මරුටි කාරයේ දේශපාලනය නොහොත් ඉන්දියාවට කෙ
අපේ ලොක්කාට කවුරුන් හරි රීද්දුවොත් එහෙම ආයේ ඉතින් සොරිම තමාය. කෙලවන එක කෙලවනවාමය
පහුගියදා ජිනීවා වලදී ලංකාවට විරුද්ධව චන්දේ දීම නිසා ඉන්දියාව සමග ඇති කරගත් කොක්ක දිගටම පවත්වා ගෙන යාමට ලංකාණ්ඩුව තීරණය කර ඇති බවක් පෙනේ.දැන් ඉතින් ඉන්දියාව ඉවර වෙනකම් මේ පහර දීම සිදු වනු ඇතිය.
ඉන්දියාවේ හදන මරුටි කාර් වලට ලංකාවේ හොඳ වෙලඳ පොලක් සැදී තිබුනේය. ඒ මිල අපේ රටේ මධ්‍යම පාංතිකයන් බොහෝ දෙනෙකුන්ට ඔරොත්තු දෙන මට්ටමක තිබූ නිසාය.ඒත් පසු ගියදා ආනයනික වාහන වල බදු වැඩි කිරීම නිසා කුඩා මෝටර් රථවල මිල සියයට පනහකටත් වඩා ඉහල ගියේය. ලක්ෂ 11කට පමණ තිබූ මරුටි කාරයක දැන් ලක්ෂ 17 ක් පමණ වේය. ඒ වැඩේ නිසා ගුරුවරුන්, ලිපිකරුවන් වගේ අයගේ වාහන හීනය අහෝසි වන අතර අපේ සතුරා වන ඉන්දියාවේ වාහන වෙලඳ පොලට සෑහෙන කොටසක් නැති වෙන්නේය.
වැඩේ එතැනින් නතර නොකර දිගටම කරගෙන යාමට ලංකාණ්ඩුව තීරණය කර තිබෙන බව පෙනෙන්නේ ඊයේ ගත් අලුත් තීන්දුවක් නිසාය.ඒ අනුව පාවිච්චි කරන ලද වාණිජ වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්වාද දීර්ඝ කිරීමට තීරණය කර තිබේය.
පාවිච්චි කරන වාහන ගෙන්වන්නේ ජපානයෙන්ය. ඉන්දියාවෙන් ගෙන්වන්නේ අලුත් බ්‍රෑන්ඩ් නිව් වාහන පමණක්ය. පරණ වාහන වල කාල සීමාව වැඩි වෙත්දී බද්ද අඩු වෙන්නේය. එම නිසා ජපන් රීකන්ඩිෂන් වාහන වල මිල අඩු වෙන අතර ඉන්දියන් වාහන වල මිල වැඩිය.
කොහොමද ටිකිරි මොලේ. ලංකාව එක්ක හැප්පෙන්ට ලේසි නැති බව මන් මෝහන් සිං දැන් දැන ගන්නවා ඇත.
සටහන 1 – වාහන බදු වැඩි කරේ ඩොලර් සංචිත අඩු වීම නිසා බවට භාණ්ඩාගාර නිලධාරින් යොදවා කරවන ප්‍රකාශ අමු බයිලා බවත් එය තනිකරම දේශපාලන ඉවර තීන්දුවක් බවත් මේ නව නීති වලින් පෙනේ.
සටහන 2- මේ ආකරයටම 1980 ගනන් වලදී ඉන්දියාවට පාඩමක් ඉගැන්වීමට ගිය ජේ ආර් ට පමණකො නොව මුලු ලංකාවටම රජිව් ගාන්ධි පරිප්පු කැව්වේය. මේ සැරේ මන් මෝහන් සිං මොනවා කවන්ට හිතන් ඉන්නවා දැයි දන්නේ එයාම පමණි.
වාහන බදු වැඩි කලේ වාහන ගෙන්වීම සීමා කිරීමට නම් පාවිච්චි කල වාහන සඳහා තිබූ සීමාව වැඩි කලේ ඇයි? එම සීමාව වැඩි කල විට වාහන ගෙන්වීම අඩුව්වෙනවාද වැඩි වෙනවාද යන්න ඔබට උකුනු හිසක් තරම්වත් මොලයක් තිබේ නම් කල්පනා කර බලන්න. ( මේ ඒකාධිපති රෙජිමය වෙනුවෙන් කඩේ යන අයට ඒතරම්වත් මොලයක් නම් තිබිය නොහැකිය)
වලං කඩේ ට පැන්න ගොනා මෙන් ඔහේ ඇනගෙන යන්නේ නැතිව කියවා බලා තේරුම් ගන්න උත්සහ කරන්න. තේරුම් ගැනීමට බැරිනම් කාගෙන් හෝ අසා ගන්න.

මොකද පොරම දන්නවනේ ගිය පාර ජිල්මාට් වලින් දිනුවේ කියලා..... 