මරණ පරීක්ෂණ කුටිය 4

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "ඕක කරන ගමන් සිංදුවක් වත් දාන්නද?" දොස්තරවරිය අැසුවාය. "මාර්ටි ස්ටුවර්ට් තියනවා, ටෝනි බෙනට් තියනවා.."

    ඔහු අසන්තෝශයෙන් කිසියම් දෙයක් කී අතර, මට එය කුමක් දැයි ඇසුනේ නැත.

    "හාකෝ. මන් ලග රෝලිං ස්ටෝන්ස් සීඩී එකක් තියනවා" ඈ සිනාසෙමින් කීවාය.

    "තියනවා?"

    "මම පේන තරං මොට්ටියක් නෙවේ, පීටර්."

    "නෑ, මං කීවේ..." ඔහු ලැජ්ජා මුසුව පැවසීය.

    මේ අහපල්ලා යකුනේ! මගේ ගල් ගැසුනු ඇස්, සීතල- සුදුවන් ආලෝකය දෙසට යොමු වී තිබෙද්දී, මගේ මොලය කෑගෑවේය. දෙමලිච්චො වගේ කච කච ගාන් නැතුව හිටපියව් බොලව්. මන් කියන දේ අහපියව්කෝ!

    මට තව දුරටත් මගේ උගුර තුලින් වාතය ගලනු ඇසුනි. ඔවුන්ට ඇසෙන සුළු ශබ්ධයක් කිරීමට මා මගේ සියළු ශක්තිය යෙදවූ අතර, මෙවර නම් ඔවුන්ට මා ඇසෙනු ඇති බව මගේ දැඩි විශ්වාසය විය.

    "එහෙනම් රෝලිං ස්ටෝන්ස්, හරිද." ඈ කීවාය. "නැත්තම් ඔයාගේ පලවැනි පෙරිකාඩියල් කට් එක සමරන්න, මයිකල් බෝල්ටන්ගේ සීඩී එකක් ගේන්නම්."

    "හත් දෙයියනේ එපා!" ඔහු කෑගෑ අතර, ඔවුන් දෙදෙනාම සීනාසීමට පටන් ගත්තෝය.

    මගේ හුස්ම හඩ වඩාත් දැඩිව ඇසෙන්නට පටන් ගත්තේය. මෙය නම් ඔවුන්ට ඇසෙනු ඇත. එහෙත් එවිටම, යක්ෂයා පල්ලා, කාමරය ගිටාර් හඩකින් සෙලවෙන්නට පටන්ගත් අතර, මික් ජැගර් ගේ හඩ බිත්ති වල වැදී පරාවර්ථනය වන්නට විය.

    "ඕක අඩු කරනවා!" දොත්තරවරිය හාස්‍යජනක ලෙස කෑ ගෑ අතර, මේ ශබ්ද අතර මගේ හුස්ම ශබ්ධය, කම්මලක ශබ්ධයකින් යට වූවාක් මෙන් කුඩා සුසුමක් පමනක් බවට පත් විය.

    දැන් ඇගේ මුහුන නැවතත් මා මතින් නැඹුරැ වූ අතර, මෙයින් මගේ භීතිය දෙගුන විය. මන්ද යත් දැන් ඈ ප්ල්ක්සි වීදුරැ ශෛල්‍ය කන්නාඩියක් සහ ගෝස් මුඛ ආවරණයක් පැලද සිටි හෙයිනි. ඈ හැරී තම උරහිස මතින් බැලුවාය.

    "මම මෙයාව උඩින් කපලා දෙන්නම්." ඈ පීටර් වෙත කෑගෑවේ ගිටාර් ශබ්ධය පරදවමිනි. ඇගේ අත් ආවරණ සහිත අත තුල දිලිසෙන පිහියකි!

    පිහිය මා මතින් පාවූ අතර, එයින් මා කැපී ගියේය. එහෙත් මට වේදනාවක් නොදැනිනි. මන්දයත් පිහිය කපා තිබුනේ මගේ පෝලෝ ශර්ටය වූ හෙයිනි. දැන් එය මගේ පපුව නිරාවරනය කරමින් දෙපසට විහිදී තිබුනි. දැන් පීටර් ජීවත් වන මිනිසෙකුට පෙරිකාර්ඩියල් කැපුමක් සිදු කරනු ඇත.

