මරණයේ වායුව

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හුස්ම නැසෙන වායුවක සුලමුල... මරණයේ දුමාරය සැරීන්...(sarin)

    sLfZB6P.jpg

    ලෝකයේ බිහිසුනම විස රසායන වායු වලින් ඉහලම තලයේ වැජබෙන සැරීන් වායුව ආග්‍රහනය වෙන ඕනෑම ජීවියෙක් තප්පර පහලවක් තුල නියතවම මියයනවා ..පෙනහලු තුල වායුව රදවා ගන්න ස්‍රාවයක් නිපදවෙනවා වගේම ස්නායු පද්ධතියට ඇතිකරන අහබු බලපෑම නිසා ස්වසනය පාලනයකින් තොර වෙන මෙම වායුව ආග්‍රහනය වුනාම පිටවෙන්නේ කොල පැහැති වමනය මුසු රුධිරය.. නාසයෙන් කටින් සෙම හා රුධිරය හලාගෙන සියතින්ම ගෙල මිරිකාගන්නට උත්සහ කරමින් මෙම වායුවට ගොදුරුවූවන් ඉතා අමානුෂික ලෙස මියගියා...

    මෙතරම් බිහිසුනු වායුවක් නිපදවෙන්නේ කෘශිකාර්මික විද්‍යාඥයන් සතර දෙනෙකු අතින් කිව්වොත් ඔබ පුදුම වේවි... නාසි ජර්මනිය දෙවන ලෝක යුද්ධය ට මුල පිරීමත් සමග මේඅය කල්පනා කලා ඉදිරියේදි ජර්මනියට එල්ල වෙන සම්බාධක ගැන..ඒ ප්‍රතිපලයක් ලෙස තමයි වගා සංග්‍රාමය ජර්මනිය පුරාවට පැතිරෙන්නේ... හිටලර්ගේ නියෝගය අනුව මාස අටකට මුලු ජර්මනියටම රැකෙන්න පුලුවන් තරම් ආහාර අතිරික්තයක් ගබඩාවක් නිර්මාණය කරන්න ජරමන් බලධාරීන්ට සිදුවුනා..ඒ අනුව බිහිවූ වගා සංග්‍රාමයට හතුරන් වූ කෘමීන් සැනින් නැසිය හැකි වායුවක් පිලිබද පරීක්ෂණ කල විද්‍යාඥයන් කිහිපදෙනෙක් .. මාසගනනාවක් පුරා කල පරීක්ෂණයකදි අහඹු ප්‍රතිපලයක් දැක්කා...

    මේ අය කෘමීන් නැසීම සදහා වායුවක් ලෙස ෆ්ලෝරයිඩ් මුසු කල වායුවක් නිපදවුවත් එය එතරම් සතුන්ට බලපෑමක් ඇති නොකල නිසා පොස්පරස් සහ සයනයිට් යොදාගෙන මෙයාලා දෙවන වර වායුවක් හදනවා..මේකෙදි මූලික වෙන්නේ කෘශි රසායන විශේඥයෙකු උන ග්‍රෙහාර්ඩ් ස්චිරාඩර්.. ඉතින් පසුව නිපදවූ මෙම වායුව කෘශිකාර්මික පෙදසකදි බාහිරට මුදා හැරියට පසුව ලොමුඩැහැ ගන්වමින් බල්ලන් පූසන් පමනක් නෙමෙයි වදුරන් මීයන් පොලවේ කෘමීන් පවා ඇඹරෙමින් ලේ වහනය කරගනිමින් උන්මන්තක ලෙසින් තප්පර ගනනක් තුල මිය ගියා... පසුව මෙම වායුවේ තිබුණ බිහිසුනු බව සහ එය මිනිසාට ඇතිකරන බිහිසුනු ප්‍රතිපලය ගැන හිතලා තමන්ගේ පරීක්ෂණ අසාර්ථක වුන බව සියලු නිබන්දන සමග සචිරාඩර් හිට්ලර්ට ලිපියක් යවනවා..

    පුදුමාකාර ලෙස ස්චිරාඩර් ඇතුලු අනෙක් විද්‍යාඥයන් කිහිප දෙනා දින කිහිපයක් තුල හිට්ලර්ගෙන් උසස් වීම් ලබලා යුධ අවි ඒකකයට පත් වීම්ද ලබාගන්නවා... හේතුව තමයි මේ වායුවෙන් ලබා ගත හැකි අමානුෂික ප්‍රයෝජනය හිට්ලර්ගේ මනසට කා වැදීම... ඊට පස්සේ ජර්මානු නාසි හමුදාවට ප්‍රතම වතාවට රසායන බලකායකුත් එකතු වෙනවා..ඒ ජනරාල් ග්‍රෙහාර්ඩ් ස්චිරාඩර් ගේ නායකත්වය යටතේ...

    පසුව මේ අය සොයා ගත් ඒ බිහිසුණු වායුව මෙයාලගේ නම් වලින්ම කිව්වොත් ග්‍රෙහාර්ඩ් ස්චිරාඩර් (s) ,ඔටෝ ඇම්බෝස් (a) , ග්‍රෙහාඩ් රීටර් (r) පෲගන් ඔන්දලින්ඩේ (in) හිට්ලර්ගේ අණ අනුව sarin නම් වෙනවා.. ඊට පස්සේ මේ වායුව අති බිහිසුනු රසායන අවියක් ලෙස ජර්මනිය අනුකම්පා විරහිතව බාවිතා කරන්න තීරණය කලත් එකල හිට්ලර්ගේ වම් අත ලෙස සිටි ඉතාලි ආඥාදායක රොබෙටෝ මුසලෝනිගේ තීරණයකට හිස නමමින් මෙම රසායන අවිය යුද්ධය සදහා බාවිතයට නොගන්නා ලෙස හිට්ලර් නියෝග කරනවා..හැබැයි අනුකම්පාවක් හිතිලා නම් නෙමෙයි .. අනෙක් සතුරු පාර්ශව ලග තිබුණු මර්ස්ටර්ඩ් ගෑස් වායුව සැරීන් වායුව තරම් බිහිසුනු නොවූවත් සැරීන් ප්‍රහාරයක් දියත් කිරීම කඩියන් කුලප්පු කරවීමක් වගේ නිසා...

