මෙම ඡායාරූපය මුද්‍රණය කිරීමේදී මුලදී බොහෝ සංස්කාරකවරුන් මැලිකමක් දක්වන ලදි.නමුත් පසුව පළමු ගල්ෆ් යුද්ධයේ අතිශය ජනප්‍රිය ඡායාරූප වලින් එකක් බවට පත්විය.කෙන් ජැරෙකේ විසින් ගන්නා ලද මෙම ඡායාරූපය ඔහුගේ වචනවලින් විස්තර කර තිබුණේ මෙසේය."මම මෙය ඡායාරූපගත නොකල හොත් ඔබේ මව වැනි අය සිතාවි යුද්ධය යනු ඔවුන් රූපවාහිනියෙන් දකින දේ කියා".පහත දක්වා තිබෙන්නේ ඔහු විසින් ඉහත ඡායාරූපය සම්බන්ධව කර තිබෙන විස්තරයයි.
"මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ විනාශ වී ගිය ට්‍රක් රථයක ඉදිරිපස වීදුරුවෙන් පිටත බලාගෙන පිලිස්සී මිය ගිය ඉරාක සොල්දාදුවෙකි.ට්‍රක් රථයේ පසුපසින් ඉර නැග එමින් තිබේ.මතුපිට බොහෝදේ පිලිස්සී ගොස් තිබේ.එය උදෑසනක් වූ අතර අප රාත්‍රියේ අවදිව සිටියෙමු.පැයකට පමණ පෙර සටන් විරාමයක් ආරම්භ වී තිබිණි.සමහර විට එය පැය එක හමාරක් වන්නට ඇති.අපි නසීරියාහි නැගෙනහිර දෙසින් බස් රා තෙක් ගමන් කරන කලෙමු.අපි මුණ ගැසුණේ අධිවේග මාර්ග අංක 80 දීය.ඉන්පසු අපි කුවේට් නගරයේ දකුණු දෙසට ගමන් කරන්නට පටන් ගත්තෙමු.ද්විත්ව මංතීරු සහිත අධිවේගී මාර්ගයේ මැදදී අපිට මේ ලොරි රථය හමුවිය.මම සිටියේ පොදු කටයුතු නිලධාරියෙක් සහ එක්සත් ජනපද හමුදාව සමගයි.ඔහු මෙසේ කීය."මියගිය පුද්ගලයින්ගේ ඡායාරූප ගැනීමෙන් මම සතුටක් ලබන්නේ නැහැ".එවිට මම මෙසේ කීවෙමි."මම මේ ඡායාරූපය නොගත හොත් ඔබේ මව වැනි අය සිතාවි යුද්ධය ඔවුන් චිත්‍රපටවලින් දකින දේ මෙන් කියා".
ඔහු මාව නවත්වන්නට උත්සාහ කලේ නැත.ඔහුට මට කැමති දෙයක් කරගන්නට ඉඩ දුන්නේය.මම ඒ දෙසට ගියෙමි.මියගොස් සිටියේ ට්‍රක් රථයේ රියදුරා හෝ මගියෙක් හෝ වන්නට පුලුවනි.නමුත් ඔහු පණපිටින් පිලිස්සී ගිය බවත් ඊට පෙර ට්‍රක් රථයෙන් පිටතට ඒමට උත්සහා දැරූ බවත් පෙනෙන්නට තිබුණි.ඔහු කවුද කුමක් කලේද යන්න මම දන්නේ නැත.ඔහු යහපත් පුද්ගලයෙක්ද,පවුල්කාරයෙක්ද හෝ නරක පුද්ගලයෙක්ද හෝ දරුණු සෙබලෙක්ද හෝ වෙනත් අයෙක්ද කියා මා දන්නේ නැත.ඔහු ගල් ගැසී ගොස් තිබේ.සිය ජීවිතය බේරාගැනීමට අවසන් උත්සාහය දරන මොහොතේ ඔහු ගල් ගැසීගොස් පිලිස්සී ගොස් ඇත.මම මෙහි ඡායාරූපයක් ගැනීම හොඳය.මම රූප රාමු දෙකක් ගෙන එතනින් නික්ම ගියේ ඒ ගැන එතරම් නොසිතමින්ය.