    මා එසවී ගියේය. මගේ හිස පණ නැති හිස එහාට මෙහාට පැද්දුනු අතර, මා පීටර්ව යටි අතට දටුවෙමි. ඔහු සිටියේ ලෝහ කවුන්ටරයක් අසල සිටගෙන, භීතිජනක ආම්පන්න වගයක් පිරික්සමිනි. එයින් ප්‍රධාන තැන ගත්තේ යෝධ කතුරැයි. දැන් මා නැවතත් ඇද මත පැතලිව වැතිරගෙන සිටි අතර, මගේ කමිසය අතරැදන්ව තිබිනි. කාමරය ශීතලය.

    මගේ පපුව උස් පාත් වෙන හැටි බලපිය! මා ඈ වෙත කෑගෑවෙමි. දෙයියන්ගෙ නාමෙන්, විශේෂඥ දොස්තර යැයි කියාගන්නා උඹ මගේ පපුව දිහා බලපන්කෝ!

    ඒ වෙනුවට ඈ කාමරය හරහා බැලුවාය. "මොකක්ද ගන්නේ? බොක්සර් එකක්ද, ජොකී එකකින්ද?"

    ඈ පවසන්නේ කුමක්දැයි මා භීතිය සහ ක්‍රෝධය මුසු ආවේගයකින් යුතුව වටහා ගතිමි.

    "බොක්සර් එකක්!" හේ කීවේය. "වෙන මොකක්ද. බලන්ඩකො මිනිහා දිහා."

    හු*******! මට යටි උගුරෙන් කෑගෑමේ අවශ්‍යතාවයක් අැති විය. උඹ හිතන්නේ හතලිහ පැනපු හැම එකෙක්ම බොක්සර් කලිසං අදිනවා කියලද බොල!

    ඈ මගේ බර්ම්‍යුඩා ගොල්ෆ් කෙටි කලිසමෙහි බොත්තම ගැලවූ අතර, මගේ සිzපරය පහලට අද දැමුවාය. වෙනත් තැනක වෙනත් අවස්ථාවක නම්, මෙබදු රෑමත් ගැහැනියක් එසේ කලා නම් මා එයට උදක්ම කැමති වනු ඇත. එහෙත් දැන්....



     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල වැඩක්නේ :) මෙහෙම කුතුහලයක් තියන කතා කියවන්න ආසයි.
    REP+21
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113


    "උඹ පරාදයි පීටි-බෝයි" ඈ කියපි. "ජොකීස් තමා හරියන්නේ"

    "ඇත්තෙයි" හේ අසලට ඇවිද විත් කියයි. ඔහුගේ මුහුණ ඇගේ මුහුණ සමග එක් විය. ප්ලෙක්සි වීදුරැ කණ්ණාඩි වලින් ඔවුන් මා දෙස බැලුවේ, පිටසක්වලයින් විසින් පහැරගනු ලැබූ මිනිසෙකු දෙස උන් බලන්නාක් මෙනි. මම ඔහුන් ගේ දෑස් වෙත බලන බව පෙන්වීමට උත්සාහ කරන බව පෙන්වීමට වෙර දැරීමි. එහෙත් එම මෝඩයින් දෙපල බැලුවේ මගේ යටි ඇදුම දෙසය.

    "උෟහ්. රතු." පිටර් කියයි.

    "නෑ ලා රෝස පාට" ඈ පිලිතුරැ දුන්නාය. "මෙයාව උස්සන්න පීටර්. මෙයා ටොන් ගානක් බරයි නොවැ. හාට් ඇටෑක් එකක් හැදෙන එකක පුදුමයක් යැයි. තමුසෙටත් මේක පාඩමක්"

    නෑ මම එච්චර බර නෑ, හොද ෂේප් එකෙන් ඉන්නේ! මා ඈ වෙත කෑගෑවෙමි. උඹට වඩා හොද ෂේප් ඇගක් මට තියෙන්නෙ බැල්ලියෙ!

    මගේ ඉල පෙදෙස හදිසියේම ශක්මත් අත් වලින් ඉහලට එසවුනු අතර, මගේ කොන්ද කරස් ගා ශබ්ධ නැගීය. එම ශබ්ධයෙන් මගේ හදවත උඩ පැන්නේය.

