මරණ පරීක්ෂණ කුටිය 4

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මරණ පරීක්ෂණ කුටිය 4

    Autopsy Room Four

    කථෘ: ස්ටීවන් කිං
    අනුවර්ථක: Dark Night of the Soul (KasunL)

    සියල්ල කට්ට කළුවරය. මම තවමත් සිහිමූර්ජාවෙන් සිටින බව මා සිතමි. සිහිමූර්ජාවෙන් සිටින්නන්ට, අන්ධකාරය තුල සිදුවන සෙලවීම් නොදැනෙන බව එවිට මට සිහිවිය. මෙම සෙලවීම් සමග රෝද කැරකවෙන හඩක්ද නැගී ආවේය. තවද, මගේ හිසෙහි සිටි දෙපා දක්වා කිසිවක ස්පර්ශයක්ද දැනිනි. රබර් වලින් පිටවෙන්නාක් වැනි ගන්ධයක්ද නැගී ආවේය. මේ නම් සිහිමුර්ජාවක් නොවේ. මෙහි සිහිනයක තිබෙන්නාක් වැනි සිහි බුද්ධිය ඇති බවක් පැවතිනි.

    එසේනම් මේ කුමක්ද?

    මා කවුරැද?

    මට සිදුවන්නට යන්නේ කුමක්ද?

    රෝද කරකැවෙන හඩ නැවතුනු අතර, රබර් ගන්ධය පිටකල දෙය හඩ නැගුවේය.

    දැන් කටහඩකි: "කොයි එක කියලද කීවේ?"

    නිහඩ බවකි.

    දෙවැනි කටහඩක්: "හතර, මගෙ හිතේ. හතර තමා."

    චලනය නැවත
    සෙමින් ඇරඹිනි. සෙරෙප්පු දැමූ පාද වල හඩ නැගී ආවේය. කිසිවක් හැපුනු අතර, දොරක් විවර වන්නාක් බදු හඩක් නැගිනි.

    මොන මගුලක්ද මේ වෙන්නේ? මම කෑ ගෑවෙමි. එහෙත් එම කෑගෑම මගේ සිදුවූයේ මගේ හිසෙහි වූ අතර, මගේ තොල් නොසෙල්විනි. මගේ දිව පණ රහිත නිසොල්මන් දෙයකි. ගමන නැවත ඇරඹිනි. මම ඉස්පිරිතාලයක සිටින බව මට සිතිනි. කිසියම් බියකරැ දෙයක් මට සිදුවී ඇති අතර, ඔවුන් මා ශෛල්‍යකර්මයකට භාජනය කිරීමට යන්නේය. එහෙත් මට කිසිම තැනක වේදනාවක් නොදැනිනි. වාට්ටු සේවකයින් මා ශෛල්‍යකර්ම කුටියට ගෙනයනවාක් විය යුතුය. එහෙත් මට කිසිවක් නෙපෙනෙන්නේත්, මට කථා කිරීමට නොහැක්කේත් මන්ද?

    දැන් තුන් වැනි කටහඩක්: "මෙහෙට ගේන්ඩ"

    ඇද වෙනත් අතකට චලනය වන්නට වූ අතර, මගේ හිසෙහි බෙරයක් ගසන්නාක් වැනි එකම සිතුවිල්ලක් විය: "මොන මගුලක්ද මට වෙලා තියෙන්නේ?"

    දැන් මට මා කවුරැන්දැයි සිහිවිය. මගේ නම හවර්ඩ් කොරල් ය. මා තැරැව්කරැවෙකු ය. මගේ මිතුරන් ඇතැම් විට මා ඇමතුවේ හවර්ඩ් රජු කියාය.

    පෙර, දෙවැනි කටහඩ මගේ හිසට උඩින් නැගිනි: "ඩොක්ටර් අද හරි ලස්සනයි නෙව."

    හතර වැනි හඩ (එය සිසිල් ගැහැනු කටහඩකි) : "හැබෑද රස්ටි? ඔයාගෙන් ලස්සනයි කියලා අහන එක තරං දෙයක් තියේද, හිහ්. ටිකක් ඉක්මන් කරනවකෝ. ලමයි බලාගන්න කෙල්ල හතට යන්න ඕනැයි කීවා. ඒකිට ඒකිගෙ අම්මයි තාත්තයි එක්ක ඩිනර් එකට යන්න ඔනලු."