"පළමු ගල්ෆ් යුද්ධය යනු එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ සංසදයක් මගින් හසුරවන ලද්දකි.මෙම සංසදයේ සාමාජිකයෙක් වන ඕනෑම මාධ්‍ය සංවිධානයකට ඕනෑම කෙනෙක්ගේ කර්තව්‍යයකට ප්‍රවේශ වීමේ හැකියාව තිබිණි.මා ලබාගත් ඡායාරූප ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ නිව්යෝක් කාර්යාලයට ලබාදුන් අතර ඉන් ලබාගත් පිටපත් ඔවුන් ළග තබාගෙන අනෙක්වා අනුමැතිය සඳහා යවන ලදි.ඉහත ඡායාරූපය ඉතා සංවේදී බව සංස්කාරකවරුන් පවා ප්‍රකාශ කරන ලදි."
"මූලිකව මෙම ඡායාරූපය එක්සත් ජනපදය තුල දකින්නට නොලැබුණි.එක්සත් රාජධානියේදී එය ලන්ඩන් ඔබ්සර්වර් පුවත්පතේ පළකරන ලද අතර මම හීතෲ හරහා සංචාරය කරද්දී පුවත්පතක් මිලදීගත්තෙමි.මගේ ඡායාරූපය එහි විය.එය ඉතා විශාල වූ අතර ලොව පුරා පුවත්පත්වල එය පළවන්නට විය.එතැන් පටන් සියලුදෙනාට එම ඡායාරූපය නරඹන්නට හැකිවිය.ලන්ඩනයේදී එය මතභේදාත්මක එකක් විය.අප මැදිහත් වූයේ මෙවැන්නක් සඳහාද යන්න එහිදී සමාජය තුල විවාදයට ලක්විය."
" ඔබ මුලුමනින්ම දැන උගත් නැත්නම් යුද්ධයක් ගැන ඔබ තීරණය කරන්නේ කෙසේද?අවසන් ප්‍රතිඵලය,අතරමැදි ප්‍රතිඵලය කුමක්දැයි ඔබ දැනගත යුතුය.එය සිය වාරයකට වඩා පළවන්නට ඇති.අන්තර්ජාලය පුරා ඔබට එය සොයාගත හැකිය.එයට හැකිතරම් වාරයක් පළවන්නට ඉඩදෙන්න."
-කෙන් ජැරෙකේ
මීට වසර විසිහයකට පෙර ලෝක යුද ඉතිහාසයේ තවත් එක් කුරිරුම සමූලඝාතනයක් ඉරාකය සහ කුවේටය යා කල අංක 80 දරන අධිවේගී මාර්ගයේ කුවේට් නගරයේ සිට කි.මී. 32ක් දුරින් සිදුවිය.1991 පෙබරවාරි 26-27 රාත්‍රියේ දහස් ගණනක් ඉරාක සෙබලුන් සහ සිවිල් වැසියන් ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට වෙත පලා යමින් සිටියහ.ඒවන විටත් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබූණි.එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ජෝර්ජ් හර්බට් වෝල්කර් බුෂ් පළායන ඉරාක සෙබලුන් ඝාතනය කරන ලෙස සිය හමුදාවන්ට නියෝග කලේය.ඉරාක සෙබලුන් පළායමින් සිටි රථ පෙළේ ඉදිරිපසට සහ පිටුපසට ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන පහර දුන් මිත්‍ර හමුදාවන් සතුරන්ගේ පළා යෑම අවහිර කරන ලදි.ඉන්පසු එක් පසකට හෝ යාගත නොහැකිවූ රථ පෙළට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදි.එම ප්‍රහාරවලින් පසුව ප්‍රදේශය පුරා 2000ක් පමණ විවිධාකාරයේ වාහන විනාශ වී ගොස් තිබූ අතර සියගණනකගේ මළ සිරුරු ඒ අතර විය.මෙම සිද්ධිය පසුව මරණයේ මාවත නමින් ප්‍රසිද්ධියට පත්විය.ඒ අතරතුර තවත් සිය ගණනක් අංක 8 දරන අධිවේගී මාර්ගය ඔස්සේ ඉරාකයේ බස් රා නගරයට පළා යමින් සිටියහ.ඊටද මේ හා සමාන ප්‍රහාරයක් එල්ල විය.මෙම සිද්ධිවල ඡායාරූප පසුකාලීනව ගල්ෆ් යුද්ධයේ වඩාත් විනාශකාරී බව පෙන්වන සාක්ෂි බවට පත්විය.