    "සොරි, අයියේ" පීටර් කී අතර, ඉන්පසු ඔවුන් මගේ කොට කලිසම සහ රතුවන් යට ඇදුම පහලට ඇදි විට, එක්වරම කාමරය තිබුනාටත් වඩා ශීතල වී ගියේය.

    "එක හබුන් කටයි" කියමින් ඈ මගේ එක් කකුලක් එසවූ අතර, "හබුන් කටවල් දෙකයි" කියමින් අනෙක් කකුල එසවූවාය. "ඔන්න සපත්තු ගැලෙව්වා. ඔන්න මේස් ගැලෙව්වා"

    "ඒ, පීට්"

    "ආ?"

    "ගොල්ෆ් ගහනකොට උඹලා බර්ම්‍යුඩා කොට කලිසනුයි, මොකසින් සපත්තුයිද සාමාන්‍යයෙන් අදින්නේ?"

    ඈට පිටුපසින් රෝලින් ස්ටෝන්ස් කණ්ඩායම "Emotional Rescue" ගීතය වෙත මාරැ වී තිබින.

    "මේ යකා ඕනෑවට කරදරේ වැටිලා තියෙන්නේ." ඈ කියාගෙන ගියාය. "මං හිතුවේ ගොල්ෆ් ගහනකොට අර යටි පතුලේ බෝල බෝල තියන ගොල්ෆ් සපත්තු දානවායි කියලා."

    "හෙහ්. එහෙම සපත්තු දාන්න ඕන කියලා නීතියක් නැ නොවැ" පීට් කීවේය. ඔවුන් කථා කරන විට, මට කිසියම් දෙයක් හැගී යන්නට විය. දොස්තරවරිය, නිල් ඇස් සහිත පීට් වෙත කාමුක ලෙස ඇදී ගොස් ඇති බවය. දෙවියනි, ඔවුන් මා ගොල්ෆ් පිටිය මත පක්ෂාඝාතව සිටිද්දී ඉස්පිරිතාලය වෙත ගෙනවිත් ඇති අතර, මෙම කතාවේ මේ සතියේ එපිසෝඩය වනු ඇත්තේ "මරණපරීක්ෂණ කාමරයේ ආලය මෝරයි" යන්නය.

    "හම්ම්. එතකොට අපි දෙන්න තමා මේක අද කරන්නේ නෙහ්" ඈ කීවාය.

    "වීඩියෝ ටේප් එක වැඩ කරනවද"

    "තාම නෑ. ඒක වැඩකරනකොට, මම ඔයාට ෆුල් සපෝට් එක දෙනවා. කවද හරි කකුල් මඩේ දාන්න වෙනවනේ. අවුලක් ගියොත් මම ටේප් එක ආපහු කරකවන්නම්."

    ඔහු මෙයින් විමතියට පැමිනියේය.

    "ඔයාට එහෙම කරන්න පුළුවන්ද?"

    ඈ සිනාසුනාය "මොකෑ බැරි. ඕටොප්සි කාමරේදි හොද හොද දේවල් කරන්න පුළුවනි."

    "ඒකත් එහෙමද." ඔහු සිනාසෙමින් කියා සිටියේය. දැන් ඔහු මගේ දෘෂ්ටි පථයෙන් ඉවත්ව ගිය අතර, ඔහු නැවත පැමිනෙන විට ඔහු අත සිවිලිමට සවිකර තිබූ මයික්‍රොෆෝනයක් තිබිනි. එය පෙනුනේ කුඩා කළු පැහැති කදුළු බිදුවක් මෙනි. එය දුටු විට, මෙහි ඇති බියකරැ බව පෙර තිබුනාට වඩා සැබැවින්ම තථ්‍ය දෙයක් බවට පෙරලිනි. ඔවුන් සැබවින්ම මා දෙපළු කරාවිද? පීටර් පලපුරැදු වෛද්‍යවරයෙකු නොවුනත්, ඔහුට පුහුණු වී තිබුනි. මා බෝලය සොයන විට, මා සපා කෑමට ලක් වී ඇති තැන ඇති සලකුණ ඔහු දකිනු ඇත. එවිට අඩු ගනනේ ඔවුන් සැකයක් හෝ ඇති කරගනු ඇත.

