= මරණය තහනම් කල අරුම පුදුම නගර දැකලා තියෙනව
මරණය තහනම් කල අරුම පුදුම නගර
1. ජපානයේ ඉට්සුකුශිමා දූපත (ITSUKUSHIMA, JAPAN)
ජපානයේ ශින්ටෝ දහමට අනුව ශුද්ධවූ භූමියක් වන මෙම දූපත තුල මරණය තහනම් කර ඇත. මේ අනුව වයස්ගත් පුද්ගලයින්ට හා මරණාසන්න රෝගීන්ට මෙම දූපතට ඇතුලු වීම තහනම් වන අතර මෙහි සිටින ගැබිනි කාන්තාවන් වෙනත් ප්‍රදේශ වලට පිටත් කරනු ලැබේ. එසේ වුවත් 1555 මියාජිමා සටනේදී මෙම භූමිය තුල මරණ විශාල ගණනක් සිදුවූ අතට එමගින් මෙම භූමියේ පිවිතුරු බවට වූ හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම මල සිරුරු සියල්ල වෙනත් ප්‍රදේශ වලට ගෙනයන ලද අතර, ලේ වැකුනු පස් මෙන්ම, ගොඩනැගිලි වල ලේ වැකුනු කොටස් පවා සූරා ඉවත් කරන ලදී. මේ දූපත තුල තවමත් මලවුන් වැලලීම තහනම් බවයි පැවසෙන්නේ. කෙසේ වුවත් මෙසේ කිරීමෙන් දූපත් සැබවින්ම පිවිතුරු වූවාද යන්න නම් ප්‍රශ්නාර්තයක්.
2. ග්‍රීසියේ ඩෙලොස් දූපත (DELOS, GREECE)
පුරාතන ග්‍රීක දෙවි වරුන් වන ඇපලෝ සහ ආටිමිස්ගේ උපන් ස්ථානය ලෙස සැලකෙන මෙම දූපත ග්‍රීක දෙවි වරුන් සඳහා කැප කර තිබෙන්නක්. මෙම ශුද්ධවූ දූපත පිවිතුරු කිරීම සඳහා ක්‍රි.පූ. 6 වන සියවසේදී පිසිස්ට්රාටස් විසින් එහි පිහිටි සියලුම සොහොන් හාරා ඒවායේ තිබූ සිරුරු වෙනත් ස්ථාන වල මිහිදන් කිරීමට නියම කරන ලදී.. මෙහිදී එහි තිබූ පැරණි සොහොන් ගැබ් හාරා පස් පවා ඉවත් කරන ලද අතර, එම පස් දූපතෙන් පිටතට ගෙනයන ලදී. නමුත් ක්‍රි.පූ. 5 වන සියවසේදී පෙලොපොනීසියන් යුද්ධයේදී මේ මුලු දූපතම මළ සිරුරු වලින් වැසී ගිය අතර එම මළ සිරුරු වහාම දූපතෙන් ඉවත් කරන ලදී. එසේම දූපතෙහි පිවිතුරුබව රැක ගනු වස් දූපත තුල මරණය මෙන්ම දරු උපත් සිදුවීමද තහනම් කරන ලදී.
3. නෝර්වේහි ලෝන්ගියෙර්බෙන් නගරය (LONGYEARBYEN, NORWAY)
උතුරු අර්ධගෝලයේ දැඩි සීතලකින් යුතු මෙම නගරයේ හිම කැටිති මැද තැන්පත්ව ඇති මල සිරුරු දිරා යෑමට ලක් නොවන බව සොයා ගැනීමත් සමග මෙහි මලවුන් වැලලීම තහනම් කරන ලදී. එසේම මෙහි යම් පුද්ගලයෙකු මරණාසන්න වූ විට වෙනත් නගරයකට යාම අනිවාර්ය විය.
මෙහි ඇති අනෙකුත් ප්‍රදේශයන්හි මරණය තහනම් කිරීමට හේතුව වී ඇත්තේ එම ප්‍රදේශවල සුසාන භූමි නොමැති වීම සහ තිබෙන සුසාන භූමි වල ඉඩ මදි වීමයි.