    6FYUMEp.jpg

    කෙසේවෙතත් ඇවැසිම මොහොත එන තෙක් සැරීන් අවි නිපදවීම හැරෙන්නට ප්‍රහාර සදහා යොදා ගැනීම ජර්මනිය විසින් සිදුකරන්නෙ නෑ... ජර්මනිය මෙම රසායනික අවි සියල්ල ගබඩා කරන්න අති විශේෂ ආරක්ශිත අවි ගබඩාවක් සකසලා ඒ තුල මේවා ගබඩා කර තබන්නෙත් ඉදිරි උපක්‍රම සදහා... පසුව යුද්ධය නිමා වීමත් සමග ඉහත මම සදහන් කල රසායන අවි ගබඩාවට මොකද වුනේ කියන එකනම් අදටත් පැහැදිලි නැහැ..

    හැබැයි 1954 දි ඇමෙරිකාව මෙම ජර්මන් රසායන අවියේ තොරතුරු යලි සොයාගනිමින් නැවත සැරීන් වායුව සොයාගන්නවා... ඒ සදහාද ග්‍රෙහාර්ඩ් ස්චිරාඩර් උදව් උනා කියලා කතාවකුත් තියෙනවා..කොහොම උනත් ලෝකයේම මිලේච්ඡයා ලෙස සැලකෙන ඇඩොල්ෆ් හිට්ලර්ටත් යුද්ධය සදහා යොදා ගන්න බැරි උන සැරීන් වායුව ඇමෙරිකාව වියට්නාම් යුද්ධයේදි ගුහා තුල සැගවසිටින වියට් කොංග් ගරිල්ලන්ට සහ සාමාන්‍ය ජනතාවට ඉතා කුරිරු ලෙස එල්ල කරනවා... කුඹුරු මැදින් ලේ හලාගෙන උන්මන්තක විලාසයෙන් දිව ගොස් ඝාතනය වූ වියට්නාම් වැසියන් ගැන ඇතැම් චිත්‍රපට වලත් පෙන්වලා තිබෙනවා..

    වියට්නාම් යුද්දයේදී වනාන්තර වලට විශ රසායනික හෙලන ආකාරය
    DHfuJ0i.jpg
    IAfrQnq.jpg

    . 1997 දී එක්සත් ජාතීන්ගේ සංගමය මගින් යුධ නීතිය සහ සිවිල් නීතිය යටතේ කිසිදු මොහොතක කිසිම අවශ්‍යතාවයක් හෝ කරුණක් හේතුවෙන් සැරීන් වායුව යොදා ගැනීම ලග තබා ගැනීම සහ නිපදවීම තහනම් කොට තිබුනත් 1936 වසරේ සිට මේ දක්වා විවිද යුද්ධයන් සහ විවිධ ත්‍රස්ත ක්‍රියා සදහා යොදා ගත් සැරීන් වායුව නිසා මිය ගිය සංක්‍යාව පනස් දහසකට ඉහලයි.. හැබැයි මහ වෙලාවක් තුල නෙමෙයි තප්පර පහලවක් තුල.. මෙම බිහිසුනු වායුව නිපදවූ විද්‍යාඥයන් ගෙන් ග්‍රෙහාර්ඩ් ස්චිරාඩර් 1990 වසරේ ස්වභාවික ලෙස මිය යන කොට ලෝකයම තප්පර පහලොවකින් අස්වාභාවික ලෙස පරලොව යැවිය හැකි වායුවක් ඔහු ලෝක බලවතුන් අත තියලා ගියා කියන එකනම් අමතක කරන්න නරකයි...

    මේ කතාව තුල මොන කරුන කිව්වත් කෘශි විද්‍යාඥයෙක් අවසානයේ මහා මිනීමරු වායුවක් නිපදවනවා... ඇයි ඒ.. මොකටද කුමක් සදහාද...

    ජර්මානු වදකාගාරයකින් පලා ආ යුදෙව් දරුවෙක් අධිකරණය හමුවේ මෙසේ පවසනවා..

    gzTah0n.jpg

    " ස්වාමීනී අති දක්ශ බොහෝ උගත් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් විද්‍යාඥයන් ලහි ලහියේ මිනිසුන් ඝාතනය කිරීමට අලුත් මං සොයනු මා දුටුවෙමි....."

    සිරියානු යුද්දයේදී සිදුවූ ගෑස් ප්‍රහාරක් (මෙම ප්‍රහාරය සදහා යොදා ගත්තේ සැරීන් වායුව යැයි සැක කෙරේ)
    ee4518m.jpg

    rSs8JmJ.jpg

    සටහන චරිත් ජනප්‍රිය ...
    උපුටා ගැනීම -Modern War සිංහලෙන් Facebook​
     
    Last edited:

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL

    Good Post But I must tell you United States mostly used Napalm and Aget Orange during the Vietnam War, Not Sarin