1991 පෙබරවාරි 24 ඉරිදා මිත්‍ර හමුදාවන් ගොඩබිම්,ගුවන් සහ නාවික ඒකාබද්ධ ප්‍රහාරයක් පැය 100ක් ඇතුලත ඉරාක හමුදාවට එල්ල කලේ ඔවුන් මුළුමනින්ම විනාශ කිරීම සඳහාය.පෙබරවාරි 26 වෙනිදා ඉරාකය සිය හමුදා කුවේටයෙන් ඉවත් කරගන්නා බව නිවේදනය කල මුත් ඔවුන්ට එරෙහිව සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ යෝජනා සියල්ල පිළිගැනීම ප්‍රතික්ෂේප කලේය.මෙම ප්‍රහාරයට දිනකට පෙර ඉරාක විදේශ අමාත්‍යවරයා රේඩියෝව ඔස්සේ නිවේදනය කලේ තමන් සෝවියට සටන් විරාම යෝජනාව පිළිගන්නා බවත් එක්සත් ජාතීන්ගේ 660 වන යෝජනාවට යටත්ව ඉරාක හමුදාවට කුවේටයෙන් පසු බසින්නට නියෝග ලබාදුන් බවත්ය.කෙසේ වෙතත් ජනපති බුෂ් මෙම ප්‍රකාශය විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කල අතර ඔහුගේ ප්‍රතිචාරය වූයේ "ඉරාක හමුදාව පසුබසින බවට කිසිම සාක්ෂියක් නැත.සත්‍යය නම් ඉරාක හමුදා ඒකක තවමත් සටන් වැදී සිටින බවයි... අපි යුද්ධය දිගටම කරගෙන යනවා".
ජෝර්ජ් හර්බට් වෝල්කර් බුෂ්
ඊළඟ දිනයේ ඉරාක ජනපති සදාම් හුසේන් විසින්ම රේඩියෝව ඔස්සේ නිවේදනය කලේ හමුදාව ඉවත් කරගැනීම අධිවේගී මාර්ග දෙකක් ඔස්සේ ඇරඹුණු බවත් එම දිනය තුල එය සම්පුර්ණ වනු ඇති බවත්ය.මෙම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ජනපති බුෂ් මෙසේ කීවේය"සාහසික ක්‍රියාවක්"සහ "කෲර වංචාවක්".
සදාම් හුසේන්
ඉරාක හමුදාවේ යටත් වීම සහ සංග්‍රාම භූමිය හැර යෑමේ යෝජනාව පිළිගැනීම එක්සත් ජනපදය බලාපොරොත්තු නොවීය.ඒ නිසා ඔවුන්ට හැකි තරම් ඉරාක ජාතිකයින් මරා දමන්නට බුෂ් සහ එක්සත් ජනපද හමුදා උපායමාර්ග නිර්මාතෘවරුන් තීරණය කලහ.