    එහෙත් මට ‍රැදුරැ රාක්කය මත තබා ඇති කතුරැ පෙනුනි. ඔහු මගේ හදවත ගලවා, ලේ පෙරෙද්දී එය ඉහලට ඔසවා, අවසානයේදී එය තරාදිය මතට 'තක්' ගා දමන විට, එය දැක ගැනීමට තරම් වේලාවක් මා ජීවත්ව සිටිනු ඇති දැයි මා කල්පනා කරන්නට වීමි. එසේ වීමට ඉඩක් තිබිනි. මන්දයත්, හදවත නැවතුනද, ඉන්පසු මිනිත්තු තුනක් පමන මොලය ක්‍රියා කරන බව මා අසා තිබුනු හෙයිනි.

    "ඩොක්ටර්, රෙඩි ද?" පීට් ඇසුවේය. දැන් ඔහුගේ හඩ චාරිත්‍රානුකූල වී තිබිනි. කිසියම් තැනක වීඩියෝ ටේපය කරකැවුනේය.

    මරණපරීක්ෂණය ආරම්භ වී තිබිනි.

    මා කණපිටට කරකවනු ලැබිනි. මගේ දකුණත ඉගිලී ගොස් මේසයේ කොනක වැදිනි. එහි තිබූ ලෝහමය උලක් බදු දෙයක් මගේ උඩු අතෙහි හැපී ගියේය. එයින් නැගුනු වේදනාව අති මහත් විය, එහෙත් එයින් මට ප්‍රශ්ණයක් නැත. මන්දයත් එම උල මගේ අත තුලට කා වැදී, ලේ ගලන්නට පටන් ගනීවායි මා යාඥා කල බැවිනි. මල සිරැරකින් එසේ ලේ ගලන්නේ නැත.

    දැන් මගේ නාසය මේසය මත වැදුනු අතර, පලමු වතාවට මගේ පෙනහළු වාතයෙන් තොරව ගිය බව මට සංඥා කලේය. මගේ මුඛය වැසී තිබුනු අතර, මගේ නාසය අඩක් කුඩු වී වැසී ගොස්ය. මගේ හුස්ම හෝ මට දැනුනේ නැත. මා මෙසේ හුස්ම සිර වී ගියොත් කුමක් සිදුවේද?

     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මෙවිට මට මගේ නාස‍ය සම්පූර්ණයෙන් අමතකව යන දෙයක් සිදුවිය -- විශාල වීදුරැ බේස් බෝලයක් සේ දැනුනු යමක් මගේ ගුද මාර්ගය තුලට වේගයෙන් ඇතුලු කරනු ලැබිනි. නැවතත් මා කෑගෑමට උත්සාහ කලද, පෙර පරිදිම යලිත් නැගුනේ සිහින් මදුරැ ශබ්ධය පමනි.

    "ටයිමර් එක දැම්මා" පිටර් කියයි.

    "නියමයි" ඈ කීවේ, ඔහුට ඉඩ දෙමින් ඉවතට යමිනි.

    "තැනැත්තා, සුදු ජාතික කෝකේශියන් වර්ගයේ මිනිසෙකි. වයස අවුරැදු හතලිස් හතරයි." පීට් දැන් පවසන්නේ මයික්‍රොෆෝනයටය. ඒ ඉදිරි වෛද්‍ය පරම්පරාවන්ගේ දැනුම පිනිසය. "නම, හවර්ඩ් රැන්ඩොල්ෆ් කොට්‍රෙල්. පදිංචිය: 1566, ලෝරල් ක්‍රෙස්ට්, ඩෙරී.

    නිහඩ බවකි. ඉන්පස පීටර් යලිත් පටන් ගත්තේය.

    හත් දෙයියෙනේ මුන් මගේ පු*** ඇතුල් කලේ කුමක්ද? හරකුන්ගේ උෂ්ණත්වය මනින උපකරණයක්ද? එය තව ටිකක් දිගු වූවා නම්, එය මගේ කට තුලට එනු ඇත. මුන් එයට ලුබ්‍රිකන්ට් තෙල් පවා නියමාකාරයෙන් දමා තිබුනේ නැත... එහෙත් කුමටද? මා මල මිනිසෙකි.

    මා වලකජ්ජ ගසා ඇත.

