මහින්දට පක්ෂව ඇඞ් කරන උන් අතිනුත් මහින්දට අවාසි විදිහටම ඇඞ් කෙරෙන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ.
ඒ පොදුවෙ හැමෝම අවිඥාණකව මහින්දට අකමැති හින්දද?
මේ මෑතක නිල් බලකාය වෙනුවෙන් කරපු ඇඞ් පෝලිමක් යනවා දැක්කා.
එකක නිල් බලකායෙ කොල්ලෙක් සිගරට් එකක් ගන්න කඬේට එනවා. සිගරට් එක අරන් බලන කොට දකිනවා කන්න විදිහක් නැතුව උඩ බලාගෙන එන වයසක මනුස්සයෙක්. සිගරට් එක ආපහු දීලා කොල්ලා බනිස් ගෙඩියක්ද කොහෙද අරන් වයසක මනුස්සයට දෙනවා. එක විදිහකට නිල් බලකායෙ ඉන්නෙත් සිගරට් බොන ඒත් හිත හොඳ කොල්ලො වගේ අදහසක් මේක. තව විදිහකට මහින්දගෙ ආණ්ඩුව යටතෙ කඩයක් කඩයක් ගානෙ කන්න නැති මිනිස්සු හූල්ල හූල්ල ඉන්නවා කියලත් කියනවා. සිගරට් එකක ගානෙන් කෑම වේලක් ගන්න පුළුවන් තරමට සිගරට් පවා ගනං ගිහිල්ල කියලත් කියනවා. අපි අපේ සිගරට් එක කැප කරලා අනිකාට උදව්වක් කරනවා මිස ආණ්ඩුවකින් එහෙම නං පිළිසරණක් නෑ කියලත් කියනවා.
අන්තිමට බලද්දි ඒක නිල් බලකායට සපෝර්ට් කරන දැන්වීමක්. උතුර දකුණ මාරු වෙලා වගේ.(අයං රාජා විනාස කාලෝ)
තව ඇඞ් එකක සුද්දෙක් පාරක් අහනවා කොල්ලො දෙන්නෙක්ගෙන්. උන්ගෙන් කාටවත් ඉංග්‍රීසි බෑ. ඒ හන්දියෙ හැමෝම අසරණ වෙලා බලන් ඉන්නවා ඉංග්‍රීසියෙන් පාර කියාගන්න බැරුව. එතකොට පොඩි කෙල්ලෙක් තාත්තා එක්ක යන ගමන් බැහැලා ඇවිත් ඉංග්‍රීසියෙන් පාර කියනවා. තාත්තා හරි ආඩම්බරෙන් කියනවා දැන් අපේ ළමයින්ටත් ඉංග්‍රීසි පුළුවන් කියල.
එතකොට අර කෙළ වෙච්ච තරුණයන්ට මොකද වෙන්නෙ? ඒක තමයි ඇඞ් එකේ පෙන්නන බහුතරය . එකෙක් දෙන්නෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඇරුණම අනිත් රොත්තම කට ඇරන් බලන් ඉන්නවා විතරයි. ඒකත් මහින්දගෙ ආණ්ඩුවෙන් කරපු වැඩ ගැන පෙන්නන ඇඞ් එකක්. (අයං රාජා විනාස කාලෝ)
තව එකක අලූතෙන් පාරකට තාර දාලා. ඉස්සර තිබ්බ ගුරු පාර හොයාගන්න බැරුව කොළඹ ඉඳන් කාර් එකක ආපු ජෝඩුවක් අතරමං වෙලා ඉන්නවා. එතකොට පරණ බයිසිකලයක් පැදගෙන එනවා ගමේ මනුස්සයෙක්. එයා කියනවා දැන් පාරවල් හැදිලනේ කියල.
ඒත් මිනිහා තාම පදින්නෙ කබල් බයිසිකලේමයි. හැදෙන පාරවල් වල වටිනකම තියෙන්නෙ කොළඹ ඉඳන් කාර් වල එන අයට තමයි කියල නොකියා කියනවා.
මහින්දගෙ ආණ්ඩුව යටතේ කන්න බොන්න නැති, අධ්‍යාපනයක් නැති, මෝටර් බයිසිකලයක් නැති බහුතර ජනතාවක් ඉන්නවා කියන එකෙන්ම ආයිමත් කෙළවෙන්නෙ මහින්දටමයි. (අයං රාජා විනාස කාලෝ)
ඒත් මේ ඇඞ් ආණ්ඩුවෙන් ගෙවලා කර ගත්ත ඒවා.
එක විදිහකට සියදිවි නසාගැනීම්"