3 – කොහේද ඒක තියෙන්නේ ?
මේක වෘත්තීමය අත්දැකීමක්….. දැනට තියෙන 07ශ්‍රේණියේ විද්‍යාව විෂයය නිර්දේශයේ මානව පද්ධති හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පාඩමක් ඇතුලත් කරලා තියෙනවා… ගොඩක් පාසැල්වල ඔය පාඩමේ ප්‍රජනන පද්ධති දෙක මඟ අරිනවා. නමුත් නව යොවුන් වියට පා තබලා ඉන්න ළමයින්ට තමන්ගේ ඇඟේ හා මනසේ සිදුවන වෙනස් වීම්, ද්විතීක ලිංඟික ලක්ෂන ගැන දැනුම දෙන්න ඕන කියන එක තමා කිරියාගේ පෞද්ගලික මතය (පාඩම දාලා තියෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මතයත් ඒක නිසානේ ). ඔය පාඩම කරද්දී ලොකු සංයමයකින් තමයි කරන්න ඕනේ.. මේක උනේ කිරියා උගන්නන පංතියක. මේකේ ගෑණු ළමයෙක් හිටියා.. ඕනම දෙයක් අහන්න බය නැති සබකෝලේ නැති දැරිවියක්. ඒ වගේම අහින්සකයි. වැඩත් පුළුවන් හැබැයි කෙල්ල වයසේ හැටියට හැදිලා නෑ. ගෙදරින් මලක් වගේ තමයි හදලා තියෙන්නේ. අනාගත බලාපොරොත්තුව දොස්තර කෙනෙක් වීම. ඒ නිසා කෙල්ල ජීව විද්‍යා කොටස් වලට සෑහෙන්න කැමතියි. හරි හරි මෙන්න මේකයි කථාව…
ඔන්න කිරියා කාන්තා ප්‍රජනන පද්ධතිය ගැන උගන්නවා … ටිකක් වෙලා අහගෙන ඉඳලා අර දුව මගෙන් අහනවා…
සර් ඕක තියෙන්නේ ඇඟේ කොහෙද ? කියලා …
ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම නොදන්නකමට කියන එක මට තේරුනත් මට ඒක කියා ගන්න බෑ. මොකද පොඩ්ඩක් හරි එහා මෙහා උන ගමන් පංතියේ පාලනය පිට පනිනවා ඔය වගේ සිද්ධි වලදි.. කොහොම හරි පුංචි දැනුවත් කිරීමකින් පස්සේ පාඩම දිගටම යනවා… ඔන්න ඒ පද්ධති දෙක ඉවරයි… දැන් බහිස්ස්‍රාවී පද්ධතිය යටතේ මුත්‍රා වාහිනී පද්ධතිය … අර දුව මට කිවනවා …
සර් වැරදිනේ කිව්වා. අතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතියනේ ..ප්‍රජනන පද්ධතිය නෙමේනේ කියලා…
ඒ පාර මන් කිව්වා නෑ දුව එහෙම නෙමේ ඔය පද්ධති දෙකම වෙන වෙනම පිහිටලා තියෙනවා කියලා..
ඒ පාර ඒ දුව මට කියනවා..
සර් කොහොමද සර් එහෙම කියන්නේ.. අපිනේ දන්නේ එතන තියෙන ඒවා..එතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතිය විතරනේ කියලා….
කාලා වරෙන්කෝ .. හරියට උගන්නන්න ගිය මගේ තත්වේ ශෝචනීයයි. පංතියේ ඇට්ටර කොලු තාත්තලා හිනා වෙනවා. ඒ මදිවට අනිත් පංතිවල ගුරුවරු උගන්නන ගමන් ඇවිත් මන් දිහා බැල්මට් එකක් දාලා කින්ඩි හිනාවකින් සංග්‍රහ කරලා යනවා. මන් ඉතින් සැලෙන්නේ නැතුව ෆුල් සීරියස් එකේ පාඩම කියලා දුන්නා… මෙන්න මේ ඔක්කොම අහගෙන ඉඳලා පාඩම ඉවර උනාම අර දුව ෆුල් සීරියස් පිට කියනවා…
ආ… ඒකද ?… මම ඒත් කල්පනා කරා ඕක තියෙන්නේ මොකටද කියලා …
ඊට පස්සේ පංතිය පාලනය කරන්න දෙන්න උන ගේමක්…