    හතට. එසේනම් දැන් සැන්දෑව විය යුතුය. එහෙත් සියල්ල අදුරැ මන්ද? "මොකද, අද සෙනසුරාදා හින්දා" මගේ අභ්‍යන්තරයෙන් හඩක් නැගී ආවේය. මම.. මම..

    මට හඩක් සිහි විය, කියම් දෙයකින් තවත් දෙයකට පහ‍ර දෙන හඩක්, "ටොක්!". එය මා ආශා කල හඩකි. කුමක්ද එය? එය ගොල්ෆ් පිත්තකින් ගොල්ෆ් බෝලයකට පහර දෙන හඩයි.

    එවිට කිසිවෙකු මා උරිස් සහ කකුල් වලින් එසවූ අතර ඔහු මා හිස් අවකාශය හරහා අදුරේම වීසි කර දැමුවේය. මම කෑ ගෑ නමුත් කිසිම හඩක් නොවේ පිටවූයේ. යකෝ මාව බිම දාන්ඩ එපා, මගේ කොන්ද හරි නෑ.

    දෙවැනි කටහඩ (රස්ටි): ඩොක්ටර් මෙයාට කැමති වෙයි. මෙයා නිකං මයිකල් බෝල්ටන් වගේ.

    කාන්තා වෛද්‍යවරිය: "ඒ කවුද?"

    තෙවැනි හඩ (එය විස්ස පැන නැති කොල්ලෙකුගේ බදු විය) : "පොර සුදු ගායයකයෙක්. මිනිහට කලු වෙන්න ඕන වෙලා තියෙනවයි කියලා කියන්නෙ. ඒ වුනාට මේ මිනිහා නම් නෙවෙයි, මම හිතන විදියට."

    මේ කියමනෙන් පිරිස අතර සිනහවක්
    ඇති වුන අතර, කාන්තා හඩ එයට එක් විය. රස්ටි තවත් කිසියම් පොල් ජෝක් එකක් ඇරඹුවේය. ඔහු පොල් ජෝක් රැලියක් ආරම්භ කිරීමට යන්නාක් මෙන් පෙනිනි. එහෙත් එවිට මා බියෙන් සලිත වී ගියේය. මා හුස්ම ගන්නවාද? මා මියගොස් ඇතිද? මිය ගිය විට දැනෙන්නේ මෙපරිදිද?

    දෙවියනි, මා සිටින්නේ බොඩි බෑග් එකක් තුලය.

    මුල් කටහඩ: "ඩොක්ටර්, මේක සයින් කරන්න වෙයි. කොපි තුනක් තියනවා"

    කොලයක් මත ඇදෙන පෑනක ශබ්ධයකි.

    දෙවියනි, මේ මරණය නොවේවා! නැවත මා කෑගෑමට උත්සාහ කලත්, කියම හඩක් පිට නොවිනි.

    මගේ පෙනහළු නිසි සේ ක්‍රියා කරන බව මට දැනිනි. මා මියගොස් නම්, මගේ පෙනහළු ක්‍රියා නොකරනු ඇත.

    රස්ටි: "ඩොක්ටර්, එන සෙනසුරාදා හැන්දෑවේ මොකද කරන්නේ?"
    ---
    (මීලග කොටස හැකි ඉක්මනින් ලීවීමට බලාපොරෙත්තු වෙමි)
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඊලග සෙනසුරාදා, තම බල්ලාව නෑවීමට තිබෙන බව දැන් දොස්තරවරිය පවසා සිටින්නීය. පුදුමයකට මෙන් බල්ලාගේ නමද රස්ටි ය. මෙයට සියල්ලෝම සිනාසුනහ. මා මිය ගොස් නම්, මේ සියල්ල මට ඇසෙන්නේ කෙසේද? ඔවුන් සැමවෙලේම කියන්නාක් මෙන්, මා සුදු පැහැති ආලෝක ධාරාව කරා නොයන්නේ මන්ද?