අංක 80 දරන අධිවේගී මාර්ගය සහ අංක 8 දරන මාර්ගය යොදාගෙන ඉරාක හමුදා කණ්ඩ කුවේටයේ සිට ඉරාකය බලා පසුබසිමින් සිටියහ.පෙබරවාරි 26 දා මධ්‍යම රාත්‍රීයේදී ඔවුන්ගේ අවාසනාව ළගාවන්නට විය.පළමුව එක්සත් ජනපද සහ කැනේඩියානු ජෙට් යානා ඉරාක රථ පෙළේ ඉදිරිපස සහ පසුපස කොටස්වලට බෝම්බ හෙළා ඔවුන්ගේ ගමන නවතාලීය.දැන් ඉරාක හමුදා කණ්ඩවලට ඉදිරියට හෝ පසුපසට යා ගත නොහැකිව සිරවී සිටියි.මේ නිසා සැතපුමක් පමණ දිගට වාහන පෝලිමක් නිර්මාණය වූ බව සඳහන් වේ.ඊළඟ පැය 10 තුල එම වාහන පෙළ මිත්‍ර හමුදාවල දරුණු සහ සාහසික බෝම්බ හෙළීම්වල ගොදුරක් බවට පත්විය.එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානියාට ජනපති බුෂ් නියෝග කලේ ""කිසිවෙකුට හෝ කිසිමදෙයකට කුවේට් නගරය හැර යන්නට ඉඩ නොදෙන ලෙසයි".
ප්‍රහාර මාලාව සඳහා යොදාගත් CBU-100 පොකුරු බෝම්බ
මෙම මහා විනාශය සිදුකිරීමට යොදාගත්තේ ඒ-10 යානාවලින් හෙළන ලද පොකුරු බෝම්බ සහ ජ්වලන බෝම්බය.පොකුරු බෝම්බ කුඩා ප්‍රමාණයේ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහිත ප්‍රධාන බෝම්බයකින් සමන්විත වේ.එය ගුවනේ සිට මුදා හැරිය විට බිමට පතිත වීමට පෙර ආවරණ විවෘත වී කුඩා ප්‍රමාණයේ බෝම්බ රැසක් විසුරුවා හරියි.ඒ ඔස්සේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් විනාශයක් සිදුකරයි.පොකුරු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ භූමියක සිටි පුද්ගලයන් මිය යෑම හෝ ඉතා දරුණු ලෙස තුවාල ලැබීම අනිවාර්යය වේ.
ප්‍රහාර මාලාවෙන් පසුව අධිවේගී මාර්ගය ගුවනට දිස්වූ අයුරු
ප්‍රහාරය නිසා ඇතිව තිබූ රථවාහන තදබදය මගහැර ගිය රථයක් තිබුනේ නම් ඒවා ලුහුබැද ගොස් තනි තනිව විනාශ කරන ලදි.නිරායුද ඉරාක සෙබලුන් පවා වෙඩි ප්‍රහාරවලට ලක්විය.අංක 80 අධිවේගී මාර්ගයේ විනාශ වී ගිය වාහන අතරේ රුසියානු යුද ටැංකි,සන්නාහ සන්නද්ධ රථ,කුවේටයෙන් සොරාගත් සිවිල් වැසියන්ගේ මෝටර් රථ,ට්‍රක් රථ සහ බස් රථ තිබිණි.ප්‍රහාරයෙන් මිය ගිය ගණන පිළිබඳව නිවැරදි ගණන් මිනුම් ඇමෙරිකානු හමුදාව විසින් ඉදිරිපත් කලේ නැත.අංක 80 අධිවේගී මාර්ගයේ පමණක් වාහන 1400-2000ක් අතර ප්‍රමාණයක් අතහැර දමා තිබූ බව කියවේ.අවම ඇස්තමේන්තු අනුව මිය ගිය ගණන 200-300 අතර ගණන් වේ.නමුත් එහි තිබූ වාහන ප්‍රමාණය අනුව 10,000කට ආසන්න පිරිසක් ප්‍රවාහනය කල බව ඇස්තමේන්තු කර තිබේ.නමුත් ප්‍රහාරය ආරම්භයේදීම බොහෝ පිරිසක් වාහන අතහැර පළා යෑමෙන් සිදුවූ ජිවිත හානිය අවම වී තිබෙන බව සඳහන් වේ.