    දැන් මා පතන්නේ මගේ නාසයෙන් ලේ ගැලීමටය. ගැලීමට නොව දෝරේ ගැලීමටය.
    දෙවියනි එසේ වේවා.

    එහෙත් එසේ සිදු නොවුනි.

    "මරණය සිදුවන්නට ඇත්තේ හෘදයාබාධයකින් වීමට ඉඩ තිබේ." පීට් කියයි. සැහැල්ලු අතක්, මගේ ගෙලෙන් පටන් ගෙන, මගේ තට්ටම් කරා ලිස්සා ගියේය. එම අත, මගේ පස්ස තුල ඇති උෂ්ණත්වමානය ඉවත් කරනු ඇති බව මා සිතුවෙමි. එහෙත් එය සිදු නොවුනි. "කශේරැවට හානියක් නැත."

    ඔහු මගේ හිස එසවූයේය. ඔහුගේ ඇගිලි මගේ හකු පාඩා මතය. මගේ කෑ ගෑම කීත් රිචඩ්ස් ගේ ගිටාර් හඩ මතින් ඔහුට නෑසෙන බව මා දන්නා නමුත්, ඇතැම් විට ඔහුට මගේ කෑගෑමෙන් මගේ නාසය තුල ඇති වන කම්පණය දැනෙනු ඇත.

    එහෙත් ඔහු කලේ මගේ හිස ඒ මේ අතට කරකැවීම පමනි.

    "ගෙලට හානියත් නැත." මා කල්පනා කලේ ඔහු මගේ හිස මේසය මතට අතහරිනු ඇතැයි කියාය. එවිට නැවතත් මගේ නාසය තැලී, එයින් ලේ ගැලීමට ඉඩ තිබේ. එහෙත් ඔහු මගේ හිස පහත් කලේ සෙමින්ය.

    "පිටෙහි හෝ කටී ප්‍රදේශයෙහි තුවාල හෝ තැල්මවල් දැකිය නොහැකිය. දකුණු පාදයෙහි උඩ කොටසේ පැරණි තුවාල කැලලක් තිබේ. එය උණ්ඩ කැබැල්ලකින් සිදුවූවක් මෙන් පෙනේ."

    එය සැබවින්ම උණ්ඩ කැබැල්ලකින් සිදුවූවක් වීය. එය සිදුවූයේ මා අවසන් වරට සහභාගී වූ යුද්ධය අතරදීය. මෝටාර් රොකටයක් ආයුධ ගබඩාවට වැදුනි. එයින් මිනිසුන් දෙදෙනෙකු මිය ගියෝය.

    ඔහු අවසානයේදී උෂ්ණත්වමානය මගේ පස්ස පැත්තෙන් එලියට ඇද දැමුවේය. දෙවියනි, දැනුනු නිදහස. එය ඉහලට ඔසවාගෙන සිටිනු, බිත්තිය මත ඇදි ඔහුගේ සෙවනැල්ලෙන් මට දැකගත හැකි විය.

    "94.2 යි" හේ කීයේය. "හහ්. තාමත් රස්නෙ තියනවනේ. මේ මිනිහා හරියට මැරිලා නැතුවා වගේ, කේටී... ඩොක්ටර් ආර්ලේන්."

    "මෙයා හම්බවුනු තැන මතකයි නොවැ." ඈ කියපි, "ගොල්ෆ් පිට්ටනියෙ. පායන කාලේ හවස් වරැවේ. මෙයාගේ රස්නේ 98.6 ක් වුනත් පුදුමයක් යැයි."

    "හරි, ඕකේ" ඔහු කීවේ නොසතුටිනි. "මම කියපු ඒවා ටේප් එකේ විහිළුවක් වගේ රෙකෝඩ් වෙයිද?" පරිවර්ථනය: මම ගොං තඩියෙක් තපුල්ලනවා වගේ ඇහෙයිද?

    "නැහ්. උගන්නනවා වගේ ඇහෙන්නේ." අෑ කීවාය.

    "හරි. හොදයි. නියමයි"

    ඔහුගේ රබර් ආවරණ සහිත ඇගිලි දැන් මගේ තට්ටම් දෙපසට ඇද්දේය. ඉන්පසු ඒවා අතැරි ඔහු, මගේ කලවා පිටුපසින් පහලට තම ඇගිලි ගෙන යන්නට විය. දැන් මගේ කකුල දෘඩ වනු ඇත -- එයට දෘඩ වීමේ හැකියාවක් තිබේ නම්.