    මෙවිට යම් දෙයක් ඉරී යන කර්කශ ශබ්ධයක් නැගුනු අතර, සුදු පැහැ ආලෝකය මා වෙත පතිත විය. මගේ දෑස් කණ-කොකා වැටුනි. මා ඇස් පිය අඩවන් කිරීමට උත්සාහ කලද කිසිම දෙයක් සිදුවූයේ නැත. මගේ ඇසි පිය කැඩුනු රෝලරයන් මත ඇති ජනෙල් ආවරණයන් මෙන් බිදකුදු සෙලවුනේ නැත. ආලෝකය අඩකින් ආවරනය කරමින් මුහුනක් මා වෙත නැඹුරැ වූයේය. එම ආලෝකය පැමිනියේ කිසියම් දිව්‍යමය තලයකට සිට නොව, ඉහලින් තිබූ ෆ්ලූරසන්ට් බල්බයකිනි. මුහුනෙහි අයිතිකරැ සාමාන්‍යයෙන් කඩවසම්, අවුරැදු විසි පහක පමන තරැණයෙකි. ඔහු සමාන වූයේ බේ-වොච් හි හෝ මෙල්රෝස් ප්ලේස් හි රගපාන කාඩ්බෝඩ් නළුවෙකුටය. ඔහු නොසැලකිලිමත්ව පැලද සිටි කොල පැහැති ශෛල්‍ය වෛද්‍ය තොප්පියට යටින්, කළුවන් කෙස් ගොබයක් දැකිය හැකි විය. ඔහු ශෛලකර්ම ට්‍යුනික් කමිසයද ඇද සිටි අතර, ඔහුට තිබුනේ කෙල්ලන් පිස්සු වැටෙන සුළු කොබෝල්ට්-නිල් පැහැති දෑසකි.

    "හප්පට," හේ කියපි, "මෙයා මයිකල් බෝල්ටන් වගේ තමා නොවැ. ඔයි මයිකල්, සින්දුවක් කියනවකො."

    මා කියූ සින්දුව වූයේ "මා බේරාගන්න!" යන්න පමනි. එහෙත් මට කල හැකි වූයේ ඔහුගේ අදුරැ නිල් දෑස් වෙත මගේ මල මිනිසෙකුගේ දෑස් වලින් බලා සිටීම පමනි. මා ජීවත්ව සිටී නම්, ආලෝකය මගේ දෑස් වලට වදින විට, එහි කළු ඉංගිරියාවන් කුඩා වෙනු ඔහු නොදුටුවේ මන්ද? එහෙත් එයට පිලිතුර මා දැන සිටියෙමි. එසේ නොවුනේ මගේ කළු ඉංගිරියාවන් කුඩා නොවුනු නිසා වූ අතර, ආලෝකය එතරම් සැර වූයේ එබැවිනි. මුහුන ඉවත්ව ගිය අතර, ආලෝකය මගේ අසරණ දෑස් තුලින් කා ගෙන ගොස් මගේ මොලය කරා ගියේය. මට ඒ දෙස තවත් වැඩි වේලා බලා සිටීමට සිදුවන්නේ නම්, මා අන්ධව යනු ඇත.

    "වූෂ් -- ටොක්!" ගොල්ෆ් රැකටය බෝලයට වැදුනේය. එය හරියට වැදුනේ නැති අතර බෝලය එල්ලයෙන් ඉවතට යන්නට විය. එල්ලයෙන් ඉවත් වී...




     
    • Like
    Reactions: Mandalorian

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    දැන් තවත් මුහුනක් මා වෙත නැඹුරැ විය. කොල පැහැති කමිසය වෙනුවට ඔහු ඇද සිටියේ සුදු එකක් වූ අතර, ඔහුගේ හිස මත අවුල්ව ගිය කොස්සක් බදු විශාල තැඹිලි පැහැති කොන්ඩයකි. මේ නම් රස්ටි හැර වෙනෙකෙක් විය නොහැකිය. ඔහුගේ මුහුන මත උසස් පාසැල් කොල්ලෙකුගේ බදු මෝඩ සිනාවකි.

    "මයිකල්!" රස්ටි කියාපි, "යකෝ, මෙයා හැන්ඩ්සම් පොරක් තමානෙ! මොන ගෞරවයක්ද! මලාට කමක් නෑ, සිංදුවක් කියන්ටකෝ අයියේ!"

    මගේ පිටුපසින් දොස්තරවරියගේ හඩ නැගී ආවේය. ඇගේ සීතල කඩහඩ පැවසුවේ ඈ තවදුරටත් මෙම විසිළු නොරැස්සන බවයි. "රස්ටි, ඔය මදෑ."

    ඉන්පසු: "මොකෝ මෙයාට උනේ, මයික්?"