4. ඉතාලියේ සෙලියා නගරය (SELLIA, ITALY)
දකුණු ඉතාලියේ හුදකලා ප්‍රදේශයක පිහිටා ඇති මෙම නගරයේ වාසය කරන පුරවැසියන් 537 දෙනා අතරින් බහුතරයක්ම අවුරුදු 65 ඉක්මවූ අයයි. මේ අයගේ මියයාමත් සමග නගරය ජනයාගෙන් හිස් වීම වැලක්වීම සඳහා නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රෝගි වීමට මෙහි ජනයාට අයිතියක් නොමැති බවයි. එබැවින් වාර්ශිකව වෛද්‍ය වාර්ථා ලබා නොගන්නා පුරවැසියන්ට දඩයක් පවා නියම කර තිබෙනවා.
5. ප්‍රංශයේ කුග්නැක්ස් නගරය (CUGNAUX, FRANCE)
2007 වර්ශය වන විට මෙම නගරයේ තිබුනු සුසාන භූමි දෙකෙහිම ඉතුරු වී තිබුනේ ස්ථාන 17ක් පමණි. නගරයේ භූමි පිහිටීම අනුව එහි ජල මට්ටම ඉතා ඉහල මට්ටමක පැවතියෙන් නව සුසාන භූමියක් සඳහා තිබූ එකම සුදුසු ස්ථානය වූයේ එහි තිබූ හමුදා ප්රදේශයයි. මෙයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් එල්ලවූ විරෝධය මැඩලීම සඳහා එවකට සිටි නගරාධිපතිවරයා කලේ සමරු ඵලකයක් සකස් කරගෙන නොමැති සියල්ලන්ට මරණය තහනම් කිරීමයි. මේ තීරණය නිසා ආරක්ෂක අමාත්‍යාංශයට මේ සඳහා එකග වීමට සිදු විය.
6. ප්‍රංශයේ සාපොරෙන්ක්ස් නගරය (SARPOURENX, FRANCE)
කුග්නැක්ස් නගරය මෙන්ම පුරවැසියන් 260කින් පමණක් සමන්විතවූ මේ නගරයේ සියලුම සුසාන භූමි පිරී යාමට පිලියමක් ලෙස මෙහි නගරාධිපතිවරයා මිය යාම තහනම් කරමින් නීතියක් පැනවීය. පසුව ඔහු විසින්ම මෙම නීතිය අවලංගු කරන ලදී.
7. බ්‍රසීලයේ බිරිටිබා මිරිම් නගරය (BIRITIBA MIRIM, BRAZIL)
2005 වන විට මෙම නගරයේ මළවුන් වලලෑම සඳහා ඉඩ නොමැති වීම හේතුවෙන් මෙහි නගරාධිපති වරයා විසින් මිය යාම තහනම් කරමින් නීතියක් පැනවීය. මෙයට හේතුව වූයේ මෙම නගරයේ පැවති ඉහල ජල මට්ටම නිසා නව සුසානයක් සෑදීමට ඉඩ නොමැති වීම සහ කතෝලික පල්ලිය විසින් ආදාහනය තහනම් කිරීමත්ය.
කෙසේ වුවත් පසුකාලීනව මෙහි නව සුසාන භූමියක් ඉදි කරන ලදී.
8. ස්පාඤ්ඤයේ ලැන්ජරොන් නගරය (LANJARON, SPAIN)
මෙම නගරයේද සුසාන භූමියේ ඉඩ නොමැති වීම නිසා,1999දී නගර සභාවෙන් නව සුසානයක් ඉදි කරනතුරු නගර වාසින්ට මරණය තහනම් කරන ලදී. කෙසේ වෙතත් මරණයට පත්වූ අයෙකුට මෙම නීතියට අනුව දඩුවමක් පනවන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයක්.
9. ඉතාලියේ ෆැල්සියානෝ ඩෙල් මැසිකෝ නගරය (FALCIANO DEL MASSICO, ITALY)
සුසාන භූමියක් නොමැති මෙම නගරවාසීන්ගෙන් අසල්වැසි සුසානභූමි වලින් අධික මුදලක් අය කිරීම වැලක්වීම සඳහා එහි පාලන අධිකාරිය විසින් මරණය තහනම් කරන ලදී. එසේ වුවත් නගර වාසීන් දෙදෙනෙකු විසින් මෙම නීතිය බිඳ හෙලන ලදී.
10. ප්‍රංශයේ ලේ ලැවැන්ඩියු නගරය (LE LAVANDEU, FRANCE)
මෙම නගරයේද සුසාන භූමියේ ඉඩ නොමැති වීම නිසා නගර වාසින්ට මරණය තහනම් කරන ලදී.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී