මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා

    ජෝර්ජ් ජුනියස් ස්ටිනි. විසිවෙනි සියවසේ ඇමරිකාවේ මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා. ජෝර්ජ්ව අමානුෂික ලෙස නීතියේ නාමයෙන් 1944දි විදුලි පුටුවේ හිඳුවා ඝාතනය කරන විට ඔහුට වයස 14ක් .
    ඔහුට මෙලෙස මරණ දඬුම ලබා දුන්නේ වයස අවරුදු 11ක සහ 7ක කුඩා ගැහැණු දැරිවියන් දෙදෙනෙකු ඝාතනය කිරිමේ චෝදනාවකටයි.
    වසර 70කට පසු 2014දි නැවත මෙම නඩුව ව්වෘත කර ඇසීමට දකුණු කැරොලිනා අධිකරණය තීරණය කරන අතර එහිදී කුඩා ජෝර්ජ්ගේ නිර්දෝෂීභාවය හෙළිවෙනවා. මෙහිදී නඩුව විභාග කල කැමරන් මුලන් නඩුකාරතුමිය කියා සිටියේ ජෝර්ජ්ගේ පාපොච්චාරණය ඔහුව බිය වද්දවා ලබා ගත් එකක් බවත් නඩු විභාගය සම්පූර්ණ ලෙස වැරදි සහගත ලෙස පවත්වා ඇති බවත් කුඩා ජෝර්ජ්ට ලබා දුන් දඬුවම කෘර සහ අමානුෂික බවත්ය.
    අත්අඩංගුවට පත් ජෝර්ජ්ව ඔහුගේ නිවසින් කිලෝමීටර 80ට ඈතින් රඳවා තැබුවා. දවස් 81ක් ඔහුව රඳවාගෙන ප්‍රශ්න කල අතර ජෝර්ජ්ගේ දෙමව්පියන්ට ඔහුව බැලීමට කිසිදිනක අවස්තාවක් ලැබුනේ නෑ.
    නඩු විභාග වන අවස්ථාවේදී සැම විටම ජෝර්ජ් අත බයිබලයක් තිබුනා. බයිබලය අතතිව කඳුළු සලමින් නිහඬව සිටි ඔහුගෙන් නිර්දෝෂීභාවය කියා පෑවා. නඩු විභාගයේ සිටි සියලුම ජුරි සභිකයන් සුදු ජාතිකයන් වුනා. අධිකරණ ශාලාවේ මිනිසුන් දහසකට අධික පිරිසකින් පිරි පැවතුනත් කිසිම කළු ජාතිකයකුට එයට ඇතුළු වීමට අවසර ලබා දුන්නේ නෑ. නඩු විභාගය පැය දෙක හමාරක් පැවතුනා. ජෝර්ජ් වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීමක්වත් ඔහු වෙනුවන් සාක්ෂි කරුවන් ගෙන්නවීමක්වත් සිඳු වුනේ නෑ. විනාඩි දහයක සාකච්ඡාවකින් පසු ජුරි සභාව විසින් ජෝර්ජ්ව වරද කරුවෙකු බවට තම තීරණය ලබා දුන්නා. ඒ අනුව විනිසුරුවරයා කුඩා ජෝර්ජ්ට මරණ දඩුවම ලබා දුන්නා. තීන්දුවට එරෙහිව අභියාචනයක් සිඳු වුනේ නෑ.
    1944 ජුනි මස 16 වෙනිදා රාත්‍රී 7.30 ට උස අඩි 5 යි අඟල් 1ක් සහ බර කිලෝග්රෑම් 40 ක් වුනු කුඩා ජෝර්ජ් ජුනියස් ස්ටිනි විදුලි පුටුවේ හින්දවා මරා දැමීමට සියල්ල සුදානම් වුනා. වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණු ඉල්ක්ට්‍රොඩ සහිත මුහුණු ආවරණය ඔහුට ගැලපීමට නිළධාරීන් මහත් වෙහෙසක් ගත්තා. විනාඩි හතරක් පුරා ඔහුගේ හිසට එල්ල කරන ලද වෝල්ට් 2400ක විදුලි සැර කුඩා ජෝර්ජ්ට තව දුරටත් දරාගෙන ඉන්න හයියක් තිබුනේ නෑ.
    -සමීර සාලින්ද පෙරේරා-




    48944724_2329612510608013_5542256340270841856_n.jpg


    48921851_2329612530608011_7790335114549919744_n.jpg

    48926279_2329612547274676_3556304840315371520_n.jpg

    48906551_2329612563941341_4860517598715969536_n.jpg


     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ප්‍රබලයා විසින් දුබලයාව යටපත්කිරීම, තිරිසන් සතුන් විසිනුත් මිනිසා විසිනුත් ඉතිහාසය ආරම්භයේ සිටම සිදුකරන ලද අතර, අනාගත්යේදීද එය එලෙසින්ම, සෑම සමාජ පන්තියක් තුලම පැවතෙනු ඇත..
     
    • Like
    Reactions: TonyMontana83

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ඕක ආයේ උසාවි දැම්මේ ඇයි කියලත් හිතාගත්තැකි කවුරු උනත්.
    අජෙන්ඩාවක් :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තේරුණේ නෑ :sorry:


    දැන් ඔහොම අවුරුදු 14 ළමයින් වැරදි කාරයෝන් උනත් ඔහොම කරන්ට් අල්ලන්නේ නෑනේ.එදා වැරදි උනානේ. සමහර වැරදි අපේ ඇඟ කිළිපොලා යන ඒවනේ. මම මේකෙම ත්‍රෙඩ් එකක දැක්කා ඉස්සර ළමයින්ව පෝස්ට් එකේ යැව්වා කියලත්.
    ඕක දැන් 2014 දි ආයේ අහලා ම්කක්ද බලාපොරොත්තුවෙන්නේ? ඒ එරා එක පහුකරලා ගොඩක් දුර ඇවිල්ලා? කල්ලන්ට උන අසාධාරණේද මරණ දඬුවම අසාධාරණයක් කියන එකටද මොකට ප්‍රස්තුතයක් කරගන්නද දන්නේ නෑ ඉතින්.... අජෙන්ඩා එක අපැහැදිලියි.