මලයාලම් ෆිල්ම්ස්

M E N D I

Well-known member
  • Dec 3, 2022
    231
    295
    63
    Charlie

    thawa godaak thiyanwa type karanna kammali. charlie eke twist ekak nathi unata eke kathawata, music, script eka arrange karala thiyana vidihata mn kamathi
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    gq.PNG

    mu act karana onama ekak hoda,
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ආස ඒවා කිහිපයක් තියෙනවා.මං පුරුදු වුණේ Charana TV බලලා.මතක ඒවායින් හිත ගිය එකක් මේක...😍

    ****************************************************
    සිනමාවේදීන් group:-

    'Android Kunjappan Version 5.25' (2019)

    නරඹන්නට මූලිකම කාරණාව වෙන්නේ මේකෙ නමේ Sci-fi ගතියක් තිබ්බට මොකක්ද මේ මැදින් තියෙන කුන්ජප්පන් කෑල්ල කියන කුතුහලයයි. ඊටත් පස්සෙ හිත ගියේ පෝස්ටර් එකට. හරියට ජපන් සිනමාකරු හිරොකසු කොරේඩා ගෙ චිත්‍රපටයක පෝස්ටර් එකක් වගේ. ඔය ජපන් කෙල්ලෙකුත් ඉන්නෙ පැත්තකින්. ඊටත් පස්සෙ පිටිපස්සෙන් හිටගෙන ඉන්න රොබෝ කෙනෙක්. එයත් හරියට පවුලේ සාමාජිකයෙක් වගෙයි පේන්නේ. ඒත් අප්පා හරකෙකුත් ඉන්නවා, වටපිටාවත් ග්‍රාමීයයි, චිත්‍රපටයත් මලයාලම් එකක්, එහෙම එකකට කොහෙන්ද රොබෝ කෙනෙක්. රොබෝලා මක් කරනවද මලයාලම් ෆිල්ම් එකක? මේක තමයි නරඹන්නට බලපාන කුතුහලය වෙන්නේ.

    ඉන්දියානු සිනමාවට පිටසක්වල ජීවීන් සම්බන්ධ වුණා, සුපිරි වීරයොත් ප්‍රවේශ වුණා. ඉතින් රොබෝ කෙනෙක් අරුමයක් වෙන්න විදිහක් නෑනෙ. අරුමයක් කියල හිතෙන්නෙ චිත්‍රපටය මලයාලම් එක්ක වීම නිසායි. සාමාන්‍යයෙන් අපි මලයාලම් සිනමාව වර්ග කරනවනේ, යථාර්ථවාදීයි, ග්‍රාමීයත්වයට බරයි, සුපිරු තරු දිලෙන බිග් බජට් මසාලාවන්ගෙන් තොරයි විදිහටත්. ඒත් ඉතින් රොබෝ චිත්‍රපටයක් හැදෙන්න බැරි ඇයි? මෙන්න තියෙනවා මලයාලම් සිනමාවේ අනන්‍යතාවය රකිනා රොබෝ චිත්‍රපටයක්. කන්සෙප්ට් එක නම් 2012 දී ආපු හොලිවුඩ් චිත්‍රපටයක් වන 'Robot & Frank' වෙතින් ආදේශ කරගත්ත කියලත් කියනවා. කොහොම නමුත් Debut director කෙනෙක්ගෙ වැඩක් විදිහට රොබෝ චරිතයක් මලයාලම් සිනමා නිර්මාණයකට එකතු කිරීම මාරම ලස්සනට කරල තියෙනවා. රචනයත් ඔහුගේමයි.