    "මෙයාව හම්බවෙලා තියෙන්නේ ඩෙරී ම්‍යුනි ගොල්ෆ් පිට්ටනියේ 14වැනි හිලට එහායින් -- ටිකක් කැලේට වෙන්න. මෙයා එක්ක හතර දෙනෙක් සෙල්ලම් කරලා. මෙයාගේ කකුල තණකොල ගොල්ල අස්සෙන් එලියට ඇවිත් තියනවා උන් දැක්කේ නැත්තම්, මෙලහට මෙයා කූඹි ගුලක් වෙලා."

    මට නැවතත් එම ශබ්ධය ඇසිනි, "වුෂ්!". එමෙන්ම තවත් ශබ්ධයක්ද පැමිනියේය: මගේ රැකටයෙන් තණකොල ගොල්ල අවුස්සන විට නැගුනු ශබ්ධය. එම කොටසේ විශ ඉත්ත පදුරැ තිබෙන බව ප්‍රසිද්ධය. විශ ඉත්ත සහ..

    රස්ටි තවමත් මා වෙත නැවීගෙනය -- තකතීරැ සහ කුතුහලය සහිත පෙනුමෙන් යුතුව. ඔහුගේ කුතුහලය වූයේ මගේ මරණය ගැන නොව, මයිකල් බෝල්ටන්ට මගේ පෙනුම සමාන වීමය. මා මෙය දැනගෙන සිටියෙමි. එහෙත් මගේ ඇතැම් ස්ත්‍රී සේවාදායකයන් සම්බන්ධයෙන් මා එය පාවිච්චි කර තිබුනේ නැත. එහෙත් දැන්.. දෙවියනි.

    රස්ටි මා වෙත තවත් ලං වූ අතර, ඔහු තම දෑත් වලින් මගේ හකු පාඩා අල්ලා, ඒවා අරිමින් වසමින්, මගේ දත් ඇදි එකටෙක ගටමින්, බෝල්ටන්ගේ ගීතයක් ගයන්නට විය. ඔහුගේ උත්කෘෂ්ට කටහඩින් මිනිසෙකුගේ ඔළුව පවා පුපුරන්නට ඉඩ තිබිනි.

    "ඕත නවත්තනවා!!" වෛද්‍යවරිය ඔහු වෙත කෑ ගෑවාය. එහෙත් රස්ටි එය නොඇසුනාක් මෙන් තර කාරියෙහි නිරත වන්නට විය.

    දැන් වෛද්‍යවරිය එතැනට පැමිනියාය. කොල පැහැති ගවොමකින් සහ තොප්පිය තම බෙල්ල වටා එල්ලාගෙන. ඈ රෑමත් පෙනුමකින් යුතු වූ අතර, ඇගේ කෙටි දුඹුරැ පැහැති කෙස් කැරලි ඇගේ නලලින් පිටුපසට පිස දමලාය. ඈ තම කෙටි නියපොතු සහිත අතින්, රස්ටිව අල්ලා පිටුපසට ඇද දැමුවාය.

    "ඒ!" ලැජ්ජාවට පත් රස්ටි කීවේය, "මාව අල්ලන්ඩ එපා!"

    "එහෙනං තමුසේ මෙයාව අල්ලන්ඩ එපා," ඇගේ කටහඩ පැහැදිලි ලෙසම කෝපය පලකලේය. "මට තමුසෙගේ ගොං පාට් ඇති වෙලා තියෙන්නේ, රස්ටි. ඊළග පාර මම තමුසෙව රිපෝට් කරනවා"
     
    • Like
    Reactions: Mandalorian

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "මොකද මෙයා මට මේ විදියට සලකන්නේ?" රස්ටි කියපි. "ඇයි මේ දවස් වල ඩොක්ටර් ගේ පීරියඩ් එකද?"

    දොස්තරවරිය මෙයින් පිලිකුලට පත් වූවාය: "මේ යකාව එලියට අරගෙන යනවද?"

    මයික්: "යං රස්ටි. ගිහිං ලොග් එක සයින් කරමු"

    රස්ටි: "ඔවු. මේ මගුලෙ ඉදලා මගේ හුස්මත් හිර වෙලා."

    මා මෙම සංවාදයන් අසා සිටියේ රේඩියෝවකින් මෙනි.

    ඔවුන් සෙරෙප්පු අද්දමින් දොර දෙසට යන අතර, රස්ටි, තමාගේ මූඩ් එක හරි නැති කාලයට ඒ බව පෙන්වීමට මුද්දක් දැමිය යුතු බව දොස්තරවරියට පවසා සිටිනු ඇසිනි. එවිටම එම ශබ්ධය නැවතත් මගේ රැකටයෙන් තණකොල ගොල්ලට පහර දෙන ශබ්ධය නැගී ආවේය. කෝ මේ කෙහෙම්මල් බෝලේ. ඒක එච්චර දුර ගියෙ නෑ නොවැ.