අංක 8 දරන මාර්ගයේදී විනාශ කල ඉරාක හමුදාවේ ටී-72 යුද ටැංකියක්,බීඑම්පී-1 රථ කිහිපයක් සහ ටයිප් 63 සන්නාහ සන්නද්ධ රථ සහ ට්‍රක් රථ කිහිපයක්- 1991 මාර්තු
අංක 8 දරන මාර්ගය ඔස්සේ පසුබසිමින් සිටි ඉරාක ජනරජ ආරක්ෂක බලකා සෙබලුන්ට අත් වූයේ මේ හා සමාන ඉරණමකි.එහිදී ඉරාක හමුදා සෙබලුන් ගමන් කල වාහන සියගණනක් ඇමෙරිකානු කාලතුවක්කු ප්‍රහාරක ඒකක සහ ඒ එච්-64 ඇපාචි හෙලිකොප්ටර් යොදාගෙන විනාශ කරන ලදි.සිදුවූ ජීවිත හානිය 300-400 අතර වෙතැයි තක්සේරු කර තිබිණි.
බස්රා- කුවේට් අධිවේගී මාර්ගයේ අතහැර දමා ගිය යුද ටැංකියක්,බස් රථයක්,මර්සිඩීස් බෙන්ස් රථයක් ඇතුලු වාහන
"ට්‍රක් රථ පොලොවට සමතලා වන සේ බෝම්බ දමා තිබිණි.එහි රියදුරෙක් සිටියේද යන්න පවා නිරීක්ෂණය කිරීම අසීරුය.ඒවාහි වීදුරු උණුවී ගොස් ඇත.විශාල යුද ටැංකි උණ්ඩ කැබලි වලට යටත්ව තිබේ.පසුබසිමින් සිටි ඉරාක සෙබලුන් සමූලඝාතනය කිරීම 1949 ජිනීවා ගිවිසුමේ පොදු වගන්ති 3,එනම් සටනින් ඉවත්ව සිටින සෙබලුන් මරාදැමීම නීතිවිරෝධී යන්න උල්ලංඝණය කිරීමකි.බුෂ් පාලන තන්ත්‍රය කියන පරිදි ඉරාක සෙබලුන් කුවේටය හැර ගියේ ඇමෙරිකානු හමුදාවේ බලපෑම හමුවේ නොවේ.ඔවුන් පසුබැස ගියේ යළිත් සංවිධානය වී සටන් වදින්නට නොවේ.ඔවුන් පසුබැස ගියේ තම රට බලා යන්නයි.තම නිවෙස් බලා එමින් සිටි සෙබලුන්ට පහරදීම යුද අපරාධයකි."-ලෙබනන්-ඇමෙරිකානු මාධ්‍යවේදී ජොයිස් චෙඩියැක්
අධිවේගී මාර්ග අංක 80 හි අතහැර දමාගිය ඉරාක හමුදාවට අයත්ව තිබූ ටී-55 යුද ටැංකි දෙකක්
"මෙවැනි දෙයක් මම වියට්නාමයේදී වත් දැක නැහැ.මෙය ශෝකජනකයි"-මේජර් බොබ් නියුජන්ට්(හමුදා බුද්ධි අංශ නිලධාරී)
මාධ්‍ය ඔස්සේ ලෝකයට දුන්නේ මීට වෙනස් කතාවකි.ඇමෙරිකානු ක්ෂේත්‍ර අණදෙන්නන් උත්සාහ කලේ ඉරාක හමුදා ස්වේච්ඡාවෙන් පසුබැස්සා නොව තමන් විසින් සංග්‍රාම භූමියෙන් ඉවතට තල්ලු කල බව ඔප්පු කිරීමටයි.පලායන ඉරාක සෙබලුන් කිසිම අයුරකින් මිත්‍ර හමුදාවන්ට තර්ජනය නොවූ බව 100%ක් පැහැදිලි කරුණකි.නමුත් පසුබසිනවා යනු යටත්වීම නොවේ.ඔවුන් යටත් නොවේ නම් තවමත් ඔවුන් සතුරු සටන්කරුවන්ය.තවදුරටත් කියන්නේ නම් පසුබැසීම ගණන් ගැනෙන්නේ උපායමාර්ගික සංචලනයක් ලෙසයි.යුද්ධයේ විශාලතම හානිය සිදුවූයේ පසුබැසීමේදීය.