    මහල්ලෙක් සහ අධි තාක්ෂණික ‍රොබෝ යන්ත්‍රයක් අතර ගොඩනැගෙන මානුෂීය සබඳතාවයක් ගැනයි මේ කතන්දරය. එතකොට ආයෙම අර ප්‍රශ්නයම ආයෙත් එනවා. කේරළයේ, ගමේ ගොඩේ සාමාන්‍යයෙන් මනුස්සයෙක් කොහොමද ජපානයේ නිෂ්පාදිත කෝටි ගාණක් වටිනා රොබෝ යන්ත්‍රයක හිමිකාරයෙක් වෙන්නේ? චිත්‍රපටය ගැන කිසිම විස්තරයක් නොදැන බලන්න පටන් ගන්නකොට මට හිතුණ දෙයක් ඒ. මේක සයි-ෆයි කොමඩි ඩ්‍රාමා පැත්තට දාන්න පුළුවන්. ඊටත් වඩා මානව සබඳතාවයන් සම්බන්ධයෙන් ගොඩක් ඉදිරියෙන් තියෙනවා. උපහාසාත්මක සමාජ පණිවිඩ ඇතුළත් වෙනවා. බලල ඉවරවෙලාම මෙහි රංගනයෙන් දායක වෙලා තියෙන ජපන් කෙල්ල ගැනත්, රොබෝ ගැනත් හොයල බලන්න. අපූරු විස්තරයක් දැන ගන්නට හැකිවෙනවා. ඒත් එක්කම මතක් කරන්න ඕන මෙහි දමිළ ප්‍රතිනිර්මාණයත් Google Kuttappan ලෙසින් ඉදිරියේදි නරඹන්නට පුළුවන්. විශේෂත්වය වෙන්නේ ප්‍රධාන චරිත විදිහට චරිත නිරූපණය කරන්නේ ලොස්ලියා මරියනේසන් සහ දර්ශන් ත්‍යාගරාජා යන ශ්‍රී ලාංකිකයන් විසින් වීමයි.

    Written & Directed by
    Ratheesh Balakrishnan Poduval

    Produced by
    Santhosh T. Kuruvilla

    Starring
    Suraj Venjaramoodu
    Soubin Shahir
    Sooraj Thelakkad
    Kendy Zirdo
    Saiju Kurup

    Cinematography
    Sanu Varghese

    Music by
    Bijibal

    Country
    India

    Language
    Malayalam

    Luckshman Aranwala සටහන😉
     
    Attachments

    • 1685353048319.jpg
      1685353048319.jpg
      424.5 KB · Views: 47
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    Jallikattu. වෙන මුකුත් නිසා නෙමේ මලයාලම් ෆිල්ම්මේකින්ග් වලට දකුණෙ සෙන්සිබිලිටීස් නිසාම ලැබිල තියෙන දේවල් ටික පෙන්නන්න ගැලපෙනම ෆිල්ම් එක මේක. උන්ට මේ ලෝකෙ තියෙන ෆැන්සිම සිනමා රීති ගේන්න දිගේලි උන මී හරකෙක් උනත් පාවිච්චි කරන්න පුලුවන්. ඕකෙ අන්තිමට තියන පොඩි සීන් එක නැත්තම් සියලුම පැතිවලින් පර්ෆෙක්ට් ෆිල්ම් එකක් මට.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ආස ඒවා කිහිපයක් තියෙනවා.මං පුරුදු වුණේ Charana TV බලලා.මතක ඒවායින් හිත ගිය එකක් මේක...😍

    ****************************************************
    සිනමාවේදීන් group:-

    'Android Kunjappan Version 5.25' (2019)

    නරඹන්නට මූලිකම කාරණාව වෙන්නේ මේකෙ නමේ Sci-fi ගතියක් තිබ්බට මොකක්ද මේ මැදින් තියෙන කුන්ජප්පන් කෑල්ල කියන කුතුහලයයි. ඊටත් පස්සෙ හිත ගියේ පෝස්ටර් එකට. හරියට ජපන් සිනමාකරු හිරොකසු කොරේඩා ගෙ චිත්‍රපටයක පෝස්ටර් එකක් වගේ. ඔය ජපන් කෙල්ලෙකුත් ඉන්නෙ පැත්තකින්. ඊටත් පස්සෙ පිටිපස්සෙන් හිටගෙන ඉන්න රොබෝ කෙනෙක්. එයත් හරියට පවුලේ සාමාජිකයෙක් වගෙයි පේන්නේ. ඒත් අප්පා හරකෙකුත් ඉන්නවා, වටපිටාවත් ග්‍රාමීයයි, චිත්‍රපටයත් මලයාලම් එකක්, එහෙම එකකට කොහෙන්ද රොබෝ කෙනෙක්. රොබෝලා මක් කරනවද මලයාලම් ෆිල්ම් එකක? මේක තමයි නරඹන්නට බලපාන කුතුහලය වෙන්නේ.

    ඉන්දියානු සිනමාවට පිටසක්වල ජීවීන් සම්බන්ධ වුණා, සුපිරි වීරයොත් ප්‍රවේශ වුණා. ඉතින් රොබෝ කෙනෙක් අරුමයක් වෙන්න විදිහක් නෑනෙ. අරුමයක් කියල හිතෙන්නෙ චිත්‍රපටය මලයාලම් එක්ක වීම නිසායි. සාමාන්‍යයෙන් අපි මලයාලම් සිනමාව වර්ග කරනවනේ, යථාර්ථවාදීයි, ග්‍රාමීයත්වයට බරයි, සුපිරු තරු දිලෙන බිග් බජට් මසාලාවන්ගෙන් තොරයි විදිහටත්. ඒත් ඉතින් රොබෝ චිත්‍රපටයක් හැදෙන්න බැරි ඇයි? මෙන්න තියෙනවා මලයාලම් සිනමාවේ අනන්‍යතාවය රකිනා රොබෝ චිත්‍රපටයක්. කන්සෙප්ට් එක නම් 2012 දී ආපු හොලිවුඩ් චිත්‍රපටයක් වන 'Robot & Frank' වෙතින් ආදේශ කරගත්ත කියලත් කියනවා. කොහොම නමුත් Debut director කෙනෙක්ගෙ වැඩක් විදිහට රොබෝ චරිතයක් මලයාලම් සිනමා නිර්මාණයකට එකතු කිරීම මාරම ලස්සනට කරල තියෙනවා. රචනයත් ඔහුගේමයි.

    මහල්ලෙක් සහ අධි තාක්ෂණික ‍රොබෝ යන්ත්‍රයක් අතර ගොඩනැගෙන මානුෂීය සබඳතාවයක් ගැනයි මේ කතන්දරය. එතකොට ආයෙම අර ප්‍රශ්නයම ආයෙත් එනවා. කේරළයේ, ගමේ ගොඩේ සාමාන්‍යයෙන් මනුස්සයෙක් කොහොමද ජපානයේ නිෂ්පාදිත කෝටි ගාණක් වටිනා රොබෝ යන්ත්‍රයක හිමිකාරයෙක් වෙන්නේ? චිත්‍රපටය ගැන කිසිම විස්තරයක් නොදැන බලන්න පටන් ගන්නකොට මට හිතුණ දෙයක් ඒ. මේක සයි-ෆයි කොමඩි ඩ්‍රාමා පැත්තට දාන්න පුළුවන්. ඊටත් වඩා මානව සබඳතාවයන් සම්බන්ධයෙන් ගොඩක් ඉදිරියෙන් තියෙනවා. උපහාසාත්මක සමාජ පණිවිඩ ඇතුළත් වෙනවා. බලල ඉවරවෙලාම මෙහි රංගනයෙන් දායක වෙලා තියෙන ජපන් කෙල්ල ගැනත්, රොබෝ ගැනත් හොයල බලන්න. අපූරු විස්තරයක් දැන ගන්නට හැකිවෙනවා. ඒත් එක්කම මතක් කරන්න ඕන මෙහි දමිළ ප්‍රතිනිර්මාණයත් Google Kuttappan ලෙසින් ඉදිරියේදි නරඹන්නට පුළුවන්. විශේෂත්වය වෙන්නේ ප්‍රධාන චරිත විදිහට චරිත නිරූපණය කරන්නේ ලොස්ලියා මරියනේසන් සහ දර්ශන් ත්‍යාගරාජා යන ශ්‍රී ලාංකිකයන් විසින් වීමයි.

    Written & Directed by
    Ratheesh Balakrishnan Poduval

    Produced by
    Santhosh T. Kuruvilla

    Starring
    Suraj Venjaramoodu
    Soubin Shahir
    Sooraj Thelakkad
    Kendy Zirdo
    Saiju Kurup

    Cinematography
    Sanu Varghese

    Music by
    Bijibal

    Country
    India

    Language
    Malayalam

    Luckshman Aranwala සටහන😉
    බැලුවා සහෝ , පට්ටම ආතල් එකක් තම ඉතිං :-D :-D