    මේ අතර කිසිවක් මගේ කකුල සපා කෑවේය. මට එය ඒකාන්තය. මගේ දකුනු මේස් එකට ඉහලින්. රතුවන් රශ්මියකින් යුතු, ඉදි කටුවකින් ඇන්නාක් වැනි තියුනු වේදනාවක් ඇති වූ අතර, ඉන්පසු එය ඒ ලක්ෂය වටා පැතිරී යන්නට විය...

    ...ඉන්පසු අන්ධකාරය. ඉන්පසු බොඩි බෑගය තුල සිටින හැගීම සහ මයික් සහ රස්ටි ඇතුළු සතර දෙනෙකුගේ කටහඩවල්.

    ඒ කිසියම් සර්පයකු විය යුතුය. එසේ නැතිනම් කෘමියෙක්. එහෙත් දැන් ප්‍රශ්ණය වූයේ එය නොවේ. ප්‍රශ්ණය වූයේ මා ජීවත් වන අතර, මොවුන් එය නොදැන සිටීමය.

    "මට මේ ගොං තඩියංව එපා වෙලා තියෙන්නේ" දොස්තරවරිය කීවාය. "මොකද මට ගොං තඩියංවම හම්බෙන්නේ, පීටර්?"

    "අනේ මන්ද" මිස්ටර් මෙල්රෝස් ප්ලේස් කීවේය. "රස්ටි ගොන්නුන්ගෙත් ගොනෙක් තමා. උගෙ මොලේ මැරිලා."

    ඈ මෙයට සිනාසුනු අතර, කිසිවක් 'ක්ලිං' හඩ නැගීය. එම හඩට පසු තවත් හඩක් පැමිනි අතර, මෙයින් මා අතිශය භීතියට පත්විය. මන්දයත් ඒ යකඩ ආම්පන්න වල හඩ වූ හෙයිනි. ඔවුන් සූදානම් වන්නේ මගේ මරණ පරීක්ෂණය කිරීමටය! ඔවුන් සූදානම් වන්නේ මා කපා කොටා ඉරා දැමීමටය. ඔවුන් සූදානම් වන්නේ හවර්ඩ් කොට්‍රෙල් ගේ හදවත කපා, එය නැවතුනේ නහරයක් පිපිරීමෙන්ද නැතිනම් හෘදයාබාධයකින් දැයි පරීක්ෂා කිරීමටය.

    මගෙ කකුල! මගේ හිස කෑගෑවේය. මගේ කකුල බලාපල්ලකෝ. එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ. මගෙ පපුවෙ නෙවේ!

    දැන් මගේ හිස මතින් කිසියම් සුදු-යකඩ යන්ත්‍රයක් පෙනී ගියේය. එය විශාල දන්ත වෛද්‍යමය උපකරණයක් මෙන් පෙනිනි. එහෙත් එහි අග කොනෙහි තිබුනේ බුරැමයක් නොවේ, කියතකි! රෑපවාහිනියෙන් මා එම යන්ත්‍රය දැක තිබුනි. එහි නම 'ගිල්ගි කියත' වූ අතර, එයින් සිදු කරන්නේ මිනිසෙකුගේ හිස මුදුන කැපීමය. මෙය සිදු කෙරැනේ වෙස් මූනක් ඉවත් කරන්නාක් මෙන්, මුහුනෙහි හම සහ හිස කෙස් සහ අනෙක් සියල්ල කපා ගලවා දැමීමෙන් පසුවය. ඉන්පසු ඔවුන් ඔබගේ මොලය ගලවා පිටතට ගන්නේය.

    'ක්ලිංක්' 'ක්ලිංක්' 'ක්ලැංක්!' එම ශබ්ධය කෙතරම් උස් වූයේද කියහොත්, උඩ පැනීමට හැකියාවක් මට තිබුනේ නම් මා එසේ කරනු ඇත.

    "පෙරිකාර්ඩියල් කට් එක කරන්න කැමතිද?" දොත්තරවරිය අසා සිටියාය.

    "මට කරන්න කියලාද කියන්නේ?" පීටර් පරීක්ෂාකාරීව අසා සිටියේය.