අධිවේගී මාර්ග අංක 80 1991 අප්‍රේල් මාසයේ දිස්වූ අයුරු
සිද්ධියෙන් වසර හතරකට පසුව ප්‍රහාරය සම්බන්ධව සාධාරණීකරණයක් කරන්නට ජෙනරල් නෝමන් ස්වාර්ස්කෝෆ් උත්සාහ දරන ලදි.
"මෙම බෝම්බ ප්‍රහාර මාලාව සිදුකිරීමට පළමු හේතුව වූයේ අධිවේගී මාර්ගයේ ඔස්සේ යුදෝපකරණ විශාල ප්‍රමාණයක් කුවේටයෙන් පිටතට ගෙන යෑමයි.අපිට හැකි තරම් ඉරාක යුදෝපකරණ ප්‍රමාණයක් විනාශ කරන්න කියා මම මගේ සෙබලුන්ට නියෝග කලා.දෙවැනුව මොවුන් නැවත ඉරාකය වෙත යමින් සිටි අහිංසකයින් පිරිසක් නොවේ.කුවේට් නගරය දූෂණය කර සහ කොල්ලකා හසුවන්නට පෙර පළා යෑමට උත්සාහ කල මොවුන් ස්ත්‍රී දූෂකයින්,මිනීමරුවන් සහ මැරයන් රැලක්. "
අතහැර දමාගිය රුසියාවේ නිෂ්පාදිත ටී-62 යුද ටැංකි දෙකක්
සෝවියට් දේශය 1991 දෙසැම්බර් මස 21 දා කරන ලද ඉල්ලීමකට අනුව එ.ජා. 660 යෝජනාවට අනුව ඉවත්ව යමින් සිටි ඉරාක හමුදාවට අත්වූ ඉරණම
ඇමෙරිකාව ප්‍රමුඛ හමුදාවන්ගේ ගුවන් ප්‍රහාරවලට ලක්වූ ඉරාක හමුදාව ගමන් කල රථවලින් කොටසක්
ප්‍රහාරය ආරම්භයේදීම පළා නොගිය පිරිස් පොකුරු බෝම්බ ප්‍රහාරවල පහසු ගොදුරු බවට පත්විය
යුද ටැංකියක් අසල වැටී තිබෙන සපත්තුවක අඩියක්- 2003 වර්ෂයේ ගන්නා ලද ඡායාරූපයකි.
බෝම්බ ප්‍රහාරවලින් පිලිස්සී මියගිය අයෙක්
මියගොස් සිටි ඉරාක සෙබලෙක්ගේ මළසිරුරක්
මිය ඉරාක ජාතිකයින්ගේ මළසිරුරු ඉවත් කරන ඇමෙරිකානු සෙබලුන්
ඉරාක සෙබලෙක්ගේ පිලිස්සුණු මළ සිරුරක්
පිළිස්සී ගිය ඉරාක සෙබලුන් පිරිසක්
Source:rarehistoricalphotos.com
-HarshaLulzSec-