    දකුණු කකුල, මා කීවෙමි. දකුණු කකුල, පීටි-බෝයි, දකුණු කලව. පේනවද මාක් එක?

    ඔහුට එය පෙනිය යුතුය. මන්ද, මට එය දැනෙන හෙයිනි. එතැන මී මැස්සෙකු ඇන්නාක් මෙන් රිදුම් දෙයි. එසේ නැතිනම් මොට්ට හෙදියක් එන්නතක් විදි තැනක් මෙන්.

    "කොට කලිසම් ඇදගෙන ගොල්ෆ් ක්‍රීඩා කිරීමේ අවධානම පිලිබද, මෙම මිනිසා හොද සාක්ෂියකි." හේ කියයි. මේ යක්ෂයා අන්ධයෙක් දැයි මට සිතිනි. මූ ඉපදෙන විටම අන්ධව ඉපදුනා නම් හොද යැයි මා සාප කරන්නට විය. අපාය පල්ලා, මේකා ක්‍රියා කරන ආකාරයට මූ සැබැවින්ම අන්ධයෙක් විය යුතුය. "සියළුම ආකාරයේ කෘමි විදීම්, සීරීම් ආදිය පාදයෙහි දැකිය හැකිය..."

    "මෙයා වැටිලා හිටියේ කැලේ හරියේ පදුරැ ගොඩක කියලා මයික් කීවා" ආර්ලේන් කියපි. ඈ කුස්සියේ පිගන් හෝදන්නාක් මෙන් මහා ශබ්ධයක් පිටකරමින් යමක් කරමින් සිටියාය. "ඔහොම යං, පීටර්. ඔය හොදට වැඩේ කරන්නේ."

    එහෙත් මගේ මතය වූයේ ඊට විරැද්ධ අතයි.

    "හරි."

    තවත් ඇගිලි ගැසීම් සහ ඇනීම්.

    "දකුණු කලවේ මුදුරැ විදීම් පෙනෙනවා. ඒවා පැසවා ඇති බවයි පෙනෙන්නේ." මෙවර ඔහුගේ ඇනීමෙන් ඇතිවූ වේදනාවෙන් මා කෑගෑවෙමි -- මම කෑගෑමේ හැකියාවක් තිබේ නම්. මෙහිදී මට සිතුනේ, මගේ ජීවතය රදා බවතින්නේ, ඔවුන් අසන රෝලිං ස්ටෝන්ස් ටේපයෙහි දිගු බව මත බවය... එය නැවත නැවත ධාවනය වන සී.ඩී තැටියක් නොවන බව මා සිතුවෙමි. මුන් මා කැපීමට පෙර එය නැවතුනහොත්... මට ඔවුන්ට ඇසෙන ලෙස වේගයෙන් සිස්මිය හැක.

    "මෙයාගේ ඕටොප්සිය ඉවර වෙලා මට ඔය කැලැල් බලන්න ඕනෙ." ඈ කියයි. "ඒත් හාට් ඇටෑක් එකක් කියලා ඔප්පු වුනොත් නම් ඒක ඕන වෙන්නෙ නෑ. නැත්තම් දැන්ම බලන්නද? ඔයාට ඒවා සැකයි වගේද?"

    "නැහ්. මේවා මදුරැ කැලැල් තමා." සර්කස් කෝලමා කියා සිටියේය. "දකුණට යනකොට ඒවා වැඩි වෙනවා. පහක් තියනවා. නෑ, හයක්.. හතක්.. අටක්.. යකෝ. දකුණු කකුලේ විතරක් දහයක් විතර තියනවා."

    "මෙයාට කැලේ දුවනවා කියලා අමතක වෙලා."

