මරණ ගෙදර කරන්නේ මැරිච්ච එකා වෙනුවෙන් නෙවෙයි, ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන්.කවුරුහරි මැරුනොත් මුලින්ම කරන්නේ මරණ සහතික අරන් එම්බාම් කරලා මිනිය ගෙදර හරි මල්ශාලාවෙ තියන එකනෙ. එහෙම කරලා අවසන් ගෞරව දක්වලා මිනිය උස්සන වෙලාවට විනාඩියක දෙකක ස්තුති කතාවක් කියනවා. ඊට පස්සේ ආදාහනය හරි භූමදානය කරලා ගෙදර එනවා.
හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දෙන වැඩ, හත්දවස දාන, තුන්මාස දාන ඔය කිසිම දෙයක් කරන්න ඕන නෑ. ඔය ඔක්කොම මිනිස්සු හදාගත්ත බහුබූත.
ඕක ග්‍රිෆ් ප්‍රොසෙස් එකක්. සමහරු කියනවා මොන විකාරයක්ද කියලා. නමුත් ඇත්ත කතාව මරණ ගෙදර ගන්න එකෙන් තමයි ජිවත් වෙලා ඉන්න මිනිස්සු හරියට අලුත් තත්ත්වයට හුරු වෙන්නේ. මේක මනේවිද්‍යාත්මක සංසිද්ධික්.
මිනිහෙක් මලාම ඒක ජිවත් වෙලා ඉන්න අයට අදියරෙන් අදියර තේරුම් ගන්නේ මල ගෙදර හා අවසන් කටයුතු ඇතුළ මේ සිදුවන ඉතාම සාරවත් සම්ප්‍රදාය නිසා. මේ තුල ඔව් පුද්ගලයා මැරුනා කියන එක මනසට කාවදිනවා, එන හැමෝටම මරණය වෙච්ච හැටි කියලා දුක පිටකරගන්න, දුක පිට කරද්දි ඒක සනසන්න අත්වැලක් වෙන්න පිරිසක් රැස් වෙනවා. මම හොදට අවසාන කටයුතු කලාය, මට පුලුවන් දේ කලාය කියලා මානසික සහනයක් තියනවා.
ඒක ජිවත් වෙලා ඉන්න අයගේ මානසික සෞඛ්‍යයට සහනක්.
අපි හිතමු හරියට මේක සෙට්ල් උනේ නැ කියලා, සමහර වෙලාවට මිනිස්සු පැතලොජිකල් ග්‍රීෆ් වලට යනවා. ඒක ඉතාම භයානකයි. විටෙක දිවිනාසාගැනිම් වලින් කෙළවර විය හැකියි.
හැමදේම නිකං උඩින් අත ගාන අයට මලගෙවල් දාන මොනාද විකාර වගේ මාර රැඩිකල් විදිහට දකින්න පුලුවන්. හැබැයි මේවා තුල ඉතාම ගැඹුරු විද්‍යාත්මක බැදීමුත් තියනවා.
ග්‍රීෆ් එක ගැන ඕනානම් කතා කරමු. කෙටියෙන් කිව්වේ මේවා විහිලු නෙවෙයි කියන්න
Last edited: