මරණ පරීක්ෂණ කුටිය 4

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
pora paralysis wela inne kiyala anthimedi meter wenawa.anthimedi pora doctor ekkath yaluwela nathara wenne:lol:.meke samahara podi podi kali adui translate karana kota halila:nerd:
 
Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "ඔවු කපන්න බලන්න" දොස්තරවරියගේ හඩ සෞම්‍ය වූ අතර, ඈ වයසින් බාල වෛද්‍යවරයාට යමක් ඉගැන්වීමට අදහස් කරන බව පැහැදිලිය.

    "හොදමයි," ඔහු කීවේය. "ඔයා උදවු කරනවද?"

    "නැතුව" යැයි ඈ කියමින් සිනාසුන අතර, එම සිනාව සමග 'සිස්' 'සිස්' ශබ්ධයක්ද පැමිනියේය. ඒ ඈ කතුරකින් හිස් වාතය කපන හඩ විය.

    දැන් මගේ හිස තුල භීතිය සහිත කලබලයක් හටගත්තේ, කූඩුවක් තුල සිරවුනු කුරැල්ලන් සේය. මා මරණපරීක්ෂණ කරන අයුරැ දැක තිබුනු අතර, මොවුන් කිරීමට යන්නේ කුමක්දැයි මා දැනි සිටියෙමි. කතුරැ ඉතා දිගු සහ තියුනු ය. කතුරෙහි යටි තලය බඩ තුලට ලිස්සා යන්නේ බටර් මෙනි. ඉන්පසු එය සෞර ප්‍රතානයෙහි ඇති ස්නායු ගොන්න කපාගෙන ගොස්, ඊට ඉහලින් ඇති මස් ගොබ කරා යයි. ඉන්පසු
    උරෝස්ථිය වෙත. දැන්, උරස් ඇටය කතුරෙන් කපන විට 'චරස්' ගා විශාල ශබ්ධයක් නැගෙන අතර, එවිට ඉල ඇට කූඩුව දෙකට පැලී යයි. ඉන්පසු මස් කපන පිහි වලට සමාන එම කතුරැ, චරස් චරස් ගාමීන් අශ්ටීන් දෙකට කපමින්, මස් ඉරා දමමින් ගොස්, පෙනහළු ගලවා දමයි. අනතුරැව ඒවා යන්නේ ශ්වාසනාලය වෙතය. අවසානයේදී හවර්ඩ් රජු, කිසිවෙකු කෑමට නොගන්නා රාත්‍රී ආහාරයක් බවට පත් වෙයි.

    ඔවුන්ට මෙය කල නොහැකිය, මට සිතුනි. ඔවුන්ට මා කපා දැමිය නොහැකිය... මට සියල්ල හැගෙයි සහ දැනෙයි!

    එහෙත් ඔවුන් සිදුකිරීමට යන්නේ එයමය. මා කිසියම් චලනයක් සිදුකල යුතුය. නැතහොත් ඔවුන් සැබැවින්ම එය කිරීමට දැන් සූදානම්ය. කතුරෙන් සිදුකරන පලවෙනි ඇනීමේදී රැධිරය විදීමට පටන්ගතහොත්, කිසියම් දෙයක් වැරදී ඇති බව ඔවුන් වටහා ගනු ඇත. එහෙත් එවිට කෝච්චිය ගොස් අවසානය. පලමු චරස් ශබ්ධය සිදුවෙනු ඇති අතර, මගේ ඉල ඇට කූඩුව, මගේ අත මත වැතිර ගනු ඇත.

    මගේ හදවත ෆ්ලොරෙසන්ට් ආලෝකය යට වේගයෙන් ගැහෙයි.

    මා මගේ පපුවට මගේ සියළු ශක්තිය එක්තැන් කලෙමි. එසේ කර මම තල්ලුවක් දුනිමි... කිසිවක් සිදුවිය.

    ශබ්ධයක්!

    මම ශබ්ධයක් පිට කලෙමි!

    එහෙත් එය මගේ කට තුලය. නමුත් මට එය මගේ නාසය තුලින් ද දැනෙන්නට විය -- පහත් 'හම්' ශබ්ධයක්.

    නැවතත් සියළු ශක්තිය එකතුකොට එයම යලිත් සිදු කලෙමි. මෙවර ශබ්ධය මදකින් ඉහල ගියේය. එය මගේ නාසය තුලින් සිගරට් දුමක් මෙන් පිටවිය. මෙහිදී මා බොහෝ කලකට පෙර නැරඹූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ චිත්‍රපටයක් මට සිහිවිනි. එහි, ජෝශප් කොටන් නැමැත්තා වාහන අනතුරකට ලක් වී
    පක්ෂඝාතයට ලක් වන අතර, ඔහු තමා තවමත් ජීවත් වන බව අනෙකුන්ට දන්වන්නේ එකම එක කදුළු බිදුවක් හෙලීමෙනි.

    මා සිදුකල මදුරැවෙකුගේ වැනි සියුම් හඩ, මා තවමත් ජීවත් වන බව සහ, මා මගේ මැටි පිලිරැවක් බදු සිරැර තුල රිංගා සිටින භූතාත්මයක් නොවන බව මට පසක් කලේය.

    මම නැවතත් සියළු ශක්තිය එකතු කලෙමි. මට මගේ හුස්ම වැටෙන හැගීම නැවතත් දැනුනු අතර, මා එය නාසයෙන් පිට කලෙමි. මා එය සිදු කලේ, ගිම්හානයේදී මා වැඩ කල 'ලෙන්' නැමති ඉදිකිරීම් සමාගමේදී මා වැඩ කලාටත් වඩා උත්සාහයෙනි. ජීවිතයේ කවරදාටත් වඩා මා කල උත්සාහයන්ටද වඩා උත්සාහයෙනි. මන්දයත් මා දැන් නිරත වන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකය. ඔවුන්ට මගේ හුස්ම වැටෙනු ඇසිය යුතුය. දෙවියනි, ඇසිය යුතුය!
     