    "නෑ, මෙයාට ඩිජිටලින් (හදවතෙහි මංශපේශීන් ක්‍රියාත්මක කිරීමේ ‍ඖශධයකි) ගන්ඩ අමතක වෙලා" මෙයින් මුන් දෙදෙනා අතර හොද සිනාවක් ඇති වී ගියේය. ඕටොප්සි කාමරයේ හාස්‍ය රසය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මෙවර ඔහු මා අනෙක් පසට පෙරළුවේ තනිවමය. එසේ කලේ, ඔහු ජිම් එකේදී වඩා ගත් තමාගේ මිස්ටර් ස්ට්‍රෝං-බෝයි මස්පිඩු පාවිච්චි කිරීමේ ආශාවෙන් යුතුව බව මට ඒකාන්තය. මෙයින් සර්ප දශ්ට කිරීමේ සලකුණු ආදිය මුළුවනින්ම නොපෙනී ගියේය. මා නැවතත් ෆ්ලොරසන්ට් ආලෝකය දෙස බලා සිටින මල මිනියක් බවට පත්විය. පීටර් මගේ දර්ශන පථයෙන් ඉවත් වූවේය. 'හම්ම්' ශබ්ධයක් ඇරඹුනු අතර, ට්‍රොලිය යටි අතට නැවෙන්නෙට විය. ඒ ඇයි දැයි මා දැන සිටියෙමි. ඔවුන් මා කපන විට ගලන රැධිරය සහ ඕජස් යටි අතට ගලා යා යුතු වූ අතර, ට්‍රොලියෙහි පාදමෙහි ඇති වලට ඒවා එකතු විය යුතුය. ඉන්පසු මේවා පරීක්ෂණ පිනිස ඔගස්ටාවේ ඇති පරීක්ෂනාගාර වෙත යැවෙයි. මට ඕනෑ වූ එකම දෙය වූයේ, සෙනසුරාදා සවස ගොල්ෆ් සිදුරැ දහ අටක් සෙල්ලම් කිරීම පමනක් වූ අතර, එහෙත් ඒ වෙනුවට දැන් මා පියයුරැ වෙනුවට පපුවේ මයිල් ඇති නිදි කුමාරිය බවට පත් වී ඇත. මා දෑස වසාගත් අතර, කෲර කතුර මගේ බඩ තුලට කිදා බසින විට මට දැනෙනු ඇති අන්දම කල්පනා කිරීම නැවැත්වීමට මගේ සිත එකග නොවීය.

    පීට් අත ක්ලිප්බෝඩය තිබූ අතර, ඔහු එය කියවා බලා පසෙකින් තබා මයිකයට කතා කරන්නට විය. දැන් ඔහුගේ හඩ බියසුළු දෘඩ ස්වරයක් ගෙන තිබුනි. ඔහු තමාගේ ජීවිතයේ සිදුකල වැරදිම විනිශ්චය සිදු කර ඇති අතර, එහෙත් ඔහු එය නොදන්නේය.

    "මරණ පරීක්ෂණය පස්වරැ 5:49 ට ආරම්භ කෙරැණි" හේ කීය. "දිනය, 1994, අගෝස්තු 20, සෙනසුරාදා."

    අස්සයෙකු මිලදී ගන්නට යන්නාක් මෙන්, ඔහු මගේ තොල් අල්ලා ඉහල පහලට ඇද බැලූ අතර, ඉන්පසු මගේ හක්ක පහතට ඇද්දේය. "වර්ණය ස්වාභිවිකයි. කම්මුල් රතු වී නැත (මෙසේ වන්නේ සම ඇතුලතින් රැධිර වහනය වී ඇත්නම්ය)". ඔහු සංගීතය නතර කිරීමට තම පාදයෙන් 'පෝස්' බොත්තම එබූ අතර, එයින් ක්ලික් හඩක් ඇති විය. "අම්මපා මේ මිනිහට තාමත් පණ තියනවා වගේමයි මට පේන්නේ!"

    මම සියළු ශක්තිය යොදා 'හම්' හඩක් පිටකල අතර, ඒ මොහොතේම දොස්රවරිය ඇද පෝච්චියක් වැනි දෙයක් බිම දැමුවාය. "මිනිහ නම් එහෙම හිතනවා ඇති" යැයි ඈ කීවේ සිනාසෙමිනි. ඔහුද සිනාසීමට පටන් ගත් අතර, මෙවර මා පැතුවේ ඔවුන්ට පිලිකා සැදේවායි කියාය -- ශෛල්‍යකර්මයකින් ඉවත් කල නොහැකි, දිගු කලක් පවතින යමක්.

