මයිලෝ වලින් හදාගන්න පුළුවන් රසම රස බීම වර&#353

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මයිලෝ වලින් හදාගන්න පුළුවන් රසම රස බීම වර&#353

මයිලෝ වල රස නොබලපු කෙනෙක් නැතුව ඇති. මොකද ඒ තරමට ඒක රසවත් පානයක්නේ. ඇත්තටම මම නම් තේ එකට මයිලෝ හැන්දක් විතර දාලා තමයි බොන්නේ. :yes::D
ඊට අමතරව මයිලෝ වලින් රසවත් බීම වර්ග කීපයක්ම හදාගන්න පුළුවන්. ඔයාලත් පුළුවන් විදියට හදලා රස බලන්න. :)

Hot Milo

S3ecPvJ.png

අවශ්‍ය ද්‍රව්‍ය:
මයිලෝ පිටි මේස හැඳි 3
සීනි
උණු වතුර

01. මග් එකක් ගෙන එයට මයිලෝ මේස හැඳි 3ක් දමාගන්න.
02. එයට අවශ්‍ය පමණට සීනි එකතු කරගන්න.
03. ඉන්පසු එයට උණු වතුර එක්කර හොඳින් මිශ්‍ර කර පානය කරන්න.

Cold Milo

VOHcaso.jpg

අවශ්‍ය ද්‍රව්‍ය:
මයිලෝ මේස හැඳි 3
මිල්ක්මෙඩ් මේස හැඳි 1 1/2
උණු වතුර
ශීත කළ කිරි (fresh milk)

01. මයිලෝ මේස හැඳි 3 මග් එකකට දමාගන්න.
02. මග් එකෙන් භාගයකට පමණ උණු වතුර එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
03. පසුව මිල්ක්මේඩ් මේස හැඳි 1 1/2ක් එකතු කරන්න.
03. අවසානයේ මග් එක පිරෙන තුරු ෆ්‍රෙෂ් මිල්ක් එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන රස බලන්න.
(මිල්ක්මෙඩ් වල පැණි රස තියෙන නිසා මේකට සීනි දාන්න අවශ්‍ය නෑ)

Iced Milo

VWz4U91.png

අවශ්‍ය ද්‍රව්‍ය:
මයිලෝ මේස හැඳි 3
කිරි පිටි මේස හැඳි 2
සීනි මේස හැඳි 1
උණු වතුර
අයිස් කැට

01. මග් එකට මයිලෝ, කිරි පිටි සහ සීනි දමාගන්න.
02. එයට උණු වතුර එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
03. පසුව එයට අයිස් කැට එකතු කර හොඳින් මිශ්‍ර කර පානය කරන්න. (අවශ්‍ය නම් මෙය මදක් බ්ලෙන්ඩර් කරලා ගන්නත් පුළුවන්)

අයිස්ඩ් මයිලෝ හදාගත්තට පස්සේ මෙය වඩාත් රසවත් කරගන්න පුළුවන් ආකාර 2ක් පහතින්.

Milo Dinosaur

TVy0dtP.jpg

මෙය සිංගප්පුරුවේ ඉතාම ජනප්‍රිය පානයක්.
01. ඉහත ආකාරයට අයිස්ඩ් මයිලෝ සාදාගන්න.
02. එයට උඩින් මයිලෝ මේස හැඳි 2ක් දමාගන්න. මෙය මිශ්‍ර කරන්න එපා. මයිලෝ කුඩුත් සමග මෙය පානය කරනවිටදී හොඳ crunchy රසයකුත් එනවා.