    Last edited:
    • Like
    Reactions: Mandalorian

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    කරැනා කරලා ඉතුරැ ටික දාන්න කිය කියා ආය ආය කියන්න එපා. මම පිටුවක් ලියපුවම තමා දාන්නේ. මට මේක විතරක් නෙවේ වෙන වැඩ තියනව. මේක ලියනව කියන එකත් ලේසි වැඩක් නෙවේ. ඉංග්‍රීසි පොතක් සිංහලට දාපු කෙනෙක්ටම තමා ඕක තේරෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: richlife

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,202
    113
    37
    @ katubedda
    කරැනා කරලා ඉතුරැ ටික දාන්න කිය කියා ආය ආය කියන්න එපා. මම පිටුවක් ලියපුවම තමා දාන්නේ. මට මේක විතරක් නෙවේ වෙන වැඩ තියනව. මේක ලියනව කියන එකත් ලේසි වැඩක් නෙවේ. ඉංග්‍රීසි පොතක් සිංහලට දාපු කෙනෙක්ටම තමා ඕක තේරෙන්නෙ.

    :nerd: hari broo. Me katawa patta lassanayi brooo.
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    කරැනා කරලා ඉතුරැ ටික දාන්න කිය කියා ආය ආය කියන්න එපා. මම පිටුවක් ලියපුවම තමා දාන්නේ. මට මේක විතරක් නෙවේ වෙන වැඩ තියනව. මේක ලියනව කියන එකත් ලේසි වැඩක් නෙවේ. ඉංග්‍රීසි පොතක් සිංහලට දාපු කෙනෙක්ටම තමා ඕක තේරෙන්නෙ.

    Yako meka Mara wadakne. API ubata oka Danna kiuwada? Na ne. Dan meke oka dala apiwa aussala iwarawela katayam danawa!

    Joke! Ela ela ohoma Yan. Habai ithurutikath danna kiyana ekanam API digatama kiyanawa. Eka nawaththanna ubata behe.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කරැනා කරලා ඉතුරැ ටික දාන්න කිය කියා ආය ආය කියන්න එපා. මම පිටුවක් ලියපුවම තමා දාන්නේ. මට මේක විතරක් නෙවේ වෙන වැඩ තියනව. මේක ලියනව කියන එකත් ලේසි වැඩක් නෙවේ. ඉංග්‍රීසි පොතක් සිංහලට දාපු කෙනෙක්ටම තමා ඕක තේරෙන්නෙ.

    මචන් තරහ ගන්න එපා..:)
    උඹේ ලිවීමේ හැකියාව ගොඩක් ඉහළයි.. උඹ ඊලඟ කොටස දානකන් කියවන උන් පට්ට ආසාවෙන් බලන් ඉන්නවා.. ඒකයි ඔය කෑ ගහන්නේ.. :lol:

    දාපන් දාපන් කිය කිය වද දෙන්නේ උඹේ හැකියාව නිසා.. පුලුවන් විදිහට දාපන්..
    හැබැයි මග මග නවත්තන්න එපා..
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ගයාන් ලක්මාල්;20668385 said:
    Yako meka Mara wadakne. API ubata oka Danna kiuwada? Na ne. Dan meke oka dala apiwa aussala iwarawela katayam danawa!

    Joke! Ela ela ohoma Yan. Habai ithurutikath danna kiyana ekanam API digatama kiyanawa. Eka nawaththanna ubata behe.

    උඹ නම් දාන්න කීවේ නෑ තමා. කවුරැත් මේ කතාවට කැමති වෙන හින්ද දාන්න හිතවේ. හරි දාපල්ලකො, කෝ කෝ ඉතුරැ ටික කියල, මට මොකෝ. මට ඕන වෙලාවට දාන්නේ. උඔට ඕන වෙලාවට නෙවේ. මේ ෆෝරම් එකට මොකක් හරි දාපුවම, දාන එකාට බනින එක සිරිතනේ. මේක ලංකාව හින්දා, මේ ව‍ෙගේ කොමෙන්ට් වලට හිනා වෙනව මිසක් වෙන කොරන්ඩ දෙයක් නෑ.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113

    මචන් තරහ ගන්න එපා..:)
    උඹේ ලිවීමේ හැකියාව ගොඩක් ඉහළයි.. උඹ ඊලඟ කොටස දානකන් කියවන උන් පට්ට ආසාවෙන් බලන් ඉන්නවා.. ඒකයි ඔය කෑ ගහන්නේ.. :lol:

    දාපන් දාපන් කිය කිය වද දෙන්නේ උඹේ හැකියාව නිසා.. පුලුවන් විදිහට දාපන්..
    හැබැයි මග මග නවත්තන්න එපා..

    මග නවත්තන් නෑ බන්. ටිකක් අමාරැ වැඩක් හින්ද කල් යනවා. ස්තූතියි උඹේ සහයෝගෙට.
     
    Last edited:

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    පට්ට කතාව කුකුලොහ් හැමදාම නෑ මේ වගේ එව්වා එක්කො ඔක්කොම ලියල එක පාර දාපියහ්
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    පට්ට කතාව කුකුලොහ් හැමදාම නෑ මේ වගේ එව්වා එක්කො ඔක්කොම ලියල එක පාර දාපියහ්

    ඒකත් ඇත්ත තමා. කතාව හොද හින්ද ආය කියවන ගමන් දාන්න හිතුවේ