බෝගම්බර බන්ධනාගාරයේ සිටින මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් පිරිසක් හිරගෙයි වහලට නැගී උපවාසයක් කරමින් සිටි පසුගිය දිනවල අපේ හිසට ප්‍රශ්න කීපයක් ම පැන නැඟුණේ ය.
ඉන් එකක් වූයේ වඩා හොඳ, මුළු ජීවිතයම බන්ධනාගාරයක ගත කිරීම ද? එසේ නැත්නම් එල්ලා මරා දමනු ලැබීම ද? කියායි.
අපට එසේ සිතුණේ උපවාස කළ සිරකරුවන්ගේ ඉල්ලීම දෙස බලා ය. එක්කෝ තමන් එල්ලා මරා දමන ලෙස එසේ නැත්නම් තමන් නිදහස් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබුණි.
මේ සිරකරුවන් මතක් කර දුන්නේ අප විසින් අවුරුදු තිස්හයක් තිස්සේ අමතක කර දමා තිබූ ප්රශ්නයකි.
මරණීය දණ්ඩනයේ ඉතිහාසයට යතොත් 1956 දී බලයට පත් වූ බණ්ඩාරනායක ආණ්ඩුව විසින් එය අවලංගු කර දැමූ අයුරු අපට පෙනී යයි. දෛවයේ සරදමක් පරිද්දෙන් මරණීය දණ්ඩනය අවලංගු කළ නායකයා ඝාතනයට ලක් වූයේ ය. ඔහු මරා දැමූවන්ට නිසි දඬුවම් දෙනු පිණිස මරණීය දණ්ඩනය නැවතත් ගෙන එනු ලැබී ය.
අනතුරුව 1977 බලයට පත් ජේ.ආර්. ආණ්ඩුව (මරණීය දණ්ඩනය අවලංගු නොකර) එය ක්‍රියාත්මක කිරීම අත්හිටෙව්වේ ය. ඒ නිසා 1976 දී එල්ලා මරා දමනු ලැබූවකුගෙන් පසු කිසිවකුත් මෙතෙක් මරණීය දණ්ඩනයට ලක් වී නැත. එහෙත් උසාවිය දිගින් දිගටම මරණීය දණ්ඩනය නියම කරයි. එසේ මරණීය දණ්ඩනයට නියම වූවෝ (දඬුවම ලිහිල් නොකෙරුණහොත්) දින නියමයක් නැතිව බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.
මරණ දණ්ඩනයට යටත් කරනවාට වඩා හිරගෙයි වුව ජීවත් වන්නට ලැබීම යහපතක් නේ දැයි මෙහිදී කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. ඒ අතර ම කාසියේ අනෙක් පැත්ත හොඳ යැයි තර්ක කරන්නන් ද සිටින්නට පුළුවන.
සිරකරු ඉල්ලීම් ගැන අසන්නට ලැබුණු මොහොතේ අපේ හිසට නැගුණු තවත් ප්‍රශ්නයක් වූයේ, දැන් උපවාසයට එක් වී සිටින්නන්ට මෙවැනි දෑ ඉල්ලා සිටීමට අයිතියක් තිබේද කියා යි. ඔවුන් නිසැකවම මිනීමැරුම්වලට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හෝ සම්බන්ධ වී ඊට වැරැදිකරුවන් වී මරණීය දණ්ඩනය නියම වූවන් ය.
එහෙත් මේ උදවිය දැන් දේශපාලන සිරකරුවන් කරන්නාක් සේ සිය අයිතිවාසිකම් ඉල්ලා සිටිති. එසේ කිරීම සඳහා බන්ධනාගාර නීති කඩ කරමින් එහි වහලයට නගිති.
මරණීය දණ්ඩනයට නියමවූවන්ට පමණක් නොවූ හිරගෙයි බිත්තිවලින් එළියේ සිටින්නන්ට ද ඒ පිළිබඳ අදහස් තිබේ. රටේ ලොකු අපරාධයක් සිදුවූ විට නැත්නම් අපරාධ රැල්ලක් සිදුවී ගෙන යන විට ඒ අදහස්වලට මාධ්‍ය හරහා වේදිකා තැනෙයි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු යැයි බොහෝ දෙනා කියා සිටිනු මෙවැනි අවස්ථාවලදී අසන්නට ලැබේ.
එහෙත් ඊට විරුද්ධ මතවාදය ද ඉතා ප්‍රබල බව මරණීය දණ්ඩනයට පක්ෂව කථා කරන්නන්ට මෙතෙක් එය ක්‍රියාත්මක කරවා ගැනීමට බැරිවීමෙන් පෙනෙයි. මරණීය දණ්ඩනයට විරුද්ධ එබඳු මතවාදයක් ඇත්තේ රට තුළ පමණක් නොවේ. අන්තර්ජාතික තලයේ ද එය ශක්තිමත්ව පවතී. ඒ නිසා අපේ වැනි රටකට මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ යැයි යන චෝදනාවෙන් ගැලවී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම කවදාවත් කළ හැක්කක් නොවේ.
මෙබඳු වාතාවරණයක් තුළ මිනිසුන් විසින් නීතිය සියතට ගැනීම ද සිදුවෙයි. මරණීය දණ්ඩනය නියම විය යුතු මට්ටමේ වැරැදිවලට වරදකරුවන් ලෙස සැලකෙන්නන් පොලිස් අත්අඩංගුවේදී මියයෑම ඊට හොඳම උදාහරණයකි. ඒ මරණ සිදුවූයේ කෙසේ දැයි යන්න ප්‍රසිද්ධ රහසක්ව පවතී.
සිරකරු උපවාසය සම්බන්ධයෙන් අපේ හිසට නැඟුණු තවත් ප්‍රශ්නයක් තිබේ. ඒ ඔවුන්ට මේ අන්දමින් වහලට නැගීම වැනි හපන්කම් කරන්නට බන්ධනාගාරය තුළ ඉඩ ලැබුණේ කෙසේද කියායි. අප නම් සිතන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ඇතිව මෙය සිදුවන්නට ඇති බව ය. ඒ අන් කිසිවක් නිසා නොව බන්ධනාගාරය තුළ සිදුවන සෑම වැරැදි වැඩක් ම බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ඇතිව කෙරෙන බව අලුත් ප්‍රවෘත්තියක් නොවන නිසා ය.
උපවාසයට එක් වූ ඇතැම් සිරකරුවන් අසාධ්‍ය ලෙස රෝගී වීම නිසා ප්රශ්නයේ මේ පැත්ත රටට අමතක වී ගියේ ය.
Source : Silumina.lk 12/01/14