    ඔහු මගේ පපු ප්‍රදේශය අල්ලා බැලුවේය. "රතු වීමක්, ඉදිමීමක්, හෝ හෘදයාබාදයක සලකුනක් පිටතින් දැකිය නොහැකිය" ඔහු කීය. මොන පුදුමයක්ද, හු***. ඉන්පසු මගේ බඩ පෙදෙස තදකොට බැලීය.

    මම රාමතෙල් ඇරියෙමි.

    ඔහු මා දෙස බැලූ අතර, ඔහුගේ දෑස් විශාල වී, ඔහුගේ යටි හක්ක මදක් පහලට එල්ලී ගියේය. මා සිදුකල ශබ්ධයෙන් ඇතැම් විට ඔහු තමා ඉදිරි පිටම ඇති දෙය අවසානයේ වටහා ගනු ඇත.

    "බය වෙන්න එපා," දොස්තර ආර්ලේන් නැමති අර බැල්ලිය මා පිටුපස සිට කියා සිටි අතර, ඉන්පසු කෙකර ගාන්නාක් වැනි කැකිරි පැලීමක් පිටකලාය. "මරණ පරීක්ෂණ වලදි මල මිනී ඔහොම සද්ද දානවා."

    ඔහු තම මුහුන ඉදිරිපිට ඇති වාතය අතින් වනා ඉවත් කරමින්, තමා සිදුකරමින් සිටි දෙය නැවත පටන් ගති. ඔහු මගේ රහස් පෙදෙස නොඇල්ලූ තරම් වූ නමුත්, මගේ කලවය පිටුපස ඇති තුවාල කැලල මගේ කකුල ඉදිරිය කරාද දිවෙන බව මයිකයට කියා සිටියේය. එහෙත් උඹට ඇත්ත තුවාලය මග ඇරැනා. ඒක තියෙන්නේ උඹ බලන තැනට ටිකක් උඩින්, බේ-වොච් කොල්ලෝ. ඔහු මයිකයට මතුරාගෙන මතුරාගෙන ගිය අතර, ඔහුගේ සහකාරියට පටිගත වන ටේපය ආපසු කැරකැවීමේ අවශ්‍යතාවයක් ඇති වූයේ නැත -- මන්දයත්, පෙරිකාර්ඩියල් කැපුමට ලක් වීමට නියමිත පුද්ගලයා ජීවතුන් අතර සිටීමේ සිද්ධිය හැර, කොළුවා තම වැඩය නියමාකාරයෙන් සිදු කරන බැවිනි.

    අවසානයේදී හේ මෙසේ කීය "ඩොක්ටර්, හරි මම වැඩේ පටන්ගන්නම්" එහෙත් ඔහුග‍ේ හඩ අස්ථිරය.

    ඈ පැමින, මා දෙස යන්තමින් බලා, පිට් ගේ උරිස මිරිකුවාය. "හොදමයි." ඈ කියපි, "වැ-ඇ-ඩේ කර-අ-මු බලන්-ට!"

    ක්‍රෝධයෙන් පිපිරී ගිය මා, කුඩා දරැවෙකු මෙන් මගේ දිව එලියට දමන්නට තැත් කලෙමි. එවිට, උග්‍ර නෝවකේන් එන්නතක බලය අඩු වී යන විට දැනෙන්නාක් මෙන්, මගේ තොල් වල යටි අග්‍රයෙහි සියුම් කිතිකැවෙන සංවේදනයක් දැනී ගියේය. ඒ සමගම කුඩා ගැස්මක්. නැත. ඒ හිතළුවක් පමනක් විය යුතුය.

    එසේය! මා දෙවැනි වර උත්සාහ කරන විට එම හැගීම නැවත පැමිනියේ නැත.

    පීටර් කතුර තම අතට ගනිද්දී, රෝලිං ස්ටෝන්ස් කණ්ඩායම "Hang Fire" ගීතයට මාරැ විය.

    මගේ නාහෙට කෙලින් කණ්නාඩියක් අල්ලාපියව්කෝ! මා ඔවුන් වෙත කෑ ගෑවෙමි. අල්ලලා, එකේ දුම් බැදෙන හැටි බලපියව්කෝ! තොපිට අඩුගානේ එ්ක වත් කරන්ඩ බැරිද?

    ස්නික්, ස්නික්, ස්නිකටි ස්නික්. කතුර හඩ නැගීය.
     
    Last edited: