චන්ද ද ඇත .එක්සත් ජාතික පක්ෂ සහා ජනතා විමුක්ති පෙරමුණ සතුව පසු ගිය සමයේම පැවතුනේ මෙවැනි දැඩි මතධාරී පාක්ෂික චන්ද පමණි.
ආණ්ඩුවෙන්,UNP ගැලවී යන පාවෙන චන්ද සදහා නැංගුරම් දැමීමට පැවති විකල්ප බලවේගයක අවශ්‍යතාව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් යම් තාක් දුරට සැපිරීමට සමත් විය .එහෙත් තවත් පාවෙන චන්ද බහුතරක් සටහන් උයේ චන්ද පොලට නොයා හෝ චන්ද කොලේ කටුගාය .එයට හේතුව දුර්වල විපක්ෂය සහා ඔවුන්ගේ අතීත කල ක්‍රියාය.JVP ට තව දශක 3කට මෙහා ඔලුව ඉස්සිය නොහැක.ඔවුන්ගේ භීෂණ කාරී ක්‍රියා අත්දුටුවන් බහුතර චන්ද දායකයන් ලෙස සිටින තාක් ඔවුන්ට පළාත් සභාවකවත් බහුතර බලය නොලැබෙනු ඇත.මෙය මම අත්දැකීමෙන් දන්නා කාරණයකි .මමද මෙවර ආණ්ඩු විරෝධී පසුබිමක JVP සදහා මගේ චන්දය දීමට තීරණය කරත් භීෂණ සමයේ සජීවී අත්දැකීම් ඇති අප පවුලේ අන් අයගෙන් මට අසන්නට ලැබෙනුයේ එදා අප නිවෙස් අවට සිදුවූ ප්‍රචණ්ඩත්වය,භීෂණ මිනිස් ගතාන ගැනය.වර්තමානයේ JVPට කඩේ යන බහුතරය 88-89 සමයේදී හරි හැටි දැනුම් තේරුම් නැති වයසේ සිටි හෝ ක්‍රියාකාරී JVP පවුල් පසුබිමෙන් පැවත එන පුද්ගලයන් පමණි.
UNPට මිනිසුන් චන්දය නොදීමට හේතු ගෙන හැර පෑමට අවශ්‍ය නැත .UNP චන්ද පදනමේ අද ඉතිරිව ඇත්තේ කැපුවත් කොළ පාක්ෂිකයන් පමණි .
බහුතරක් පාවෙන චන්ද සදහා බඩු මිල ,බස් ගාස්තු ,ඉන්ධන මිල ,විදුලි ගාස්තු ආදි සාධක අදාල නොවේ .ඔවුන්ට ඉන් එහා ගිය සමාජීය කාරණා බලපායි .ඉන් එකක් නම් ,
රතුපස්වල පිරිසිදු ජලය බිමට ඉල්ලු අහිංසකයන්ට අත්වූ ඉරණම මතකද ?රටේ නිතිය අනුව කලහාකාරී උද්ගෝෂණයක් උවද නැවැත්විය යුත්තේ අවම බලයක් යොදායි.එහෙත් එදා ජල ප්‍රහාර භාවිතා කලාද ?කදුළු ගැස්?අඩුම තරමේ රබර් උණ්ඩද නොව සිදුවුයේ මිලේච්ච කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදි හමුදා සේනාංකයක් රතුපස්වල අක්‍රමණය කිරීමයි .මේ ප්‍රහාරය පිටිපස සිටින හස්තය අප සැම සක් සුදක් සේ දන්නා කරණයකි. මිට පෙරද මෙවැනිම ජනතා උද්ගෝෂන 2කදී මිනිස් බිලි 2ක් ගත්තේය .මෙම එකම අවස්ථාවකදීවත් චුදිතයයෙක් නැත.පොලිස්පතිලා ඉල්ලා අස්වී තානාපති සේවයට යයි .හමුදා ප්‍රධානින් තනතුරින් පහල දමයි .සැබෑ අණ දුන් හස්තය ජන හඩ මර්ධනයේ ජය පැන් බොයි.
මෑතකදීද මේවැනිම භීෂණකාරී සිදුවිමක වාර්තා විය.බස්නාහිර පළාත් සබහා චන්දය නොවන්නට ඒ පැහැරගත් පුද්ගලයාගේ මළ කද හෝ සොයා ගැනීමට නොහැකිවන්නට තිබිණි .
රටේ ප්‍රධාන විපක්ෂය මෙම කිසිදු අවස්ථාවක ජනතාව සමග සිටියේද?ආණ්ඩුවට දැනෙන රට දැනෙන එකදු හෝ විරෝධතාවයක් දැක්වීමට ඔවුන් අපොහොසත් විය .මෙවැනි සිද්දීන් හරහා ආණ්ඩු විරෝධී ජනතා පෙලගසමක්,ජන බලවේගයක් ගොඩනැගීමට තිබු අවස්ථා ඔවුන් පැහැර හරියේ ආණ්ඩුවේ අතකොලු වැන්න වුන් වීමෙනි .
මෙවර මැතිවරණයේදීද පාවෙන චන්ද ,චන්ද පොලට නොයා හෝ චන්ද කොලේ කටුගා අවසන් වීමට බොහෝ ඉඩකඩ ඇත .එහෙත් එසේ වීමෙන් සිදු වනුයේ ආණ්ඩුව තවතවත් ශක්තිමත් වීමයි.Jhon F.Kennady වරක් පැවසු පරිදි අනර්ථය ජයගන්න අවශ්‍ය වනුයේ යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීමයි.එහෙයින් අපට කල හැකි සරලම සහ පහසුම විරෝධය වන "චන්දය" මෙම දුෂණයට සහා භීෂණයට විරුද්ධව යොදා ගත යුතුයි .
නැතහොත් ආණ්ඩුවට සෑම දුෂණ,භීෂණ සිදුවීමක්ම අවසානයේ සධාරනිකරණය කිරීමට ගෙන හැර දක්වනුයේ ජන බලය අප සමගයි යන්නයි.එහෙයින් අප චන්දය විපක්ෂයට දිය යුත්තේ ඔවුන්ව ජය ගැන්වීමට වඩා ආණ්ඩුවේ දුෂණය සහා භීෂණයට එරෙහි විමටයි.ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමටයි.කාලයාගේ ඇවෑමෙන් නුදෙරේදීම ආණ්ඩු බලය ලබාදිය හැකි විකල්ප ශක්තිමත් බලවේගයක් බිහිවනු ඇත.