මරණයේ කලාපය

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
safricaocean.si.jpg
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]අත්ලාන්තික් සාගරයේ පවතින කිසිදු ජීවියකු හෝ වාසය නොකරන ස්ථානයක් පිළිබද තොරතුරු අනාවරණය කරගන්නට ජර්මානු සහ කැනේඩියානු සාගර ජීවවිද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වෙනවා "මරණයේ කලාපය" ලෙස හදුන්වා ඇති මේම මුහුදු සිමාවට අයත් ජලය තුල ද්‍රාවිත ඔක්සිජන් නොමැතිවීම මේ ආකාරයට ජීවයක් නොපැවතීමට හේතුව ලෙසින් ඔවුන් පෙන්වා දී එතිබෙනවා. මිට පෙරදීද ඇමරිකාවේ නැගෙනහිර සහ දකුණු වේරල තිර පුරා මෙන්ම බෝල්ටික් සාගරයේදීද මෙවැනි ආකාරයේ ද්‍රාවීත ඔක්සිජන් නොමැති කලාප හමුවී ඇතත් විවුර්ත සාගරයක එවැන්නක් හමුවූ ප්‍රථම අවස්ථාව ලෙසින්ද මෙය සදහන් වේනවා.

[/FONT]

[FONT=&quot]මෙම විද්‍යාඥයන්ගේ වර්තාවට අනුව පවා මෙවැනි ආකාරයේ තවත් අඩු ඔක්සිජන් ප්‍රමාණයක් සහිත ස්ථාන රැසක්ම අත්ලාන්තික් සාගරයේ ජලය තුල පැවතීමේ අවස්ථාව තිබෙනවා. එසේම ඒවා විශාල ප්‍රමාණයෙන් යුක්ත විය හැකි බවත් ඇතැම් වීට වර්ග සැත්පුම් [/FONT]100[FONT=&quot] ක් පමණ වීශාලාත්වයක් ගනු ඇතැයිද ඔවුන් සදහන් කරනවා. මෙහිදී එම ජලය නිරන්තරයෙන්ම පාවේමින් පැවතීමේ හැකියාවක් මෙන්ම ඉර්තු අනුව වේනස්වීමේ හැකියාවක් ඇතැයිද මෙම විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මේ දක්වා හමුව ඇති එවැනි ආකාරයේ පිහිටීම් අතරින් වීශාලතම පිහිටිම සෑම වසරකදීම මෙක්සිකෝ බොක්ක ආශ්‍රිතව ඇතිවන බවත් ඔවුන් සදහන් කරනවා.

[/FONT]

[FONT=&quot]මෙවැනි ස්ථාන බිහිවිම සම්බන්දයෙන් එහි ප්‍රදානම කරුණ වන්නේ වෙනත් ස්ථානයක සිට හටගත් පෝෂක සහ ක්ෂුද්‍රජීවීන්ගෙන් සමන්වීතවු දැවැන්ත මිශ්‍රණයක් අනුසාරයෙන් බවත් ඔවුන් සදහන් කරනවා. චක්‍රීය ක්‍රියාවලියක් ලෙස සිදුවන මෙම කටයුත්තට යොදා ගැනෙන පෝෂක[/FONT], [FONT=&quot]ඇල්ගී වර්දනය සදහා උපකාරීවෙනවා. එසේම අනතුරුව ක්ෂුද්‍රජීවීන් විසින් ඒවා ආහාරයට ගෙන විනාශ කර දැමෙනවා. එහිදී ඉතිරිවන අපද්‍රව්‍ය තවත් බැක්ටිරියාවක් විසින් ආහාරයට ගැනෙනවා. ඒ අනුව මේ සම්පුර්ණ ක්‍රියාවලියේදී අතිශය බහුල ඔක්සිජන් ප්‍රමාණයක් වැය වනා අතර ඒ නිසාම මෙම ජාල ප්‍රමාණය තුල ඔක්සිජන් සම්පුර්ණයෙන්ම ඉවත්වයාමක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා.[/FONT]
400px-Aquatic_Dead_Zones.jpg

මරණයේ කලාප පෙන්වන සිතියම(රතු කලාප)

260px-La-Jolla-Red-Tide.780.jpg

සන් දියාගෝ මුහුදු තිරය

220px-Fishkillk.jpg

බෝල්ටික් මරණයේ කලාපය

220px-Dead_Zone_NASA_NOAA.jpg

ගල්‍ෆ් මුහුදු තිරය

2015.05.05 "[FONT=&quot]අද" පුවත් පතෙන්[/FONT]