Milo Godzilla

viskqKi.jpg

01. ඉහත ආකාරයට අයිස්ඩ් මයිලෝ සාදාගන්න.
02. එයට උඩින් වැනිලා අයිස් ක්‍රීම් හෝ විප්ඩ් ක්‍රීම් මේස හැඳි 4ක් පමණ දමාගන්න.
03. ඉන්පසු එයට උඩින් මයිලෝ මේස හැන්දක් පමණ දාගෙන රස බලන්න.
 
niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඕවා ඕනාවට වඩා බිව්වොත් උදේට උදේට පු% ආඩම්බර බලන්න වෙනවා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මයිලෝ බොන්න එපා. විශේෂයෙන් පොඩි උන්ට දෙන්න එපා. මුන් පොඩි උන්ගේ මොළ හෝදලා තියෙන්නෙ.
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මයිලෝ බොන්න එපා. විශේෂයෙන් පොඩි උන්ට දෙන්න එපා. මුන් පොඩි උන්ගේ මොළ හෝදලා තියෙන්නෙ.

    ඒ ඇයි...හොඳ නැද්ද? :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඕවා ඕනාවට වඩා බිව්වොත් උදේට උදේට පු% ආඩම්බර බලන්න වෙනවා

    මයිලෝ බොන්න එපා. විශේෂයෙන් පොඩි උන්ට දෙන්න එපා. මුන් පොඩි උන්ගේ මොළ හෝදලා තියෙන්නෙ.

    oonama deyak oonawata wadaa onaa natha
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි හොඳ නැත්තේ කියන්න මම ළඟ ලංකාවේ ඩොක්ටර් කෙනෙක්ගේ හොඳ විස්තරයක් තිබුන, දැන් ඒක හොයාගන්න නැහැ. නමුත් වෙබ් එකේ ඕනේ තරම් තියෙනවා විස්තර. බලන්න මේ ලින්ක් එක මයිලෝ නම් මෙතන නැහැ. හැබැයි සමාන වෙනත් ඒවා.

    https://rajganpath.com/2011/11/02/the-truth-behind-health-drinks/
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මයිලෝ බොන්න එපා. විශේෂයෙන් පොඩි උන්ට දෙන්න එපා. මුන් පොඩි උන්ගේ මොළ හෝදලා තියෙන්නෙ.

    ඇයි බං එහෙම කියන්නේ? ඇන්කර් වගේ සීන් එකක්ද?
    කොහොමත් ඉන්දියාවේ Nestle company එකේ එකේ product ගිනි තිබ්බා නේද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඇයි හොඳ නැත්තේ කියන්න මම ළඟ ලංකාවේ ඩොක්ටර් කෙනෙක්ගේ හොඳ විස්තරයක් තිබුන, දැන් ඒක හොයාගන්න නැහැ. නමුත් වෙබ් එකේ ඕනේ තරම් තියෙනවා විස්තර. බලන්න මේ ලින්ක් එක මයිලෝ නම් මෙතන නැහැ. හැබැයි සමාන වෙනත් ඒවා.

    https://rajganpath.com/2011/11/02/the-truth-behind-health-drinks/

    සිංහලෙන් ලියපු එකක් නැද්ද බං?
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඇයි හොඳ නැත්තේ කියන්න මම ළඟ ලංකාවේ ඩොක්ටර් කෙනෙක්ගේ හොඳ විස්තරයක් තිබුන, දැන් ඒක හොයාගන්න නැහැ. නමුත් වෙබ් එකේ ඕනේ තරම් තියෙනවා විස්තර. බලන්න මේ ලින්ක් එක මයිලෝ නම් මෙතන නැහැ. හැබැයි සමාන වෙනත් ඒවා.

    https://rajganpath.com/2011/11/02/the-truth-behind-health-drinks/

    ඉන්දියන්කාරයෙක් කියන මගුලක්නේ. ඌ හේතුවක් කියන්නෙට් නෑ. ලංකාවේ දොස්තරයෝ අද කියන එක නෙමෙයි නේ හෙට කියන්නේ. එකෙක් දවසක් ටීවී එකේ කිව්වා කතුරුමුරුන්ගා කන්නත් එපා කියලා. උබලත් කොහේ හරි ඉන්න පිස්සෝ රැලක් ඇටෙන්ෂන් ගන්න කියන දේවල් උඩ දාගෙන විස්වාස කරනවා :lol::lol: